ශ්‍රී.ලංකාවේ.හිසඔසවන.ජිහාඩ්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ශ්‍රී.ලංකාවේ.හිසඔසවන.ජිහාඩ්

    gossip9jihad2501.jpg

    මන්නාරමේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් තිදෙනකුට මරණීය තර්ජන එල්ල කරමින් ජිහාඩ් නමැති සංවිධානයක්‌ මගින් ලිපි එවා ඇතැයි එම මාධ්‍යවේදීන් පොලිසියට පැමිණිලි කොට තිබේ.

    ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වන ඒ. ටී. මාර්ක්‌, එෆ්. ආර්. ලැම්බට්‌ හා ජූඩ් පෙලිස්‌ටස්‌ යන තිදෙනාට මෙසේ මරණීය තර්ජන එල්ල වී ඇත්තේ මන්නාරම දිසාවිනිසුරු අන්තෝනි පිල්ලේ ජූඩ්සන් මහතාට රිෂාර්ඩ් බදියුදීන් ඇමැතිවරයා දුරකතනයෙන් තර්ජන එල්ල කළ අවස්‌ථාවේදී විනිසුරුවරයාට පක්‍ෂපාතීව ප්‍රවෘත්ති පළ කළ නිසා යෑයි එම ලිපිවල සඳහන් වී තිබේ.

    මේ අතර ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කර්යාලය යවන ලද කේබල් පණිවිඩයක් එළිදක්වමින් wikileaks.org වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල ජිහාඩ් නම් මුස්ලිම් අන්තගාමි සංවිධානයේ ඉහල වර්ධනයක් පවතින බව තහවුරුකර සිටියි.

    මෙම 03COLOMBO1810 නමැති කේබල් පණිවිඩය සඳහා කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ස්වාධිනව සිදුකල බුද්ධි තොරතුරු රැස්කිරීම් සහ මොහොමඩ් ඉලියාස් මොහොමඩ් හුණු ( 723501008V ) නමැති පුද්ගලයා සිදුකරන ලද හෙළිකිරීම් පදනම් කරගෙන තිබේ.මෙම පුද්ගලයා කලක් නැගෙනහිර පළාතට අයත් මුස්ලිම් මන්ත්‍රීවරයකුගේ ආරක්ෂකයකු ලෙස කටයුතුකර තිබේ.

    එම කේබල් පණිවිඩයේ සිදුකරන හෙළිකිරීම් සාරාංශයක් ලෙස මෙසේ දැක්විය හැකිය.

    ................................................................................

    1. රජයේ හිටපු අමාත්‍ය වරයෙකුගේ පුතෙකුවන ඉල්යර්ස් හජ්ය් ඵලීල් හජ්යි නමැත්තා ව්‍යාජ ගමන් බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත් සැකසීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත් මුස්ලිම් නම් වෙනුවට සිංහල නම් යොදා සකස් කරන මෙම හැදුනුම්පත් යොදාගනිමින් මුස්ලිම් අන්තවාදීන් දැනටමත් ඇමරිකාව වෙත ගොස් සිටින බවද සඳහන් කරයි.

    තවද මෙම පුද්ගලයා පාකිස්ථානය,ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදීන් සමග සම්බන්ධතා පවත්වන බවත් හෙළිකර සිටියි.

    2.ඔහු හෙළිකරන පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය තුල ජිහාඩ් සංවිධානයට සම්බන්ධ අන්තගාමී මුස්ලිම් පිරිසක් සිටින බවත් මොවුන් නැගෙනහිර පළාතෙහි ඇති ජිහාඩ් පුහුණු කිරීම් වලටද සම්බන්ද බව පවසයි.තවදුරටත් තොරතුරු හෙළි කරමින් එම සංවිධානයට අයත් මොහොමඩ් අන්සාර් මින්සර් නමැති සරසවි සිසුවෙකු පිලිබඳ සඳහන් කර සිටියි.

    (කෙසේ වෙතත් ගොසිප් 9 සිදුකළ සොයා බැලීමකදී එවැනි සිසුවෙකු සරසවිය තුල හදුනාගැනීමට නොහැකිවූ අතර ඇතැම්විට ඔහු මේ වනවිට උපාධිය අවසන් කොට සරසවියෙන් නික්ම ගොස් සිටිනවා වියහැකිය.)

    3.මඩකලපුව ආශ්‍රිතව ජිහාඩ් සංවිධානයේ පුහුණු කඳවුරක් පවතින බවත් එය සඳහා ආධාර විදේශගත මුස්ලිම් ජනතාවගෙන් ලැබෙන බව සඳහන් කරන ඔහු, මේම කඳවුර තුල ඉරාක ජාතිකයන්ද සිටින බව දක්වයි. තවදුරතත් තොරතුරු හෙළිකරමින් ඔහු කියාසිටියේ මුස්ලිම් පොලිස් නිලධාරීන්,"මජීඩ්" නමැති පොලිස් ප්‍රධානියකු මෙන්ම අමාත්‍යය රාඋෆ් හකීම් ද මෙම කඳවුරට සහය දෙනබවයි.

    (මිට පෙර LTTE සංවිධානය යුද්ධය පැවති සමයේ සාම්පුර් ප්‍රදේශයේ පිහිටි ජිහාඩ් කඳවුරක් සහ එහි සාමාජිකයන් සම්පුර්ණයෙන්ම විනාශ කලබව වාර්තාවේ)

    මෙයට අදාලව විකිලික්ස් වෙබ් අඩවියේ ඇති සම්පුර්ණ කේබල් පණිවිඩය බැලීම් සඳහා පිවිසෙන්න මෙතනින්.

    සැ.යු. - මෙම කේබල් පණිවුඩයේ ඇති ඇතැම් කරුණු කාලින නොවේ.


    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    Last edited: