ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස්ලා වර්ග 13ක් aniwa.lk

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස්ලා වර්ග 13ක් aniwa.lk

    ශ්‍රී ලංකා ක්‍රිකට් ෆෑන්ස්ලා වර්ග 13ක් www.aniwa.lk





    රටේ ලක්ෂ ගණන් ක්‍රිකට් ෆෑන්ස්ල හිටියත් මේ හැම දෙනාගෙම විශේෂ ලක්ෂණ තියනවා. එක්කෙනාට එක්කෙනෙක් ක්‍රිකට් තරග බලද්දි හැසිරෙන විදි වෙනස්. මේ වෙනස්කම් වලට අනුව ඔන්න අනිවා අපි හැදුවා ලංකාවේ ක්‍රිකට් ෆෑන්ස්ලා වර්ග මොනවද කියලා ලිස්ට් එකක්.
    බලන්න ඔයා මොන ෆෑන්ටද අයිති වෙන්නෙ කියල?

    1. සර්ව සුභවාදී ෆෑන්

    CricketFans-01.gif
    Source – mirror.co.uk


    මේ වර්ගයේ ෆෑන්ගෙන් අද මැච් එක කවුරු දිනයිද කියල ඇහුවොත් “අනිවා ශ්‍රී ලංකා තමයි බ්‍රෝ” හැර වෙනත් උත්තරයක් ලැබෙන්නේ නැත. හදිසියේ පැරදුනොත් “ලබන සැරේ දෙනව බැටේ” මූඩ් එකට පිවිසෙයි. සිම්බාබ්වේ කෙන්යාව වැනි කණ්ඩායමකට පැරදුනත් මේ ෆෑන් කණ්ඩායමට බනින්න යන්නේ නැත. ඒ වෙනුවට “දිනුමෙත් පැරදුමෙත් සැමදා අපි ඔබ සමගයි” වැනි ස්ටේටස් එකක් ෆේස්බුක් එකේ ශෙයාර් කරනු ලබයි.

    2. ටීම් මැනේජර්

    CricketFans-02.jpg
    Source – huffingtonpost.ca


    කණ්ඩායම ගැන නිතරම අසතුටින් පසුවෙන තැනැත්තෙකි. මේ වර්ගයේ ප්‍රේක්ෂකයාට නිතරම කණ්ඩායම ගැන නගන්නට මැසිවිල්ලක් තිබේ.
    එක්කෝ චන්දිමාල්ව කපන්නට කතා කරයි, නැත්නම් මැච් එකක් පැරදුණු ගමන් මැතිව්ස්ව කැප්ටන් කමින් අයින් කර වෙන කෙනෙක්ව ඒ තැනට යෝජනා කරයි. උඩින් ගහන්නට ආ බැට්ස්මන් අඩු ගාණට අවුට් උනොත් මිනිහව යටින් එවන්න තිබ්බේ යැයි දොස් පවරයි. සමහර මෙවැනි ෆෑන්ස්ලා කණ්ඩායම තේරීමෙනුත් එහාට ගොස් කළමණාකරු, පුහුණුකරුගේ සිට ක්‍රීඩා ඇමති දක්වාම වෙනස් කරන්නට යෝජනා කරනු ලබති.
    මේ අය කියන යෝජනාවලි වලට ඇහුම්කන් දුන්නොත් බොහෝ විට බිහිවෙන්නේ මෙවැනි කණ්ඩායමක්ය.
    ආරම්භක පිතිකරු – සනත්
    නායක – අර්ජුන
    බැටිං කෝච් – මහේල
    කළමනාකරු – සංගා
    ක්‍රීඩා ඇමති – ගාමිණී දිසානායක
    වෝටර් බෝයි – චන්දිමාල්

    3. අදින් පසුව නෑ ෆෑන්

    CricketFans-03.gif
    Source – reddit.com

    මේ වර්ගයේ ෆෑන් ලංකාව පරදින හැම තරඟයකටම පසු ආයෙනම් මැච් බලන්නෙ නෑ නෑ නෑමයි කියා කියයි. මෙච්චර සවුත්තු විදිහට පරදිද්දිත් මැච් බලන අපිටයි පිස්සු යැයි කියවමින් රූපවාහිනිය වසා දමා නිදාගනියි. පහුවදා දවස පුරාම වැඩක් නෑ බන් මැච් බලල කියා හතර අතේ යාලුවන්ටද කියවයි. හැබැයි ලංකාව ගහන ඊළග මැච් එකත් අනිවා බලයි.
    ආ මොකෝ ආපහු මැච් බලනවද? ඇසූ විට. “හිතේ අමාරුවට කියන කතා කවුද ගණන් ගන්නේ” කියමින් ලිස්සා යයි.


    4. අනේමන්ද ෆෑන්

    CricketFans-04.jpg
    Source – y101radio.com


    මේ වර්ගයේ ෆෑන්ස්ලා වැඩිපුරම ඉන්නේ වැඩිහිටි උදවියය. මේ අය ඇත්තටම මැච් බලනවාද නැද්ද යනු වෙනම නිවාඩුවක් දමා සෙවිය යුතු කාරණයකි. හදිසියේ ගෙදරට ගොඩවූ විට අපි මැච් එක බලමින් සිටියොත් මේ අය සහ අපි අතර අනිවා ගොඩ නැගෙන දෙබස මෙබඳුය.
    අනේමන්ද ෆෑන් – “ආ අද මැච් එකද?
    අපි – “ඔව්
    අනේමන්ද ෆෑන් – “අපේ අයද ගහන්නෙ?
    අපි – “ඔව්
    අනේමන්ද ෆෑන් – “අපේ අය දිනයිද?
    අපි – “කියන්න බෑ

    5. ටෙක්නිකල් ෆෑන්

    CricketFans-05.gif
    Source – youtube.com

    මේ ආකාරයේ ෆෑන් කෙනෙක් එක්ක මැච් එකක් බලන එක එක්තරා ආකාරයක විනෝදයකි, තවත් වෙලාවකට මළ වදයකි.
    EA cricket ගැසීම හැරුණු කල සක්‍රීය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී නැති වුවත් තාක්ෂණික අදහස් වලින් ඔලුව කුරුවල් කරගෙන සිටින පුද්ගලයෙකි. පන්දු යැවීමද පිතිකරණයද පන්දු රැකීමද ගැන හසල දැනුමක් ඇති සේ පෙන්වන මේ ෆෑන්ගෙන් කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයාට වුවද ගැලවීමක් නැත.
    අත් දෙකින් අල්ලන්න ගිය කැච් එකක් මිස් උනොත් ඒක තනි අතින් ගන්න තිබ්බ කැච් එකක් යැයි කියයි. තනි අතින් අල්ලන්න ගිහින් නාගත්තොත් අත් දෙකම දැම්මෙ නැත්තෙ ඇයි බූරුවෝ කියා බැන වදියි. බැටින් බෝලින් වලටද ඔවැනි තාක්ෂණික උපදේශමය.

    6. Stats ගුරු

    CricketFans-06.jpg
    Source – publimetro.co


    අසාමාන්‍ය මතක ශක්තියකින් හෙබි මේ ෆෑන්ට මීට අවුරුදු පහකට කලින් නවසීලන්තයට එරෙහි පළමු එක්දින තරඟයේ දිල්ෂාන් ගැසූ ලකුණු ගණන වුවද මතකය. අපේ ඒ ඒ ක්‍රීඩකයින් හොඳින් ක්‍රීඩා කරන්නෙ කුමන කණ්ඩායම් වලට එරෙහිවද, ඔවුන් දුර්වල වන්නේ කුමන කණ්ඩායම් සමග ක්‍රීඩා කරද්දීද යන්න ගැන දත්ත ඔහු සතුව ඇත.
    ඒ ස්ටැට්ස් දැනුම මත යමින් ඔහු හැම තරඟයකටම අනාවැකි පළ කරනු ලබයි.

    7. බියගුලු ෆෑන්

    CricketFans-07.jpg
    Source – healthland.time.com


    බිහිසුණු ඩ්‍රැකියුලා චිත්‍රපටයක් වුවත් සිනා සිසී නරඹන්න පුලුවන් වුවත් සනත්, අරවින්ද, කුසල් වැනි ක්‍රීඩකයන් දැවීයනවා දකින්නට මොහු මහත් බියක් දක්වයි.
    බියගුලු ෆෑන්ගේ බිය බොහෝ විට වැඩිවන්නේ අපේ කණ්ඩායම පන්දුවට පහර දෙන විටයි. ආදි කාලේ බියගුලු ෆෑන් කරන්නේ හදිසියේ කඩුල්ලක් දෙකක් ඉක්මනින් බිඳ වැටුනොත් ටීවී එක නිවා දමා සාලයේ ඇවිදීම හෝ ඇ‍ඳේ ගුලිවීමය. ඉන්පසු සැරින් සැරේ හිමීට රූපවාහිනිය ඔන් ඕෆ් කරමින් තව කඩුලු දැවී ඇත්දැයි විමසිලි කරයි.
    එහෙව් බියජනක අතීතයක් ගෙවූ බියගුලු ෆෑන්ගේ දැන් පිහිට ක්‍රික්ඉන්ෆො ඇප් එකය. භයානක අවස්ථාවක රූපවාහිනිය නිවා දමන ඔවුන් දැන් හොරෙන් ක්‍රික්ඉන්ෆො මගින් කඩුලු වැටිල්ල විමසති.

    8. සෝෂල් මීඩියා ෆෑන්

    CricketFans-08.jpg
    Source – espncricinfo.com


    සමාජ ජාල වෙබ් අඩවි වල ක්‍රිකට් ගැන දේවල්ම ශෙයාර් කිරීම බොහෝ දුරට කරයි. තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ප්‍රොෆයිල් පික් සහ කවර් පේජ් ක්‍රිකට් පින්තූර වලින් සරසාගෙන සිටියි.
    ක්‍රීඩාව ගැන දැනුම කෙසේ වෙතත් උද්දාමයෙන් ඔද වැඩී සිටින අයෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ෆේස්බුක් පිටුවල නිත්‍ය වශයෙන් පදිංචි වී සිටින මේ ෆෑන්ගේ ප්‍රමුඛතම විනෝදාංශය ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් හා ගේමක් දමාගැනීමයි. ඉන්දියානු කමෙන්ටුවක් දුටු විගස BottleFans, Lundians වැනි වදන් යොදාගනිමින් සටන් අරඹයි.

    9. රහස් පරීක්ෂක

    CricketFans-09.jpg
    Source – jameslovegrove.com


    මේ ෆෑන් නිතර මැච් බලන්නේ සිතේ සැකයෙන්ය. අම්පයර් අතින් වරදක් සිදුවුවොත් අනිත් කණ්ඩායම අම්පයර්ව සල්ලි වලට අරන් යැයි සැක කරයි. අපේ එකෙක් බින්දුවට ගියොත් ඌ නම් අද පගාව අරන් යැයි දොස් පවරයි. ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවන සියල්ල මහා ඉන්දීය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස සලකයි.

    10. සිරිමත් හෙවත් ආදර්ශවත් ෆෑන්

    CricketFans-10.jpg
    Source – moda.gorginaumov.edu.mk


    Be like Bill එන්න කලින් අපිට ආදර්ශයට හිටියෙ හතර වසර පොතේ “සිරිමත් මගෙ සකි යහපත් ළමයෙකි“ය. මේ අසිරිමත් ෆෑනුත් එහෙමයි. ඔහු උගන්ඩාව සහ සිම්බාබ්වේ අතර මැච් එකක් පෙන්නුවත් විවේකයක් ඇත්නම් බලයි. ශ්‍රී ලංකාව තුල පවත්වන ක්‍රිකට් තරඟ හැකි හැම විටම ක්‍රීඩාංගනයටම ගොස් නරඹයි. ටෙස්ට්ද එක්දින ද විස්සයි විස්සද කියා ඔහුට වෙනසක් නැත. කණ්ඩායමේ අඩු පාඩු ගැන සිතන නමුත් තැන තැන ස්ටේටස් දමා කණ්ඩායමට බැන නොවදියි. විරාත් කෝලි වැනි ප්‍රතිවාදී ක්‍රීඩකයන්ගේ දක්ෂතා වුවත් දැකීමට ඔහු මැලි නොවෙයි.

    11. දෝස්මුර ෆෑන්

    CricketFans-11.jpg
    Source – video.wired.com


    ඇඟේ ලේ පයින්ට් ගණන් පුච්චාගෙන මැච් බලන්නෙකි මේ ෆෑන්. හැම දේටම දොස් පවරා ලේ කෝප කර ගනී. ටොස් එක පැරදීමේ සිට තරඟය පැරදීම දක්වා සියලු වැරදි වලට දොස් පවරයි. අපේ විකට් එකක් ගියොත් අවුට් උන ක්‍රීඩකයාට අමු තිත්ත වදනින් බණියි. ප්‍රතිවාදී විකට් එකක් ගියොත් ක්‍රීඩාගාරය බලායන ඒ ක්‍රීඩකයාට පරුෂ වදන් යොදමින් “පල ගෙදර” කියා බනියි. විකට් එකක් ගියොත් අහලින් පහලින් ගිය හෝ කතාබහ කල අයටද බැන වදී. යාලුවෙක් කතා කරමින් සිටියදී කඩුල්ලක් වැටුනොත් “මේ මූසලය එක්ක කතා කරපු එකෙන් හොඳට ගහපු බැට්මන් අවුට් උනා” යැයි හිතින් හෝ බනියි. විකට් එක යන්නට කලින් ටීවී එකේ ගිය ඇඩ් එකද මොහුට අනුව මුස්පේන්තු කාලකණ්නි ඇඩ් එකකි.
    මැච් දවසට මැච් ගියේ නැතද ඔහුට බනින්නට අය සිටියි. වැස්සට මැච් එක හේදුනොත් ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට බැන වදීයි. කේබල් විකාශය ක්‍රියා විරහිත උනොත් කේබල් සමාගමේ වෙබ් අඩවියට ගොස් ඔවුන්ගේ දෙමවුපියන් මතක් කර පැමිණෙයි. මෙවැනි එක් ෆෑන් කෙනෙකුගේ පවුලේ අයෙක් අනිවා සමඟ පැවසුවේ “ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තත්ත්වය ලැබුණයින් පස්සෙ අපේ පවුලෙ තත්ත්වය නැතිවුණා” කියාය.

    12. ක්‍රිකට් රැකගැනීමේ සංගමය

    CricketFans-12.jpg
    Source – cricketcountry.com


    ටෙස්ට් ක්‍රිකට් ඉස් ද බෙස්ට් ක්‍රිකට් යන්න අදහන අංකල් ටයිප් එකේ මේ අයට අනුව විස්සයි විස්ස යනු මහ චනචර ක්‍රීඩාවකි. ක්‍රිස් ගේල් වැනි ක්‍රීඩකයන්ව මස් මරන්නන්ට සම කරන ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාවේ නව ප්‍රවණතා ගැන කළකිරීමෙන් යුතුව කතා කරති.
    බ්‍රැඩ්මන්, විවියන් රිච්ඩ්ස්,හැඩ්ලි, මාෂල් වැනි විදේශික ක්‍රීඩකයින්ද සතාසිවම්, කෙහෙල්ගමුව,රෝයි ඩයස් වැනි දේශීය ක්‍රීඩකයින්ද සමග හැරෙන්නට අද කාලේ උන්ට බැරි බව ඔවුන්ගේ මතයයි. ක්‍රිකට් ක්‍රීඩාව මුදලට යටවීමත් ටෙස්ට් ක්‍රිකට් අභාවයට යමින් පැවතීමත් නිසා කණස්සල්ලෙන් පසුවන කොටසකි.

    13. බෙටිං ෆෑන්

    CricketFans-13.jpg
    Source – wernethcc.co.uk


    මේ වර්ගයේ ෆෑන්ට මැච් එක බලා විතරක් හරි යන්නේ නැත මොකක් හරි ඔට්ටුවක් ද ඇල්ලිය යුතුය. මුදල් ඔට්ටු වලට වඩා අයිස් ක්‍රීම් එකක් තරම් වන කෑමක් බීමක් හෝ පැරදුනාට පසු පනිෂ්මන්ට් එකක් මේ සඳහා යෝජනා කරයි. මේ ඔට්ටු බොහෝ විට මැච් පැවැත්වෙන වේලාවට පමණක් අදාල වන අතර දිනුවා හෝ පැරදුනා කියා ඔට්ටුවට අදාල දේවල් කරන්නේ කළාතුරකිනි. මේ ලෙඩේ වඩාත් දරුණු තත්ත්වයට හැරුණු විට, බෙටිං ෆෑන්ට වටින්නෙ ලංකාව දිනුවා පැරදුනා යන්නද නොව, ඔහුගේ ඔට්ටුව දිනුම්ද යන්නයි.


    http://www.aniwa.lk/2016/04/18/13-types-of-sri-lankan-cricket-fans/