මෙතන ඉන්න මුල් තුන්දෙනාගෙන් එක්කෙනෙක්වත් දාර්-ශනිකයෝ නෙවෙයි. එයාල දර්-ශනය (විශේෂයෙන් බෞද්ධ දර්-ශනය) ගැන ලෝක සම්භාවනාවට පත් වෙච්ච මහාචාර්-යවරු විතරයි. නලින්ද සිල්වා නම් "නිර්-මාණාත්මක සාපේක්ෂතාවාදය" කියල මතවාදයක් හැදුව. එයා ඒ අරුතින් නම් දාර්-ශනිකයෙක්.
මහාචාර්ය කේ. ඇන් ජයතිලක බුඩිස්ට් ලොජික් ගැන කතාකලා. බුදුදහම "බුද්ධිවාදයෙන්" ඈත්කරගෙන "ආනුභූතිකවත්වයට" බරකරමින් බුදුදහම ඉන්ටර්ප්‍රිට් කලා. මෙහිදී මෙතුමා ඥානවිභාගය ගැන කතාකරනවා. මෙතුමගෙ "early Buddhist theory of knowledge" පොත ඔන්ලයින් තියනවා pdf එකක් හැටියට. කියවලා බලන්න. ඒ වගේම මෙතුමා ඔස්ට්‍රියානු ජාතික දාර්ශනිකයෙකු වන විට්ගන්ස්ටයින් යටතෙ ඉඳලා තියනවා.
මහාචාර්ය ඩේවිඩ් ජේ කලුපහන, කේ ඇන් ජයතිලකගෙ ගෝලයෙක්. මෙතුමා මහායානය සහ ථේරවාදය උඩුයටිකුරු කරපු කෙනෙක්. සාම්ප්‍රදායික මතයට අනුව නාගර්ජුන ස්වාමීන්වහන්සේ කියන්නෙ මාධ්‍යමක සම්ප්‍රධායෙ පෙරගමන්කරු. උන්වහන්සේගෙ මූලමාධ්‍යමකකාරිකාව තමා මාධ්‍යමක සම්ප්‍රධායෙ පදනම. සරලව කිව්වොත් මහායානයෙ මූලික භික්ෂුවක් තමා නාගර්ජුනපාදයන්. නමුත් මහාචාර්ය කළුපහනට අනුව මේක නිවැරදි මතයක් නෙමෙයි. ඔහුට අනුව මූලමාධ්‍යමකකාරිකාව අර්ථදැක්වෙන්නෙ වෙනත් ආකාරයකට. ඔහුට අනුව නාගර්ජුන කියන්නෙ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ වගේ රිෆෝර්මර් කෙනෙක්. ඒ කියන්නෙ පශ්චාත්කාලීන බෞද්ධ නිකායන් මුල් බුදුදහමෙන් බැහැරට යනකොට (සාර්වාස්තිවාද අභිධර්මය) ඒක වලක්වලා නැවත් බුද්ධ වචනය ඉදිරියට අරන් තහවුරු කරන්න උත්සහ ගත් කෙනෙක්. මේක මෙතෙක් නාගර්ජුන ස්වාමීන්වහන්සේ සම්බන්ධව තිබුණු සියලුම මතවාද වලට එරෙහිව යන්නක්. සම්පූර්ණයෙන්ම නව්‍ය මතවාදයක්.
මහාචාර්ය වයි කරුණාදාස ගැන නම් මම වැඩිදෙයක් කියන්න දන්නෙ නැහැ. නමුත් ඔහු බොහෝදෙනෙක් විසින් පිළිගන්නා මහාචාර්යවරයෙක්.
මහාචාර්ය නලීන් ද සිල්වාගෙ දේශපාලන මතවාදය බැහැරට තබලා ඔහුගෙ ඉන්ටලෙක්චුවල් එන්ටර්ප්‍රියිස් එක සලකලා බැලුවොත් ඔහුගෙ මතවාදය බොහොම ශක්තිමත්. ගොඩදෙනෙක් එතුමාට බනිනවා ඔහුගෙ දේශපාලන මතවාදය නිසා. මටත් ඒ ගැන මහලොකු ප්‍රිය බවක් නැහැ. නමුත් ඔහුගෙ දාර්ශනික මතවාද කියවන්න ඒක බාධාවක් කරගත යුතු නැහැනෙ.
Edited - typo