ශ්‍රී ලංකාව නැටවීමේ තමිල්නාඩු දොළදුක

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ශ්‍රී ලංකාව නැටවීමේ තමිල්නාඩු දොළදුක

ශ්‍රී ලංකාව නැටවීමේ තමිල්නාඩු දොළදුක

දකුණේ සංවර්ධනයට වඩා උතුරේ යටිතල හා ආර්ථික කටයුතු උදෙසා ආරක්‍ෂාව සැබැවින්ම වෙහෙසන බව ඇත්තය. ද්‍රවිඩ පොලිස්‌ නිලධාරින් බඳවා ගැනීම, රාජ්‍ය සේවා ආයතන යළි ඇති කිරීම, නිවාස ඉදිකිරීම වැනි දෑ සිදුකළත් උතුරේ සමාජ සංවර්ධනයට මේ කටයුතුවල ප්‍රමාණය ඉතා අල්පය. උතුරේ තවමත් පවතින්නේ මිලිටරි පාලනයයි. මේ අතර ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්‍ෂවල ගැටීම්, තර්ජන විවිධ සන්නද්ධ කල්ලිවල මං කොල්ලකෑම් පිළිබඳ නිරතුරුවම වාර්තාවේ. යුද්ධය අවසාන වුවත් උතුරේ ජනතාව පීඩා විඳිමින් සිටින අතර ජනාධිපතිවරයා පුන පුනා කියන උතුරේ ප්‍රජාතන්ත්‍රවාදය යළි ලබාදීම තවමත් සම්පූර්ණ නැති බව මින් පෙනේ. උතුරේ විවිධ ගැටීම් හා වෙඩි තැබීම් ආදියට සම්බන්ධ බොහෝ කල්ලි හා දේශපාලන පක්‍ෂ පිළිබඳ තවමත් ආණ්‌ඩුව නිහඬය. මෙයට හොඳම මෑත කාලීන උදාහරණය නම් මාර්තු මස 07 වන දින ටී.එන්.ඒ. යාපන දිස්‌ත්‍රික්‌ක මන්ත්‍රී ශ්‍රීධරන් මහතා ගමන් ගත් රියට බෝම්බ ප්‍රහාර එල්ලකර වෙඩි තැබීමයි. නමුත් ඔහුට කිසිම අනතුරක්‌ සිදු වී නැති බව වාර්තාවිය. මෙලෙස තවමත් දැල්වෙන සමාජ හා දේශපාලනික ප්‍රචණ්‌ඩ භාවයට එරෙහි ගිනි දල්වා වාසිය ලබන්නේ ඉන්දියාවයි. මෙය සන්ධාන ආණ්‌ඩුව තේරුම් ගත යුතුය. ඒ නිසා මෙහිද අගය කළ යුතු කරුණක්‌ වන්නේ ආණ්‌ඩුව හා ටී.එන්.ඒ. සාකච්ඡා ඉතාම සාර්ථක ලෙස ඉදිරියට ගෙනයාම පිළිබඳව අපට ආඩම්බර විය හැක. හේතුව ඉන්දියාව. මෙහිදී අත පෙවීමට තිබෙන සියලු ඉඩකඩ ඇහිරීයාමයි. ඒ නිසා ආණ්‌ඩුව හා ටී.එන්.ඒ. සාකච්ඡා ඉදිරියටම ගෙන යැම මේ මොහොතේ අවශ්‍යම බව වගේ හැඟීමයි.

නැදුමාරන් මෙන්ම කරුණානිධි ගේ දියණිය ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කොටස්‌ ඉන්දීය ධීවරයකු වෙඩි තබා මැරීම ගැන පැවැත්වූ තමිල්නාඩු උද්ඝෝෂණය නිකම්ම අවනත කළ හැකිද? දකුණු ඉන්දියාවේ සුපිරි නළුවකු මෙන්ම මෑතදී දේශපාලනඥයකු වීමට වෙහෙස දරණ ජෝසµa විඡේයි චන්ද්‍රසේකර් පට්‌ටිනම්හිදී පැවැති විරෝධතාවකදී ප්‍රකාශ කරන ලද්දේ zශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් අතුගා දමන බවයZ විඡේයි මෙලෙස ප්‍රකාශ කරන්නේ ජෙයලලිතා ජෙයරාම්ගේ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ දේශපාලන අත්පොත තැබීමටය. එසේම මෙම රැස්‌වීමේදී ඔහු දකුණු ඉන්දියානු ධීවරයන්ට කෙරෙන ප්‍රහාර හෙළා දැක ඉන්දීය මධ්‍යම රජයට µEක්‌ස්‌ හා ටෙලිග්‍රෑම් පණිවිඩ යවන ලෙස දකුණු ඉන්දියාවේ ඡන්දදායකයන් වන විශාල පිරිසකගේ ඉල්ලා සිටින ලදී. එම රැස්‌වීමේදීම පසුගිය දිනක මියගිය පිරබාහරන්ගේ මව සිහිකොට විනාඩියක්‌ නිශ්ශබ්දව සිටීමද ධීවර ජනයාගේ ජනප්‍රසාදයට ලක්‌විය. මේ හැම දේශපාලන පක්‍ෂයක්‌ම ඉන්දීය මධ්‍යම රජයට බල කරන්නේ ශ්‍රී ලංකාවට බලපෑම් කරන ලෙසටය. ඒ නිසා ශ්‍රී ලංකා ආණ්‌ඩුව හා ටී.එන්.ඒ. සාකච්ඡා සාර්ථකව ඉදිරියට යායුතු බව මගේ හැඟීමයි. තවද තමිල්නාඩු දේශපාලනඥයන් හා ඉන්දීය අපහාසයන් හා තර්ජන ඉදිරියේ නිහඬය.

tamilnadu-big.gif

විශේෂයෙන්ම බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩවන් බුද්ධගයාවට මෑතකදී නාඳුනන කණ්‌ඩායම් පැමිණ බලහත්කාරයෙන් ඇතුළු වී පහරදී ස්‌වාමින් වහන්සේලාටද තර්ජනය කර ඇති කරන ලද පෙරළියේදී ඇති වූ ප්‍රබල විරෝධයක්‌ අප අතරින් නැති තරම්ය. මේවා නැවත ඇති නොවීමට වග බලා ගන්ට රාජ්‍ය තාන්ත්‍රික මට්‌ටමේ කුමන තීරණ ගත්තේද යන්න තවමත් නොදනී.

මේ වන විට යාපනයේ ඉන්දීය කන්සියුලර් කාර්යාලයක්‌ විවෘත කර තිබේ. ශ්‍රී ලංකාව ඉතා කුඩා රටකි. මෙහි තවත් ඉන්දියානු තානාපති කාර්යාලයකට බද්ධ උප කාර්යාලයන් විවෘත කළ යුත්තේ ඇයි? ඊට ඉඩ දුන්නේ ඇයි? උතුරේ ධීවරයෝ තමන්ට ඉන්දීය ධීවරයන්ගෙන් වන පීඩා ගැන පෙත්සම් ලියාගෙන මේ ඉන්දීය යාපනයේ කන්සියුලර් කාර්යාලය ඉදිරියේ උද්ඝෝෂණය කළ අතර, ඉන්දීය ධීවරයන්ගේ ශ්‍රී ලංකා මුහුදු සීමාවට පැමිණීම වලක්‌වන ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ. එහි අර්ථය නම් උතුරේ ධීවරයන්ට අද ඔවුන්ගේ ප්‍රශ්න ගැන කියන්නට වී ඇත්තේ ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ බලධාරීන්ට නොව ඉන්දියානු බලධාරින්ට වන බවය. ඒවා කියන්නට අසන්නට කෙනෙක්‌ අපේ ආණ්‌ඩුවේ නැති බවය. තිස්‌ අවුරුදු යුද්ධය නිමාවී සාමය උදාවූ පසු ප්‍රථම ද්‍රවිඩ ධීවර ජනතාවගේ ඓතිහාසික සත්‍යග්‍රහයන් පැවැත්වූයේ මෙම කාර්යාලය ඉදිරියේදීය. එනම් මෙම පෙබරවාරි මස 21 වන දින ශ්‍රී ලංකා ද්‍රවිඩ ධීවරයන් සියලු දෙනාම එකට එකතුවී ඉන්දීය කවුන්සල් ජෙනරාල් කාර්යාලය ඉදිරිපිටදී කියා සිටියේ ශ්‍රී ලංකා මුහුදු තීරයට ඉන්දියානු ධීවරයන් ඇතුළුවීම වැළැක්‌වීමට සහ ඉන්දීය අත්අඩංගුවේ පසුවන ශ්‍රී ලංකා ධීවරයන් නිදහස්‌ කරගැනීමට තමිල්නාඩුවට බලකරන ලෙසටය. සැබවින්ම මෙවැනි සත්‍යග්‍රහ අගය කළ යුතු අතර ඒවාට දකුණෙන් ඉතා උසස්‌ සහයෝගය හිමි විය යුතුය. හේතුව ඔවුන් එසේ ශ්‍රී ලාංකිකයන් ලෙස සිතා කටයුතු කළ බැවිනි. ඉන්දියාවට මේ තරම් බලයක්‌ අප මුදාගත් යාපනය හා උතුරුකරය ගැන පවරා දුන්නේ කවුද? උතුර ඉන්දීය යටත් විජිතයක්‌ නොවේ. මේවා ශ්‍රී ලංකාවේ රටක්‌ ලෙස හා ආණ්‌ඩුවක්‌ ලෙස මෙවැනි කාර්යාල පිහිටුවීම තුළ ආත්මගෞරවය නැති කරන පියවරවල් මිස අන් දෙයක්‌ නොවේ.

නමුත් මෙම කන්සියුලර්වරයා සිදුකරන ලද්දේ උතුරේ අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයන් හා යාත්‍රා මුදා හැරීම සඳහා ක්‍රියා කිරීමයි. පොයින්ට්‌ පේදුරු මහෙස්‌ත්‍රාත්වරිය වෙත ඉන්දියානු නියෝජ්‍ය මහ කොමසාරිස්‌ මහලිංගම් නිලවශයෙන් තර්ජනය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව ආක්‍රමණය කළ නාවික හමුදාව අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් 136 දෙනා එලෙස අත්අඩංගුවට ගෙන සති දෙකකට බන්ධනාගාරගත කළ විට නිදහස්‌ කරන ලෙසයි. පෞද්ගලිකව මහෙස්‌ත්‍රාත් ශ්‍රී නිති නන්දසේකරන් නිවසට ගොස්‌ මෙම ධීවරයන් වහාම නිදහස්‌ කරන ලෙස තර්ජනය කර ඇත. තත්ත්වය මෙසේ නම් ස්‌වාධීන රටක නීතිය බලය ගැන කුමන කථාද? ඉන්දීය ධීවර ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික මට්‌ටමින් විස¹ගන්නවා වෙනුවට අපේ අධිකරණයට බලපෑම් කරන්නට ඉන්දියාවට තබා ලෝකයේ කවර හයිකාර රාජ්‍යයකට ඉඩදිය හැකිද? වහාම ශ්‍රී ලංකා ආණ්‌ඩුව, විදේශ කටයුතු අමාත්‍යවරයා කළ යුතුව තිබුණේ යාපනයේ කවුන්සල්වරයා කොළඹට ගෙන්වා ප්‍රශ්න කිරීම හෝ තාවකාලිකව කවුන්සර් කාර්යාලය වසා දමා ඒජන්තවරයා රටින් පිටුවහල් කිරීමය. විමල් වීරවංශලා ජ.වි.පෙ. සෝමවංශලා හා අනිත් දේශපාලන පක්‍ෂ මෙහිදී නිහඬව සිටියේ ඇයි? වෙනත් රටක නම් මෙසේ සිදුවුවහොත් ඉතා දැඩි ක්‍රියා මාර්ගයක්‌ ගනු නිසැකය. නැතිනම් කාර්යාලය වසා දමනු ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ හා ආණ්‌ඩුවේ මෙම බියගුළු ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාව අද රටක්‌ හා ජාතියක්‌ ලෙස ලෝකය ඉදිරියේ අසරණ තත්ත්වයකට පත්ව ඇත. නිරූපමා රාවෝ මේ ගැන කියන්නේ කුමක්‌දැයි දැන ගැනීමට අප කැමතිවෙමු. ඒ වෙනුවට අප විමල්ලා තර්ජනය කරන්නේ බ්‍රිතාන්‍ය අගමැතිටය, එක්‌සත් ජනපදයට, බෑන්කී මූන්ට හා හිලරි ක්‌ලින්ටන්ටය. නිදහස්‌ කරන ලද ඉන්දීය ධීවරයන් සියලු දෙනාම ට්‍රොaලර් යාත්‍රා සමඟ ඔවුන්ගේ මුහුදු තීරයට ගෙන ඇරලන ලද්දේ ශ්‍රී ලංකා නාවික හමුදා ආරක්‍ෂාව සහිතවය. කලින් වෙඩිතබා මරාදමන ලද ධීවරයන් සිද්ධිය වනවිට ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ අහලකවත් සිටියේ නැත. එහෙත් ඉන්දියාව වරද පැටවූයේ නාවික හමුදාවටය. නමුත් මේ වනවිට තමිල්නාඩු හා ආන්ද්‍රd ප්‍රදේශවල ශ්‍රී ලංකා ධීවරයන් 86 දෙනකුට වඩා ප්‍රමාණයක්‌ අවුරුද්දකට වඩා වැඩි කාලයක්‌ රඳවාගෙන ඇත. මේ ගැන කථා කිරීමට කවුරුවත් නැත. ශ්‍රී ලංකා ඉන්දීය ධීවරයින් 136 දෙනා නිදහස්‌ කරන කොංග්‍රස්‌ පාලකයන් හා විදේශ කටයුතු අමාත්‍යාංශයද ශ්‍රී ලංකාවේ පාලනයේ හා විදේශ කටයුතු අමාත්‍යාංශයද ධීවර ප්‍රශ්නය ගැන කරන රහසිගත කරුණු මෙනවාද යන්න "විකිලීක්‌ස්‌" මගින් හෙළි වුවහොත් එය විමතියට කරුනක්‌ නොවනු ඇත. තමිල්නාඩු නළුවන්ට, සීවන් වැනි චිත්‍රපට අධ්‍යක්‍ෂවරුන්ට, නිෂ්පාදකයන්ට හා දේශපාලනඥයන්ට අපේ රටට හා හමුදාවට, නාවික හමුදාවට තර්ජනය කරන්නට ඇති අයිතිය කුමක්‌ද?

Rajini-at-Tamil-Nadu-Government-Film-Award-Stills.jpg

කුමන විවේචන කවුරුන් කළත් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක ලේකම්ගේ තීරණ ඉතා සෘජු බව පිළිගත යුතුමය. එබඳු ආරක්‍ෂක ලේකම්වරයකු සිටියදී අපේ හමුදාවට මෙසේ අවමං කිරීමට ඉඩදීම සුදුසුද? අපේ හමුදාවේ සිටි උසස්‌ම නිලධාරියකු හා යුද්ධයේදී විශාල කැපකිරීමක්‌ කළ ශවේන්ද්‍ර මහතා අද ඉන්නේ එක්‌සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙසය. මේ අගෞරව ඔහුටද මදිකමකි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය හා තමිල්නාඩු දේශපාලනඥයන් ශ්‍රී ලංකාවට රටක්‌ වශයෙන් කරන අගෞරවය ගැන හා අපගේ දුර්වලතාව ගැන යුරෝපීය, ඇමරිකා එක්‌සත් ජනපදය, බ්‍රිතාන්‍ය හා ජර්මනිය යන රටවල් හා සෙසු ලෝකය කුමක්‌ සිතනු ඇතිද? මානව හිමිකම් ප්‍රශ්නෙ ගැන කථා කරනවිට බෑන් කී මූන් කමිටු පත්කරන විට බටහිරට හා බෑන් කී මූන්ට විරුද්ධව උද්ඝෝෂණ පවත්වමින්, එක්‌සත් ජාතින්ගේ කාර්යාලය අසල පිකටින් පවත්වමින් පෙරළි කළ පුද්ගලයන් අද ඉන්දියානු ව්‍යාප්තවාදය හා තර්ජනය ඉදිරියේ ආගිය අතක්‌ සොයා ගැනීමට නැත. හෙළ උරුමය, ජ.වි.පෙ. ඉන්දියානු ව්‍යාප්තවාදයට එරෙහිව බටහිර බලපෑම් කුමන්ත්‍රණ වලට එරෙහිව වෙනදා කරන කෑගැසීම්. ලිප්ටන් වටරවුමේ බොරු සංදර්ශන ඉන්දියානු විට තමිල්නාඩුව සිදුකළේ ශ්‍රී ලංකා එවැනිම ධීවරයන් 26 දෙනකු පමණක්‌ නිදහස්‌ කිරීමයි. ඇයි මෙහෙම වෙනසක්‌ සිදුකළේ ඇසීමට අයකු නැත.

ඡේ. ආර්. ජයවර්ධන යුගයේදී උඩින් විත් යාපනයට ඉන්දියානු පරිප්පු දැම්මේ ඔවුන්ගේ හයිකාරකම් පෙන්වන්නටය. දැන් අපේම රටේ අමතරව කන්සියුලර් කාර්යාලය හදාගෙන අපේම විනිශ්චයකරුවන්ට තර්ජනය කරන්නේද ඔවුන්ගේ හයිකාරකම් පෙන්වන්නටය. අපේ ධීවරයන් කස පහර කමින් එකම ඇඳුමෙන් ඉන්දීය බන්ධනාගාරවල මාස ගණන් දුක්‌ විඳිද්දී ඉන්දියාව අපේ විනිශ්චකරුවන්ට බලපෑම් කර ඔවුන්ගේ ධීවරයන් මුදාගනී. පසුගිහදා කටුනායක ගුවන් තොටුපළින් ආපසු හරවා යවන ලද දකුණු ඉන්දීය දේශපාලනඥයන්ට ශ්‍රී ලංකාවට එන්නට වීසා දුන්නේ කවුද?

මෙම පෙබරවාරි 16 වැනිදා ඉන්දීය ටයිම්ස්‌ සඟරාවේ වාර්තාවක්‌ අනුව ඩී.එම්.කේ. පක්‍ෂයේ 2000 ක්‌ පමණ තමිල්නාඩු පොලිසිය අත්අඩංගුවට ගත්තේ චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්‌ කාර්යාලය වෙත එය වැටලීමට රැලියක්‌ එමින් පැවතියදීය. එහි බලපෑම කොතරම්ද යත් බලවත් ඉන්දීය රාජ්‍ය නිලධාරියකු ධීවර ප්‍රශ්නය වන ලංකාවට එවීමට සිදුවිය. යළි හෙට අනිද්දා විවෘත වන ඉන්දු - ලංකා බෝට්‌ටු සේවය හරහා යළි එල්.ටී.ටී.ඊ. දකුණු ඉන්දීය ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකාවට අතුළුවීමේ ඉඩකඩ ඇතැයිද රාවයක්‌ පවතී. ඉන්දීය "රෝ" ඔත්තු සේවයට අයත් දකුණු ඉන්දීය තමිල්නාඩු නිලධාරීන් එල්.ටී.ටී.ඊ. යට යළි ශ්‍රී ලංකාව ගොදුරුකර ගැනීමට මං පාදන්නට තැත් දරණ බවට ප්‍රවෘත්තියක්‌ පසුගියදා පළවිය. ඉන්දීය බල ව්‍යාප්තිය හා අතපෙවීම්වල අවසානය යළි ශ්‍රී ලංකාවේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරම් වර්ධනය වන බවට අනතුරු ඇඟවීම් පෙනෙන්ට තිබේ. ශ්‍රී ලංකාවට එරෙහි තමිල්නාඩු දේශපාලනඥයන් එල්.ටී.ටී.ඊ. හිතවාදීන් බව අප අමතක කළයුතු නොවේ. තවද ඉතාම මෑතක ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ ඇමැතිවරු පාර්ලිමේන්තුවේ කියා ඇත්තේ එල්.ටී.ටී.ඊ. හොල්මන් හා අවතාර සෙවනැළි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ද සැරි සරන බවයි.


shot-at-Koovagam-2013-the-transgender-festival-in-Tamilnadu.jpg

නීතිඥ, ආචාර්ය ප්‍රතිභා මහනාමහේවා​
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    තමිල්නාඩු කොටි හැත්තට ඕනි අපිට කෙලවන්න කොහොමත්.
     
    • Like
    Reactions: Lewke

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    තමිල්නාඩු නළුවෝ කියල හිතන් ඉන්න එළුවෝ රගපාන ෆිල්ම් පවා තාම අපේ උන් උඩදාගෙන බලනවනේ
     
    • Like
    Reactions: Lewke

    Similar threads