අසිරිමත් ශ්‍රී සම්බුද්ධ සිරිපා ලාංඡනය පිහිටුවීම පිළිබඳව මුඛ පරම්පරා ගතව පැමිණි එක් සුවිශේෂී පූජනීය කතාංගයක් මා සහෘද ඔබ සැමට ඉදිරිපත් කරමි. ඒ හා බැඳුණු තවත් අපූරු, අතුරු කතා ඔයාලා දන්නවා ඇති. බුදුසිරිපතුලට, සමන් ගිරිහිසට, සුමන සමන් මහ සුරිඳුන්ට හදවතින්ම ගෞරවනීය මේ අපූරු එකතුව වටා රොද බැඳගත් ඔබ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් පතමි.
සෝවාන් ඵලලාභී සුමන සමන් මහ සුරිඳුන්ගේ ගෞරවනීය ආරාධනාවකට අනුව ගෞතම බුදුපියාණන් වහන්සේ සමන්ත කූටයට වැඩම කෙරිණි. මග දෙපස රැස්ව හුන් මිනිස් හා වන සිවුපා සතුන්ගේ සාධුකාර මධ්‍යයේ උන්වහන්සේ වැඩි සේක. දෙපස රැස්ව හුන් බොහෝ දෙවි බඹුන් උන්වහන්සේ සපැමිණි ගමන් මගට ගුවනේ සිට සුවඳැති මල් ඉසිමින් සාධුනද පැවැත්වූහ.
තවත් බොහෝ වන සතුන් තැන්හි තැන්හි රැඳී සිටිමින් නොඉඳුල්, සීතල මහ හිමෙන් නෙලා ගත් පලවැල හා මී පැණි උන්වහන්සේ වෙත පූජා කරන්නට වූයේ බොහෝ ගෞරවයෙනි. මග දෙපස සිටි තවත් අලි ඇතුන් සොඬින් ගෙනා පිරිසිදු පැනින් ගෞතමයන්ගේ ශ්‍රී පා දෝවනය කළෝය. තවත් නුවණැති වානර රංචුවක් "මහ සතුන්ගේ" ගමන් මාර්ගයේ ඉදිරියෙන් දුවමින් මගෙහි ඇති මඩකඩිති, ලී දඬු, කටු අතු ඉවත් කරමින් ඉදිරියෙන් බුදු පියා ආරක්ෂා කරමින් ඇදෙන්නට විය.
මේ අතර වාරයේ මාර දිව්‍ය පුත්‍රයා වන සතුන්ගේ මේ හැසිරීම රෞද්‍ර නෙතින් නිරීක්ෂණය කළේය. ගෞතමයන්ගේ සමනල සිරස වෙත වැඩමවීම ඒ අනුව දැනගත් මාරයා වික්ෂිප්ත විය. ශෝක විය, මහත් සේ කෝප විය, බුදුපියාණන් පූජනීය ශ්‍රී පතුල සමනොළ සිරසේ පිහිට වූවොත් ලෝ සතුන් බුරුතු පිටින් තම මාර මුඛයට ඇදී යන ගමන අඩාල විය හැක. එසේ හෙයින් උන්වහන්සේගේ මේ ගමන කෙසේ හෝ නතර කළ යුතු යැයි අදිටන් කර ගත්තේය.
දියසුලි නගමින් පෙණ බුබුළු දමමින් ගලන සීතල ගඟුල ආසන්නයේ, දැන් උන්වහන්සේ වැඩම කරති. වහාම ගඟුල මැද තිබූ සිය ගල් පහුර වෙත දිව ගිය මාරයා හනි හනිකට එය ගඟුල දිගේ යටිගම් බලා පැදිව්වේ දැඩි කෝපයෙනි.
දැන් ආසන්නයේ ශාන්ත ගමනින් වඩින ගෞතමයන්ය, පසෙකින් වෛරයෙන් දැවෙමින් ගල් පහුර පදින මරුය. වේගයෙන් ඇදී එන ගල් පහුර ඉලක්ක කර එන්නේ බුදුපියාගේ ශ්‍රී ශරීරයයි. මඟ කටු කොහොල් ඉවත් කරමින් සිටි සතුන් දෑස් අයාගත් ගමන්මය. සිදුවන්නේ කුමක්දැයි ඔවුන්ට නොවැටහේ. බුදුපියාගේ අති පාරිශුද්ධ ශරීරය ආසන්නයේදී, මහගල්කුලක් ධරණී තලය පලාගෙන පැන නැංගේ මාරයාගේ ගල්පහුරට විරුද්ධවය. විශාල ශබ්දයක් නගමින් මාරයාගේ ගල්පහුර ක්ෂණයෙන් නැගුණු ගල් කුලේ හැපී නතර විය.
එහෙත් එයින් නැගුණු කුඩා ගල් පතුරකින් බුදුපියාගේ අති පාරිශුද්ධ චීවරය ඉරී ගියේය. එතැන දී ගෞතමයන් හුයක් ගෙන තම චීවරයට මැස්මක් යෙදූ බව සඳහන්ය. වර්තමානයේ ඒ ස්ථානය රජ මාවත හෙවත් රත්නපුර ශ්‍රී පලාබද්දල මාර්ගයේ පිහිටි ඉදිකටුපාන වේ. උන් වහන්සේගේ චීවර ගෙත්තම මෙනෙහි කර ගනිමින් කෝඩුකාරයන් ගෙත්තම් කරන්නේ ඒ අනුවය.
https://www.facebook.com/share/p/YHcN3pug5byAM6hH/?mibextid=oFDknk