ශ්‍රී පාද හෝටලය අතරමග නතරවෙයි.

Jul 7, 2014
214
74
0
ශ්‍රී පාද හෝටලය අතරමග නතරවෙයි.

නල්ලතන්නිය පීක් ෆීල්ඩි වතුයායේ ඉදිකිරීමට යෝජිත නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පරිසර අධිකාරිය මගින් අත්හිටුවා තිබේ. ඊයේ (31දා) එම වතුයායේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වූ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් තමන්ට ඒ පිළිබඳව උපදෙස් ලබාදුන් බව එම වතුයායේ වතු අධිකාරී දිෂාන් සෙනවිරත්න මහතා පැවසීය.

මාවුස්සා කැලේ ජලාශයට ඉහළින් මරේ දිය ඇල්ලට නොදුරු එම වතුයායේ නිවාඩු නිකේතනය කඩා ඉවත්කර ඒ වෙනුවට අලුතින් නිවාඩු නිකේතනයක් ඉදිකිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් සහ අඹගමුව ප‍්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබාගෙන තිබූ බවද වතු අධිකාරීවරයා පැවසීය.

ඩුබායි රාජ්‍යයේ ව්‍යාපාරිකයෙකු දිවයිනට පැමිණෙන අවස්ථාවල ඔහුට රැඳීසිටීමට නිවාඩු නිකේතනයක් නොමැති නිසා ඔහුට අයත් අක්කර අසූදෙකකින් යුත් මෙම වතුයායේ නිවාඩු නිකේතනය ඉදිකිරීමට ඔහු සැලසුම් කර තබූ බවද වතු අධිකාරීවරයා වැඩිදුරටත් පැවසීය.


01.jpg


02.jpg


20160922_112805.jpg


References :
http://nethnews.lk/article/23917
http://www.ada.lk/article/192259/පීක්-ෆීල්ඩ්-නිවාඩු-නිකේතනයට-මධ්‍යම-පරිසර-අධිකාරියෙන්-තිත
 

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,663
    113
    එතකොට බැසිල් රක්ෂිතෙන් අරං වික්ක කිව්ව ඉඩම කෝ? :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,962
    2
    54,663
    113
    පට්ට අලේ;20860599 said:
    උඹ අපෙන් අහන්නෙ හරියට අපි මේවට Action ගත්ත වගේනෙ බං ! :shocked:

    නෑ මේකේ මාගල් වගේ පෝස්ට් ගියා නේ බැසිල් රක්ෂිතයෙන් ඉඩමක් විකුණලා කියල. ඒ පෝස්ට් දාපු උන්ගෙන් ඇහුවෙ.
     

    Similar threads