ශ්‍රී ලංකාව ගත්ත ණය නොගෙවා ඉන්න හරි රුසියා – ෆිච් ආයතනය කියයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ශ්‍රී ලංකාවට සිය විදෙස් ණය පැහැර හැරීමේ ‘සැබෑ හැකියාවක්’ පවතින බව අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ‘ෆිච්’ අනතුරු අඟවා ඇත.

    ශ්‍රී ලංකාව ඇතුළු ලොව රටවල් රැසක් පිළිබඳව ආයෝජකයන් දැනුවත් කිරීම වෙනුවෙන් නිකුත් කෙරෙන “ආයෝඡකයින්ට දැන ගැනීමට අවශ්‍ය දේ: නැගී එන-වෙළෙඳපළේ ස්වෛරී වගකීම්-4Q21”(What Investors Want to Know: Emerging-Market Sovereigns – 4Q21) වාර්තාව ඔස්සේ ෆිච් මෙම අනතුරු ඇඟවීම කර තිබේ.
    “2020 නොවැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා බාහිර මූල්‍ය කටයුතු බිඳෙන සුළු මට්ටමක පවතින අතර 2021 ජූනි මාසයේදී අපගේ එම ‘CCC’ ශ්‍රේණිගත කිරීම නැවත තහවුරු කරමින් සැලකිය යුතු ණය අවදානමක් පෙන්නුම් කර තිබේ” යැයි ෆිච් රේටින්ග්ස් අධ්‍යක්‍ෂවරියක වන සාගරිකා චන්ද්‍ර අදාළ වාර්තාවෙන් ප්‍රකාශ කර තිබේ.

    2021 ඉතිරි කාලය ශ්‍රී ලංකාවට ගෙවිය යුතුව ඇති විදේශ ණය වලින් වැඩි ප්‍රමාණයක් ව්‍යාපෘති වෙනුවෙන් සහ බහුපාර්ශ්විය ණය වෙනුවෙන් ගෙවිය යුතුව ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

    ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවීම් පිළිවෙළින් 2022 ජනවාරි සහ ජූලි මාසවලදී ඩොලර් මිලියන 500 ක් සහ ඩොලර් බිලියන 1 ක් වශයෙන් පවතින බවද ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් ණය ලබාගැනීම දිගින් දිගටම බැහැර කරන බවද පවසන එම වාර්තාව 2023 වන විට විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 2.5 දක්වා පහත වැටෙනු ඇති බවට ද අනාවැකි පළකර ඇත.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    Funny Face GIF by MOODMAN
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    ආශ්චර්ය පේන මානෙ
     
    • Haha
    Reactions: SLK_sri

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    දැන් ශ්‍රී ලංකාව කීලා එකක් නෑ මාතියා. අපි ගත්ත ණය වලට දැන වග කීන්න ඕනේ චීනයේ ජිංපිං සෑර්
     
    • Like
    Reactions: Ozone4

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්තිම ඩොලර් එකත් වැය කල පසු රාවණා බැරිම තැනි නැගිටී.
    රාවණා ආවත් දෑන්නම් සුම්මා. නෝ බ්‍රේක්.. පල්ලමේ යන්නේ