ශ්‍රී ලංකන් එයාර් කරුණු දක්වයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා බදු ගැනීම සඳහා වන “ප්‍රසම්පාදන දැන්වීම" පිළිබඳව මෙන්ම ගුවන් සමාගමේ වත්මන් ක්‍රියාකාරීත්වයට අදාළව මතකදී පළවූ වාර්තා සහ සමාජයේ ඇති වී තිබෙන සංවාද පිළිබඳ කරුණු දක්වමින් එම සමාගම සකස්කළ ලිපියක් මාධ්‍ය වෙත එවා තිබේ. මේ එම ලිපියයි.
ප්‍රශ්නය- ගෝලීය වෙළෙඳපොළ හරහා ගුවන් යනා ලබාගැනීමට අදාළ විකල්ප තුළ බදු ක්‍රම සොයාබැලීම පිළිබඳ කළමනාකාරීත්ව යෝජනාවේ සහ ඊට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය පදනම කුමක්ද?
පිළිතුරඃ- කළමනාකාරිත්වය විසින් ඉදිරිපත් කරන ලද යෝජන්නාවේ මූලික අවධානය යොමුව තිබුණේ, දැනට කල් ඉකුත්ව ඇති/කල් ඉකුත්වීමට අත්‍යාසන, බදු ක්‍රමයට ලබාගත් ගුවන් යානා දොළහක් (12) ප්‍රතිස්ථාපනය කිර්ම කෙරෙහි ය. ඉන් ගුවන් යානා නවයක් (09). 2022/23 වර්ෂයේ අගභාගයේ සිට 2025 වසර අතරතුර කාලයේදී ගුවන් යානා පැණියෙන් ඉවත් වන අතර, තවත් යානා තුනක් (03) වසංගත කාලසීමාව තුළ ගුවන් යානා ඇණියෙන් ඉවත්ව ගොස් තිබේ. නිසි වේලාවට ගුවන් යානා බදු ක්‍රමයට ලබාගැනීමට අපොහොසත් වුවහොත් ගමනාන්ත රැසක් අත්හැර දැමීමට ගුවන් සමාගමට සිදුවනු ඇති. ගුවන් සේවය වසා දැමීමට හෝ එහි පරිමාණය අඩු කිරීමට කොටස් හිමියා වන ශ්‍රී ලංකා රජය විසින් කිසිදු තීරණයක් ගෙන නොමැති (රාජ්‍ය බැංකු ඇතුළු ණය හිමියන්ට එවැනි ක්‍රියාමාර්ගයකින් අනිටු ප්‍රතිවිපාක උදාවනු ඇත) වාතාවරණයක, අධ්‍යක්ෂ මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් නොගැනීම ඔවුන්ගේ වගකීම් පැහැර හැර ඇති ලෙස සැලකෙනු ඇත.
ශ්‍රී ලංකාවේ විදේශ මුදල් අර්බුදය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් උපායමාර්ග අතර සම්බන්ධතාව ද මෙහිදී සැලකිල්ලට ගතයුතු වැදගත් කරුණකි. මෙම කාරණාව පිළිබඳව පහත දැක්වෙන විශේෂිත ප්‍රශ්න සහ පිළිතුරු හරහා වඩාත් විස්තර කෙරෙනු ඇත. විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණ වන්නේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම එහි ඉපැයීම්වලින් සියයට 85 අමෙරිකානු ඩොලර්වලින් උපයන ශ්‍රී ලංකා ආර්ථිකයට විදේශ මුදල් සපයන්නකු (අපනයන ව්‍යාපාරයකට සමාන ලෙසින්) වීමත්, ගුවන් යානා අඩු වීම හරහා ගුවන් සේවයේ විදේශ මුදල් ඉපැයීමේ ධාරිතාව අඩුවීම මගින් රටේ විදේශ මුදල් තත්වයට විය හැකි අහිතකර බලපෑමයි. දැනට ගුවන් යානා බදු වෙළෙඳපොළ අනුපාත ඉතා අඩු මට්ටමක පැවතීම ද කළමනාකාරිත්වයේ මෙම යෝජනාවට ප්‍රධාන හේතුවකි. (වත්මන් බලඇණියට සාපේක්ෂව 20-40% ක ඉතිරියක් ලබාගත හැකිවනු ඇති) වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති සහ නඩත්තු කිරීමට පහසු, වියදම් අඩු ගුවන් යානා ලබාගැනීම හරහා මෙහෙයුම් පිරිවැය. සැලකිය යුතු ලෙස අඩුකර ගැනීමට ගුවන් සමාගමට අවස්ථාව උදාවනු ඇත. මෙම සියලු සාධක හරහා ගුවන් සමාගමේ ආදායම වර්ධනය කිරීමට හැකි වනු ඇති. එසේම මෙම අඩු බදු සහ මෙහෙයුම් පිරිවැයෙන් ඉදිරී වසරවල පුරෝකථනය කරන ලද සංචාරක ඉල්ලුමෙන් උපරිම ප්‍රයෝජන නෙළා ගැනීම සඳහා 20232025 කාලය තුළ තවත් ගුවන් යානා නවයකින් (09) ගුවන් යානා ඇණිය පුළුල් කිරිමේ හැකියාව ගවේෂණය කිර්මට ද කළමනාකාරිත්වය විසින් අනුමැතිය ඉල්ලා සිටින ලදී.
ප්‍රශ්නය- ශ්‍රී ලංකන් ගුවන් සමාගම දියත් කර ඇති මෙම ක්‍රියාවලිය හරහා ගුවන් යානා බදු ගැනීමට මෙම අවස්ථාවෙහිදී බැදී සිටී ද?
පිළිතුර:- නැත
ප්‍රශ්නය:- මෙම ක්‍රියාවලියේ අනාගත අදියරකදී වුවද කුමන හෝ හේතුවකට ගුවන් යානා බදු පදනම මත ලබා නොගැනීමට ගුවන් සමාගම තීරණය කළ ද මෙම යානා 21 අනිවාර්යයෙන් බදුගැනීම සඳහා සමාගම බැදී සිටින්නෙක්ද?
පිළිතුර:- නැත. අවශ්‍ය ගුවන්යානා ඕනෑම බදු ක්‍රමයට ලබාගැනීමට හෝ අවශ්‍ය නම් සම්පූර්ණ ක්‍රියාවලියම අත්හැර දැමීමේ නිදහස ගුවන් සමාගම සතු ය. සමස්ත ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම එවැනි බැඳීමකින් තොරව ක්‍රියාත්මක වනු ඇත.
ප්‍රශ්නය- ගුවන් සමාගමේ අරමුණ වන්නේ අලුත් ගුවන් යානා බදු ක්‍රමයට ලබාගැනීම ද?
පිළිතුර:- නැත. ගුවන් සමාගමේ අවධානය ප්‍රධානව යොමුව ඇත්තේ , එහි මෙහෙයුම් පිරිවැය ව්‍යුහය සැලකිය යුතු ලෙස අඩු කිරීමේ අරමුණින්, පාවිච්චි කරන ලද ගුවන් යානා ලබාගැනීම සඳහා පවතින ගෝලීය වෙළෙඳපොළ තත්ත්වය ගවේෂණය කිරීම ය.
ප්‍රශ්නයඃ- මෙම ගුවන් යානා බද්දට ගැනීම ශ්‍රී ලංකා රජයට අමතර බරක් වනු ඇත්ද?
පිළිතුරුඃ- නැත. සියලු බදු ගෙවීම් සමාගම උපයාගත් විදෙස් විනිමය මගින් සිදු කෙරෙනු ඇත.
ප්‍රශ්නයඃ- ගුවන්යාන කුලියට ලබාගන්ද නැද්ද යන්න සහ ලබාගන්නේ නම්, අදාළ ප්‍රමාණය, ගුවන් යානා වර්ගය, ගුවන් යානා වයස යනාදිය ගැන කිනම් කාලයක් වනට තීරණයක් ගැනීමට ගුවන් සමාගමට සිදුවේද?
පිළිතුර:-2022 ඔක්තෝබර් වන විට ප්‍රසම්පාදන ක්‍රියාවලිය තීරණ ගැනීමේ මට්ටමට ප්‍රගතියක් ලබා ඇත්නම් එය වඩාත් සුදුසු වනු ඇත. එසේ කිරීමට අපොහොසත් වීම තුළ 2023 මාර්තු මාසයේ සිට ගුවන් ගමනාන්ත කිහිපයක් අවලංගු කිරීමට සිදුවන අතර මේ නිසා සමාගමේ ආදායම අඩුවීමට ඉඩ ඇත.
ප්රශ්නයඃ- ශ්‍රී ලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකා ආර්ථිකය සතු විදේශ මුදල් සංචිත පරිභෝජනය කරන්නේද?
පිළිතුර- නැත, සාමාන්‍ය මෙහෙයුම් තත්ත්ව යටතේ ශ්‍රී ලංකන් සමාගම එහි ආදායමෙන් සියයට 85ක් විදේශ මුදල් උපයන ආයතනයකි. එසේ වුව ද, වසංගත හෝ රට තුළ ඇතිවිය හැකි විශේෂිත තත්ත්ව නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවීමෙන් ගුවන් සේවා ව්‍යාපාරය යම් බිදවැටීමකට ගොදුරු විය හැකි බව සඳහන් කළ යුතුය.
ප්‍රශ්නය:- ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින මෙවත් අවස්ථාවකදී කල් ඉකුත්වන බදු ගිවිසුම් වෙනුවෙන් ගුවන් යානා ප්‍රතිස්ථාපනය කිරීම හෝ අලුත් ගුවන්යානා ලබාගැනීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිදුකළ යුතුද?
පිළිතුර- ගුවන් සේවයේ මෙහෙයුම් තුළින් රට තුළට විදේශ විනිමය ගලා එන පසුබිමක, ගුවන් යානා සංචිතය අඩු වීමේ ප්‍රතිඵලයක් ලෙස විදේශ මුදල් නය කිරීමේ හැකියාව අඩු වනු ඇත. එය, රටේ වින්දේශ විනිමය ශේෂයට අහිතකර ලෙස බලපානු ඇත. සමාගමේ විදේශ මුදල් ප්‍රවාහය වර්ධනය වීම රටේ ආර්ථිකයටද ධනාත්මක බලපෑමක් ඇතිකරනු ඇති. එබැවින් සමාගමෙහි සහ කොටස් හිමියාගේ යහපත උදෙසා අඩු මුදලකට ගුවන් යානා ප්‍රතිස්ථාපන කිරීමටත්, නව මුදල් උත්පාදන මාර්ග සුපරීක්ෂාකාර්ව තෝරාගැනීමටත් නොකඩවා ව්‍යාපාරය ඇගයීම සිදුවිය යුතුය.
continued...
