ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ නම "සිරස" කියලා


    බොහොම කාලයක් තිස්සේ අධ්‍යයනය කරපු කාරණයක් මේ විදිහට කියන්න නියම වෙලාව මේක කියලා හිතුන නිසා මෙය ලිවිය යුතුයි කියා හැඟුනා..
    මෙය මට සිතෙන ආකාරය ලෙස හැඳින්විය හැකි අතර, එය නිවැරදිනම් ශ්‍රී ලංකාව නම් රාජ්‍ය නාමය "සිරස" ලෙස වෙනස් වන බව, පාඨලී 2020 ජනපති වෙනවා යැයි කීමට වඩා සත්‍යයෙන් යුක්ත බව කැට තියා ප්‍රකාශ කළ හැකි බව දනිමි....

    images


    මතකද සිරස පටන් ගත්ත ආකාරය..
    කතාවට පමණක් අදාල වන සිද්ධි හරහා අපි කථාවට එමු...
    "ඉන්දියානු ව්‍යාප්තවාදය" මිනිසුන්ගේ හිතින් ඈත් කරන්නට නොහැකි වූයේ, ජවිපේ දර්ෂනයත් සමඟය.. නමුත් 1990 දශකයේ මැද භාගය වන විට ජවිපේ, ඉන්දියානු ව්‍යාපතවාදය හමුවේ අඳ ගොලු බිහිරන් ලෙස හැසිරෙන්නට පටන් ගනී..
    එදා පටන් ගත්ත මේ ආභාධිතත්වය ජවිපෙ, අද වෙනතුරු "පතිවත" සේ රැක ගෙන යන බව අකමැත්තෙන් වුවද පිළිගත යුතුය... ජවිපෙන් මේ විරුද්ධත්වය ගිලිහුණු ගමන්, ඉන්දියානු ව්‍යාප්තවාදය තව දුරටත් ව්‍යාප්ත කිරීමේ වගකීම සහ ඒ තුල ශ්‍රී ලංකාවේ දේශපාලණිකව බලය ඉන්දියාවට හිතවත්ව ඇල්ලීමේ වගකීම, රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් හෙවත් කිලී මහරාජා ආරම්භ කරන ආකාරය අපි විමසා බලමු.

    images


    සිරස පළමුව බිහිවෙන්නේ ගුවන් විදුලි නාලිකාවක් ලෙසය... සිරස, මේ නාමය පිළිබඳව අලෙවිකරණය සම්භන්ධයෙන් ඉතා සැලකිලිමත්ව කටයුතු කර ඇතැයි මට හැඟේ... "සිරස" නමින්ම පාරිභෝගිකයාගේ සිත යන්නේ කොතනටද යන්න මම අමුතුවෙන් සඳහන් කිරීමට අවශ්‍ය නොවේ...
    එතුළින්ම පාරිභෝගිකයාගේ මනස ආක්‍රමණය කරන අයුරු ඔබට අවභෝධ වනවා ඇතැයි සිතමි... සිරස ඒ සඳහා ඉලක්කගත ජන කොට්ඨාශය ලෙස ලබා ගත්තේ ගෘහණියන් සහ රැකියා විරහිත උදවිය ලෙස මට හැඟේ..

    eye3pic1.gif


    ඒ, ආනන්දයේ මාධ්‍ය අංශයේ ඉතා දක්ෂයෙකු වූ කිංස්ලිත් තමාලිත් යොදාගෙන කල "සූරිය සිරස"ත් හවස විකාශය වූ "කලා කලස" නම් ගොසිප් තීරුවත් මතක් කර ගන්නා විට දැනෙන නිසාය...
    එතුලින් කිසිදු ආයාසයක් නොදරාම ඔවුන් තමන් ඉලක්ක ගත ජන කොට්ඨාශය පහසුවෙන් දිනා ගත්තා යැයි හැඟේ..
    sirasa%2Bfm.gif

    රූපවාහිනී චැනල් ජනප්‍රිය නොවූ ලෝකයක, ජංගම දුරකථනවල රේඩියෝ ජනප්‍රිය නොවූ සමයෙක එය කිරීම ඉතාමත් පහසු වූ බවක් හැඟේ...

    ඉන්පසු පැමිණියේ සිරස රූපවාහිණියයි..
    වෙනස් රටාවකින් යුතු වූ විනෝදාත්මක වැඩසටහන් වලින් ඔවුන් සාර්තකත්වය ලබාගැනීමට අදහස් කර ගැනීමට අදහස් කල බවක් හැඟේ..

    images


    සුදර්ශියේ කාලය කා දමමින් සිට, සිරසේ කළමණාකාර අද්යක්ශවරයා වූ නිමල් ලක්ෂපතිආරච්චිගේ සාකච්ඡාවක් සඳහා යන යංග් ඒශියා සඟරාවේ මාධ්‍යවේදීන් දෙදෙනෙකි.. ඒ නාරද බක්මීවැව සහ තනුජා ජයවර්ධනයි..

    rasarisigee01.jpg


    සාකච්ඡාවේ අවසානය වූයේ ඔවුන් දෙදෙනා සිරසේ "රස රිසි ගී" වැඩසටහන කිරීමෙනි... මේ වනතෙක් වූ කාලය තුල ජනප්‍රිය නාලිකාවක් වන තත්ත්වයේ උපරිමයට පැමිණීමට ඔවුන්ට හැකිවූ බව සිරස නැරඹූ ඔබ කාටත් මතක ඇතැයි සිතමි.. ඒ සඳහා "නයිට් ටයිම් ටීවී" තුලින් ලැබූ දායකත්වය ද අමතක කල නොහැකිය...

    images


    මෙතැන් සිට කතාවේ විසිල් බල්ටි දිහා බලමු....

    සිරස ඉන්දියාව ලංකාවට ගෙනා අපූරුව...

    මේ පිළිබඳව පැහැදිලි කිරීමට ඕනවට වඩා කාලය වැය නොකල යුතුයැයි හැඟේ..
    ඉන්දියානු ටෙලි සංස්කෘතිය ලංකාවට ගෙන ඒම තුලින්, කෝවිල් සහ දේව ප්‍රතිපත්ති, අධි සුඛෝපභෝගී කාන්තා ජීවන රටා වගේම තුල්සි පැල වැනි කුඩා දේවල් වලට පවා ලාංකිකයන්ගේ අවධානය සහ නෙත් සිත් යොමු කිරීමට දැරූ මොවුන්ගේ උත්සාහය සාර්ථක වූ බව මගේ හැඟීමයි..

    Ran2Paya.0.png


    swapna_9_2.jpg

    ලංකාව වෙලාගත් බාල ඝනයේ මෙගා නාට්‍ය වලටත්, බොළඳ මට්ටමේ සුරංගනා කතාත් ටෙලි නාට්‍යන් වලට පාදක වී, ලාංකික අනන්‍යතාවයෙන් හෙබි වටිනා නිර්මාණ වලට කණ කොකා හැඩීමේ වටපිටාව මොවුන් විසින් ඉතා සාර්ථකව නිර්මාණය අරන ලදී.. නිර්මාණකරුවන්ටද දොසක් නැගිය නොහැක්කේ, පවතින රටාව තුල මුදල් ගැන අවධානය යොමු කිරීමට ඔවුන්ටද සිදුවන නිසාය..
    තවද, දකුනු ඓන්දියානු අභාශය තුල ශක්ති ටීවී නිර්මාණය කිරීම තුලින් හා එහි විකාශණය කර වූ වැඩසටහන් තුලින්ද ශ්‍රී ලාංකික දමිල ජනයා ඉන්දියානුකරණය කරවීමේ වෑයම අප්‍රතිහත දෛර්‍යයෙන් කරගෙන යන බවද, මැනවින් දකින්නට අමුතු බුද්ධියක් අවශ්‍ය නොවේ...

    දෙශපාලනයට පිවිසීම සහ අනාගත නායකයන් නිර්මාණය කිරීම...

    අදටත් සිරස මෙම කටයුත්ත කරගෙන යන්නේ මල නොතලා රොන් ගන්නා න්‍යාය පදනම් කරගෙනය.. විවිධ නාලිකාවල දේශපාලන වැඩසටහන් කල නිවේදකයින් මෙන්ම නිශ්පාදකයින් ඉතා ඉහල තනතුරුවලට සහ අධික වැටුපකට මොවුන් මිලදී ගන්නේ මෙම අරමුණේ මූලික පියවරක් වශයෙනි.. චන්දන සූරිය බන්ඩාර, බුද්ධික පතිරණ වැනි මාද්‍යවේදීන් උදාහරණ ලෙස ගත හැකිය... සිරස සැදූ දේශපාලන චරිත කිහිපයක් ගැන විස්තර පහත සඳහන් කරන අතර විමසා බැලීම වටී...



    බුද්ධික පතිරණ -
    images


    ඔහු අපට හමුවෙන්නේ ටීඑන් එල් මාධ්‍ය ජාලයේ තිබූ එකල ජනප්‍රිය දේශපාලන වැඩසටහනක් වූ ජනහඬ වැඩසටහන තුලිනි..
    ඔහු සිරසට එන්නේ දේශපාලන වැඩසටහන් අරමුණු කරගෙනය..
    පැවරෙන කාර්යය රනිල් වික්‍රමසිංහට දිගට හරහට පහර දීම වේ.. බුද්ධික ඒ පිළිබඳ දැනුවත් වේවා සහ නොවේවා අද වෙන තුරුත් එය අඛණ්ඩව කරගෙන යයි.. යූඑන්පි යේ තිබෙන සජිත් රනිල් දෙපාර්ශ්වයේම ප්‍රේක්ෂක ජනතාව ඇද බැද තබා ගැනීමේ මේ ප්‍රයත්නය ඉතාම සාර්තක විණි..
    රනිල් හිතවාදීන් කොහොමත් සිරස වටේ සිටි බැවින් මහරාජාට අවශ්‍ය වූ සජිත් පිල දිනා ගැනීමේ අරමුණට බුද්ධික පතිරණ පණ දුන් බව අපූරුවට පැහැදිලි වේ...
    විවාහ වන විට සාමාන්‍ය පවුලකින් පැවත ආ ඉතා ලාබාල මාධ්‍යවේදිවෙකු ඔහුගේ ඩීල් එකේ තරම, මංගල ඡායාරූපවලින් පැහැදිලි වූ බව එකල ඉතාම කතාබහට ලක් වූ මාතෘකාවක් බව ඔබට මතක ඇති.. සජිත්ගේ අමාත්‍යාංශ වාහනයක් අද වෙනකොට බුද්ධික පාවිච්චි කරන්නේ, මේ තුලින් ඔහුට ලැබුණ බෝනස් එකක් ලෙසටය...


    සුසාර දිනාල් -


    images

    සුපර් ස්ටාර් පිහිටෙන් පළාත් සභාවට එන අපූරු මන්ත්‍රීවරයෙකි. මොහුගේ මාධ්‍යවේදී ඉතිහාසය අපි ඊලඟ ලිපියෙන් පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙමු. සුපර් ස්ටාර් වෙත වැඩිම කෙටි පණිවිඩ පැමිණියේ ගම්පහින් බව එම තොරතුරු ප්‍රසිද්ධ කල දිනෙක ඔබට පැහැදිලි වේවි.. පළාත් සභා ඡන්දයේදී චන්ද්‍රිකාගේ බලය ගිලිහෙන ගම්පහට, රණතුංග පවුලේ හයියට දමන්නට අපේක්ෂකයෙකු ගැන සලකා බලන කාලයේ තමයි සුපර්ස්ටාර් වෙත පැමිණි කෙටි පණිවුඩ සංඛ්‍යාලේඛණ "කිලී මහරාජා"ගේ පිහිටට එන්නේ..
    එතුලින් ජනප්‍රියම පුද්ගලයා වූ සුසාර දිනාල් යෝජනා වෙන්නේ එහි ප්‍රතිපලයක් ලෙසිනි. සුපර්ස්ටාර් ජනප්‍රියත්වයත්, මහරාජා බ්‍රෝඩ්කාස්ටින්ග් මුදලුත් සුස්සරව පළාත් සභා මන්ත්‍රීවරයෙක් කිරීමෙන් අවසන් වූයේ නැත.. ඔහුගේ ඉදිරි ගමන ගැන අදහසක් ලබා ගත හැක්කේ ඔහුගේ කතාවන් ගැඹුරින් අධ්‍යයනය කිරීමෙනි. උපේක්ෂා ස්වර්ණමාලි වගේ දේශපාලනයට ආධුනික ජනප්‍රිය නිලියකුත්, මර්වින් සිල්වා වැනි ඉල්ලපු ඉල්ලපු ඡන්ද පරාජය වුන දාමරිකයෙකුත් පාර්ලිමේන්තු පැමිණි ගම්පහින්, සුසාර පළාත් සභාවට පැමිණීම කෙරෙහි පුදුම විය යුතු නැත.

    සුසිල් කිඳෙල්පිටිය -

    7e076b463482c921ca9fe2d99ffd2160_400x400.png


    ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති වාර්තාකරුවෙක් වූ මේ සුසිල් කිඳෙල්පිටියගේ ඉතිහාසය සොයා බැලීමේදී ඩීල් එකේ තරම වැටහෙන්නේ තැපැල් නයින්ටියෙන් මොන්ටෙරෝවට ආගමනය වූ වේගය දෙස බැලීමෙනි.. කිලී මහරාජාගේ සුපිරිම ගොට්ටක් වූ සුසිල්, පාසල් කාලයේ සිටන්ම තමන්ට ආදරය කල බිරිඳත් දියනියන් දෙදෙනාත් අත හැර ෆොන්සේකා ලඟට යන්නේ හුදෙක් තම ආත්මාර්ථකාමී සිතිවිලි නිසාය... ඒ තුලින් ප්‍රයෝජන ගත් කිලී මහරාජා, ප්‍රජාන්තන්ත්‍රවාදී පක්ෂයේ තමන්ගේ බලය පතුරවන්නේ සුසිල් කිදෙල්පිටිය හරහායි...

    සුරංග සේනානායක -

    0a7c45f19aec2d3c6c7de5e632fffea1_400x400.jpeg


    මොහු තනිකරම මාධ්‍යවේදියෙකුට වඩා නලුවෙකි.. දවස සහ සටන කියන වැඩසටහන් දෙකෙන් දේශපාලන ප්‍රසිද්ධියක් ලබා ගත්තත් මොහුගේ ලිඛිත සාක්ශි සහිත දේශපාලන දිවිය 1999 ජනපති මැතිවරණය කරා දිවයයි.. "රනිල්.. මං ආදරෙයි" නමින් පළවූ පුවත්පත් ලිපියේ හතරවෙනියට අත්සන් තබන්නේ මෙම සුරංග සේනානායක නම් මාධ්‍ය වේදියායි... අද වෙනකොට ඔහු එක්සත් ජාතික පක්ෂයේ තරුණ මාධ්‍ය වේදීන්ගේ සංගමයේ සභාපතිවරයාය....

    රනිල් සහ කිලී අතර තිබෙන්නේ නොබිදෙන සම්භන්ධයකි.. එනිසා ඔවුන් දෙදෙනා ඉතා අපූරුවට තිර පිටපත් ලියාගනිමින් රංගනයක යෙදේ... ගැටළුව තිබෙන්නේ සජිත් පාර්ශ්වය දිනා ගැනීම ගැනය.. මේ දිනවල සිරස පුවත් බලන ඔබට එම පාර්ශ්වය අල්ලන්නට සිරස ගහන ගැට, කිසි ගැටළුවකින් තොරවම වටහා ගත හැකි වනු ඇත..

    Sirasa_TV_logo.png


    ඒ වගේම වර්තමානයේ ඔවුන්ගේ දේශපාලන ආකෘතිය පිළිබඳව සලකා බලමු.. එක පක්ෂයකින් පස් දෙනෙක්වත් පාර්ලිමේන්තුවට යොමු කිරීමේ සල්ලි මල්ලක් විසි කිරීමට ඔවුන් සුදානම් වී තිබේ.. ටෙලි නාට්‍ය සඳහා ගැලපෙනම කාල සීමාවක් ඔවුන්, කිසිදු ආදායමක් නොලබන වැඩසටහනක් වූ "දවස" දේශපාලන සංවාදය වෙත යොමු කිරීමට "සිරස" පෙළඹෙන්නේ ඇයිදැයි ඔබට ගැඹුරින් පැහැදිලි කල යුතු නොවේ.. එතුලින් කිංස්ලි රත්නායකට මෙන්ම ශ්‍රීපාල් වන්නිආරච්චි වෙත ඉදිකරන වේදිකාව, ඔවුන්ගේ අතීත අත්දැකීම් දෙස බලන විට කුමන තරාතිරමේදැයි පැහැදිලි වේ.. ඒ වගේම "දියවන්නාව තරණය කරන්නට ඔබත් කැමතිද" වැඩ සටහන ඔස්සේ අයදුම්පත් ලබා ගන්නේ කුමටද යන්න සැකයක් නොවේ.. එතුලින් තෝරාගත් පුද්ගලයින් නාම යෝජනා මණ්ඩල වලට යොමු කිරීමටත්, එම නාම යෝජනා මණ්ඩල තුලින් ඔවුන්ට අවස්ථාව ලබා දීමටත් "කිලී මහරාජා" තමන් සතු උපරිම ශක්තිය යොදන බවට සැකයක් නැත.
    ඒ අනුව මාධ්‍ය තුලින් කරලියට පිවිසි මහරාජා, මේ මාන බලන්නේ රටේ දේශපාලන බලය තම අතට අරගෙන පාලකයින් තම්න්ගේ විධානයට නතු කර ගැනීමට බව සිතන්නට අමුතුවෙන අටුවා ටීකා අවැසි නැත...





    http://tikakhinawenna.blogspot.com/2015/05/blog-post.html
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    port city ekath maharajata sambanda indian company ekakata denna yanawa kiyanwa
    aththa naththa issarahadi penewi
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    port city ekath maharajata sambanda indian company ekakata denna yanawa kiyanwa
    aththa naththa issarahadi penewi

    මුන් ජනාධිපතිවරණයට කලින් PORT CITY උදේ හවස නැතුව හම ගැහුවා.
    කියන්න තියෙන කුප්ප කතා ඔක්කොම කිව්වා ..
    ජනාධිපතිවරණයට පස්සේ චීනාගේ සල්ලි වලට යටවෙලා ගඩොල් වන්දනාවේ ගියා.
    ලංකාවේ මොලේ නැති මැටි හරක් දුර දිග බලන්නේ නැතුව ගඩොල් වලට වදින්න ගත්තා ගොන් සිරස කාරයෝ නිසා.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මුන් ජනාධිපතිවරණයට කලින් PORT CITY උදේ හවස නැතුව හම ගැහුවා.
    කියන්න තියෙන කුප්ප කතා ඔක්කොම කිව්වා ..
    ජනාධිපතිවරණයට පස්සේ චීනාගේ සල්ලි වලට යටවෙලා ගඩොල් වන්දනාවේ ගියා.
    ලංකාවේ මොලේ නැති මැටි හරක් දුර දිග බලන්නේ නැතුව ගඩොල් වලට වදින්න ගත්තා ගොන් සිරස කාරයෝ නිසා.

    lankawe aya gana kiyala wadak naha
    media walin gu godak icing karala dunnath kanawa
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    porage mathaya kese wethath
    methana kiyala thiyena eke waradak nane


    පොරද ඇතුලු බොහෝ පිරිසක් දැන් නම් අන්ත අසරණව කියවනවා පිට් එක.
    මහින්ද ලොක්කා බලයේ ඉන්න කාලේ බලන්න තිබුනා ඕකුන්ගේ ලොකු ඒවායේ හැටි.
    මම කියන්නේ නෑ සනිල්-මයිට්ටි මරු කියලා.උන් දෙන්නත් කරන්නේ "එම"ම තමයි.
    මම මේ කිව්වේ ඉතින් අතීතේ මතක් වුන නිසා...
     
    Aug 31, 2011
    399
    43
    0
    අයියෙ දැන්වත් මෙච්චරකල් රට කාපු මේ ආයතනයයි එකේ ඒජන්තවරුන්ගෙයි හෙලුව රටට කියල දෙන එක හොදයි

    ඔයාට ගොඩක් පින්
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අභීත එදිරිසිංහ??????

    එක්කෝ උඹ අභීත එදිරිසිංහ කියන රෙදි නැතිව මහින්දට පශ්චාත් සිදුර පිදූ එකා...:lol::lol::lol:

    නැත්තම් මේ උඹ උස්සන් ආවේ ඌ ලිව්ව එකක්..
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අයියෙ දැන්වත් මෙච්චරකල් රට කාපු මේ ආයතනයයි එකේ ඒජන්තවරුන්ගෙයි හෙලුව රටට කියල දෙන එක හොදයි

    ඔයාට ගොඩක් පින්
    :lol::lol::lol::lol::lol:

    සාධු..සාධු...
    අද බිනර පොහෝ දිනයේ ඔබ කරගත් මේ මහා කුසලාභිදානයේ පිහිටෙන් උතුම් වූ අමාමහ නිවනින් සැරද මෙතේ බුදුන් පාමුල නිවී සැනහේවා....!!!

    සාධු..සාධු...:lol::lol::lol::lol:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    එක්කෝ උඹ අභීත එදිරිසිංහ කියන රෙදි නැතිව මහින්දට පශ්චාත් සිදුර පිදූ එකා...:lol::lol::lol:

    නැත්තම් මේ උඹ උස්සන් ආවේ ඌ ලිව්ව එකක්..

    අභීත එදිරිසිංහ, සෝමා එදිරිසිංහ ගේ කවුරු හරිද?

    මොනවා උනත් ඔයා දක්ෂයෙක් ........
    නාසා යන්න ඕන කොල්ලෙක් එළකිරියේ පොස්ට් දදා චාටර් වෙනවා
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    අනික් පුද්ගලික මාධ්‍ය වලත් කරන්නේ තමන්ගේ මල්ල වැඩි කර ගන්න එකනේ. හැම එකම එක එක විදියට ලංකාවේ මිනිස්සු අන්දලා තමන්ගේ වැඩේ කරගන්නවා. අපේ හරක් වගෙනේ ගිහින් ඒවාට අහුවෙනවා
    :nerd::nerd::nerd:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අනික් පුද්ගලික මාධ්‍ය වලත් කරන්නේ තමන්ගේ මල්ල වැඩි කර ගන්න එකනේ. හැම එකම එක එක විදියට ලංකාවේ මිනිස්සු අන්දලා තමන්ගේ වැඩේ කරගන්නවා. අපේ හරක් වගෙනේ ගිහින් ඒවාට අහුවෙනවා
    :nerd::nerd::nerd:


    aniwa.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අභීත එදිරිසිංහ, සෝමා එදිරිසිංහ ගේ කවුරු හරිද?

    මොනවා උනත් ඔයා දක්ෂයෙක් ........
    නාසා යන්න ඕන කොල්ලෙක් එළකිරියේ පොස්ට් දදා චාටර් වෙනවා


    උයා බ්ලොගින්ග් වලට අලූත් වගේ නෙහ්...?:nerd::nerd:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    මමත් සිරසේ reality හින්දි මගුල් පෙන්නන එකට ආස නැහැ. අනික stars බිහිකිරීමක් පටන්ගත්තු එකටත්. හැබැයි ඔය කිංස්ලි, නාරද, තනූජා පරණ set එක කරගෙන ගියපු දේවල් වලින් අලුත්ම පාරක් කැපුන හැම මධ්‍යකටම එලියට එන්න ඒක copy කරන්න ගත්ත. ඕකයි මේ මුට්ටියේ යථාර්තය. මුට්ටිය දානකොට මචං පැත්ත බලල දාන්න ඕන කුඩු කරගන්නෙ නැතිව. :dull:
     
    Last edited:

    asa4215

    Member
    Jan 27, 2015
    467
    23
    0
    B`gama
    මුන් ජනාධිපතිවරණයට කලින් PORT CITY උදේ හවස නැතුව හම ගැහුවා.
    කියන්න තියෙන කුප්ප කතා ඔක්කොම කිව්වා ..
    ජනාධිපතිවරණයට පස්සේ චීනාගේ සල්ලි වලට යටවෙලා ගඩොල් වන්දනාවේ ගියා.
    ලංකාවේ මොලේ නැති මැටි හරක් දුර දිග බලන්නේ නැතුව ගඩොල් වලට වදින්න ගත්තා ගොන් සිරස කාරයෝ නිසා.

    11.gif
    11.gif