ශ්‍රී ලංකාව අධි උද්ධමන රටක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ශ්‍රී ලංකාව අධි උද්ධමනයක් ඇති රටක් බවට පත් වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි. රටක උද්ධමනය සියයට 50 සීමාව පසු කළ විට එම රට අධි උද්ධමනය ඇති රටක් ලෙස ආර්ථික විද්‍යාඥයෝ හඳුවන්වති. ශ්‍රී ලංකාවේ 2021 වසරේ ජූනි මස සියයට 5.2 ක් වූ උද්ධමනය 2022 වසරේ ජූනි මස වන විට සියයට 54.6 ක් දක්වා වැඩි වී ඇතැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසුවේය.

    91Ocy2r.jpg



    එය ආසියාතික රටක වාර්තා වූ වැඩිම උද්ධමන අනුපාතය බව ඔහු පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් ලෝකයේ ඉහළම උද්ධමන අනුපාතයක් ඇති රටවල් 10 අතරට ඇතුළත් වීමටද ශ්‍රී ලංකාව සමත්ව ඇති බව ඔහු පැවසුවේය.එම රටවල් සියල්ලන්ගේම උද්ධමන අනුපාතය සියයට 50 ට වැඩි බව පැවසෙයි.


    AUemzaF.jpg


    එක් මාසයක් සඳහා වසරින් වසර උද්ධමනය සියයට 50 සීමාව පසු කිරීමෙන් අදහස් වන්නේ 2021 වසරේ ජූනි මාසයේ සිට 2022 වසරේ ජූනි මස දක්වා මාස 12 ක කාලය තුළ භාණ්ඩ සහ සේවා මිල සාමාන්‍යයෙන් සියයට 50 කින් වැඩි වී ඇති බව යැයි මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා ප්‍රකාශ කළේය.


    G51Y8Up.jpg

    පසුගිය වසර සමඟ සසඳන විට රුපියලේ වටිනාකම මාස 12 ක කාලය තුළ හරි අඩකින් පහත වැටී ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.තම අවශ්‍යතා සපුරාගැනීම සඳහා 2021 ජූනි මාසයේදී රුපියල් 25,000 මුදලක් වැය කළ පවුලක් එම අවශ්‍යතාම සපුරා ගැනීම සඳහා 2022 ජූනි මාසයේදී රුපියල් 50,000කට වැඩි මුදලක් වැය කිරීමට සිදුව ඇතැයිද ඔහු පැවසුවේය.
    Source: https://www.lankadeepa.lk/news/ශ්‍රී-ලංකාව-අධි-උද්ධමන-රටක්/101-616556

    7zooS0f.jpg

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔය 54.6 ලංකාවේ එවුන් කියන කතානෙ බන්. වෙන රටවල් වල විෂය ගැන දන්න එවුන් කියන විදියට මේ වෙද්දි 100ත් පැනලා :no:
     

    Similar threads