ශ්‍රී ලංකාව

gb_unp

Member
Dec 14, 2014
6
4
0
බහුතර ශ්‍රී ලාංකීය චන්ද දායකයාගේ දේශපාලන නොදැනුම තම වාසියට යොදා ගනිමින් සංවර්ධනය මුවාවෙන් කරන්නාවූ ගසාකෑම සඳහා ආශ්චර්ය නමින් වචනයක් රාජපක්ෂ රෙජීමය සොයාගෙන ඇත.

මෙය wedding cake ආශ්චර්යකි. අප කවුරුත් දන්නා පරිදි wedding cake එකක 90%ක් රෙජිෆොර්ම් වන අතර, කුඩා සත්‍ය cake කැබැල්ල මනාල ජෝඩුව දෙසට හරවා තිබේ. අපට තිබෙන්නේ රෙජිෆොර්ම් මත අතුරා ඇති අයිසිං දෙස බලා පුදුම වෙන්නටය. ශ්‍රී ලංකාවද අද wedding cake එකකි.

රට ණයකරුවෙකු කරමින් සංවර්ධනයේ නාමයෙන් සිදුකෙරෙන මේ සොරකෑමේ කෙළවර වන්නේ තවදුරටත් ගොඩගත නොහැකි අන්ත අසරණ රාජ්‍යයක් නිර්මාණය වීමෙනි. අධිවේගී මාර්ගයේ කිලෝමීටරයකට ඩොලර් මිලියන 2.4 කට නිම කිරීමට හැකියාව තිබුනත් මාතර බෙලිඅත්ත මාර්ගය සඳහා කිලෝමීටරයකට ඩොලර් මිලියන 11 ක් වැය කර තිබේ. ප‍්‍රථම අදියර, කොට්ටාවේ සිට පින්නදූව මාර්ගය සඳහා කිලෝමීටරයකට ඩොලර් මිලියන 7.5 ක් වැය කර ඇත. කඩවත සිට කිරිල්ලවල වෙත මාර්ගය සඳහා කිලෝමීටරයකට ඩොලර් මිලියන 56 කි.

ඒ අනුව රෙජීමය විසින් අධිවේගී මාර්ගයේ කිලෝමීටරයක් නිර්මාණයේදී ඩොලර් මිලියන 53ක් හෙවත් රුපියල් කෝටි 730ක් සොරාකයි. මේ ණයට ගත් මුදල්ය. මේවා ගෙවිය යුත්තේ ඔබය, ඔබේ දරුවන්ය. මෙවැනි ණය බරකින් පීඩා විඳින කිසිඳු රාජ්‍යකට අනාගතයක් නැත.

අප ඉදිරියේ ඇත්තේ එවැනි අවදානමකි.

නොයෙක් ජාතීන්ගෙන් සැදුම්ලත් දේශපාලන පක්ෂ එක්වූ පමණින් මේ සිංහල බෞද්ධ රට විජාතික නොවන බව අප කියමු. සියලු පක්ෂ එක්වන්නේ රටේ අනාගතය වෙනුවෙන්ය. ජනතා පරමාධිපත්‍යය මත පදනම් වූ ජාතික රාජ්‍යයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු විපක්ෂය පෙළගැසී සිටි. බෞද්ධ දර්ශනයත්, සිංහල ජාතියත් රටේ පාදම බව අප දනිමු. කිසිවිටෙක එය අභියෝගයට ලක්කරන්නේ නැත. විපක්ෂය සමග එක්වූ සියලු සංවිධාන කොන්දේසි විරහිතව පොදු අරමුණ වෙනුවෙන් එකඟ වී ඇති බව අප වගකීමෙන් කියන්නෙමු.

සැබවින්ම රටට ආදරය කරන සංවිධාන, මහමැතිවරණය මගින් තෝරාගනු ඇත. ඒ සියල්ලටම කලින් අපි අපේ රට බේරාගත යුතුය.

අරගලයට සුදානම් http://www.elakiri.com/forum/showthread.php?t=1648994

මතවාදී අරගලයක් http://www.elakiri.com/forum/showthread.php?t=1649395

ග්‍රීන් බ්ලඩ් සංවිධානය
සිරිකොත


www.greenbloodunp.com
www.facebook.com/UNPGreenBlood
twitter.com/unpGreenBlood
www.facebook.com/groups/greenblood


 
Last edited: