ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර බලන්න යමු 2
මේක "ශ්‍රී ලංකාවේ ප්‍රදීපාගාර බලන්න යමු" කියලා දාපු පලවෙනි ත්‍රෙඩ් එකේ අඩුව පුරවන්න දාන දෙවනි ත්‍රෙඩ් එක. කලින් වතාව ප්‍රධාන ප්‍රදීපාගාර කිහිපයක් ගැන දාලා තිබුනා. ඒක දැක්කෙ නැත්නම් මෙතනින් ගිහින් ඒකත් බලාගෙනම එන්න.
හොදයි ගියපාර අපි නැවතුනේ ගාල්ල ප්‍රදීපාගාරය ලගින් දැන් ඊළගට තව ටිකක් දකුණට වෙන්න තියෙන අතිශය අලංකාර වගේම හුගක් හුදකලා වෙච්ච ප්‍රදීපාගාර දෙකක් බලමු.
කුඩා රාවණා , මහා රාවණා ප්‍රදීපාගාර.
කලින් කිව්වාවගේ මේ ප්‍රදීපාගාර දෙක හුගක් හුදකලා වුන ප්‍රදීපාගාර දෙකක්. හේතුව අනිත් ඒවා වගේ නෙවෙයි මේ දෙක තියෙන්නේ මුහුද ඇතුලට කිලෝමීටර් 12ක් 13ක් ඇතුලට වෙන්න තියෙන ගල් පර දෙකක් උඩ, හුදකලා වුනාට දකුණෙන් තියෙන ප්‍රධාන නැව් මාර්ගයේ යන නැව් වලට නම් හුගක් ලොකු සේවයක් කරනවා. මේක හදලා තියෙන්නේ 1873 / 1878දී, උස මීටර් 34ක් විතර. මුලින්ම සැලසුම් කරලා තියෙන්නේ ජේම්ස් ඩග්ලස් කියලා කෙනෙක්, ගොඩණගලා තියෙන්නේ එයාගෙ සහෝදරයා විලියම් ඩග්ලස්. 2004දි සුනාමි නිසා මේවට හුගක් හානි වුනා. පස්සේ 2007දි ඉදන් ආයෙත් වැඩ. මේ අවට මුහුදු තීරයේ ගිළිණු නැව් වල හුගක් වටිනා කියන දේවල් රාශියක් තියෙනවා කියලත් ප්‍රසිද්දයි.
හම්බන්තොට ප්‍රදීපාගාරය.
මීටර් 13ක් උස මේක හදලා තියෙන්නේ 1913දි විතර, 1970 වෙනකන් වැඩ කරලා තියෙනවා. දැන් නම් වැඩ නෑ. කළු සුදු ගල් පාවිච්චි කරලා නිසා අමුතු ලස්සනක් තියෙනවා.
කන්කසන්තුරේ ප්‍රදීපාගාරය
1893දි හදපු මේකේ උස මීටර් 22යි. තවමත් ක්‍රියාත්මකයි. මේක තියෙන්නේ කන්කසන්තුරේ පෘතුගීසි හදපු පැරණි බලකොටුව ඇතුලේ. මේකත් කොටි හිටපු කාලේ හුගක් විනාශ වුන එකක් නමුත් දැන් නම් එතන තියෙන ධීවර වරායේ එහා මෙහා යන ධීවර යාත්‍රා වලට හුගක් ලොකු සේcඅයක් කරනව කියලා තමයි කියන්නේ.
ත්‍රීකුණාමලයේ ප්‍රදීපාගාරය.
මේක තියෙන්නේ ත්‍රීකුණාමලයේ වරායෙ ඇතුලේ තියෙන පොඩි දූපතක. උස මීටර 21 හදලා තියෙන්නේ 1863දි විතර. දැනට නම් ක්‍රියා කරන්නේ නෑ. හැබැයි වැඩ කරන කාලේ තප්පර 15කට සැරයක් එලිය නිකුත් කරලා ත්‍රීකුණාමලයට එන නැව් බෝට්ටු වලට පාර කිව්වලු. මේක තියෙන තැනට යන්න ටිකක් අමාරු නිසා වැඩිය කට්ටිය යන්නේ නැහැයිලු. යන්න ඕනෙම නම් ඉතින් බෝට්ටුවකින් තමයි යන්න වෙන්නේ.
සංගමන් කන්ද තුඩුව ප්‍රදීපාගාරය.
පින්තූරෙ දැක්කහම හිතාගන්න පුලුවන්නේ දැන් වැඩ නෑ කියලා. මෙහෙම වෙලා තියෙන්නේ සුනාමිය නිසා. දැන් ඉතිරි අඩි 15ක විතර කොටසක් වුනාට ඉස්සර මීටර 8ක් විතර උසයිලු. හදලා තියෙන්නේ 1947දි විතර. මේක තමයි ලංකාවේ නැගෙනහිර පැත්තටම වෙන්න තියෙන තැන.
කොටලම අතත් රිදෙනවා. මම ගිහින් එන්නම්. යන්න කලින් කලින් දාපු ත්‍රෙඩ් ටිකකුත් බලාගෙන යන්න.
ඊජිප්තු පිරමීඩ බල ශක්තිය නිපදවන්
සීගිරිය, පිදුරංගල - නොදත් දේ -1
ලක්දිව අවසන් රාජ මාලිගය ( The last palace of Sri Lanka)
නස්ත්‍රඩාමුස් ගේ අනාවැකි
චිතකයේදීත් අළු නොවූ හදවත - තිච් ක්වාන්ග්
බෝපාල් ( Bhopal ) ඛේදවාචකය
අවුස්විට්ස් (Auschwitz) - නාසීන් උදෙසා ගොඩනැගුනු
බර්ලින් තාප්පය ගැන දන්නවද
හිරොශිමා නාගසාකි ඛේදවාචකය
නැන්කින් සංහාරය - (The Rape of Nanking), 1937
විශ්වය කොච්චර ලොකුද