ශ්‍රී ලංකාව අද මධ්‍යම පාංතික රටක්ලු !
ශ්‍රී ලංකාව අද මධ්‍යම පාංතික රටක්ලු !
ජනාධිපතිවරයා බලයට පත්වන විට 15.9% ක්වු මෙරට දුප්පත්කම මේ වසර වන විට 5.2% දක්වා අඩු වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ අනුව අප රටේ තුනෙන් දෙකක ජන කොටසක් දුප්පත්කමින් මිදී ඇති බවත්, දුප්පත් රටක් ලෙස තිබූ අප රට අද මධ්‍යම පාන්තික රටක් බවට පත් වී ඇති බවත් ඇමැතිවරයා පෙන්වාදෙයි.
බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සමෘද්ධ්ලාභීන් හට ඉන්ධන සහනාධාර කාඩ්පත් බෙදාදීමේ උත්සවයේදී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
ඇමැති රාජිත සේනාරත්න මහතා එහිදී මෙසේ ද ප්‍රකාශ කළේය.
” ලංකාවේ විදුලිය නොමැති පවුල් ලක්ෂ 04 ක් හඳුනාගෙන තියෙනවා. එක පවුලකට භූමිතෙල් ලීටර් 05 ක් අවශ්‍ය වෙනවා. ඒ අනුව තමයි මසකට රුපියල් 200 ක සහනාධාරයක් දෙන්නේ. ඒ අනුව රුපියල් 200 බැගින් පවුල් ලක්ෂ 04 කට මේ සහනාධාරය ලැබෙනවා. ඒ අනුව වියදම ලක්ෂ 800 යි. ලංකාව තුළ බහුදින හා එක්දින ධීවර යාත්‍රා 400 වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ සියල්ලම ක්‍රියා කරන්නේ ඩීසල් හා භූමිතෙල් වලිනි. එයිනුත් 21000 ක පමණ යාත්‍රා ක්‍රියා කරන්නේ භූමිතෙල් වලිනි. ඒ අනුව මසකට කෝටි 25 කට වැඩි මුදලක් ධීවරයින්ගේ සහනාධාරය සඳහාත් වැය වෙනවා. ධීවර සමිති නායකයින් සමඟ මම පසුගියදා සාකච්ඡා පැවැත්වුවා. ඊට උතුරේ ඉඳලා දකුණට වෙනකම් සියලු ධීවර සමිති නායකයෝ මෙයට සහභාගි වුණා. ඒ අනුව අපි එකඟතාවයකට ආවා භූමිතෙල් සඳහා රුපියල් 25 ක සහනයකුත්, ඩීසල් සඳහා රුපියල් 12 ක සහනාධාරයකුත් ලබා දෙනවා.”