Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය ගමන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය ගමන

ශ්‍රී ලංකා දුම්රිය සේවයටත් ඉතා වැදගත් වෙන ඓතිහාසික දවසක්. ඒ 1864 දෙසැම්බර් 27 වනදා හා හා පුරා කියලා ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය මාර්ගය විවෘත කරලා මංගල දුම්රිය ගමන ගිහින් වසර 157 ක් සපිරෙන නිසා. අද වෙනකොට කොරෝනා ව්‍යසනය නිසා සුපුරුදු ලෙස දුම්රිය සියල්ලම ධාවනය නොවුනත් එදා ඒ ඓතිහාසික ගමන ගැන වගේම අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරම්භය තමා මේ ලිපියෙන්ම කථා කරන්න බලාපොරොත්තුව.

අපි බොහෝදෙනෙක් දන්න කාරණාවක් තමා ශ්‍රී ලංකාවේ පලවෙනි දුම්රිය ගමන ගියේ කොලඹ කොටුවේ (ඒකාලේ නම් හැදින්වුනා කියන්නේ කොටුව පර්යන්ත නැවතුම කියලා) ඉදන් අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා කියන එක. මෙම දුම්රිය ගමනේ විශේෂත්වය වන්නේ මෙම මාර්ගය විවෘත කිරීමේ උත්සවයට බෙල්ජියමේ සිංහාසනයේ උරුමකරු වෙන බ්රැබන්ට් ආදිපාදවරයා (පසුව බෙල්ජියමේ II ලියෝපෝල්ඩ් රජු බවට පත්වෙන) වේයන්ගොඩ සිට අඹේපුස්ස දක්වාත් ආපසු දුම්රිය එන ගමනේ අඹේපුස්සේ සිට කොලඹ කොටුව දක්වාත් දුම්රියේ ගමන් කිරීමයි. ඔහුත් සමග ලංකාවේ සිටි මේජර් ජෙනරාල් O'Brien සහ ඒ කාලයේදී ආණ්ඩුකාරවරයා නොමැති විට රටේ පාලන නිලධාරියා වූ Charles MacCathy ත් මේ මංගල දුම්රිය ගමනට සහභාගී වෙනවා.

පලමු දුම්රිය ගමනේ දුම්රිය රියදුරා වශයෙන් කටයුතු කරන්නේ 1865 දී දුම්රිය අධ්යක්ෂ ජනරාල් තනතුරට පත්වූ, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරයා වූ Sir G.L. Molesworth මහතා විසින්ය. ඒවගේම ඔහු ඉන්දියාවේ ප්‍රථම දුම්රිය මාර්ගය තැනීමේදී එරට ඉංජිනේරුවරයෙකු වශයෙන් ද කටයුතු කර ඇති බවටයි සදහන් වෙන්නේ.

කෙටියෙන් අද දවසේ විශේෂත්වය ගැන කිව්වොත් එහෙමයි. ඒත් ඇයි එකපාරටම ලංකාවට දුම්රියක අවශ්‍යතාවයක් ඇතුවුනේ..???

ඇත්තටම ශ්‍රී ලංකාව තුල දුම්රිය සේවයක් ආරම්භ කල යුතුයි කියලා පලමුවෙන්ම කථාබහ වෙන්න පටන් ගත්තේ 1842 තරම් ඈත අතීතයේදී. මේ කාලය වෙනකොට ලංකාවේ කෝපි වගාව ද බෙහෙවින් ප්‍රචලිත වෙලා තිබුනු නිසා යුරෝපීය වැවිලිකරුවන්ට තමන්ගේ ඒ වැවිලි භෝගයන් ඉක්මනින් හා ආරක්ෂාකාරීව කොලඹ වරාය දක්වා ප්‍රවාහනය කරන්න ක්‍රමවත් ප්‍රවාහන මාධ්‍යයක් අවශ්‍ය වුනා. කොහොම වුනත් තමන්ගේ යෝජනාව ආණ්ඩුව වෙත ඉදිරිපත් කරලා දිගින් දිගටම කරපු සාකච්චා වල ප්‍රතිඵලයක් විදිහට ලංකා දුම්රිය සමාගම, එහෙම නැත්නම් Ceylon Railway Company (C.R.C) 1845 දී Philip Anstruther ගේ සහභාගිත්වය යටතේ ශ්‍රී ලංකාව තුල දුම්රිය මාර්ග ඉදිකිරීම සදහා පිහිටුවන්නේ. ඒ පිහිටුවාගත් සමාගමේ ඉංජිනේරුවන් විසින් 1846 දී ලංකාවේ දුම්රිය මාර්ගය තැනීම සඳහා මූලික සමීක්ෂණ කටයුතු ආරම්භ කෙරුනා.

1857 දී ලංකාවට ආව කැප්ටන් මෝර්ස් සියලු භූ විෂමතා සහ අනිකුත් සාධක සැලකිල්ලට අරගෙන කොලඹ ඉදන් මහනුවර දක්වා විකල්ප මාර්ග 6ක් සහිතව මාස දෙකකින් තමන්ගේ වාර්ථාව යටත් විජිත ලේකම් වරයාට ඉදිරිපත් කෙරුවා. ඒ කාලේ ඇස්තමේන්තුව අනුව පවුම් 856,557 ක් මේ සදහා අවශ්‍ය බව නිර්දේශ කෙරුණා. ඒ කාලෙට අනුව මේ මුදල ඉතා විශාල ධනස්කන්දයක් වුනු අතර දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී පැන නගින දුෂ්කරතා, එනම් උමං විදීම, පර්වත කඩා ඉවත් කිරීම, ඒවා කඩා ඉවත් කිරීමේදී අවට නිවැසියන් ඉවත් කිරීම, නිම්නයන් අතර පස් පුරවා කදු යා කිරීම, වගුරු බිම පිරවීම, පාලම සහ බෝක්කු ඉදිකිරිම වැනි ඒවා සදහා මේ සා විශාල මුදලක් වය වෙන බව අවාසනයේ ඇස්තමේන්තු ගත වුනා.

කොහොමහරි 1858 අගෝස්තු 03 දින පළමු පස් පිඩැල්ල ආණ්ඩුකාර හෙන්රි වෝර්ඩ් මහතා අතින් කැපෙන්නේ දැන් මරදාන දුම්රිය ස්ථානය පිහිටා තිබෙන ස්ථානයේදී. ඉතින් මේ මාර්ගය ඇතිරීම භාර සිලෝන් රේල්වේ කම්පැනි (C.R.C) හි කොන්ත්‍රාත්කරු වූ W.T. Doyne වැඩ කටයුතු අරඹලා ටික කාලෙකින් මහත් වූ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔහුගේ නිගමනය වුයේ ඇස්තමේන්තු ගත මුදලින් මෙම භාරධුර කාර්ය නිම කල නොහැකි බවයි. එහිදී ඔහු විසින් හේතු විදිහට දක්වලා තියෙන්නේ කැළණි ගඟ හරහා පාලමක් ඉදි කිරීමේ දුෂ්කරතාව, රඹුක්කන සිට කඩුගන්නාව තෙක් ආනතියක් ආකාරයෙන් දුම්රිය මග ඉදිකිරීම සදහා යොදාගන්නට සිදු වන සුක්ෂම මිනුම් කිරීම සදහා වැය වන මුදල, කැලණිය සිට රාගම දක්වා වගුරුබිම පස් වලින් පුරවා සමතලා කිරීම වගේ හේතු. මේවා සැලකිල්ලට ගත විට C.R.C සමාගමට මෙම දුම්රිය මාර්ගය ඇතිරීමට ඇස්තමේන්තුගත මුදලට වඩා වැඩි වැඩියෙන් මුදල් අවශ්‍ය වුනා. ඒත් අවසානයේ සිදු වුයේ ලංකා ආණ්ඩුව C.R.C සමග තිබූ ගිවිසුම අවලංගු කොට ඔවුන්ගේ යෙදවූ ප්රාග්ධනය නිදහස් කිරීමයි. පසුව දුම්රිය මාර්ග ඉදිකිරීමේ කාර්යය ලංකාණ්ඩුව විසින් බාරගන්නා ලද්දේ Ceylon Government Railway යන ව්‍යාපාර නාමය යටතේය. අද වෙනකොට ශ්‍රී ලංකා දුම්රිය සේවය ලෙස හදුන්වනේ මේකමයි. ලංකාණ්ඩුව ටෙන්ඩර් පත් කැදවීමක් සිදු කල අතර එහි ලාභදායිම සැලසුමට ලංකාණ්ඩුව එකග වෙනවා. එහි කොන්ත්‍රාත්කරු වුයේ W.F.G Faviell මහතා ය. ඉහත කී කැප්ටන් මෝර්ස් මහතා සමග අන්‍යෝන්‍ය සුහදතාවකින් කටයුතු කල Faviell මහතා දෙදෙනාගේම දක්ෂතා උපයෝගී කොට ගනිමින් 1864 දී අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගය තනා නිම කරනවා.

ලංකාවට ප්‍රථම දුම්රිය එන්ජිම ආනයනය කරනු ලබන්නේ 1864 ජනවාරි මාසයේදී ය. එංගලන්තයේ Stephenson සමාගමේ නිෂ්පාදනයක් වන මේ පලමු දුම්රිය එන්ජිම ලංකාවේදී භාවිත කරන ලද්දේ කොන්ත්‍රාත්කරුවන් විසින් වන අතර ඔවුන් මෙය භාවිත කලේ මාර්ගය තැනීම සදහා අවශ්‍ය කරන කම්කරුවන් සහ බඩු බාහිරාදිය ප්‍රවාහනය කිරීම සඳහායි. ලංකා ඉතිහාසයේ පළමු දුම්රිය ගමන වන කොටුව පර්යන්ත නැවතුමේ සිට අඹේපුස්ස දක්වා වූ රාජකීයන්ගේ දුම්රිය ගමනටද යොදාගන්නේ මේ දුම්රිය එන්ජිමයි. එය 4-4-0 ආකාරයේ එන්ජිමක් වූනු අතර එය 16x22 ප්‍රමාණයේ සිලින්ඩරයක් සහිත, ටොන් පහක ගල්අගුරු සහ වතුර ගැලුම් 1500 ක් ගෙන යා හැකි වන පරිදි නිෂ්පාදනය කර තිබුණා. මෙම සියලු දේ සමග මෙම එන්ජිමේ සම්පුර්ණ බර ටොන් 59 ක් වුනා. මේ පලමු දුම්රිය එන්ජිම 1901 දක්වා වසර 37 ක් සාර්ථකව ධාවනය වුනත් 1901න් පස්සේ ධාවනයෙන් ඉවත් කෙරුනා කියලා සදහන් වෙනවා. ඒ වගේම මේ මංගල දුම්රිය ගමනින් අනතුරුව මෙම වාෂ්ප දුම්රිය එන්ජිම "ලියෝපෝල්ඩ් එන්ජිම" ලෙස හැඳින්වූ බවටද සඳහන් වෙනවා.

අඹේපුස්ස දක්වා ඉදිකරපු මේ දුම්රිය මාර්ගයේ දිගින් අඩි 800 කින් යුක්තව අඩි 25 පරතරය ඇති ගල් කණු 12 ක් සහ යකඩ කණු 8 කින් යුක්තව කැළණි ගඟ හරහා ඉදි කරන ලද කැළණි දුම්රිය පාලම මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේදි වැදගත් නිර්මාණයක් බවට පත් වෙනවා. ප්‍රධාන කුලුණු ඉදි කිරීමේදි ඉහල කොටස අඩි 6 සහ පහල කොටස අඩි 7 විශ්කම්භය ඇති වානේ සිලින්ඩර මගින් ශක්තිමත් කල අතර ඒවා අඩි 45-50 දක්වා පොලොව යටට ගිල්වනු ලැබූ අතර පාලම මතුපිට වැලි සහ බොරලු අතුරලා තිබෙනවා. ඒත් අධික වර්ෂාව නිසා මධ්‍යයේ වූ කණුවක් කඩාවැටීමක් සිදු වූයෙන් මධ්‍යට අඩි 80 පරතරය ඇතිව කොටස් 6ක් සහ පාලමේ දෙපසට අඩි 25 පරතරය ඇති යකඩ බාල්ක යෙදු කණු කොටස් 6 බැගින් යොදා නැවත පාලම ඉදි කිරීම සිදු කෙරෙනවා. මුලින් ද්විත්ව මාර්ගයක් ලෙස සැලසුම් කර තිබුනත් පාලම ඉදිකර වසර 30 ගියාට පසුවයි දෙවන මාර්ගය පාලම මතින් ඉදි කෙරෙන්නේ. කොහොමවුනත් අවසානයේ පාලම මතින් ද්විත්ව මාර්ගය ඉදි කර අවසන් වූ පසු ඉන්ජිනේරුවන්ගේ අදහස වූයේ එකම අවස්ථාවේ පාලමේ දුම්රිය මාර්ග දෙක මතින්ම දුම්රියන් දාවනය වීමට තරම් පාලම සවි ශක්තිමත් නොමැති බවයි. නමුත් 1950 දී පාලමේ සවි ශක්තිය නිර්ණය සදහා පිහිටුවන ලද විමර්ශන කමිටුව විසින් නවීන උපකරණ හා තාක්ෂණය භාවිතයෙන් සිදු කරන ලද පර්යේෂණයන්ගේ නිගමනය වුයේ එකවර පාලම මතින් දුම්රිය දෙකක් ධාවනය වීමට ශක්තිමත් වන බවයි.

1866 දී දුම්රිය මේ දුම්රිය මග පොල්ගහවෙල දක්වා සාදා අවසන්කර භාණ්ඩ හා මගී ප්‍රවාහනය සදහා විවෘත කර තිබෙනවා කියලා සදහන් වෙනවා.

වර්ථමාන ගම්පහ සහ අඹේපුස්ස දුම්රිය ස්ථානයන් අලුතින් ඉදිකල ඒවා වේ. පැරණි දුම්රිය ස්ථානයන් ඔබට දුම්රියේ ගමන් කරනවිට දැකගන්න පුලුවන්.

සටහන - Sri Lanka Railway Journal

[ATTACH=full]182229[/ATTACH][ATTACH=full]182230[/ATTACH][ATTACH=full]182231[/ATTACH][ATTACH=full]182232[/ATTACH][ATTACH=full]182233[/ATTACH]

[QUOTE="IMUNA, post: 28088266, member: 392391"] ⛔⛔ ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය ගමන ශ්‍රී ලංකා දුම්රිය සේවයටත් ඉතා වැදගත් වෙන ඓතිහාසික දවසක්. ඒ 1864 දෙසැම්බර් 27 වනදා හා හා පුරා කියලා ශ්‍රී ලංකාවේ පලමු දුම්රිය මාර්ගය විවෘත කරලා මංගල දුම්රිය ගමන ගිහින් වසර 157 ක් සපිරෙන නිසා. අද වෙනකොට කොරෝනා ව්‍යසනය නිසා සුපුරුදු ලෙස දුම්රිය සියල්ලම ධාවනය නොවුනත් එදා ඒ ඓතිහාසික ගමන ගැන වගේම අපේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරම්භය තමා මේ ලිපියෙන්ම කථා කරන්න බලාපොරොත්තුව. අපි බොහෝදෙනෙක් දන්න කාරණාවක් තමා ශ්‍රී ලංකාවේ පලවෙනි දුම්රිය ගමන ගියේ කොලඹ කොටුවේ (ඒකාලේ නම් හැදින්වුනා කියන්නේ කොටුව පර්යන්ත නැවතුම කියලා) ඉදන් අඹේපුස්ස දුම්රිය ස්ථානය දක්වා කියන එක. මෙම දුම්රිය ගමනේ විශේෂත්වය වන්නේ මෙම මාර්ගය විවෘත කිරීමේ උත්සවයට බෙල්ජියමේ සිංහාසනයේ උරුමකරු වෙන බ්රැබන්ට් ආදිපාදවරයා (පසුව බෙල්ජියමේ II ලියෝපෝල්ඩ් රජු බවට පත්වෙන) වේයන්ගොඩ සිට අඹේපුස්ස දක්වාත් ආපසු දුම්රිය එන ගමනේ අඹේපුස්සේ සිට කොලඹ කොටුව දක්වාත් දුම්රියේ ගමන් කිරීමයි. ඔහුත් සමග ලංකාවේ සිටි මේජර් ජෙනරාල් O'Brien සහ ඒ කාලයේදී ආණ්ඩුකාරවරයා නොමැති විට රටේ පාලන නිලධාරියා වූ Charles MacCathy ත් මේ මංගල දුම්රිය ගමනට සහභාගී වෙනවා. පලමු දුම්රිය ගමනේ දුම්රිය රියදුරා වශයෙන් කටයුතු කරන්නේ 1865 දී දුම්රිය අධ්යක්ෂ ජනරාල් තනතුරට පත්වූ, මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන ඉංජිනේරුවරයා වූ Sir G.L. Molesworth මහතා විසින්ය. ඒවගේම ඔහු ඉන්දියාවේ ප්‍රථම දුම්රිය මාර්ගය තැනීමේදී එරට ඉංජිනේරුවරයෙකු වශයෙන් ද කටයුතු කර ඇති බවටයි සදහන් වෙන්නේ. කෙටියෙන් අද දවසේ විශේෂත්වය ගැන කිව්වොත් එහෙමයි. ඒත් ඇයි එකපාරටම ලංකාවට දුම්රියක අවශ්‍යතාවයක් ඇතුවුනේ..??? ඇත්තටම ශ්‍රී ලංකාව තුල දුම්රිය සේවයක් ආරම්භ කල යුතුයි කියලා පලමුවෙන්ම කථාබහ වෙන්න පටන් ගත්තේ 1842 තරම් ඈත අතීතයේදී. මේ කාලය වෙනකොට ලංකාවේ කෝපි වගාව ද බෙහෙවින් ප්‍රචලිත වෙලා තිබුනු නිසා යුරෝපීය වැවිලිකරුවන්ට තමන්ගේ ඒ වැවිලි භෝගයන් ඉක්මනින් හා ආරක්ෂාකාරීව කොලඹ වරාය දක්වා ප්‍රවාහනය කරන්න ක්‍රමවත් ප්‍රවාහන මාධ්‍යයක් අවශ්‍ය වුනා. කොහොම වුනත් තමන්ගේ යෝජනාව ආණ්ඩුව වෙත ඉදිරිපත් කරලා දිගින් දිගටම කරපු සාකච්චා වල ප්‍රතිඵලයක් විදිහට ලංකා දුම්රිය සමාගම, එහෙම නැත්නම් Ceylon Railway Company (C.R.C) 1845 දී Philip Anstruther ගේ සහභාගිත්වය යටතේ ශ්‍රී ලංකාව තුල දුම්රිය මාර්ග ඉදිකිරීම සදහා පිහිටුවන්නේ. ඒ පිහිටුවාගත් සමාගමේ ඉංජිනේරුවන් විසින් 1846 දී ලංකාවේ දුම්රිය මාර්ගය තැනීම සඳහා මූලික සමීක්ෂණ කටයුතු ආරම්භ කෙරුනා. 1857 දී ලංකාවට ආව කැප්ටන් මෝර්ස් සියලු භූ විෂමතා සහ අනිකුත් සාධක සැලකිල්ලට අරගෙන කොලඹ ඉදන් මහනුවර දක්වා විකල්ප මාර්ග 6ක් සහිතව මාස දෙකකින් තමන්ගේ වාර්ථාව යටත් විජිත ලේකම් වරයාට ඉදිරිපත් කෙරුවා. ඒ කාලේ ඇස්තමේන්තුව අනුව පවුම් 856,557 ක් මේ සදහා අවශ්‍ය බව නිර්දේශ කෙරුණා. ඒ කාලෙට අනුව මේ මුදල ඉතා විශාල ධනස්කන්දයක් වුනු අතර දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී පැන නගින දුෂ්කරතා, එනම් උමං විදීම, පර්වත කඩා ඉවත් කිරීම, ඒවා කඩා ඉවත් කිරීමේදී අවට නිවැසියන් ඉවත් කිරීම, නිම්නයන් අතර පස් පුරවා කදු යා කිරීම, වගුරු බිම පිරවීම, පාලම සහ බෝක්කු ඉදිකිරිම වැනි ඒවා සදහා මේ සා විශාල මුදලක් වය වෙන බව අවාසනයේ ඇස්තමේන්තු ගත වුනා. කොහොමහරි 1858 අගෝස්තු 03 දින පළමු පස් පිඩැල්ල ආණ්ඩුකාර හෙන්රි වෝර්ඩ් මහතා අතින් කැපෙන්නේ දැන් මරදාන දුම්රිය ස්ථානය පිහිටා තිබෙන ස්ථානයේදී. ඉතින් මේ මාර්ගය ඇතිරීම භාර සිලෝන් රේල්වේ කම්පැනි (C.R.C) හි කොන්ත්‍රාත්කරු වූ W.T. Doyne වැඩ කටයුතු අරඹලා ටික කාලෙකින් මහත් වූ දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔහුගේ නිගමනය වුයේ ඇස්තමේන්තු ගත මුදලින් මෙම භාරධුර කාර්ය නිම කල නොහැකි බවයි. එහිදී ඔහු විසින් හේතු විදිහට දක්වලා තියෙන්නේ කැළණි ගඟ හරහා පාලමක් ඉදි කිරීමේ දුෂ්කරතාව, රඹුක්කන සිට කඩුගන්නාව තෙක් ආනතියක් ආකාරයෙන් දුම්රිය මග ඉදිකිරීම සදහා යොදාගන්නට සිදු වන සුක්ෂම මිනුම් කිරීම සදහා වැය වන මුදල, කැලණිය සිට රාගම දක්වා වගුරුබිම පස් වලින් පුරවා සමතලා කිරීම වගේ හේතු. මේවා සැලකිල්ලට ගත විට C.R.C සමාගමට මෙම දුම්රිය මාර්ගය ඇතිරීමට ඇස්තමේන්තුගත මුදලට වඩා වැඩි වැඩියෙන් මුදල් අවශ්‍ය වුනා. ඒත් අවසානයේ සිදු වුයේ ලංකා ආණ්ඩුව C.R.C සමග තිබූ ගිවිසුම අවලංගු කොට ඔවුන්ගේ යෙදවූ ප්රාග්ධනය නිදහස් කිරීමයි. පසුව දුම්රිය මාර්ග ඉදිකිරීමේ කාර්යය ලංකාණ්ඩුව විසින් බාරගන්නා ලද්දේ Ceylon Government Railway යන ව්‍යාපාර නාමය යටතේය. අද වෙනකොට ශ්‍රී ලංකා දුම්රිය සේවය ලෙස හදුන්වනේ මේකමයි. ලංකාණ්ඩුව ටෙන්ඩර් පත් කැදවීමක් සිදු කල අතර එහි ලාභදායිම සැලසුමට ලංකාණ්ඩුව එකග වෙනවා. එහි කොන්ත්‍රාත්කරු වුයේ W.F.G Faviell මහතා ය. ඉහත කී කැප්ටන් මෝර්ස් මහතා සමග අන්‍යෝන්‍ය සුහදතාවකින් කටයුතු කල Faviell මහතා දෙදෙනාගේම දක්ෂතා උපයෝගී කොට ගනිමින් 1864 දී අඹේපුස්ස දක්වා දුම්රිය මාර්ගය තනා නිම කරනවා. ලංකාවට ප්‍රථම දුම්රිය එන්ජිම ආනයනය කරනු ලබන්නේ 1864 ජනවාරි මාසයේදී ය. එංගලන්තයේ Stephenson සමාගමේ නිෂ්පාදනයක් වන මේ පලමු දුම්රිය එන්ජිම ලංකාවේදී භාවිත කරන ලද්දේ කොන්ත්‍රාත්කරුවන් විසින් වන අතර ඔවුන් මෙය භාවිත කලේ මාර්ගය තැනීම සදහා අවශ්‍ය කරන කම්කරුවන් සහ බඩු බාහිරාදිය ප්‍රවාහනය කිරීම සඳහායි. ලංකා ඉතිහාසයේ පළමු දුම්රිය ගමන වන කොටුව පර්යන්ත නැවතුමේ සිට අඹේපුස්ස දක්වා වූ රාජකීයන්ගේ දුම්රිය ගමනටද යොදාගන්නේ මේ දුම්රිය එන්ජිමයි. එය 4-4-0 ආකාරයේ එන්ජිමක් වූනු අතර එය 16x22 ප්‍රමාණයේ සිලින්ඩරයක් සහිත, ටොන් පහක ගල්අගුරු සහ වතුර ගැලුම් 1500 ක් ගෙන යා හැකි වන පරිදි නිෂ්පාදනය කර තිබුණා. මෙම සියලු දේ සමග මෙම එන්ජිමේ සම්පුර්ණ බර ටොන් 59 ක් වුනා. මේ පලමු දුම්රිය එන්ජිම 1901 දක්වා වසර 37 ක් සාර්ථකව ධාවනය වුනත් 1901න් පස්සේ ධාවනයෙන් ඉවත් කෙරුනා කියලා සදහන් වෙනවා. ඒ වගේම මේ මංගල දුම්රිය ගමනින් අනතුරුව මෙම වාෂ්ප දුම්රිය එන්ජිම "ලියෝපෝල්ඩ් එන්ජිම" ලෙස හැඳින්වූ බවටද සඳහන් වෙනවා. අඹේපුස්ස දක්වා ඉදිකරපු මේ දුම්රිය මාර්ගයේ දිගින් අඩි 800 කින් යුක්තව අඩි 25 පරතරය ඇති ගල් කණු 12 ක් සහ යකඩ කණු 8 කින් යුක්තව කැළණි ගඟ හරහා ඉදි කරන ලද කැළණි දුම්රිය පාලම මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමේදි වැදගත් නිර්මාණයක් බවට පත් වෙනවා. ප්‍රධාන කුලුණු ඉදි කිරීමේදි ඉහල කොටස අඩි 6 සහ පහල කොටස අඩි 7 විශ්කම්භය ඇති වානේ සිලින්ඩර මගින් ශක්තිමත් කල අතර ඒවා අඩි 45-50 දක්වා පොලොව යටට ගිල්වනු ලැබූ අතර පාලම මතුපිට වැලි සහ බොරලු අතුරලා තිබෙනවා. ඒත් අධික වර්ෂාව නිසා මධ්‍යයේ වූ කණුවක් කඩාවැටීමක් සිදු වූයෙන් මධ්‍යට අඩි 80 පරතරය ඇතිව කොටස් 6ක් සහ පාලමේ දෙපසට අඩි 25 පරතරය ඇති යකඩ බාල්ක යෙදු කණු කොටස් 6 බැගින් යොදා නැවත පාලම ඉදි කිරීම සිදු කෙරෙනවා. මුලින් ද්විත්ව මාර්ගයක් ලෙස සැලසුම් කර තිබුනත් පාලම ඉදිකර වසර 30 ගියාට පසුවයි දෙවන මාර්ගය පාලම මතින් ඉදි කෙරෙන්නේ. කොහොමවුනත් අවසානයේ පාලම මතින් ද්විත්ව මාර්ගය ඉදි කර අවසන් වූ පසු ඉන්ජිනේරුවන්ගේ අදහස වූයේ එකම අවස්ථාවේ පාලමේ දුම්රිය මාර්ග දෙක මතින්ම දුම්රියන් දාවනය වීමට තරම් පාලම සවි ශක්තිමත් නොමැති බවයි. නමුත් 1950 දී පාලමේ සවි ශක්තිය නිර්ණය සදහා පිහිටුවන ලද විමර්ශන කමිටුව විසින් නවීන උපකරණ හා තාක්ෂණය භාවිතයෙන් සිදු කරන ලද පර්යේෂණයන්ගේ නිගමනය වුයේ එකවර පාලම මතින් දුම්රිය දෙකක් ධාවනය වීමට ශක්තිමත් වන බවයි. 1866 දී දුම්රිය මේ දුම්රිය මග පොල්ගහවෙල දක්වා සාදා අවසන්කර භාණ්ඩ හා මගී ප්‍රවාහනය සදහා විවෘත කර තිබෙනවා කියලා සදහන් වෙනවා. වර්ථමාන ගම්පහ සහ අඹේපුස්ස දුම්රිය ස්ථානයන් අලුතින් ඉදිකල ඒවා වේ. පැරණි දුම්රිය ස්ථානයන් ඔබට දුම්රියේ ගමන් කරනවිට දැකගන්න පුලුවන්. සටහන - Sri Lanka Railway Journal [ATTACH type="full"]182229[/ATTACH][ATTACH type="full"]182230[/ATTACH][ATTACH type="full"]182231[/ATTACH][ATTACH type="full"]182232[/ATTACH][ATTACH type="full"]182233[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom