ශ්‍රී ලංකාවේ මිනිරන් තැන්පතු සඳහා රටවල් කිහිපයක් තරඟ කරයි..❗

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    hPUAEX2.gif



    චීනය, එක්සත් ජනපදය, ඉන්දියාව හා ප්‍රංශය ශ්‍රී ලංකාවේ මිනිරන් තැන්පතු සඳහා තරඟ කරන බව වාර්තා වනවා.

    ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික වත්කම් සහ සම්පත් පිළිබඳ ගෝලීය අවධානයට ලක්වන තවත් උදාහරණයක් ලෙස එම රටවල් මෙරට මිනිරන් ක්ෂේත්‍රයේ ආයෝජන සුරක්ෂිත කර ගැනීමේ තරගයක යෙදී සිටින බව සඳහන්.

    ශ්‍රී ලංකාව සතු උසස් තත්ත්වයේ මිනිරන් හේතුවෙන් මෙම තරඟකාරීත්වය ඇති වී තිබෙන බවයි දැක්වෙන්නේ.

    මෙහිදී භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි මහතා තහවුරු කළේ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රය සඳහා උනන්දුවක් දක්වන විදේශීය ආයෝජකයින් අතර ඉන්දියාවේ සහ චීනයේ සමාගම් සිටින බවයි.

    මෙරට මිනිරන් කර්මාන්තය දියුණු කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා ඉන්දීය රජයේ සහ කාර්යාංශයේ නිලධාරීන් අතර මූලික සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.

    එහිදී ශ්‍රී ලංකාවේ ශිරා වර්ගයේ මිනිරන් නිධි ගවේෂණය කිරීම සඳහා දියුණු වායුගෝලීය භූ භෞතික ගවේෂණ ශිල්පීය ක්‍රම භාවිතා කිරීම වැනි ගවේෂණ සහ පතල් කැණීම් තාක්ෂණයන් දියුණු කිරීම සඳහා සහයෝගීව කටයුතු කිරීමට ප්‍රධාන වශයෙන් සාකච්ඡා කර තිබෙනවා..
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මන්නාරමේ තෙල් ලින් වලට කවුරුත් නෑද්ද? තෙල් ගන්න ඔන්න මෙන්න නේද තිබ්බේ
     
    • Like
    Reactions: Truth Hurts

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    මිනිරන් ඉන්දුනීසියාවේ , මොංගෝලියාවේ ඇතිවෙන්න තියෙනවා
    ලංකාවේ ගණන් වැඩි මිනිරන් ගන්න එන්නේ නැහැ
     
    • Like
    Reactions: Truth Hurts