ශ්‍රී ලංකාව හැදින්වීම

Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    ශ්‍රී ලංකාව හැදින්වීම

    මෙම ලිපිය මගින් බලාපොරොත්තු වන්නේ අප ජීවත් වන රට ශ්‍රී ලංකා ලෙස නම් කිරීමට ප්‍රථම හැදින්වූ ආකාරය ගැන සදහන් කිරීමටය. මෙය අධ්‍යාපනික පරමාර්ථයන් සදහා ලියන ලද ලිපියක් වන අතර ජාතීවාදී ලිපියක් නොවන බව කරුණාවෙන් සලකන්න.
    • හයවන සියවසේ ඉන්දියාවේ ජීවත්වූ වරහ මිහිර ආචාරීන් විසින් රචනා කල ගෘහත් සංහිතාව නැමැති පුරාණ සංස්කෘත පොතෙහි ඇති ස්ලෝකයක මෙලෙස සදහන් වේ

      අත දක්ෂිණේන ලංකා
      කාලාජින සව්රි කීනිත් තාලි කටා
      කාංචි මරුචි පට්ටන
      චෙයියාටික සිංහලා සුශබා


      මෙහි ලංකා යනුවෙන් එක් රටකුත්, සිංහල නමින් තවත් රටකුත් ඉන්දියාවට දකුණින් පිහිටා ඇති බව පැවසේ.

    • ඉන්දියාවේ දකුණේ රටවල් අතර සත්වන ස්ථානය සිංහලද, අටවන ස්ථානය ලංකාද බව භාගවත පුරාණය නම් පැරණි ග්‍රන්තයේ සදහන් වේ.
    • ගරුඩ පුරාණය නැමති පැරණි පොතේද මෙම රට හදුන්වා ඇත්තේ සිංහල යන නමිනි.
    • මහා භාරතයේ සදහන්ව ඇත්තේද මෙම රට සිංහල රට ලෙසය.
    • රාජශේකර ගේ කාව්‍ය මීමංසාව, හාරත ඛන්ඩයේ දක්ෂිණ රාජ්ය්‍ය අතර සිංහල නමින් රටක් ඇති බව කියවේ.
    • වෛජයන්ති කෝෂයත් මේ රට සිංහල නමින්ම හදුන්වා තිබේ.
    • හත් වන සියවසේදී ඉන්දියාවට පැමිණි චීන දේශාඨක හියුම් ෂෑන් අතීතයේදී මේ රට රත්න ද්වීපය ලෙස හැදින්වූවත් පසුව සිංහල නමින් හැදින්වූ බව සදහන් වනවා.
    • සිංහද්වීප යන්න සෙරන්ඩිබි ලෙස පැරණි රෝමකයන් හැදින් වු අතර, අරාබින් ඒ වචනය සෙරන්ඩිබ් යනුවෙන් උච්චාරනය කරනු ලැබුවා.
    • හය වන ශත වර්ශයේ ජීවත් වූ කොස්මස් සිහල දිවයින යන නම මේ රටට යොදා තියෙනව, ඒ සිංහල දිවයින යන්න ඔහුට කියවුන ආකාරය වේ.
    • පුරාණ සියම් දේශය සිංහල යන්න උච්චාරණය කලේ සිහිංග යනුවෙනි. එය ඔවුන් විසින් මේ රටට දී තිබූ නම වේ.
    • චීනය මෙම රට හැදින්වූයේ සිහින්ලිං නමිනි.
    • සිංහලය යන්න මාර්කෝ පෝලෝට කියවුනේ සෙය්ලාන් යනුවෙනි.
    • ඔඩරික් නැමති ප්‍රකට ඉතාලි දේශ ගවේශකයා මෙරට හැදින්වූයේ සිලාන් නමිනි.
    • සිංහල නාමයෙන් සම්මත වූ දේශය ශිලෝන් නමින් ප්‍රකට වූ බව ශබ්ද කල්ක ධ්රූමය නම් පොතොහි සදහන් වේ.
    • සිංහල යන්න පෘතුග්‍රීසීන් සෙයිලෝ ලෙසද, ලන්දේසීන් විසින් සිලාන් කියාද, ඉන්ග්‍රීසීන් සිලෝන් කියාද ශබ්ද කරන ලදී.
    • 1972 මැයි 22 තෙක් මුළු ලෝකයම අප රට හැදින්වූයේ සිංහලය හෙවත් සිංහලද්වීපය යන්නෙන් බිදී ආ සිලෝන් යන්නෙන් මිසක ලංකා හෝ ශ්‍රී ලංකා පදයෙන් නොවන බව මතක තබාගත යුතුය.

    ලිපියෙහි වැරදි අඩුපාඩු තිබේනම් නිවරැදි කරන ලෙසත් ඉල්ලා සිටිමි.

    නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ...

    දෙස් විදෙස් පතලාවූ කිත් යසසින් මෙවන් පසුබා සැදී
    මී මුතුන් සුවහස් ගණන් විය මව් බිමේ නාමෙන් බැඳී
    සීහළේ සුවදින් ලැබූ නව ජීවයෙන් පිබිදී නැගී
    උන් මලත් අපගේ විකුම් බිම සාදා නොනිදා හිඳී...

    දැන් නැතත් ඒ ශ්‍රී විභූතිය ඒ ලෙසින් සදනා යුගේ
    උන් ගැයූ අභිමාන ගී ස්වරයෙන් සැලේ හදවත් අපේ
    මින් මතුත් මේ මව් කුසේ උණුසුම පැතු දරුවන් ලෙසේ
    පින් පුරව් සිහලුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ...


    මෙය මවිසින්ම සකසන ලද ලිපියකි.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අද මේ රට දෙමල නිජබිම කියන අවජාතකයෝ පමණක් නොව අපේම සමහර මුග්ද සිංහලුනට නිවැරදි ඉතිහාසේ දන ගැනීමට කාලෝචිත ලිපියක් මචන් ..:yes::yes:

    රේප් +8
     

    Gmaduranga

    Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    මරුසිරා;19497717 said:
    අද මේ රට දෙමල නිජබිම කියන අවජාතකයෝ පමණක් නොව අපේම සමහර මුග්ද සිංහලුනට නිවැරදි ඉතිහාසේ දන ගැනීමට කාලෝචිත ලිපියක් මචන් ..:yes::yes:

    රේප් +8

    :yes::yes::yes:

    You must spread some Reputation around before giving it to මරුසිරා again.
     

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව

    නන් සුරන් බැතියෙන් පිදු සරු පින් බිමක් විය මිහිතලේ
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ...

    මින් මතුත් මේ මව් කුසේ උණුසුම පැතු දරුවන් ලෙසේ
    පින් පුරව් සිහලුනි සදා ඉපදී මියෙන්නට සිංහලේ...

    විය...
    මේක වර්තමාන කාලයෙන් කියන්න පුළුවන් උනානම් කොච්චර හොඳද....
     
    • Like
    Reactions: Gmaduranga

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,266
    113
    රන් සඳක් විලසින් දිලේ එය මේ අපේ තුන් සිංහලේ...