ශ්‍රී ලංකා අයිඩෙන්ටිය හලාල් වෙයි...- හිවල් හ&a

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,858
    936
    113
    ශ්‍රී ලංකා අයිඩෙන්ටිය හලාල් වෙයි...- හිවල් හ&a

    අනාගැනීම සහ සත්‍යය
    :P:Pඅනාගැනීම:P:P
    388048_481536361857988_955138109_n.jpg

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් 2011 සැප්තැම්බර් මස 19 වැනි දින නිකුත් කළ චක‍්‍රලේඛයකට අනුව මින් ඉදිරියට ශ‍්‍රී ලංකා ජාතික හැඳුනුම්පත සඳහා ඡායාරූප ගැනීමේදී මුස්ලිම් කාන්තාවන් සදහා ෆර්දාවත් (Purdah), මුස්ලිම් පිරිමින් සදහා හිස් වැසුමත් (Taqiyah) පැලද ඡායාරූප ගැනීමට අවසර ඇති බව නිවේදනය කර ඇත.

    කාන්තාවන් සඳහා ෆර්දාව පැළඳ ඡායාරූප ගැනීමේදී වම් කන පෙනෙන ආකාරයට එම ඡායාරූපය ගත යුතු ලෙස
    සදහන් කර ඇති නමුත් හිස සම්පූර්ණයෙන් වසා සිටින කෙනෙකු වම් කනෙන් හදුනාගන්නේ කෙසේද යන්න මහත් ගැටළුවකි.

    මීට පෙර තිබූ නීතියට අනුව ජාතික හැඳුනුම්පත සඳහා මුස්ලිම් ජාතිකයන්ගේ ඡායාරූප ගැනීමේදී ඔවුන්ගේ හිස් වැසුම රහිතව ඡායාරූප ගත යුතු බවට චක‍්‍රලේඛයක් නිකුත් කර තිබුනි. පසුව විවිධ මුස්ලිම් ආගමික සංවිධාන සහ විශේෂයෙන් මුස්ලිම් දේශපාලනඥයින්ගේ අවශතාව ඉටුකිරීමක් ලෙස, රජයේ මැදිහත්වීමෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මෙම තීරණය ගෙන ඇති බව පෙනී යයි.

    ලග එන මැතිවරණයේදී මුස්ලිම් ජන්ද වැඩි ප්‍රමාණයක් රජය වෙත ආකර්ෂණය ගර ගැනීම උදෙසා මෙසේ අත්තනෝමතික හා අඥාණ තීරණ වලට එළඹීමෙන් රටේ ආරක්ෂාවට ඉදිරියේදී විශාල තර්ජනයක් එල්ලවිය හැක. විශේෂයෙන් මෑත කාළයේදී ප්‍රංශය ප්‍රමුඛ යුරෝපීය රටවල් රැසක් මෙසේ සිය රටවල ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙමින් තිබෙන මුස්ලිම් අන්තවාදී නීති රීති වලට වැට බඳිද්දී අප රටේ නිවට දේශලාඥයින් මුස්ලිම් ඡන්ද සුළුතරයක් වෙනුවෙන් මුළු මහත් රටත් ජාතියත්
    පාවා දෙමින් සිටී.


    උපුටා ගැනීම - මුහුනු පොතෙන් :P:P:P

    :D:Dසත්‍යය
    මුස්ලිම් කාන්තා හැඳුණුම්පත ගැන නොදන්නා දේ කථා කරන හිවල් හඬ
    හිජාබය
    Hijab.jpg

    මුස්ලිම් කාන්තාවගේ හැඳුණුම්පත දඩමීමා කරගෙන මේ වන විට හිවල් හඬ නැවතත් ජනතාව මුලා කරමින් සිටිති. මුස්ලිම් කාන්තාවන්ට සිය හැඳුණුම්පතෙහි ඡායාරූපය හිජාබ් වස්ත්‍රය සමග පල කිරීමට රජය අවසර දුන්‍නේ පසුගිය වසරේදීය. මෙහිදී හිජාබ් යන්නෙහි මානයන් නොහඳුනන හිවල් හඬ කරන්නේ ඒ ගැන ජනතාව අතර එම නීතිය කෙරෙහි වැරදි අර්ථ කථනයක් ඇති කිරීමටයි.
    පලමුව ඔවුන් මූණු පොතේ පලකළ ලිපිය මෙහි පලකර ඉන්පසුව එහි අදහස් හි, සැබෑ තත්වය කුමක්ද? යන්න පෙන්වා දීමට අදහස් කරමි.
    හිවල් හඩ විසින් ජනතාව නොමග යවන පිණිස සෑදූ ව්‍යාජ මුස්ලිම් කාන්තා හැදුණුම්පත
    Identity-card.jpg

    මුස්ලිම් කාන්තාවක් බොහෝ විට සිය දහමින් නියම කර ඇති “හිජාබ්” නම්වු වස්ත්‍රය භාවිතා කරති. මෙම වස්ත්‍රයේ සම්මත සීමාව නම් මුහුණ සහ අතේ මැණික් කටුව ස්ථානයට හැර ශරීරයේ අන් සියල්ල ආවරණය වන පරිදි වස්ත්‍ර හැඳීමයි. “හිජාබ්” යන අරාබි වචනය පැමිණ ඇත්තේ “හජබ” යන වචනයෙනි. “හජබ” යනු ආවරණයයි. “හිජාබ්” යනු වැස්මයි.
    හිජාබ්, නිකාබ් සහ බුර්කා ඇදි කාන්තාවන්ගේ වෙනස බලන්න
    Hijab-Niqab-Burka.jpg

    මුස්ලිම් කාන්තාවකට තම ශරීරයේ ආවරණය කරගන්නට අනිවාර්ය වු ඉහත සඳහන් නියමයන්ට අනුව වත්මන් මුස්ලිම් කාන්තාවන් විසින් සකසා ගත් වස්ත්‍රයක් ඇත. එයට අප රටේ කියන්නේ “ෆර්දා” යනුවෙනි. ෆර්දා යන වචනය බිඳී ඇවිත් තිබෙන්නේ අරාබි බසින් “ෆර්ද්” යන වචනයෙනි. එහි අරුත “අනිවාර්ය” යන්නයි. මෙයින් ගම්‍ය වන්නේ ෆර්දා වස්ත්‍රය මුස්ලිම් කාන්තාවට ඉස්ලාම් විසින් අනිවාර්ය කර ඇති ආකාරයට ශරීරය වැසෙන්නාවු වස්ත්‍රයක් බවයි.

    මෙහිදී අල්-කුර්ආනය මගින් දී ඇති සම්මත සීමාවන්ට එහා ගිය වස්ත්‍රද මුස්ලිම් කාන්තාවන් භාවිතා කරති. නිකාබ් යනු හිජාබයට අමතරව මුහුණ ආවරණය කරගන්නාවු වැස්මයි. මෙම හිවල් හඬ විසින් සකසා ඇති ව්‍යාජ හැදුණුම්පතෙහි මුස්ලිම් කාන්තාවගේ ඡායාරූපයට දමා තිබෙන්නේ නිකාබ් හෙවත් මුහුණු වැස්ම සහිත ඡායාරූපයකි. නමුත් ලංකා රජය විසින් පනවා ඇති චක්‍රලේඛයේ සඳහන් වන්නේ මුහුණ නොවසා හිස සහ කණ් වසා අඳින වස්ත්‍රය එනම් හිජාබ් ගැන පමණි. මෙහිදී හිවල් හඬ විසින් හිතා මතාම ජනතාව මුලාවට පත්කරන අයුරින් මෙම හැඳුණුම්පත සකසා ඇති බව පැහැදිලිය.

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ජාතික හැඳුණුම්පත සඳහා මුස්ලිම් කාන්තාවක විසින් ඡායාරූපයකට පෙනී සිටින්නේ නම් අවම වශයෙන් ඇගේ කන් දෙක සහ හිස ඉදිරිපස පෙනෙන්නට ඡායාරූපය ගැනීම සිදුවිය යුතු යැයි කලින් නීතිය විය. නමුත් දැන් නීතිය නම් හිස සහ කණ් වසා ඇති නමුත් මුහුණ ඇර ඡායාරූප ගත යුතු බවයි. මෙයින් කිසිලෙසකින් මුස්ලිම් කාන්තාව හඳුණා ගැනීම අපහසු නොවේ. ලොව දියුණු බොහෝ රටවල මෙය අනුමත කර ඇත. අරාබි රටවල නීතියද මෙයයි. විශේෂයෙන් කාන්තාවන් මුහුණ වසා සිටින සෞදි අරාබියේ පවා නීතිය මෙයයි.

    බුර්කා යනු ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් විසින් ඔවුන්‍ටම ආවේනික පරිදි සාම්ප්‍රදායික වස්ත්‍රයකි. එය ඉස්ලාමීය සම්මතයේ තිබෙන වස්ත්‍රයක් නමුදු එය ඉස්ලාමීය අනුමත සීමාවෙන් ඔබ්බට ගිය වස්ත්‍රයකි. ඒ රටේ කාන්තාවන් බුර්කාව හැන්දද ලොව අනෙකුත් ජාතීන් වලට අයත් මුස්ලිම් කාන්තාවන් එම වස්ත්‍රය නොහඳිති.

    මෙහිදී රජය විසින් එළඹෙන මැතිවරණයේදී මුස්ලිම් ඡන්ද ලබා ගැනීමේ අභිලාශයෙන් මෙය කර ඇති බව හිවල් හඩ පවසන්නේ තමන් මුල් ඡේදයේ මෙම චක්‍රලේඛය පනවා ඇත්තේ 2011 සැප්තැම්බර් 19 වන දින බවට සදහන් කළ බව අමතක වී විය යුතුය.
    උපුටා ගැනීම
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    Amjad18
    මෙහිදී අල්-කුර්ආනය මගින් දී ඇති සම්මත සීමාවන්ට එහා ගිය වස්ත්‍රද මුස්ලිම් කාන්තාවන් භාවිතා කරති. නිකාබ් යනු හිජාබයට අමතරව මුහුණ ආවරණය කරගන්නාවු වැස්මයි. මෙම හිවල් හඬ විසින් සකසා ඇති ව්‍යාජ හැදුණුම්පතෙහි මුස්ලිම් කාන්තාවගේ ඡායාරූපයට දමා තිබෙන්නේ නිකාබ් හෙවත් මුහුණු වැස්ම සහිත ඡායාරූපයකි. නමුත් ලංකා රජය විසින් පනවා ඇති චක්‍රලේඛයේ සඳහන් වන්නේ මුහුණ නොවසා හිස සහ කණ් වසා අඳින වස්ත්‍රය එනම් හිජාබ් ගැන පමණි. මෙහිදී හිවල් හඬ විසින් හිතා මතාම ජනතාව මුලාවට පත්කරන අයුරින් මෙම හැඳුණුම්පත සකසා ඇති බව පැහැදිලිය.