ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,123
    13,797
    113
    පෘථිවිය
    මේ වනවිට විස්සයි විස්ස ලෝක කුසලානය ආරම්භ වෙලා තියෙන්නේ

    ලංකාව ක්‍රීඩා කරන්නේ බි කොටසේ

    මේ කොටසේ ලංකාවට වඩාත්ම අභියෝගාත්මක කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියා කණ්ඩායම

    ලංකාවේ සෙට් එක මේ වෙනකොට , ආරම්භක පිතිකරුවන් ගියාම වැල යාම තවමත් සාර්ථකවම පෙරසේම කරගෙන යනවා.

    පන්දු වාර 7න් පස්සේ 15 විතර වෙනකල් ගහන විදිහක් දන්නේ නැහැ
    එක්කෝ ඒ වෙලාවේ පන්දු යැවීම , සහ පිටියේ පන්දු රැකීම කිසිම ප්‍රමිතියකට වෙන්නේ නැහැ

    කණ්ඩායම් හැඟීමෙන් ගහන 3ක් 4ක් තමයි ඉන්නේ

    සනත් ට කණ්ඩායම තෝරාගන්න උදව් වෙන්නේ, නිසාම්, ආනොල්ඩ් වැනි පුද්ගලයින්
    එයාල කියන කෙනාව තෝරාගන්නවා කියල හොඳට පේනවා
    කණ්ඩායමේ වෙනස්වීමක් මුලින්ම මාධ්‍යට දාන්නේ නිසාම්
    නිවුස් රිපෝටර් කෙනෙක්


    ලංකාවට ඊළඟට එන අභියෝගය තමයි , රන් රේට් එක, දැනට දින්නත් අඩුම තියෙන්නේ උන්ට
    මොකද මැච් එකක් දිනාගන්නේ බොහොම අමාරුවෙන්
    දුකයි ඉතින්
    හැබැයි ඔක්කොම පච්චා කොටගෙන සීන් එකේ ඉන්නේ

    ලංකාවේ හොඳ බැටින් කරපු එවුන් ඉද්දි , ඇවිත් උපදෙස් දෙන්නේ ඉන්දියානු සෙට් එකක්
    හැබැයි සංගා, මහේල පැත්තක ඉඳන් ගොන් ආතල් දෙනවා
    එයාලනම් අඩු ගානේ අර මාලිංග තරම් වත් කැක්කුමක් නැහැ
    රටෙන් ගොඩ ගිහින් දැන් වෙන සින් වලින් ඉන්නේ '
    දුකයි ඉතින්
    කකුළුවෝ වගේ

    ඊළඟ මැච් වල පැතුම් එක්ක, මෙන්ඩා ඕපනින් එන්න ඕන
    1 වැටුනම දසුන් ගන්න ඕන
    2 වැටුනම මිශාර (මු නම් ඔහේ ගහනවා, කොහේ ෆිල්ඩින් ඉන්නවද බලන්නේ නැහැ)
    3 වැටුනම කමිදු
    4 වැටුනම අසලංක

    මෙහෙම හැදුවනම් අනිවා මෙතනට එනකොට කට්ටිය පදම් වෙලා ඉන්නේ

    කණ්ඩායම තෝරන්නයි , සනත් ට උපදෙස් දෙන්න නිසාම් , අනොල්ඩ් වගේ එවුන් දෙන ගොන් ආතල් නිසා සනත් බලුවෙලා තමයි අයින් වෙන්න ඉන්නේ