ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය

    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සාමාජිකත්වය ගත්තු අය ඉන්නවද? ගන්න විදිය පොඩ්ඩක් කියන්න. තව අමතර විස්තර තියෙනවානම් කියන්න. ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: janakaaj

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mamanm register une link ekakin mn share karala athi elakiriye as dan demu wage name ekak thibba thread ekaka.. mta thiyanawa wenama donor number dekak eyes 1kui tissues ekakui
     

    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය
    "ඇස් හා පටක දන්දීම ජීවිතය දන්දීමට පමණක් දෙවැනි වේ."



    • දායකත්ව පොරොන්දු පත්‍රය නොමිලේ ලබාගැනීම සඳහා මුද්දර ගැසූ ලිපිනය සහිත ලියුම් කවරයක් සමග පහත ලිපිනයට යොමු කරන්න.

    ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය,
    දොස්තර හඩ්සන් සිල්වා අක්ෂිදාන මූලස්ථානය,
    විද්‍යා මාවත,
    කොළඹ 07.


    • ඕනෑම ඇස් හා පටක දන් දීමක් සඳහා දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංක :
    011- 2 698 040
    011- 2 698 041
    011- 2 698 043
    011- 2 692 051


    • කෙනෙකු මියගියපසු පැය 4 ක් ඇතුලත ඇස් ඉවත් කිරීම සිදුකල යුතුය. පටක ලබා ගැනීම පැය 12 ක් ඇතුලත කල හැක.
    • ඇස් දන්දීමට වයස් සීමාවක් නොමැත. එහෙත් පටක ලබාගත හැක්කේ අවුරුදු 70 ට අඩු අයගේ මරණ වලදී පමණි.
    • වෛයිරස් අසාදිත රෝගයකින් මිය යන අයගේ ඇස් හෝ පටක ප්‍රයෝජනයට ගත නොහැක. සිරුරේ තුවාල ඇති අයගෙන්ද ඇස් හෝ පටක ලබාගත නොහැක.
    • මරණයට හේතුව අනිවාර්යයෙන්ම සඳහන් කල යුතුය.
    • සංගමයට දැනුම්දෙන විට නිවැරදි ලිපිනය හා දැනට මෘත දේහය තබා ඇති ස්ථානයට පැමිණිය හැකි ගමන මග, දුරකථන අංක යනාදී නිවැරදිව සැපයීම අප්‍රමාදව කටයුතු නිම කර ගැනීමට පහසුවක්වේ.
    • ඕනෑම දිනක දිවා රාත්‍රී ඕනෑම වේලාවකදී ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ඇස් හෝ පටක ලබා ගැනීමට සුදානමින් සිටී.
    • ඔබ දුරකතනයෙන් දැනුම් දුන් පසු හැකි ඉක්මණින් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ පුහුණුව ලත් තාක්ෂණ නිලධාරීන් එම ස්ථානයට ලගා වී අවශ්‍ය කටයුතු කරනු ඇත.
    • පොරොන්දු පත්‍රයක් අත්සන් කර නැතත් භාරකරුවන්ගේ අවසරය මත ඇස් හා පටක දන් දීම සිදුකල හැක.
    • සම්පූර්ණ දේහය ලබා දෙන්නේ නම් අවශ්‍යකරන සියලු ශරීර කොටස් ආදිය ලබා ගත හැක.
    • මෙසේ ලබා ගන්නා සියලුම ඇස් හා පටක ශ්‍රී ලාංකික රෝගීන් සඳහා ප්‍රමුඛ ස්ථානය දෙමින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය සංගමය කටයුතු කරයි.
    ජීවිතය නමැති පහන
    නිවී යනු ඇත දිනක
    ජීවිතය මරණය කෙළවර කොට ඇත,
    ඒ නිවී යන ආලෝකයෙන්
    තවත් ආලෝකයක් දල්වන්නට…….
    පොළොවට පස්වන මේ දෙනෙත්
    දන්දෙමි……..
    අසරණයෙකුට සරණක් වන්නට
    සිතුනේද ඔබටත්…….
    එසේ නම්…….උතුම් සත්පුරුෂයනි
    මනු ෂ්‍යත්වයේ දෑත් දිගුකරන්නට
    මේ කාලය යි……
    සැබැවින් ම මේ එයට අවැසි කාලය යි….