ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    ශ්‍රී ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතිය

    ලංකාවේ සම්පූර්ණ විදුලි පද්ධතිය ගත්තම Generation, Transmission, Distribution කියල කොටස් තුනකට බෙදන්න පුලුවන්.

    Generation වලට අයිති වෙන්නෙ විදුලිය ජනනය කරන විදුලි බලාගාර සහ Distributed Generation (Roof top solar වගේ ඒව). මහා පරිමාණ විදුලි බලාගාර වල Generating Voltage එක සාමාන්‍යයෙන් 11.5 kV වගේ. ඊට වඩා වැඩි වොල්ටීයතාවයකින් විදුලිය ජනනය කිරීම ප්‍රායෝගික නෑ Generator එකේ පරිවරණ (Insulation) අවශ්‍යතාවයන් නිසා. එහෙම උනොත් Generator එක අසාමාන්‍ය ලෙස විශාල වෙන නිසා ප්‍රවාහනයේදී ගැටලු මතු වෙනවා. (ගෙනියන්නෙ එක පාරක් උනාට කොහොම හරි ගෙනිහින් power plant එකේ හයි කරන්න ඕනිනෙ)

    Distribution වලට අයිති වෙන්නෙ අඩු වෝල්ටීයතාවයකින් කරන බෙදාහැරීම්. ලංකාවෙ 230 V එකලා සහ 400 V තෙකලා විදුලිය බෙදාහැරීම් තමයි සිද්ද වෙන්නෙ. ඊට අමතරව ලංකා විදුලි බල මණ්ඩලයෙන් 33 kV සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමෙන් (LECO) 11 kV වොල්ටීයතාවයෙන් බෙදාහැරීම් සිදුකරල ඔය පාර දිගට කණු උඩ හයි කරල තියෙන ට්‍රාන්ස්ෆෝමර් වලින් තමයි 230 V වලට අඩු කරලා ලබාදෙන්නෙ.

    දැන් මහා පරිමාණ ජනන යන්ත්‍ර තියෙන තැන් වල ඉඳන් පරිභෝජනය කරන තැන් වලට විදුලිය ගෙනයන්න තමයි Transmission System එහෙම නැත්නම් සම්ප්‍රේෂණ පද්ධතිය අවශ්‍ය වෙන්නෙ.

    ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියෙ භාවිතා වන වෝල්ටියතා තමයි 132 kV සහ 220 kV. මෙහෙම වැඩි වෝල්ටීයතාවක් භාවිතා කිරීමට හේතුව තමයි සම්ප්‍රේෂණයේදී සිදුවන හානිය අවම කරගැනීම. හානිය දැක්වෙන්නෙ I^2 x R වලින්. ඒ කියන්නෙ I වැඩිවෙන කොට හානිය වැඩි වෙනව. බලය සමාන වෙනව ධාරාවේ සහ වෝල්ටීයතාවේ ගුණිතයට (P = V x I). ඒ කියන්නෙ එකම බලයක් සම්ප්‍රේෂණය කරන්න පුලුවන් වෝල්ටීයතාව වැඩි කරල, එතකොට ධාරාව අවම වීම නිසා හානිය අවම වෙලා.

    5dTYSkH


    https://imgur.com/Vwue9NB

    උඩ රූපයෙන් පෙන්නන්නෙ ලංකාවෙ දැනට තියෙන සම්ප්‍රේෂණ පද්ධතිය. Generating Stations වලදි ට්‍රාන්ස්ෆෝමර් භාවිතයෙන් වොල්ටීයතාව මේ සම්ප්‍රේෂණ වොල්ටීයතා වලට ඉහල නංවල Grid Substation (කොටුමා උපපොල) එහෙම නැත්නම් Load Centers වලදි ආපහු ට්‍රාන්ස්ෆෝමර් භාවිතා කරල 11 kV සහ 33 kV වලට අඩු කරනව.

    ට්‍රාන්ස්ෆෝමරයක පෙනුම සාමාන්‍යයෙන් මේ වගේ

    https://imgur.com/58KWr8v

    58KWr8v