ශ්‍රී ලංකා ක්‍රිකට් - ජයන්ත ධර්මදාස යනු කවුරුන් ද?

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,658
    125,254
    113
    දෙහිවල
    ජනාධිපතිකමට පස්සේ ලංකාවේ තියෙන බලවත්ම තනතුර ක්‍රිකට් මුල් පුටුව කියලා ඉස්සර කතාවක් තිබුනනේ.. වෙපන්ස් ගෙනල්ලා, තග දාලා හුඟක් උන් ක්‍රිකට් මුල් පුටුවට යන්න වලි කන්නේ ඕකේ තියෙන සල්ලි කන්ද නිසා නේ බන්..
    As for the match, ගාල්ලේ ගහපු විදියට මුළු සීරිස් එකම කන්න වෙන ලයින් එකක් තියෙන්නේ කියලා මට නම් තේරුනා බන්.. ඒ නිසා දෙවනි ටෙස්ට් එක බැලුවේ වත් නෑ..
    ඒත් ඉතින් අපි ඊලඟ සීරිස් එක බලන්නත් සෙට් වෙනව නේ බන්..
    මචන් මම නූලක් අරින්නෙ අපිට කතාකරන්න තියෙන එකම දේ රටක් විදියට ඔච්චරයි නිසා.. ඒත් අපිට තියෙන කැක්කුම බෝර්ඩ් එකේ වත්, ගහන උන්ටවත් නැහැ බන්..
    දුකයි. වෙන කියන්න දෙයක් නැහැ
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    මුන් ඉරිසියාවට ඔව්ව කියන්නේ මචන්. මම කොහොම හරි ටාගට් එකට යනවා :love2:
    උඹේ මේ ලක්ශන තියෙනවනං ලොවෙත් යන්න පුලුවන්...

    සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
    නීති පුළුලුකුළ රියසක යුරු තිසර තන

    වල් සතා.. හෙන ගහන්න ඕන ක්‍රිඩාව වෙනුවෙන් තියෙන සල්ලි නාස්තිකරනවට..
    අපෙත් ඉත්තෑවො දුවපු කාලයක් තිබුණ මචං...
    දැන්නං මේ සක්කිළි හින්ද ක්‍රිකට් ක්‍රීඩාවත් එක්කම තිත්ත වෙලා...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    උඹේ මේ ලක්ශන තියෙනවනං ලොවෙත් යන්න පුලුවන්...

    සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින
    නීති පුළුලුකුළ රියසක යුරු තිසර තන

    අනේ ඔය මිස්ට කොල්ලෝ කියන ඒවා, කොල්ලෝ වෙන අපිට ඔව්වා කියන්නේ නැහැ අනේ....😘
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    එහෙනං ඔසී සිහිනය ඩල්...
    uw4Qsf7.jpg
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මේ වගේ මත මතකයි සින් එකක් උනා එකපාරක්
    ඒ සීන් එක උනේ 2010 කලින්.. මට හරියටම විස්තර මොනවත් මතක නෑ.. ඒත් වෙපන් එක ගෙනාවේ සභාපති පුටුවට තරග කරපු පොරක්.. 9mm එකක් වගේ මතක..
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඒ සීන් එක උනේ 2010 කලින්.. මට හරියටම විස්තර මොනවත් මතක නෑ.. ඒත් වෙපන් එක ගෙනාවේ සභාපති පුටුවට තරග කරපු පොරක්.. 9mm එකක් වගේ මතක..
    ඔව් ඔව් එක උනේ ඔය සබාපති ඉලෙක්ෂන් එකේදී තමයි. උන්ව අත්අඩංගුවට ගත්තේ වත් නැ. මට මතකයි ඒ සින් එක.
     

    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,387
    2,440
    113
    ටෙස්ට් මැච් දිරිගැන්වීම ට නිලියො ගෙන්වන්නේ නැද්ද
     
    • Haha
    Reactions: NRTG

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,174
    113
    T3J9ltz.jpg


    මේ දිනවල රටේ ප්‍රධාන මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයේ මෙන්ම, සමාජ මාධ්‍යය තුළ ද කතාබහට ලක්වන ප්‍රධාන චරිතයක් වන්නේ ජයන්ත ධර්මදාස යි. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විගණන වාර්තාව හා සම්බන්ධව හෙළිව තිබෙන කරුණු හේතුවෙනි.

    2022 වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වීසා ඉල්ලීම් ලිපි නිකුත් කිරීමේ දී එම ආයතනයේ නිලධාරීන් ඔවුන්ගේ හිතවතුන්ට ද ඕස්ට්‍රේලියාවට යෑම සඳහා වීසා ලබා ගැනීමට ලිපි නිකුත් කර ඇති බවට විගණන වාර්තාවෙන් කරුණු හෙළි වී තිබේ.

    එලෙස වීසා ඉල්ලීම් නිකුත් කරනු ලැබූ පුද්ගලයින් අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාසගේ හිතවතුන් දෙදෙනෙකු ද සිටින බවට කරුණු සඳහන් විය.ඔහුගේ හිත්වතුන්ගේ නම් ලැයිස්තුවට ජී. ජී. එස්. තාරුකා සහ ඒ. එස්. එදිරිසිංහ යන නම් ඇතුළත්ව තිබේ.

    මේ සම්බන්ධයෙන් මාධ්‍ය තුළ හුවමාරු වූ සටහන්වල දැක්වුණේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි මුදලින් රංගන ශිල්පීන් ද ක්‍රිකට් තරග නැරඹීම සඳහා ඕස්ට්‍රේලියාවට රැගෙන ගොස් ඇති බව ය.

    සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් පසුගිය දා මාධ්‍ය හමුවක් පවත්වමින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඕස්ට්‍රේලියාවට යෑමට වීසා ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් පළමු වරට කරුණු හෙළි කිරීමක් සිදුකළේ ය.



    ජයන්ත ධර්මදාස යනු කවුද?​

    මෙරට සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන 'නවලෝක මුදලාලි' නොහොත් දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස සහ මිලින් ධර්මදාස යුවලගේ සිව්වෙනි දරුවා ලෙස, හේවා කොමානගේ ජයන්ත ධර්මදාස,1948 නොවැම්බර් මස 07 වැනිදා උපත ලබා තිබේ.

    ජයන්ත ධර්මදාසට එක් සහෝදරයෙක් සහ සහෝදරියන් සිව්දෙනෙක් වෙති. ඔහුගේ එකම සොහොයුරා වන්නේ උපාලි ධර්මදාස යි.
    ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ අධ්‍යාපනය ලැබූ ඔහු, මූලික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු පියා යටතේ ඔහුගේ ව්‍යාපාරයන්හි සේවයට එක්විය.

    ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධයෙන් හදාරා පියාට අයත් නවලෝක ව්‍යාපාරයට සම්බන්ධ වූ ජයන්ත ධර්මදාසගේ පළමු රැකියාව වූයේ එහි ලිපිකාර තනතුර යි.
    ඔහු ඉන් කලකට පසුව මුදල් අයකැමිවරයෙක් ලෙස උසස් වීම් ලැබුවේ ය.

    ජයන්ත ධර්මදාස 1972 වර්ෂයේ මැයි මස 22 වෙනිදා විවාහ විය. ඒ, ව්‍යාපාරික පවුලකින් පැවත ආ ශ්‍රිනි ජයසේකර සමගින් ය. ඔවුන්ට දරුවන් තිදෙනෙකු සිටියි.
    2016 වසරේ නොවැම්බර් මස 28 වෙනිදා ජයන්ත ධර්මදාසගේ බිරිඳ වූ ශ්‍රීනි ජයසේකර ධර්මදාස අභාවප්ප්‍රාප්ත විය
    .

    ව්‍යපාර ක්ෂේත්‍රය​

    1985 වසරේ දී ඔහු නවලෝක සමූහ ව්‍යාපාරයේ නියෝජ්‍ය සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස පත්කරනු ලැබුවේ ය.
    එතැන් සිට වසර 26ක කාලයක් එම ධුරය හෙබවූ ඔහු, පියා වන එච්.කේ. ධර්මදාසගේ අභාවයෙන් පසුව 2011 වසරේ දී නවලෝක සමූහ ව්‍යාපාරයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂකධුරයට පත් විය.

    මේ වන විට වසර 46කට ආසන්න කාලයක් ව්‍යාපාර කේෂ්ත්‍රයේ රැඳී සිටින ජයන්ත ධර්මදාස නවලෝක සමූහ ව්‍යාපාරයට අමතරව තවත් ක්ෂේත්‍ර රැසක තනතුරු හොඹවා තිබේ.




    ජයන්ත ධර්මදාස දැරූ වෙනත් තනතුරු මොනවා ද?​

    • 2001 වසරේ සිට දිවයිනටම බලපැවැත්වෙන සාම විනිසුරු
    • 2005 -2007 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති
    • 2006-2007 ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති
    • 2010 - 2015 ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු
    • 2010 වසරේ දී ජාතික ආධුනිකත්ව සහ පුහුණු කිරීමේ අධිකාරියේ අධ්‍යක්ෂකවරයෙකු
    • 2013 - 2015 අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති
    • 2016 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති
    • 2020 ජුලි මස 29 වෙනිදා සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති


    E2kTwpw.jpg

    ජයන්ත ධර්මදාස (වමේ සිට දෙවැනි) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් උප සභාපතිධුරය දරයි



    එල්ලවී ඇති වෙනත් චෝදනා මොනවා ද?​

    • 2004 වසරේ දී සිදුකළ නවලෝක රෝහලේ කොටස් නිකුත් කිරීමේ දී, එහි අගය ඉහළ දැමීම සඳහා ව්‍යාජ ලෙස කටයුතු කළ බවට චෝදනා එල්ල කරමින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් ජයන්ත ධර්මදාස ඇතුළු නව දෙනෙකුට එරෙහිව 2006 වසරේ දී චෝදනා එල්ල කරමින් නඩු පවරන ලදී.
    ඒ වන විට ජයන්ත ධර්මදාස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිධුරය හොඹවමින් සිටියේ ය.
    • 2012 ජනවාරි සිට 2015 අප්‍රේල් යන කාල සීමාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුවූ බව කියන දූෂණ විමර්ශනය කිරීම සඳහා පත්කළ ත්‍රිපුද්ගල කමිටුව විසින් නිකුත් කෙරුණු වාර්තාව අනුව උපාලි සහ ජයන්ත ධර්මදාස සොහොයුරන්ට ද චෝදනා එල්ල විය. ඒ, ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු දරමින් සිටිය දී නිසි ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ඔවුන් හිමිකාරිත්වය දරන සමාගම් සමග ගිවිසුම් ගතවීම සම්බන්ධයෙනි.
    • ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ජයන්ත ධර්මදාස, ඔහුගේ සොයුරු උපාලි ධර්මදාස සමග අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹුණි.


    කලාව හා සම්බන්ධ තනතුරු​

    ධර්මදාස, ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස 2002-2003, 2008 -2010 සහ 2020 -2022 යන කාලසීමාවන්හි දී කටයුතු කළේ ය.
    2002 වසරේ දී ඔහු 'විශිෂ්ට ගීත නිර්මාණකරුවන්ගේ සංගමය' පිහිටවනු ලැබූ අතර එදින සිට මේ දක්වා එහි සභාපති තනතුර හොබවනු ලබයි.
    2004 වසරේ දී ඔහු 'සිනෙස්ටාර් පදනම' පිහිටවනු ලැබුවේ ය. එම කාලයේ සිට ඔහු එම සංගමයේ සභාපති තනතුර හොබවනු ලබයි.

    සෑම වසරකම මෙරට රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන 'රිදී රැයක්' ප්‍රසංගය සංවිධානය කෙරෙන්නේ ද සිනේස්ටාර් පදනම විසිනි. මේ වන විට සිනේස්ටාර් පදනම විසින් රිදී රැයක් ප්‍රසංග වාර 20ක් පසුගිය වසර ගණනාව පුරා පවත්වා තිබේ.

    රිදී රැයක් ප්‍රදර්ශනයෙන් උපයා ගන්නා අරමුදල් හරහා වාර්ෂිකව එහි සාමාජිකයින්ට වෛද්‍ය සහ ජීවිත රක්‍ෂණ ආවරණ ද, සුදුසුකම්ලත් පසුගිය වසරේ කලාකරුවන් සඳහා මාසික දීමනාවක් ලබා දීම ද සිදුකෙරේ.
    ප්‍රවීණ හා නව පරපුරේ රංගන ශිල්පින් 320කට අධික පිරිසක් සිනේස්ටාර් පදනමේ සාමාජිකයෝ වෙති.

    ගෞරව සම්මාන​

    2012 අප්‍රේල් මස 15 වෙනිදා සිට සිංගප්පූරු රජය විසින් ජයන්ත ධර්මදාස ශ්‍රී ලංකාව සඳහා වන ගෞරවනීය කොන්සල් ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබීය
    2017 වසරේ දී ජයන්ත ධර්මදාස හට ගෞරව ආචාර්ය සම්මානයක් පිරිනමන ලදී. ඒ, ඕස්ට්‍රේලියාවේ ස්වින්බර්න් තාක්ෂණ විශ්වවිද්‍යාලයයෙනි.
    2021 වසරේ දී ඔහුට සිංගප්පූරුවේ කීර්තිමත් රාජ්‍ය සේවා සම්මානය ප්‍රදානය කරනු ලැබුවේ ය. ඒ, 2019 අප්‍රේල් මස 21 වෙනිදා කොළඹ ඇතුළු ස්ථාන රැසකට එල්ල වූ ත්‍රස්ත බෝම්බ ප්‍රහාර මාලාවේ දී ඔහු විසින් ශ්‍රී ලංකාවට පත්කර සිටින සිංගප්පූරුවේ ගෞරවනීය කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කරමින් එරට වැසියන් වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීම වෙනුවෙනි.

    එල්ලවන චෝදනා ගැන උප සභාපති දුන් පිළිතුර​

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස ඊයේ (ජුලි 25) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, තමන්ට එල්ල වී තිබෙන සියලු චෝදනා අසත්‍ය බව ප්‍රකාශ කළේ ය.
    "කිසිම දෙයක් සතයක්වත් ක්‍රිකට් බෝඩ් එකෙන් වියදම් කරලා නැහැ. ඔය කියන ගමන් මම ගිහිල්ලත් නැහැ. ඒගොල්ලොත් එක්ක ගිහිල්ලත් නැහැ, ඒගොල්ලොත් එක්ක ඇවිල්ලත් නැහැ මන්. ඒක නිසා මෙය සම්පූර්ණ අසත්‍යයක්. ඔතන බෝර්ඩ් එකට (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට) එන්න සමහරුන්ගේ තියෙන කැමැත්ත නිසා, මේ තියෙන සල්ලි වියදම් කරන්න තියෙන කැමැත්ත නිසා තමයි මේ එන්න හදන්නේ.

    "ක්‍රිකටර්ස්ලා එක්ක මගෙත් සම්බන්ධතාවයක් තියෙන නිසා කරුණාකරලා එහෙම නම් කරන්න එපා. කවුරු හරි එහෙම කරනවානම් හරි වැරදියි. සමහරුන් ඉන්නවා ඉතාම ළාබාල කට්ටිය. අවුරුදු 19-20 ඒ වගේ වයස්වල. සමහරුන් ඉන්නවා පිට පළාත්වලින් කොළඹට ඇවිල්ලා ඉන්න කට්ටිය. ඒ නිසා කරුණාකරලා මේ අයගේ මානසිකත්වය නග්ගනවා ඇරෙන්න බස්සවන වැඩක් නම් කවුරුත් කරන්න එපා," උප සභාපතිවරයා එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ය.

    මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීමට බීබීසි සිංහල සේවය විසින් උප සභාපති ධර්මදාස දුරකථනයෙන් සම්බන්ධ කර ගනු ලැබූව ද, ඔහු සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා ගැන ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පිළිතුරු ලබාදුන් බව ඔහු පවසා සිටියේ ය.




    Source
    BBC.com
     
    • Haha
    Reactions: NRTG