ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම පාඩුව

Sonny Bill

Member
Apr 20, 2015
11
4
0
ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම පාඩුව

බැඳුම්කර නිකුතුවේ පාඩුව කෝටි 4280 ට නගී

ඉකුත් පෙබරවාරි මස 27 වැනි දින සිදුවූ තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බිල්පත් වෙන්දේසියේදී සිදු වූ අක්‍රමිකතාව හේතුවෙන් මේ වන විට රජයට සිදුව ඇති පාඩුව රු. කෝටි 4280 ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ ඇතැයි ඇස්‌තමේන්තු කර තිබේ.

අදාළ භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුවූ පොලී අනුපාත ඉහළ යැම නිසා සිදු වන රජයේ පොලී වියදම් ඉහළ යැමෙන් මේ පාඩුව සිදුව තිබේ.

මේ මගින් ශ්‍රී ලංකා රජයටත්, මහජනතාවටත් විඳින්නට සිදුව ඇත්තේ ලංකා ඉතිහාසයේ විශාලතම පාඩුව බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ ඊයේ (23 දා) 'දිවයින'ට ප්‍රකාශ කළහ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Source : http://www.divaina.com/2015/04/24/news09.html

11060452_980191872014593_5541547495310780718_n.jpg

Last edited:

Sonny Bill

Member
Apr 20, 2015
11
4
0
බැඳුම්කර මගඩිය යට ගැසිය හැකිද?

බැඳුම්කර මගඩිය යට ගැසිය හැකිද?

arajuna.jpg
වත්මන් ආණ්‌ඩුවේ ක්‍රියාකලාපය තුළ ඇති වී ඇති දේශපාලන හා ආර්ථික සිදුවීම් නිසා ආර්ථික හා දේශපාලන ලෝකය ඉතා උණුසුම් වී ඇත. ආර්ථික කරුණු කාරණා අතර නිරන්තරයෙන්ම කතා බහට ලක්‌ වන ප්‍රධානතම කාරණාව වී ඇත්තේ වත්මන් රජය යටතේ සිදුවූ භාණ්‌ඩාගාර බිල්පත් මගඩියයි. එය සුළු පටු එකක්‌ නොවේ. එසේම මේ බැඳුම්කර මගඩිය නිසා සිදුවූ පොලී අනුපාත ඉහළ යැම හරහා දිගින් දිගටම රජයේ පොලී වියදම් රු. කෝටි ගණනින් ඉහළ යමින් තිබෙන අතර ඒ හරහා මහජනතාවට සිදුවන හානිය අතිවිශාල එකකි. ඒ නිසා මෙය වූ කලී මහජන මුදල් පිළිබඳ ප්‍රශ්නයකි. එනම් පොදු දේපළ නාස්‌ති කිරීම පිළිබඳ ප්‍රශ්නයකි. එහෙත් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට සිදුවෙමින් තිබෙන්නේ එම මගඩිය යට ගැසීමට උත්සාහ කිරීමකි. එසේත් නැතහොත් මෙහි වගකීම අන් අය මත පටවා මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ව නිදහස්‌ කිරීමට දරන බලවත් උත්සාහයක්‌ පෙනෙන්නට තිබේ. ඒ කවර උත්සාහයක්‌ දැරුවත් මේ පිළිබඳ මහජනතාව සිටින්නේ ද අවදියෙනි. මේ පසුබිම තුළ අප මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ මෙම බැඳුම්කර මගඩියේ අහිතකර බලපෑම සහ එය යට ගැසීමේ උත්සාහය පිළිබඳවයි.

මේ සිද්ධිය පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට රජය නීතිඥවරුන් තිදෙනෙක්‌ගෙන් යුත් කමිටුවක්‌ පත් කළ අතර එය සිය නිර්දේශ ඇතුළත් වාර්තාවක්‌ ද රජයට ඉදිරිපත් කර තිබේ. මුලින්ම මේ සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක්‌ පත් කරන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළත් පසුව එම කමිටුව පත් කරනු ලැබුවේ අගමැතිවරයා විසිනි. ඒ අනුවත් කමිටුවේ සාමාජිකයන්ගේ පසුබිම අනුවත් එල්ල වූ ප්‍රධානතම චෝදනාවක්‌ වූයේ මෙය හොරාගෙ අම්මාගෙන් පේන අහන කමිටුවක්‌ වනු ඇති බවයි. එම කමිටුව ගැන කිසිදු විශ්වාසයක්‌ තැබිය නොහැකි වනු ඇතැයි ද මේ කමිටුව පත්කරනු ලැබුවේ ප්‍රශ්නය යට ගැසීමටම විය හැකි බවටද බොහෝ දෙනෙක්‌ අපට කී කාරණයකි. සාමාන්‍ය ජනතාව පමණක්‌ නොව මූල්‍ය වෙළෙඳපොළ පාර්ශවයන් මෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බොහෝ දෙනෙක්‌ ද මේ බව අපට කීහ. මේ බැඳුම්කර ප්‍රශ්නයෙන් පසු මහ බැංකු නිලධාරීන් වෙනත් පාර්ශ්වයක්‌ සමඟ දුරකථන මගින් කතා කිරීමට විශාල බියක්‌ දක්‌වන අතර තමන්ට එන යන දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ (එස්‌.එම්.එස්‌.) පමණක්‌ නොව ඊමේල් පණිවුඩ පවා පරීක්‍ෂාවට ලක්‌කරනු ලබන්නේ යෑයි ඇතැම් නිලධාරීන් අප වෙත කියා සිටි කාරණයකි. මෙය සත්‍ය නම් මහ බැංකුව තුළින්ම මෙය යට ගැසීමට විශාල උත්සාහයක්‌ තිබෙන බව අපට තහවුරු වන කරුණකි. එහෙත් සන්නිවේදන ක්‍රම බොහොමයක්‌ තිබෙන නිසා මහ බැංකුව තුළ මෙම බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් ඇත්ත වශයෙන්ම සිදුවූ දේ හෙළිදරව් වීම වැළැක්‌විය නොහැකි කාරණයක්‌ වී තිබේ.

රජය පත්කළ කමිටුවේ නිර්දේශ සඳහන් කරමින් ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

"මූල්‍ය මණ්‌ඩලය ලඝූ සටහන් 4/2015 යටතේ වසර 30 ක බැඳුම්කර නිකුතුවක්‌ ගැන සඳහන් කළත්, එහි ප්‍රමාණය පිළිබඳ මහ බැංකු අධිපතිවරයා සභාපතිත්වය දරන එම මණ්‌ඩලය තීරණය කොට නැත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කාර්යාවලිය අනුව එම කාර්ය භාරව ඇත්තේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවටය. අගය ඉක්‌මවා ලංසු භාර ගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් අට දෙනෙක්‌ගෙන් සමන්විත ටෙන්ඩර් මණ්‌ඩලයයි. ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා මෙම ටෙන්ඩර් මණ්‌ඩලයේ සාමාජිකයකු නොවේ, යනුවෙන් කමිටු වාර්තාව සඳහන් කොට ඇත. රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ හෝ ටෙන්ඩර් මණ්‌ඩලයේ කටයුතුවලට මහ බැංකු අධිපතිවරයා කිසිදු සෘජු මැදිහත්වීමක්‌ කළ බවට සාක්‍ෂි නැතැයි යන්න කමිටුවේ නිගමනය වූ බවද එම කමිටු වාර්තාව සඳහන් කරයි.

මේ නිගමනය අනුව එම කමිටුවට එල්ල වූ සැකය හා අවිශ්වාසය තහවුරු වන බවද පැවසේ. ඒ නිසා මේ නිගමනය ගැන පුදුම විය යුතු නැත. පුදුමයට කරුණ වන්නේ මෙවැනි නිගමනය නුදුන්නා නම්ය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් අප වෙත ද තොරතුරු ලැබුණු අතර ඒ අනුව ද කමිටු වාර්තාවේ සඳහන් ඇතැම් කරුණු අසත්‍ය හා මහජනයා නොමග යවන සුළු ඒවා බව තහවුරු වේ. ඒ අනුව අගය ඉක්‌මවා ලංසු භාර ගැනීමට අදාළ තීරණය ගෙන ඇත්තේ පුද්ගලයන් අටදෙනෙක්‌ගෙන් සමන්විත ටෙන්ඩර් මණ්‌ඩලය බවට එම කමිටු වාර්තාවේ සඳහන් වුවද, ඇත්ත වශයෙන්ම අගය ඉක්‌මවා ලංසු භාර ගැනීමට උපදෙස්‌ දී ඇත්තේ මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා විසින්ම බව මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් අපට දැනගන්නට ලැබිණි.

මෙම බැඳුම්කර මගඩිය සිදු වූයේ ඉකුත් පෙබරවාරි මස 27 වැනිදාය. මහබැංකුවේ ඉහළ පෙළේ ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇති පරිදි එදින උදේ 11 .00 ට පමණ මහ බැංකු අධිපතිවරයා තවත් මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු දෙදෙනකු සමඟ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වෙත ගොස්‌ තිබේ. එසේ ගොස්‌ අදාළ තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා ලද ලංසුද පරීක්‍ෂා කර අගය ඉක්‌මවා එනම් රු. බිලියනයක්‌ වෙනුවට රු. බිලියන 10 ක්‌ දක්‌වා ලංසු පිළිගන්නා ලෙස උපදෙස්‌ ලබා දී ඇත්තේ මහ බැංකු අධිපතිවරයා විසින්මය. මහ බැංකු අධිපතිවරයා මෙලෙස නිකුත් කළ අගය මෙන් දස ගුණයක්‌ ලංසු පිළිගන්නා ලෙස උපදෙස්‌ දුන් පසු, එසේ කළහොත් පොලී අනුපාත ඉහළ යනු ඇතැයි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ. එසේ වුවත් මහ බැංකු අධිපතිවරයා විසින් අගය ඉක්‌මවා ලංසු පිළිගැනීමට ලබා දුන් උපදෙස්‌ වෙනස්‌ කර නැතැයි ද දැන ගන්නට තිබේ. මේ සිදුවීම වී ඇත්තේ තවත් මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු අසල සිටියදීය. මේවා වාචිකව දුන් උපදෙස්‌ ය. රජයේ නීතිඥ කමිටුව මේ අවස්‌ථාවේ සිටි නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනාගෙන් සාක්‍ෂි විමසීමක්‌ නොකළ බවට ද මහ බැංකුවේම ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් අපට දැන ගන්නට තිබේ. මේ අනුව මෙහිදී අක්‍රමිකතාවක්‌ සිදු වී තිබුණත් රජයේ කමිටුව, මහ බැංකු අධිපතිවරයා මේ සිදුවීමට කිසිදු සම්බන්ධයක්‌ නොමැති බවට තහවුරු කිරීමේ අරමුණින් ම ක්‍රියාකර ඇති බවට සාධාරණ සැකයක්‌ ඇති වීම වැළැක්‌විය නොහැකිය.

මෙය වඩාත් තහවුරු කෙරෙන තවත් කාරණයක්‌ වන්නේ භාණ්‌ඩාගාර බැඳුම්කරවලට අදාළ ටෙන්ඩර් මණ්‌ඩල සාමාජිකයන්ට එල්ල වී ඇතැයි කියන විවිධ බලපෑම් ය. ඒ අනුව මේ බැඳුම්කර අක්‍රමිකතාවට මහ බැංකු අධිපතිවරයා කිසිදුÊසම්බන්ධයක්‌ නොමැති බවටත්, මීට අදාළ සියලු තීරණ ගත්තේ ටෙන්ඩර් කමිටුව විසින් බවටත් තහවුqරු වන ලෙස සාක්‍ෂි දෙන්නැයි මේ ටෙන්ඩර් මණ්‌ඩලයේ ඇතැම් සාමාජිකයන්ට බලපෑම් (උපදෙස්‌) ලබා දී තිබූ බවට ද එම ඉහළ පෙළේ මහ බැංකු ආරංචිමාර්ගවලින්ම අපට දැන ගැනීමට ලැබුණු තවත් කරුණකි. මේ සියලු තීරණ ගත්තේ එම ටෙන්ඩර් මණ්‌ඩල සාමාජිකයන් විසින් යෑයි අපි නිකමට සිතමු. එසේ නම් එම ටෙන්ඩර් මණ්‌ඩල සාමාජිකයන් මෙයට වගකිව යුතු නොවේද? එසේ නම් ඒ අය සම්බන්ධයෙන් මහ බැංකුව විසින් මේ වන විට ගත් පියවර මොනවාද? මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් කිසිදු කරුණු පැහැදිලි කිරීමක්‌ මහජනතාවට සිදුකර නොමැත.

අපි ලිපිය ආරම්භයේදීම ප්‍රකාශ කළේ මෙය මහජන මුදල් එසේත් නැතහොත් පොදු දේපළ පිළිබඳ ප්‍රශ්නයක්‌ බවයි. අපට ඇති දැනීමට අනුව වැටහෙන්නේ එයයි. හේතුව නම් මෙම චෝදනාවට ලක්‌ වූ තිස්‌ අවුරුදු මහා භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත්කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස රජය වෙනුවෙන් මහ බැංකුව ඊට පසු නිකුත් කළ සෑම භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කර වෙන්දේසියකදීම පොලී අනුපාතය කෘතිම ලෙස වැඩි වීමක්‌ සිදුවීමත්, ඒ නිසා රජයට ගෙවීමට සිදුවන රාජ්‍ය ණය පොලී වියදම දැවැන්ත ලෙස වැඩි වීමක්‌ සිදුවීමයි. මේ වන විට මෙම තිස්‌ අවුරුදු බැඳුම්කර නිකුතුව නිසා රජයට සිදුව ඇති පාඩුව (පොලී වියදම් ඉහළ යැම) රු. කෝටි 4300 ක්‌ පමණ වේ. මේ සා විශාල මහජන මුදලක්‌ රජයට පාඩු කිරීමට එරෙහිව ක්‍රියා කළ යුතු වන්නේ පොදු දේපළ නීතිය යටතේ බව අපගේ වැටහීමයි.

අපගේ මේ වැටහීම නිවැරැදි නම්, මහ බැංකු අධිපතිවරයා ඇතුළු මේ බැඳුම්කර මගඩියට වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්න කළ යුත්තේ අගමැතිවරයාගේ නීතිඥ කමිටුව විසින් නොව පොලිසියේ විශේෂ මූල්‍ය අපරාධ කොට්‌ඨාශය මගින් නොවේද? හිටපු ආර්ථික සංවර්ධන ඇමැතිවරයාගෙන් ප්‍රශ්න කළේද එම විශේෂ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය මගිනි. මේ බැඳුම්කර මගඩිය මගින් දැනටමත් රු. කෝටි 4300 පමණ දැවැන්ත පාඩුවක්‌ රජයට සිදුව ඇතැයි ඇස්‌තමේන්තු කර තිබේ. එසේ නම් මෙය මූල්‍ය අපරාධයක්‌ නොවේද?. මේ සම්බන්ධයෙන් අදාළ වගකිවයුත්තන්ගෙන් ප්‍රශ්න කර අත්අඩංගුවට ගෙන උසාවිය හමුවට ඉදිරිපත් කළ යුතු බව බොහෝ දෙනාගේ අදහසයි. බොහෝ දෙනෙක්‌ තුළ ඇති මෙම වැටහීම වැරදි නම් එය නිවැරැදි කළ මැනවි. අවසාන වශයෙන් අපට සටහන් කිරීමට තිබෙන්නේ මූල්‍ය විශේෂඥයන් පවසන පරිදි මේ බැඳුම්කර මගඩිය හරහා ශ්‍රී ලංකා රජයටත්, පොදුÊජනතාවටත් විඳින්නට සිදුව ඇත්තේ ලංකා ඉතිහාසයේ විශාලතම පාඩුව බවයි. ඒ නිසා මේ සිදුවීම හරහා ශ්‍රී ලංකා රජයේ කීර්තිනාමයටත් වත්මන් යහ පාලන රජයේ කීර්ති නාමයටත් සිදුව ඇති හානිය අසීමිත එකකි. මහබැංකු ඉතිහාසයට ද මෙය නොමැකෙන කලු පැල්ලමකි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Source : http://www.divaina.com/2015/04/24/feature.html
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කවුද මේ පාඩුව ඇස්තමේන්තු කරල තියෙන්නෙ?:confused:

    ane manda ban math hoyanawa.badumkara gathe biliyana 10 , danata paduwa biloyana 4 .3 meka mara kathawak okoma danne diwayin.......
    ane manda ..
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Matanan Tiyena prasne oya mokak vath neme davasin davasa fake account ho gala wedi venava... kohomada ban ekek mechchara fake account mataka tiyagena inne
     
    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    ape ewun toyyoy bayyoo kiya kiya randu wenna witharai bn danne. Lankawe modayo inne , moka President wunath rata winasha wenawa .

    Man comic book ekakata Kaalak Quote karannan

    " We're the General Public, We're the ones who vote for soap operas , reality Tv and blowjobs. We're are the people who take the news we're are told at face value. We are the people who litter, we're are the casual rapists , the idle mindfuckers , the parents every child hates , the people who beat old men to death because they smell funny . We're the people who can't be convinced to do anything better than getting fat.

    We are the General Public . There's not point in convincing us Mr Jerusalam. "

    --Transmetropolitan ( comic book)

    Onna okay kiyanne. General Public eka kiyanne modyangen piruna thanak. Onema Rataka inna Janathawagen 80% wage pramanayak danne Tv eke penna deyak , Katakatha walin ahena deya pamany. Owunta Aththa danaganna uwamanawak naha. Un ekek kaagahuwoth uge passen yanawa pelapali walata. Ara yaka pelapaali yanne ai kiyala hithanne naha . MR ge waraddak kiwwoth gihilla Mr ta baninawa , My3 waraddak kiwwoth gihilla My3 ta baninawa.

    Un ekek ta wath therenne Politics kiyanne Game ekak Witharay (lankawa wage rataka) 2000 idan me wenakan politics kiyala giye eka eka Anith eka gen Revenge eka ganna eka witharay . Bohoma athalossak thamay ratata hodak kale. Moka President wunath u rata kanawa. Uge wate inna ewunuth rata kanawa. Ape lankawe modayanta eka therenne naha. Politicians la apiwa nomaga yawanna mokak hari kiyanawa , ape modayo eka wishwasa karanawa.

    At the end of the day Apiwa rape wenawa politics hinda , idala hitala ratata hodak wenawa eth samasthayak washayen gatthoth lankawe okkoma ewun eka wage tamai .

    Mahinda Hora , Eth u aduma gaane rata poddak haduwa , international level ekata gena giya . U pitipasse inneth Basil , Vimal , Duminda Silve wage huttho set ekak. Eka nisa Mahinda aith awoth mona weida kiyanne baa. eth Aduma Gaana Hambayo tika wath athu gaawila yay ..

    My3 hoda athi , eth miniha pitipasse inne Ranil , Chandrika , SF wage set ekak . Un satha pahakata sure karanna baa. Ekay prashne . My3 ge Aanduwa Wena aagam walata Thana denawa wadiy. Man ekata aasa naa. Tamil shape , Christian Shape , Eth muslim maha epa karapu jaathiyak . QUran ekema kiyala thiyenawa allah wa believe karanne nathi ewun wa marapan kiyala.

    Moka aawath lankawa hadenne naha , ekata eka hethuwak Ape minissu , ekak un moday . Anith eka Un hama hutthama SL Goverment eken karay kiyala balagena inne. Milinda moragoda kiwwa tv ekedi " Sri lankikayan balaporotthu wenne aanduwe niladaarin kotu karagena owunta awashya widihata hasuruwanna , eka harima waradiy "

    Ape minissu danaganna oneh mahansi wela wada karanna. Hama ekama salli naa kiya kiya adanna witharay danne. Goverment ekata baninawa badu mila wadiy , aru mu horakan karanawa kiyala. Ape ewun agilla dik karanna withara danne. ekek wath mahansi wela job ekak karanna try karanna naha. Lankawe Buddagama vinasha wenawa kiya kiya kaagahawa , antih paththata gedara gihilla Ammata kunuharapen baninawa . E wage jaathiyak meka .

    man nan kiyanne ape rate minissu okkotama kalin hadanna oneh......
     
    Last edited:
    • Like
    Reactions: $Gangster$

    gym_Pappa

    Member
    Feb 12, 2015
    127
    28
    0
    Gym eke

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ane manda ban math hoyanawa.badumkara gathe biliyana 10 , danata paduwa biloyana 4 .3 meka mara kathawak okoma danne diwayin.......
    ane manda ..

    බැඳුම්කර ගැන යම් අවබෝධයක් තියනවා නම් මේක වෙන්නේ කොහොමද කියල තේරෙනවා මචන්. :yes::yes:
     
    Similar threads