Sri Lanka Cricket ඇත්තටම ලැජ්ජා විය යුතු ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙවර “ලෝක කුසලාන වාර්තා”මෙන්න.
ඇසිය යුතුව තිබුණ ප්‍රශ්ණ මේවායි.



_______________
තරගාවලියේ වැඩිම වයිඩ් පන්දු යැව්වේ ශ්‍රී ලංකා කණ්ඩායමය. අප යැවූ වයිඩ් පන්දු ගණන 123කි. එකෙකුටවත් කිට්ටුවට එන්නට බැරිය.
තරගාවලියේ වැඩිම උඩපන්දු ගණනක් අතහැරියේ ශ්‍රී ලංකා කණ්ඩායමය. ඒ උඩපන්දු ගණන 22කි. ලොවෙත් එහෙව් හපන්කමක් වෙන කණ්ඩායමක් කර නැත.
වැඩිම දුවද්දී දැවී යෑම් ප්‍රමාණයක් වාර්තා කළේ ශ්‍රී ලංකා කණ්ඩායමය. එය 14කි.
ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා දුන් කණ්ඩායම අපය. ඔක්තොම්බර් 04 වැනිදා දිල්ලියේ පැවති ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරගයේ දී දකුණු අප්‍රිකාව අපට එරෙහිව ලකුණු 428ක් ලැබුවේය. ලෝකයේ කිසිම කණ්ඩායමක් ලෝක කුසලානයක දී මින් පෙර එවැනි ලකුණක් ලබාගෙන නැත.
ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු ගණනක් හඹා ගොස් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිවය. පසුගිය 23 වැනිදා හයිද්‍රාබාද් හි පැවති ශ්‍රී ලංකා පකිස්ථාන තරගයේ දී ලකුණු 344 ඉලක්කය හඹා ගොස් පකිස්ථාන කණ්ඩායම ලකුණු 345ක් ලබාගෙන කඩුළු 05කින් තරගය ජයග්‍රහණය වාර්තා කළේය.
තරගාවලියේ වැඩිම කඩුළු ගණනකින් පරාජය වූයේ අපය. තරගාවලියේ දී අප පරාද වූ කඩුළු ගණනේ එකත්ව කඩුළු 87කි.
තරගාවලියේ අඩුම ලකුණු සංඛ්‍යාවක් රැස්කරගත් කණ්ඩායම අපය. ලකුණු 55කට සියල්ලම දැවී ගියහ. ඒ ඉන්දියා ශ්‍රී ලංකා තරගයේ දි ය.
මේ තරගාවලියේ මතු නොව, ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටයිම් අවුට් දැවී යෑම වාර්තා කළේ අපය. පළපුරුදු ක්‍රීඩක ඈන්ජලෝ මැතිව්ස් බංගලාදේශය හමුවේ එසේ දැවි ගියේය.
තරඟාවලියේ වැඩිම බින්දු ප්‍රමාණයක් වාර්තා කළේ අපේ පිතිකරුවන්ය. වාර්තා කළ බන්දු ප්‍රමාණය 29කි.
තරගාවලියේ එක් ඉනිමක දී වැඩිම අමතර ලකුණු ලබා දුන් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමය. ලබා දුන් අමතර ලකුණු ගණන 36කි.
තරගාවලිය පුරා වැඩිම නිපන්දු (No Ball) ප්‍රමාණයක් යවා ඇත්තේ අපය. නිපන්දු 33කි.
වැඩිම ක්‍රීඩකයින් ප්‍රමාණයක් අබාධයට ලක් වූයේ අපේ. ක්‍රීඩකයින් 15 දෙනාගෙන් 06ක් ආබාධයට ලක් වූහ.
ක්‍රිකට් නියෝජනය කරමින් වැඩිම නිලධාරීන් පරිසක් සහභාගී වන්නේ ශ්‍රී ලංකාවෙනි. නිලධාරීන් 103කි.
වැඩිම පුහුණුකරුවන් ප්‍රමාණයක් ලෝක කුසලානයට යන්නේ අපේ රටෙනි. පුහුණුකරුවන් 14කි.
( Credit should be given to the cricket fan who has done this extensive research).
ඇසිය යුතුව තිබුණ ප්‍රශ්ණ මේවායි.
_______________
( Credit should be given to the cricket fan who has done this extensive research).



