ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ

    Endemic Birds of Sri Lanka : ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ - අපේ රටට ආවේණික කුරුල්ලන් 23දෙනා පිලිබඳ සවිස්තර සටහන


    ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු වර්ග 23ක් සිටින බව ජාත්‍යන්තර කුරුළු සංරක්ශණ ආයතනය [Bird-life International] පවසයි. මේ වටිනා කුරුළු සම්පත පිලිබඳව පොත් ගණනාවක් ලියැවී ඇත. එහෙත් සියලු ආවේණික කුරුල්ලන් පිලිබඳ විස්තර සිංහල බසින් ඉදිරිපත් කරන වෙබ් අඩවියක් නොහැකි වීම අඩුපාඩුවක් ලෙස සැළකිය හැකිය. මෙම ලිපිය සම්පාදනය කිරීමේ අරමුණ වූයේ මෙම අඩුව පුරවා සිංහල බසින් අන්තර්ජාලය පරිශීලනය කරන, ලංකාවේ කුරුළු සම්පත පිලිබඳව උනන්දුවක් දක්වන්නන්ට ලංකාවට ආවේණික පක්ෂි වර්ග 23හිම විස්තර සරල සිංහල බසින් ඉදිරිපත් කරමින්, එය අන්තර්ජාලයේ නැණ ගබඩාවට එක් කිරීමයි.

    මෙම ලිපිය සම්පාදනය කිරීමේදී Bird-life International පර්යේෂණ ආයතනයයේ දත්ත ගබඩාව ඉමහත් ලෙස දායක විය. Bird-life International සංරක්ශණ ආයතනය රටවල් 100ක් පුරා ක්‍රියාත්මක වන අතර, එම සෑම රටකම ජාතික කුරුළු සංරක්ශණ හා පර්යේෂණ ආයතන සමග සහයෝගයෙන් ක්‍රියාත්මකවේ. කොළඹ විශ්ව විද්‍යාලයේ, සත්ව විද්‍යා අංශය තුලින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේස්ත්‍ර පර්යේෂණ ආයතනය [Field Ornithology Group of Sri Lanka] මෙම ජාත්‍යන්තර ආයතනයේ ශ්‍රී ලාංකික හවුල්කරුවා වේ.

    මීට අමතරව මහාචාර්ය සරත් කොටගම මහතා විසින් සම්පාදනය කරන ලද, "ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ - අත් පොත" ඉමහත් රුකුළක් විය. කුරුල්ලන් නිරීක්ශණය [bird watching] විනෝදාංශයක් ලෙස ගැනීමට කැමත්තක් ඔබට ඇත්නම්, මෙම පොත ඔබ පරිශීලණය කල යුතුය. එම පොත් කොළඹ විශ්වවිද්‍යාලයේ Field Ornithology Group of Sri Lanka කාර්යාලයෙන් ලබාගත හැකිය. එමෙන්ම ලංකා කුරුළු සංගමයේ වෙබ් අඩවියෙන්ද Arkive.org වෙබ් අඩවියෙන්ද ඉතා වැදගත් තොරතුරු හා ඡායාරූප උකහා ගෙන ඇත. මීට අමතරව තවත් වෙබ් අඩවි ගණනාවකින් ඡායාරූප "hot link" ආකාරයට මෙහි ඇතුලත් කොට ඇත. එම ඡායාරූපවල ප්‍රතිරූපණ අයිතිය (copy right) ඒවායේ අයිතිකරුවන් සතුය.

    අද්විතීය පක්ෂි විද්‍යාඥ මහාචාර්ය සරත් කොටගම විද්වතා ජාත්‍යන්තර සම්මානයට යලිත් පාත්‍රවෙයි!

    ලංකාවේ කුරුල්ලන් ගැන කතාකරන විට මහාචාර්ය සරත් කොටගම මහතා අමතක කල නොහැක. ලංකාවේ, මෙන්ම ලෝකයම පිලිගත් කුරුළු විශේෂඥයෙකු ලෙස මේ හෙල විද්වතා ඉදිරියෙන්ම සිටී. මා ආචාර්ය කොටගම පිලිබඳව දැනගත්තේ කොළඹ ආනන්දයේ ඉගෙන ගන්නා අවධියේදීය. විද්‍යාලයේ දෙසුමකට පැමිණි එතුමාගේ චාම්, සුහදශීලී සරල ගතිපැවතුම් ගැන මට එදා ඇතිවූ ගෞරවය අදත් එලෙසම පවතී.

    මහාචාර්ය සරත් කොටගම මහතා ශ්‍රී ලංකා පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේස්ත්‍ර පර්යේෂණ ආයතනයේ පෙරගමන්කරුවා වන අතර එහි මූලස්ථානය කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ස්ථාපනය කොට ඇත. පක්ෂි විද්‍යාවට හා සංරක්ශණය වෙනුවෙන් සිදුකරන ලද මහා කාර්යභාරය අගැයිම සඳහා මේ වසරේදී මහාචාර්ය සරත් කොටගම මහතා ජාත්‍යන්තර කුරුළු සංරක්ශණ ආයතනයේ ලෝක විධායක කවුන්සිලයේ [Global Council] සාමාජිකයෙකු ලෙස පත්වී ඇති අතර, Bird-life Internationalහි ආසියානු කලාපීය සංවිධානය වන Bird-life Asia Council හි සභාපතිවරයා ලෙසද තේරී පත්වී ඇත.


    ශ්‍රී ලංකාවේ කුරුළු සම්පත

    ශ්‍රී ලංකාව තුල කුරුළු වර්ග 375ක් පමණ දක්නට හැකිය. මින් වර්ග 23ක් ශ්‍රී ලංකාවට ආවේණික ලෙස සැළකේ. කුරුළු වර්ග 208ක් සංචාරක කුරුල්ලන් ලෙස හඳුනාගෙන ඇත. මෙරට දක්නට ලැබෙන කුරුල්ලන්ගෙන් 128ක් ජලාශ්‍රිත කුරුල්ලන් වන අතර ඉන් 34ක් මුහුදුබඩ වසන මුහුදු කුරුල්ලන් වේ. ගොඩබිම වසන කුරුල්ලන් 232ක් හඳුනාගෙන ඇත.


    ලංකාව තුල දකින්නට ලැබෙන කුරුල්ලන්ගෙන් වර්ග තුනක් ජාත්‍යන්තර සංරක්ශණ ආයතනය ප්‍රකාශයට පත්කරන වඳවීයාමේ තර්ජනය ඇති රතු ලයිස්තුවට [Red List - International Union for Conservation of Nature - IUCN] අනුව දැඩිලෙස තර්ජනයට [Critically Endangered] ලක්ව ඇති කුරුල්ලන්ය. කෙසේ වෙතත් මේ කුරුල්ලන් තිදෙනා ආවේණික කුරුල්ලන් නොව, සංචාරක කුරුල්ලන්වේ.

    අපට ආවීණික පක්ෂි වර්ග තුනෙන්, වර්ග දෙකක් තර්ජනයට ලක්ව ඇතැයි [Endangered] ලයිස්තුගත කොට ඇති අතර තවත් කුරුළු වර්ග දහයක් අණතුරු සීමාවේ [Vulnerable] සිටින සතුන්වේ. එමෙන්ම තවත් වර්ග 22ක් වඳවීමේ තර්ජනයට බඳුන්වීමේ හැකියාව [Near Threatened] ඇති පක්ෂීන්වේ. කෙසේ වෙතත් දැඩි තර්ජනයට බඳුන්ව රතු ලයිස්තුවේ ඉහලින්ම සිටින පක්ෂීන් තිදෙනාම ශ්‍රී ළංකාවට ආවේණික පක්ෂීන් නොව, මෙහි පැමිණෙන සංක්‍රමණික කුරුළුවර්ග වේ. මූලාශ්‍රය

    ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ - සපිරි සටහන

    මෙම සටහන සකස්කොට ඇත්තේ අපට ආවේණික කුරුල්ලන්ගේ දුර්ලභත්වය අනුව අවරෝහණ පිලිවලටය. ඉතාම දුර්ලභ, රතු ලැයිස්තුවේ Endangered (EN) ලෙස දැක්වෙන කුරුල්ලන් පලමුවෙන්ද, රතු ලැයිස්තුවේ ලෙස Vulnerable (VU) දැක්වෙන කුරුල්ලන් දෙවනුවද, Near Threatened (NT) ලෙස හඳුනාගෙන ඇති කුරුල්ලන් තෙවනුවද, වඳවීමේ තර්ජනයක් දැනට නොමැති සුලභ Least Concern (LC) කුරුල්ලන් සිවුවැනිවද දක්වා ඇත.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    (1) ශ්‍රී ලංකා අරංගයා - Sri Lanka Whistling Thrush Myophonus blighi







    IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනයට මුහුණදී ඇති පක්ෂියෙකි. රතු ලැයිස්තු වර්ගීකරණය : Endangered (EN)

    පිරිමි කුරුල්ලා කළු-තද දුඹුරු පිහාටුවලින් යුක්තවන අතර දිලෙන නිල් පැහැයෙන් යුතු පැල්ලම් වලින් යුතුය. කිරිල්ලිය දුඹුරුවන්ය. බොහෝවිට බිම වාසය කරන මෙම පක්ෂියා කුලෑටි හැසිරීමකින් යුතුය. මුහුදු මට්ටමේ සිට මීටර් 900කට වඩා ඉහලින් ඇති මධ්‍යම කඳුකරයේ ඝණ කැළෑවල වාසය කරයි. දිය පහරවල් හා දියඇලි ආශ්‍රිතව විසීමට කැමැත්තක් දක්වයි.

    ජනවාරි සිට මැයි දක්වා බිත්තර රැක පැටවුන් බිහිකරයි. හෝර්ටන් තැන්න, නුවර එලිය, මස්කෙළිය, බොගවන්තලාව වැනි ප්‍රදේශවලදී දැකගත හැකිය. දැනට මෙම පක්ෂීන් 1000කට මදක් වැඩි ප්‍රමාණයක් පමණ සිටිතැයි ඇස්තමේන්තු කොට තිබේ.

    මධ්‍යම කඳුකරයේ වනවිනාශය, ස්වාභාවික කැලෑ, දැව ලබාගැනීම සඳහා වනවන වාණිජ කැලෑ බවට පරිවර්තනය කිරීම, අධික කෘමිනාශක භාවිතය නිසා මොවුන් සැරිසරන ජල මූලාශ අපවිත්‍රවීම, මැණික් ගැරීම සඳහා සිදුකරන වන විනාශය වැනි කරුනු නිසා මෙම පක්ෂියා අප අතරින් තුරන්වීමේ තර්ජනයට මුහුණපා ඇත.


    ශ්‍රී ලංකා අරංගයා දැකිය හැකි ප්‍රදේශය
    Source : birdlife.org

    ශ්‍රී ලංකා අරංගයා - පිරිමි කුරුල්ලා


    ශ්‍රී ලංකා අරංගයා - පැටවුන් සහිත කැදැල්ල

    (2) Serendib Scops Owl : ශ්‍රී ලංකා පඬු කන් බස්සා Otus thilohoffmanni








    IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනයට මුහුණදී ඇති පක්ෂියෙකි. රතු ලැයිස්තු වර්ගීකරණය : Endangered (EN)

    පඬු කන් බස්සා ශ්‍රී ලංකාව තුලින් සොයාගන්නා ලද නවතම පක්ෂි වර්ගය ලෙස සැළකේ. මෙම පක්ෂියාව මුල්වරට නිරීක්ශණය කරන ලද්දේ පක්ශි විද්‍යාඥ දීපාල් වරකාගොඩ මහතා විසින් 2001 වසරේදී සිංහරාජ වනාන්තරයේදීය. 2004 වසරේදී පඬුවන් බස්සා මෙතෙක් විද්‍යාඥයින් දැන නොසිටි නවතම පක්ෂි විශේෂයක් ලෙස හඳුනාගන්නා ලදී. මීට පෙර අලුත් පක්ෂි විශේෂයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගන්නා ලද්දේ 1868 වසරේදී ශ්‍රී ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush) පක්ෂියා නව පක්ෂි වර්ගයක් ලෙස විද්‍යාත්මකව හඳුනාගෙන නම් කිරීමත් සමගය.

    ශ්‍රී ලංකා පඬු කන් බස්සා සෙ. මී. 17 ක් පමණ වන කුඩා පක්ෂි විශේෂයක් වේ. ප්‍රධාන ශරීර වර්ණය පඬු පැහැ එනම් කහ දුඹුරු වන අතර කළු පැහැ තිත් ශරීරය පුරා විසිරී ඇත. ශ්‍රී ලංකාවේ පහතරට වර්ෂා වනාන්තර කිහිපයකින් වාර්තා වී ඇත. වර්ෂා වනාන්තරවල යටි රෝපණයේ ජීවත්වන අතර වනාන්තරවල වාසය කරන කෘමි විශේෂ ප්‍රධාන ආහාර වේ.

    සිංහරාජ අඩවිය, කන්නෙලිය රක්ශිතය, කිතුල්ගල, මොරපිටිය-රුනකන්ද වනප්‍රදේශය, එරත්න-ගිලීමලේ රක්ශිත ප්‍රදේශව පැතිරී ඇත. පඬු කන් බස්සන් ඉතා විරල අතර දැනට ගණනින් 200කටත් අඩු බව ඇස්තමේන්තු කොට ඇත. ශ්‍රී ලංකා පඬු කන් බස්සා ප්‍රධාන තර්ජනය තෙත් කලාපීය වනාන්තර විනාශ වීම වන අතර තෙත් වනාන්තර ප්‍රමාණය කුඩා වීම සහ මොවුන් වාසය කරන වනාන්තර එකිනෙකින් හුදකලාව වෙමින් පැවතීම ද මෙම පක්ෂි විශේෂයේ පැවැත්මට දැඩි තර්ජනයක් වී ඇත.


    පඬු කන් බස්සා දැකිය හැකි ප්‍රදේශය
    Source : birdlife.org






    (3) Red Faced Malkoha : වත රතු මල්කොහා
    phaenicophaeus pyrrhocephalus







    IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනය යන අණතුරු සීමාවේ ඇති පක්ශියෙකි. රතු ලැයිස්තු වර්ගීකරණය : Vulnerable (VU)


    පහතරට කඳුකරයේත් වනාන්තරවලත් වාසය කරන දුලභ පක්‍ෂියෙක් වන වත රතු මල් කොහා වර්තමානයේ ශ්‍රී ලංකාවට ආවේනික පක්‍ෂියෙක් ලෙස සැලකේ. මෙම පක්‍ෂියා දකුණු ඉංදියාවේ වාර්ථාවී ඇති නමුත් දැන් එහි නෂ්ටව ගොස් ඇත. දිගින් සාමාන්‍ය ඇටි කුකුළෙකු තරම් වේ. නමුත් ශරීරය වඩා සිහින්ය. පෙඳය වඩා දිගුය. මොහුගේ රතු පැහැති මුහුණ මත සියුම් කෙඳි වැනි පිහාටු දක්නට ලැබේ. හොටය ලා කොළ පැහැතිය.

    උදරය සුදු පැහැවන අතර ලය කළු පැහැතිය. තනිව,ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් වාසය කරන මල් කොහා තුරු වියනෙහි වෙසෙන ක්‍රියාශීලී පක්‍ෂියෙකි. එහෙත් පියාපත් කෙටි හා රවුම් ඒවා වන නිසා මොහු දුර්වල පියාසරකරුවෙකි.

    සාමාන්‍යයෙන් නිහඬ පක්‍ෂියෙකි. කැලෑ ගස්වල හටගන්නා කුඩා ඵල වර්ග මොහුගේ ආහාරය වේ. වසරේ මුල් භාගයේ අභිජනනය කරන වතරතු මල් කොහාගේ කැදැල්ල වනාන්තරයේ උස් පඳුරක තනා ඇති නොගැඔුරු පීරිස් හැඩ එකකි. තණ කොළ මුල් සහ අතු කැබලි වලින් මෙය තනනු ලැබේ. පහතරට තෙත්කලාපීය ඝණ වනාන්තරවල දැකිය හැකි මේ පක්ෂියා වනයේ යටිවියනේ සැරිසැරීමට ප්‍රියකරයි. වැඩිවශයෙන් වාර්තාවී ඇත්තේ යාල, ලාහුගල, උඩවලව, ගල්ඔය වැනි
    වනෝද්‍යාන ආශ්‍රිතවයි.
    වත රතු මල්කොහා දැකිය හැකි ප්‍රදේශය
    Source : birdlife.org


























     
    Last edited: