ශ්‍රී ලංකාවට "ෆේස්‌ බුක්‌" එපාවේගෙන එනවා&#

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ශ්‍රී ලංකාවට "ෆේස්‌ බුක්‌" එපාවේගෙන එනවා&#

    ශ්‍රී ලංකාවට "ෆේස්‌ බුක්‌" එපාවේගෙන එනවාද?

    ඉස්‌සර සාරවිටින් කළ දේ දැන් ෆේස්‌ බුක්‌ කරයි. සාරවිට ගැන ගීතයක කියන්නේ

    "නැති නෑදෑකම් ඇතිකර ගන්නට

    ඇති නෑදෑකම් තහවුරු වන්නට

    කාගෙත් හොඳ හිත සමග බෙදාගෙන කාලා බලන්....." යනුවෙනි.

    ඒ එකලය. මේ කාලයේ නම් ඇති සබඳතා තහවුරු වන්නත්, නැති සබඳතා ඇතිකර ගන්නත් හොඳහිත බෙදාගැනීමටත් යොදාගන්නේ ෆේස්‌ බුක්‌a එකයි.

    පළමුවරට දැන හැඳිනගෙන හිතවත්වූ කෙනෙක්‌ සමග ඒ හිතවත්කම දිගින් දිගටම පවත්වා ගැනීමට ඉස්‌සරම විමසුවේ ලිපිනයයි. පසුව ජංගම දුරකථනය ජාතික හැඳුනුම්පත තරමටම බහුල වද්දී zමොකක්‌ද මොබයිල් නම්බර් එකZ යෑයි විමසූ කාලයද අවසන් වී යන අයුරකි. මෙකල අලුත් හැඳුනුම්කමක්‌ දිගින් දිගටම පවත්වාගැනීමට විමසන්නේ zමොකද්ද ඔයාගේ එෆ්. බීZ එක කියාය.

    එෆ්. බී. එක යනු "ෆේස්‌ බුක්‌" නමැති වෙබ් අඩවියේ භාවිතය සුලභවීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින් එයට යෙදුණු කෙටි නමයි.

    නොදන්නාවුන්ගේ දැනගැනීම පිණිස කියන්නේ නම් ෆේස්‌ බුක්‌ යනු අන්තර්ජාලයේ මිතුරු හවුලකි. නැතිනම් අන්තර්ජාලයේ නෑදෑ හිතමිත්‍රාදීන්ගේ සංගමය ෆේස්‌ බුක්‌ නමි.

    ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලවලට නවක සිසුන් ඇතුළත් වීමේදී අනෙකුත් සහෝදර සිසුන් හඳුනාගැනීම වෙනුවෙන් ඔවුන්ගේ තොරතුරු ඇතුළත් කර ලබාදෙන පොත් පිංච හෙවත් ෆේස්‌ බුක්‌ එක මෙයට වසර 9කට පමණ පෙර මාර්ක්‌ සකර්බර්ග් ඇතුළු හාවර්ඩ් විශ්වවිද්‍යාල සිසුන් එකතුව අන්තර්ජාල මාධ්‍යයට ගෙනයැමේ ප්‍රතිඵලය අද මුළු ලොවම එකිනෙකා හා බැඳිය හැකි මිතු=රු හමුවක්‌ බවට පත්කර තිබේ.

    ලොව වැඩිම ෆේස්‌ බුක්‌ පරිහරණය කරන්නන් සිටිනුයේ එය උපන් ඇමෙරිකාවේය. එරට නියෝජනය වන පරිදි ෆේස්‌බුක්‌හි යෙදෙන පිරිස මිලියන 155කි. අන්තර්ජාලය භාවිත කරන සෙසු දියුණු රටවල් අභිබවා ලොව දෙවැනියට වැඩිම ෆේස්‌ බුක්‌ සාමාජිකයන් සිටිනුයේ ඉන්දුනීසියාවේය. එය ගණනින් මිලියන 35 කට වැඩිය. එහි තෙවැනි තැන පසුවන එංගලන්තයේ එම සංඛ්‍යාව මිලියන 30 කට මඳක්‌ වැඩිය. තුර්කිය එම ලැයිස්‌තුවේ සිව්වැනි තැන (මිලියන 28ක්‌ පමණ) සිsටියි. ලොව ෆේස්‌ බුක්‌ පරිහරණය කරන රටවල් අතර 5 වැනියට වැඩිම පිරිසක්‌ අයත්වන රට අසල්වැසි ඉන්දියාවයි. එරට 2,40,73,980 ක්‌ හෙවත් ශ්‍රී ලංකාවේ ජනගහනයට වඩා ලක්‍ෂ 50 කින් පමණ වැඩි පිරිසක්‌ ෆේස්‌බුක්‌ ලිපිනයක්‌ ඇත්තෝ වෙති.

    මෙක්‌සිකෝව, පිලිපීනය, ප්‍රංශය, ඉතාලිය සහ කැනඩාව පිළිවෙලින් 6 වැනි තැන සිට 10 වැනි තැන දක්‌වා ස්‌ථාන වලට පත්ව ඇත.

    ඇමරිකාවේ සෑම දෙදෙනකුගෙන් කෙනකුටම ෆේස්‌බුක්‌ ලිපිනයක්‌ ඇති අතර එංගලන්තයේද එවැනි ප්‍රතිශතයක්‌ (50%කට ආසන්න) ෆේස්‌බුක්‌ සමග එක්‌ව සිටිති.

    කැනඩාව, ඔස්‌ටේ්‍රලියාව, චිලී, හොංකොං, ඩෙන්මාර්කය, නෝර්වේ, සිංගප්පූරුව, කටාර්, අයිස්‌ලන්තය, බහමාස්‌ වැනි රටවල ජනගහනයෙන් අඩක්‌ පමණ මේ සමග යෙදෙන අතර මොනැකෝව වැනි රටක ජනගහනයට වැඩි ප්‍රමාණයක්‌ (105.47%) ෆේස්‌බුක්‌ ගිණුම් තිබීමද කැපී පෙනෙයි. එය එක්‌ අයකු කාර්යයන් කිහිපයක්‌ සඳහා වෙනත් වෙනත් නම් යොදාගනිමින් ෆේස්‌බුක්‌ ලිපින පවත්වාගැනීම අදී හේතු නිසා විය හැක.

    උතුරු ඇමරිකානු කලාපයේ 40%කට ආසන්න පිරිසක්‌ මේ සමග යෙදුණත්a දකුණු ඇමෙරිකානු මහාද්වීපයේ එම අගය 18%කි. යුරෝපයේ 25%ක්‌ද ඔස්‌ටේ්‍රලියා මහාද්වීපයේ 36ක්‌ද ෆේස්‌ බුක්‌ භාවිත කරන නමුත් ආසියා මහාද්වීපයේ ජනගහනයෙන් 4%ක්‌ වත් මේ සමග යෙදෙන්නේ නැත. අන්තර්ජාල සමග යෙදීම රටක දියුණුවට සමානුපාතික අයුරක්‌ වන අතර අප්‍රිකානු මහාද්වීපයේ ෆේස්‌ බුක්‌ ලිපිනයක්‌ ඇත්තේ සිය දෙනෙකු අත§න් 3 දෙනෙකුට පමණි.

    නරගයක්‌ ලෙස ගත්විට ලොව වැඩිම ෆේස්‌බුක්‌ ගිණුම් හිමියන් සිටිනුයේ ඉන්දුනීසියාවේ ජකාර්තා වලය. එය මිලියන 17කට වැඩි සංඛ්‍යාවකි. ප්‍රතිශතයක්‌ ලෙසින් 80 ඉක්‌මවන ප්‍රමාණයකි.

    ආශ්‍රයෙන් අතුරුදන්වූ zෙµ්‍ර්‍ර(න්)ඩාලාZ සහ zබැජාලාZ සොයාගතහැකි පහසුම ක්‍රමය වූ මෙය ගෙවුණු වසරක දෙකක කාලයේ ශ්‍රී ලංකාවේ zඊ- යුගයේZ උදවිය විසින් ශීඝ්‍රයෙන් වැළඳගත්තද නවතම සංඛ්‍යා ලේඛන වලින් පෙනීයන්නේ ශ්‍රී ලංකාව වැළඳගත් වේගයෙන්ම "ෆේaස්‌ බුක්‌" අතහැර යන බවකි.

    ලොව ෆේස්‌බුක්‌ පරිහරණය කරන රටවල් 213 ක්‌ අතරින් පරිහරණය කරන පිරිසේ සංඛ්‍යාව අනුව ශ්‍රී ලංකාව සිටිනුයේ 76 වැනි ස්‌ථානයේය. මේ සටහන ලියන මොහොත වන විට ශ්‍රී ලංකාවේ ෆේස්‌ බුක්‌ පරිහරණය කරන්නන් සංඛ්‍යාව 852,160 කි. එය සමස්‌ත ජනගහනයෙන් 4%ක පමණ ප්‍රමාණයකි.

    ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරන්නන් අතරට ෆේස්‌ බුක්‌ උණ වැළඳුණු ඉකුත් මාස 6ක කාලයේ එයට අලුතින් එක්‌වූ පිරිස 142,820 කි. එහෙත් ඉකුත් මාස 3ක කාලයේදී එය භාවිත නොකර ඉවත්ව සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 26,300කි. ගෙවුණු මසක කාලයේදී එයින් ඉවත් වූ ශ්‍රී ලාංකිකයන් ගණන 50,300 කි.

    මෙම දත්ත අනුව ශ්‍රී ලංකාවේ ෆේස්‌බුක්‌ පරිහරණය ශීඝ්‍රයෙන් පහළ බසින අයුරක්‌ පෙනෙයි.

    මෙය කාලය කා දමන එලොවටත් වැඩක්‌ නැති මෙලොවටත් වැඩක්‌ නැති දෙයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ වැඩි දෙනෙකු තුළ මතයක්‌ ගොඩනැඟීම මේ අඩුවීමට හේතුව විය හැක.

    සැබැවි. එය හුදෙක්‌ අන්තර්ජාලයේ රස්‌තියාදු ගැහිල්ලකි. නොඑසේනම් අන්තර්ජාලය ඔස්‌සේ ඕපාදූප කථාකිරීමකි. එවැනි සුළු වැරදි නොව ඉන් එහා වැරදි වලටද එය යොදාගැනීමේ හැකියාව ඇත. සමහරක්‌ මුස්‌ලිම් රටවල් තම රටේ ෆේස්‌ බුක්‌ පරිහරණය තහනම් කර ඇත්තේ ඒ මතයෙනි. චීනය සහ වියට්‌නාමයද තම රට තුළ ෆේස්‌ බුක්‌ අඩවියට පිවිසීම අවහිර කර ඇත.

    දකුණු ආසියානු කලාපයේ පකිස්‌තානය සහ බංගලිදේශය යන රටවල් ආගමික හේතූන් මත මෙම වෙබ් අඩවියට පිවිසීම අවහිර කර තිබේ.

    සමහරක්‌ සමාගම්ද තම කාර්යක්‍ෂමතාව රැකගැනීමේ පියවරක්‌ ලෙසින් සිය සේවාස්‌ථානය ෆේස්‌බුක්‌ තහනම් කලාපයක්‌ බවට පත්කර තිබේ. එහෙත් ෆේස්‌බුක්‌ වුලට ඇබ්බැහිවූවෝද බොහෝ වෙති. ඇබ්බැහිය භයානකය. ෆේස්‌ බුක්‌ පරෙස්‌සමෙන් පරිහරණය කළ යුතුය. නැතහොත් අනතුරු සහිත විය හැක.

    ඉන්ද්‍රජිත් සුබසිංහ

    Code:
    [URL]http://www.divaina.com/2011/05/01/feature04.html[/URL]
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ela...ela....
    machan matanam hithenne, lankawe meeta wada wadi pramanayak facebook account thiyanawa...
    mokada Srlankawe jana gahanayen 1% pamana pita ratawala rakiyaa karanawa.. api
    hitamau ;
    1% = 2000000
    mein 1/2 k gruha sevikawan lesa inna aya..FB pariharanaya kireemata awasthaawak natha..
    ithiriya 1000000
    ein 1/2 wath FB pariharanaya karanawa athi... ethakota 500000 vithara ratin eliye inna aya pawichchi karanawa... mage adahasata anuwa meme sankyaawa wadiviya yuthui
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    අනේ මේ උඹ මගෙ බුකිය ගැන දන්න මඟුල. දවසින් දවස අයින් වෙන ගාණට වඩා මේකට කට්ටිය එකතු වෙනව.