ශ්‍රී ලංකාවේ ඉතිහාසය ප්රභාවත් කරන ෆොසිල
ශ්‍රී ලංකාවේ ඉතිහාසය ප්රභාවත් කරන ෆොසිල
තාරක විඡේතුංග
පාෂාණිභූත වූ ශාක සහ සත්ත්ව අවශේෂ පිළිබඳ හදාරන විද්‍යාව " ෆොසිල විද්‍යාව" නම් වේ. යම් ද්‍රව්‍යයක් පාෂාණිභූත වීමට ඉතා දීර්ඝ කාලයක් ගතවන නිසා හොලෝසීන යුගයෙන් එපිට අවධියේදී හමුවන ද්‍රව්‍ය ෆොසිල වශයෙන් හඳුනාගත හැකිය. ෆොසිල විද්‍යාවේදී අප අධ්‍යනය කරන්නේ පාෂාණිභූත වූ ශාක හා සත්ත්ව අවශේෂ පිළිබඳව නිසා ඒවා විවිධ ආකාරයෙන් භූමිය තුළ තිබී අපට හමුවිය හැකිය. පාෂාණිභූත ද්‍රව්‍යයක්, සලකුණක්, මුද්‍රdවක් හෝ සංක්ෂේපමය සටහනක් වශයෙන් විවිධ ආකාරයෙන් ෆොසිල හඳුනාගත හැකිය. ෆොසිල මගින් අප අධ්‍යයනය කරන අංශ ගණනාවක් තිබේ. එනම් ව්යqහය, වර්ගීකරණය, සම්බන්ධතාවය, පරම්පරාව, ෆොසිලය නියෝජනය කරන ශාකයේ හෝ සත්ත්වයාගේ පැවැත්මට උපකාරී වන සාධක, හමුවන ෆොසිලය පෘථිවිය මත කාලය හා අවකාශය අතර විහිද තිබූ ආකාරය යන අංශයන්ය.
ශ්‍රී ලංකාව භූ විද්‍යානුකූලව විවිධතා සහිත අවධීන් කිහිපයකින් යුක්තය. එය සමකයට ආසන්නව පිහිටි ඉන්දියාව සමඟ ඇති අවම දුර 19නප කි. ශ්‍රී ලංකාවේ පොළොවෙන් වැඩි ප්‍රමාණයක් නිර්මාණය වී ඇත්තේ ප්රාග්කේම්බ්රියානු යුගයට අයත් විපරිත පාෂාණ වලිනි. භූ විද්‍යාඥයන් ශ්‍රී ලංකාව ප්‍රධාන භූ විද්‍යාත්මක කලාප තුනකට බෙදා ඇත. එනම්, 01. උස් බිම් සංකීර්ණය
02. විජයානු සංකීර්ණය
03. වන්නි සංකීර්ණය
වශයෙනි. අධ්‍යයනයේ පහසුව සඳහා මේ කලාප තුනද නැවත අනුකලාප රාශියකට බෙදා ඇත. ශ්‍රී ලංකාවෙන් විවිධත්වයෙන් යුතු පාෂාණ හා ඛනිජ හමුවන නිසා ලොව භූ විද්‍යාඥයින්ගේ අවධානය ශ්‍රී ලංකාව වෙත වැඩි වශයෙන් යොමු වී ඇත.
ලංකාවෙන් හමුවන ෆොසිල පිළිබඳ අධ්‍යයනය කළ විද්වතුන් අතර ආ. වි සිතෝලි, පී. ඊ. පී. දැරණියගල, පී. ජී. කුරේ යන විද්වතුන් වැදගත් වේ. ඒ අතරින් පී. ඊ. පී. දැරණියගල මහතා ශ්‍රී ලංකාවේ ෆොසිල අධ්‍යයනය සඳහා සුවිශේෂ මෙහෙවරක් කළ විද්වතකු ලෙස ප්‍රකට වේ. ෆොසිල විද්‍යාව පිළිබඳව හෝ ෆොසිල පිළිබඳව මුල් යුගයේ ශ්‍රී ලාංකිකයන්ට පැහැදිලි අවබෝධයක් නොවූ නිසාත් බොහොමයක් ෆොසිල විනාශයට ලක්වීම සිදු වී තිබේ. නමුත් මැණික් කර්මාන්තයේ යෙදුණු බොහෝ පිරිස් හමු වූ පොසිල ජාතික කෞතුකාගාරයට ලබාදීම නිසා වර්තමානය වනවිට සැලකිය යුතු ෆොසිල එකතුවක් අප සතුව පවතී. ඒ අනුව දැනට අවධි තුනකට අයත් ෆොසිල ශ්‍රී ලංකාවෙන් හමුවේ. එනම්
01. ජුරාසික ෆොසිල
02. මයොසින ෆොසිල
03. ප්ලයොස්ටොසින හොලොසින ෆොසිල
ජුරාසික යුගයට අයත් ෆොසිල ශ්‍රී ලංකාවේ වයඹ දිග කලාපයෙන් හමුවේ. දළ වශයෙන් මේ යුගය අදින් වසර මිලියන 100 ක් පමණ පැරණිය. තබ්බෝව, පල්ලම, හා ආඬිගම යන ප්‍රදේශ තුනෙන් ජුරාසික් ෆොසිල හමුවේ. එයින් තබ්බෝවේදී මෙම ෆොසිල පොළොව මට්ටමේදීම දැකිය හැකිය. පල්ලම හා ආඬිගම ප්‍රදේශවල පොළොව මට්ටමට අඩි කිහිපයක් යටින් තොරතුරු ලැබේ. දැනට හමුවන ෆොසිල අතර මීවන ෆොසිල හමුවේ. පොදුවේ ජුරාසික යුගය ලෝකයේ ඩයිනෝසරයන් හා උරග විශේෂ බහුලව ජීවත් වූ කාලවකවානුවක් නිසා ලංකාවෙන්ද ක්‍රමවත් පර්යේෂණ සිදු කළහොත් මේ යුගය නියෝජනය කරන සත්ත්ව ෆොසිල හමුවිය හැකි බව සත්ත්ව විද්‍යාඥයන්ගේ මතය වී ඇත.
වර්තමානයේ ජුරාසික යුගයට අයත් මී වන ශාක ෆොසිල කිහිපයක් කොළඹ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.
ශ්‍රී ලංකාවෙන් වැඩි වශයෙන් හමුවන්නේ මයොසින ෆොසිල තැන්පතුය. පොදුවේ භූ කාල මානය තුළ මයොසින යුගය යනුවෙන් හඳුන්වන්නේ අදින් වසර මිලියන 25 කට පෙර ආරම්භ වී අදින් වසර මිලියන 5 කට පෙර අවසන් වූ යුගයයි. ලංකාවේ මයොසින ෆොසිල ආකාර දෙකකින් හඳුනාගනී. ශ්‍රී ලංකාවේ වයඹ දිග ප්‍රදේශවල සිට මුළු යාපන අර්ධද්වීපය පුරා මයොසින තැන්පතුවක් ඇත. එය පොදුවේ යාපනයේ හුණුගල් ලෙස හඳුන්වයි. ඊට අමතරව දකුණ හා ගිණිකොන දිග ප්‍රදේශයේ යාල ජාතික වනෝද්‍යානයේ වෙරළට සමීපව ඇති මයොසින තැන්පතුව මිනිහාගල්කන්ද තැන්පතුව ලෙස හඳුන්වයි. පොදුවේ ගත් කල මේ ස්ථාන දෙකෙන්ම හමුවන්නේ සමුද්‍ර ජීවීන්ගේ ෆොසිලයි. ඒ අතර දෙපියන් බෙල්ලා, හක් කටුවක් දරන බෙල්ලා, මුහුදු ඇල්ගීත්, මෝර දත්, මඩු වලිග කොටස්, ඉබ්බා, කැස්බෑවා, ඩොල්පින්, තල්මසා ආදී මුහුදු ජීවීන්ගේ ෆොසිල මයොසින තැන්පතුවලින් හමුවේ. ආසියාවේ ඇති මයෝසින තැන්පතු අතර ශ්‍රී ලංකාවේ මයෝසින ෆොසිල තැන්පතුව වැදගත් ස්ථානයකට පත්වන බව භූ විද්‍යාඥයින්ගේ මතය වේ.
භූ කාලමානය තුළ චතුර්තික අවධිය යනුවෙන් හඳුනා ගන්නා කාලයට අයත් ප්ලයොස්ටොසින යුගය ලෝකයේ මානවයා බිහිවීම සම්බන්ධයෙන් වැදගත් කාල වකවානුවකි. එය අදින් වසර මිලියන 1.8 කට ප්‍රථම ආරම්භ වී අදින් වසර 12000 කට පමණ පෙර අවසන් වේ. හොලොසින යුගය ආරම්භ වන්නේ ඉන් අනතුරුවයි. එය අදින් වසර 12000 ත් 10000 ත් අතර කාලයට අයත් වේ. මෙම යුග දෙකම ලෝකයේ සිදු වූ සංසිද්ධි අතර සුවිශේෂී සංසිද්ධි සිදු වූ කාල පරිච්ෙ-දයකි. මානවයා අප්‍රිකාවේ බිහිවීම, අනතුරුව වෙනස් ප්‍රදේශවලට පැතිරයාම, මානව ව්‍යාප්තිය සහ වර්ධනය නිසා සතුන් දඩයම් කිරීම වැඩි වීමෙන් සත්ත්ව වර්ග වඳවීම, ජනාවාස බිහිවීම, තාක්ෂණික අතින් දියුණු ගල් ආයුධ නිෂ්පාදනය, ශාක හා සතුන් හීලෑ කිරීම සහ කෘෂිකර්මාන්තයට යොමුවීම වැනි කරුණු ඒ අතර වේ. මෙවැනි තත්ත්වයක් යටතේ ප්ලයොස්ටොසින හොලොසින යුගයේ ෆොසිල පුරාවිද්‍යාත්මක අධ්‍යනයන් සඳහා ඉතා වැදගත් අවශේෂ ලෙස හැඳින්විය හැකිය. මේ වර්ගයේ ෆොසිල ලංකාවේ රත්නපුර, කුරුවිට, කලවාන, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ ඇතුළු රත්නපුර ප්‍රධාන කොටගත් දියලු පස් තැන්පතුවලින් ප්ලයොස්ටොසින යුගයට අයත් තැන්පතු බොහොමයක් ශ්‍රී ලංකාවේ වෙරළ කලාපය හා ගංගා ඉවුරු ආදියෙහි දැකිය හැකි වූවත් මේ යුගයට අයත් ෆොසිල හමුවන්නේ රත්නපුර ආශ්රිත මැණික් පතල්වලින් වීම විශේෂත්වයකි.
විශේෂයෙන්ම මැණික් ඉල්ලම්වල වටකුරු ගල් හමුවන ස්ථරවලදී මේ ෆොසිල බහුලව හමුවීම දැකිය හැකිය. මේ තැන්පතු අතර හමුවන ෆොසිල විශේෂ අතර වඳ වී ගිය හස්ති විශේෂ තුනකගේ ෆොසිලද හමු වී තිබේ. රයිනෝසිරස් විශේෂ දෙකක් ද, සිංහයා, ව්‍යාඝ්‍රයා, ගවරා, දඩයම් බල්ලා, වල් ඌරා, ගල් ඉබ්බා සහ කිරි ඉබ්බා යන සත්ත්ව විශේෂයන්ගේ ෆොසිල හමු වී ඇත. සිවුපාවුන්ගේ දත්, දළ කොටස්, ගාත්රා කොටස් හා කශේරුකාව ෆොසිල සාධක ලෙස හමුවේ. මෙම ෆොසිල අධ්‍යයනය කළ විට අදාළ කාලය තුළ ජීවත් වූ සත්ත්ව විශේෂ කවුරුන්ද යන්න කිව හැකිය. ඒ සමඟම ඔවුන් ජීවත් වූ පරිසරයේ ස්වභාවය කෙබඳු ද යන්න පිළිබඳවත් තේරුම් ගත හැකිය. අදින් වසර 80000 කට පෙර කඟවේනා, 17000 කට පෙර ව්‍යාඝ්‍රයන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ බව විද්‍යාත්මකව තහවුරු කර තිබේ. ගවරා මහනුවර යුගය දක්වාම ජීවත් වූ බව නොක්ස්ගේ වාර්තාවල සඳහන්ය. ඒ අනුව හොලොසින යුගය දක්වා මේ සතුන් අතරින් නොනැසී ජීවත් වූ සත්ත්වයා ගවරා ලෙසත් සෙසු සතුන් ප්ලයොස්ටොසින යුගයේ දී වඳ වී ගිය බවත් මේ අනුව අනුමාන කළ හැකිය. ලංකාවෙන් හමුවන ප්ලයොස්ටොසින හොලොසින ෆොසිල එකතුව ඉන්දියාවේ නර්මදා සහ ශිවාලික් ෆොසිල තැන්පතු සමඟ ඉතා සමීප සබඳතා දක්වන බව සංසන්දනාත්මක අධ්‍යයනයන්ගෙන් තහවුරු වී තිබේ. එමෙන්ම එම ෆොසිල සමකාලීන බවක් තහවුරු වී තිබේ. එසේම නර්මදා හා ශිවාලික්වලින් හමුවන ෆොසිල හා ලංකාවෙන් හමුවන ෆොසිල සාධක සමීප ඥාතීත්වයක් දක්වන බවටත් හඳුනාගෙන ඇත. අදින් වසර 7000 කට පෙර දී ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් එකම ගොඩබිමක් ලෙස පැවතී ඇත. ඒ නිසා මේ සතුන් එකම ගොඩබිමක ජීවත් වූ සතුන් ලෙස හඳුනා ගැනීමේ හැකියාවක් පවතී. අමතරව ජාවා, සුමාත්‍රා හා බෝර්නියෝ දූපත්වලත්, බුරුමයේත්, නර්මදා, ශිවාලික් හා ලංකාවෙන් හමුවන ෆොසිලවලට සමාන ෆොසිල එකතුවක් හමු වී ඇත. ඒ අනුව එක් කාල වකවානුවක දී මේ සියලුම භූමි කලාප එකම ගොඩබිම් කලාපයක් ලෙස පවතින්නට ඇත යන විශ්වාසය පුරා විද්‍යාඥයින් අතර පවතී.
මීට අමතරව හම්බන්තොට දිස්ත්‍රික්කයේ කලමැටිය හා හාතාගල යන ස්ථානවල චාතුර්තික යුගයට අයත් සිප්පි නිධි ගණනාවක් සොයාගෙන ඇත. කලමැටිය සිප්පි නිධියෙන් ප්රාග් ඓතිහාසික මිනිස්සු භාවිත කරන ලද ශිලා මෙවලම් සහ හොර්මෝසේපියන් මානවයාගේ අස්ථි අවශේෂ හමුවේ. එසේම රයිනෝසිරස් විශේෂයකට අයත් දතක් ද හමු වී ඇත. හතාගල කළ කැණීමෙන් ප්රාග් ඓතිහාසික මානවයින්ගේ සුසාන භූමියක් හමුවිය. එසේම වකුටුකර වළලන ලද ප්රාග් නූතන මානව ඇටසැකිලි කිහිපයක් හමුවිය. විශේෂයෙන් කලමැටිය සිප්පි නිධියෙන් හමු වී ඇති කඟවේනාගේ දත හා රත්නපුර ප්‍රදේශයේ රයිනෝ වාසය කළ බවට ඇති පුරාවිද්‍යාත්මක සාධක සංසන්දනය කිරීමේදී ඒ ප්‍රදේශ වල දේශගුණික සාධක පිළිබඳවද අධ්‍යයනය කළ හැකිය.