ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ
Endemic Birds of Sri Lanka : ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ - අපේ රටට ආවේණික කුරුල්ලන් 23දෙනා පිලිබඳ සවිස්තර සටහන
මෙම සටහන සකස්කොට ඇත්තේ අපට ආවේණික කුරුල්ලන්ගේ දුර්ලභත්වය අනුව අවරෝහණ පිලිවලටය. ඉතාම දුර්ලභ, රතු ලැයිස්තුවේ Endangered (EN) ලෙස දැක්වෙන කුරුල්ලන් පලමුවෙන්ද, රතු ලැයිස්තුවේ ලෙස Vulnerable (VU) දැක්වෙන කුරුල්ලන් දෙවනුවද, Near Threatened (NT) ලෙස හඳුනාගෙන ඇති කුරුල්ලන් තෙවනුවද, වඳවීමේ තර්ජනයක් දැනට නොමැති සුලභ Least Concern (LC) කුරුල්ලන් සිවුවැනිවද දක්වා ඇත.

ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු වර්ග 23ක් සිටින බව ජාත්‍යන්තර කුරුළු සංරක්ශණ ආයතනය [Bird-life International] පවසයි. මේ වටිනා කුරුළු සම්පත පිලිබඳව පොත් ගණනාවක් ලියැවී ඇත. එහෙත් සියලු ආවේණික කුරුල්ලන් පිලිබඳ විස්තර සිංහල බසින් ඉදිරිපත් කරන වෙබ් අඩවියක් නොහැකි වීම අඩුපාඩුවක් ලෙස සැළකිය හැකිය. මෙම ලිපිය සම්පාදනය කිරීමේ අරමුණ වූයේ මෙම අඩුව පුරවා සිංහල බසින් අන්තර්ජාලය පරිශීලනය කරන, ලංකාවේ කුරුළු සම්පත පිලිබඳව උනන්දුවක් දක්වන්නන්ට ලංකාවට ආවේණික පක්ෂි වර්ග 23හිම විස්තර සරල සිංහල බසින් ඉදිරිපත් කරමින්, එය අන්තර්ජාලයේ නැණ ගබඩාවට එක් කිරීමයි.
මෙම ලිපිය සම්පාදනය කිරීමේදී Bird-life International පර්යේෂණ ආයතනයයේ දත්ත ගබඩාව ඉමහත් ලෙස දායක විය. Bird-life International සංරක්ශණ ආයතනය රටවල් 100ක් පුරා ක්‍රියාත්මක වන අතර, එම සෑම රටකම ජාතික කුරුළු සංරක්ශණ හා පර්යේෂණ ආයතන සමග සහයෝගයෙන් ක්‍රියාත්මකවේ. කොළඹ විශ්ව විද්‍යාලයේ, සත්ව විද්‍යා අංශය තුලින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේස්ත්‍ර පර්යේෂණ ආයතනය [Field Ornithology Group of Sri Lanka] මෙම ජාත්‍යන්තර ආයතනයේ ශ්‍රී ලාංකික හවුල්කරුවා වේ.
මීට අමතරව මහාචාර්ය සරත් කොටගම මහතා විසින් සම්පාදනය කරන ලද, "ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ - අත් පොත" ඉමහත් රුකුළක් විය. කුරුල්ලන් නිරීක්ශණය [bird watching] විනෝදාංශයක් ලෙස ගැනීමට කැමත්තක් ඔබට ඇත්නම්, මෙම පොත ඔබ පරිශීලණය කල යුතුය. එම පොත් කොළඹ විශ්වවිද්‍යාලයේ Field Ornithology Group of Sri Lanka කාර්යාලයෙන් ලබාගත හැකිය. එමෙන්ම ලංකා කුරුළු සංගමයේ වෙබ් අඩවියෙන්ද Arkive.org වෙබ් අඩවියෙන්ද ඉතා වැදගත් තොරතුරු හා ඡායාරූප උකහා ගෙන ඇත. මීට අමතරව තවත් වෙබ් අඩවි ගණනාවකින් ඡායාරූප "hot link" ආකාරයට මෙහි ඇතුලත් කොට ඇත. එම ඡායාරූපවල ප්‍රතිරූපණ අයිතිය (copy right) ඒවායේ අයිතිකරුවන් සතුය.
අද්විතීය පක්ෂි විද්‍යාඥ මහාචාර්ය සරත් කොටගම විද්වතා ජාත්‍යන්තර සම්මානයට යලිත් පාත්රවෙයි!
ලංකාවේ කුරුල්ලන් ගැන කතාකරන විට මහාචාර්ය සරත් කොටගම මහතා අමතක කල නොහැක. ලංකාවේ, මෙන්ම ලෝකයම පිලිගත් කුරුළු විශේෂඥයෙකු ලෙස මේ හෙල විද්වතා ඉදිරියෙන්ම සිටී. මා ආචාර්ය කොටගම පිලිබඳව දැනගත්තේ කොළඹ ආනන්දයේ ඉගෙන ගන්නා අවධියේදීය. විද්‍යාලයේ දෙසුමකට පැමිණි එතුමාගේ චාම්, සුහදශීලී සරල ගතිපැවතුම් ගැන මට එදා ඇතිවූ ගෞරවය අදත් එලෙසම පවතී.
මහාචාර්ය සරත් කොටගම මහතා ශ්‍රී ලංකා පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේස්ත්‍ර පර්යේෂණ ආයතනයේ පෙරගමන්කරුවා වන අතර එහි මූලස්ථානය කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ ස්ථාපනය කොට ඇත. පක්ෂි විද්‍යාවට හා සංරක්ශණය වෙනුවෙන් සිදුකරන ලද මහා කාර්යභාරය අගැයිම සඳහා මේ වසරේදී මහාචාර්ය සරත් කොටගම මහතා ජාත්‍යන්තර කුරුළු සංරක්ශණ ආයතනයේ ලෝක විධායක කවුන්සිලයේ [Global Council] සාමාජිකයෙකු ලෙස පත්වී ඇති අතර, Bird-life Internationalහි ආසියානු කලාපීය සංවිධානය වන Bird-life Asia Council හි සභාපතිවරයා ලෙසද තේරී පත්වී ඇත.

ශ්‍රී ලංකාවේ කුරුළු සම්පත
ශ්‍රී ලංකාව තුල කුරුළු වර්ග 375ක් පමණ දක්නට හැකිය. මින් වර්ග 23ක් ශ්‍රී ලංකාවට ආවේණික ලෙස සැළකේ. කුරුළු වර්ග 208ක් සංචාරක කුරුල්ලන් ලෙස හඳුනාගෙන ඇත. මෙරට දක්නට ලැබෙන කුරුල්ලන්ගෙන් 128ක් ජලාශ්‍රිත කුරුල්ලන් වන අතර ඉන් 34ක් මුහුදුබඩ වසන මුහුදු කුරුල්ලන් වේ. ගොඩබිම වසන කුරුල්ලන් 232ක් හඳුනාගෙන ඇත.
ලංකාව තුල දකින්නට ලැබෙන කුරුල්ලන්ගෙන් වර්ග තුනක් ජාත්‍යන්තර සංරක්ශණ ආයතනය ප්‍රකාශයට පත්කරන වඳවීයාමේ තර්ජනය ඇති රතු ලයිස්තුවට [Red List - International Union for Conservation of Nature - IUCN] අනුව දැඩිලෙස තර්ජනයට [Critically Endangered] ලක්ව ඇති කුරුල්ලන්ය. කෙසේ වෙතත් මේ කුරුල්ලන් තිදෙනා ආවේණික කුරුල්ලන් නොව, සංචාරක කුරුල්ලන්වේ.
අපට ආවීණික පක්ෂි වර්ග තුනෙන්, වර්ග දෙකක් තර්ජනයට ලක්ව ඇතැයි [Endangered] ලයිස්තුගත කොට ඇති අතර තවත් කුරුළු වර්ග දහයක් අණතුරු සීමාවේ [Vulnerable] සිටින සතුන්වේ. එමෙන්ම තවත් වර්ග 22ක් වඳවීමේ තර්ජනයට බඳුන්වීමේ හැකියාව [Near Threatened] ඇති පක්ෂීන්වේ. කෙසේ වෙතත් දැඩි තර්ජනයට බඳුන්ව රතු ලයිස්තුවේ ඉහලින්ම සිටින පක්ෂීන් තිදෙනාම ශ්‍රී ළංකාවට ආවේණික පක්ෂීන් නොව, මෙහි පැමිණෙන සංක්‍රමණික කුරුළුවර්ග වේ. මූලාශ්‍රය

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ - සපිරි සටහන