ශ්‍රී ලංකා ජනරජ ජයන්තිය 1972 -2025

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,333
    100,187
    113
    1972 මැයි 22 වන දින - ශ්‍රී ලංකා ජනරජ දිනය

    එවකට සිලෝන් නමින් හැදින්වූ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවෙන් සැබෑ නිදහස ලබාගෙන වසර 50 ක් ගතවී ඇත.එතෙක් එංගලන්ත කිරීටය රාජ්‍ය නායකත්වයේ තබා සලකමින් ඩොමිනියන් නාමික නිදහසක් භුක්ති විදි අප ජාතියක් වශයෙන් පූර්ණව නිදහස අත්පත් කර ගත්තේ අද වැනි දිනකදීය.

    දිවංගත අගමැතිනි ගරු. සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය සහ ඇය නායකත්වය දුන් සමගි පෙරමුණ (1970 -1977) අප ජාතියට පූර්ණ ස්වාධීනත්වය ලබා ගැනීමේ පරමාර්ථය පෙරටුකොටගත් ජාතිකවාදී ප්‍රතිපත්ති ක්‍රියත්මක කිරීමට ජනරජයක් ස්ථාපිත කරනු වස් එතෙක් පැවති ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට
    1970 වසරේදී ශ්‍රී ලංකාවාසී ජනතවගෙන් ජන වරමක් ඉල්ලා සිටියේය .

    එකී ජනතාපරමාධිපත්‍ය ලබාදුන් තීන්දුවට ගරුකරමින් එවකට තෙරී පත් වූ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක සභාවක් බවට පරිවර්තනය කරමින් කොළඹ රාජකීය විද්‍යාලීය නව රගහලේ දී ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කිරීමේ පිඹුරුපත් සකස්කෙරුනි.

    එකී ජනරජ ව්‍යවස්ථාව මගින් දේශියත්වයට ප්‍රමුඛත්වය ලබාදෙමින් ‍එතෙක් රාජ්‍ය නායිකාව ලෙස සලකනු ලැබූ බ්‍රිතාන්‍ය රැජින සහ ඇගේ නියෙජිතයා ලෙස පත්කරනු ලැබූ අග්‍රාණ්ඩුකාර තනතුර ඉවත් කරමින් නාමික ජනාධිපතිවරයකු පත්කලේය . එමෙන්ම එතෙක් ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඕනෑම තීන්දුවකට එරෙහිව එංගලන්තයේ ප්‍රිව් කවුන්සලයට අභියාචනා ඉදිරිපත් කිරීමට සහ එම නඩු තීන්දු අවලංගු කිරීමට එම කවුන්සලයට හැකියාව තිබූ අතර මෙම බලය හේතුවෙන් 1962දී ශ්‍රී ලංකා රජයට එරෙහිව කුමන්ත්‍රණය කළ හමුදා කුමන්ත්‍රණ කරුවන්ට පවා එකී කුමන්ත්‍රණයට දඬුවම් දීමට පැනවූ අණපනත් අභියෝගයට ලක් කරමින් ප්‍රිව් කවුන්සිලය විසින් නිදහස ලබා දීමෙන් අප රටේ ස්වාධීනත්වය බරපතල ලෙස අභියෝගයට ලක් කරන ලදී . නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම සියලු බල තල අවලංගු වූ අතර ශ්‍රි ලංකාව පූර්ණ ස්වෛරී ස්වාධීන නිදහස් රාජ්‍යක් විය.

    1815 දී ස්වකීය ස්වෛරීත්වය අහිමිවූ ජාතියකට සහ එම ජාතියේ ස්වාධීනත්වය උදෙසා ජීවිත පූජා කල විරුවන්හට එකී අසාධාරණය සිදු වූ භුමිය මතම යලි සාධාරණය ඉටු කිරීමට සිරිමාවෝ මැතිනිය කටයුතු කලේය, එනම් එකී මහා පාවාදීම නිලවශයෙන් සිදුවූ සෙංකඩගල දළදා මාළිගා
    පරිශ්‍රයේ දීම පූර්ණ ස්වාධීන ජනරජය ප්‍රකාශයට පත්කිරීමයි , එම අවංක හැගීම එදා දළදා මාලිගා මහ මළුවේදී සිය ගාම්භීර හඩින් ජාතිය අමතමින් ඇය මෙසේ ඉදිරිපත් කලේය

    "අති පාරිශුද්ධ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කොට තිසරණ ආශිර්වාදය සහිතව මා මෙතනට ඔබ ඇමැතීම සඳහා පැමිණියේ පිරිසිදු සහ සැහැල්ලු සිතකිනි මේ වැනි ඉතාම වැදගත් සහ වැඩදායි අවස්ථාවක් ආරම්භයට පෙර අපගේ ජීවිතය මෙන් අවුරුදු දහස් ගණනක් අප ජාතිය ආරක්ෂා කළ ශ්‍රී දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම අපගේ ජීවිත තුළට කාවැදි චිරාගත සම්ප්‍රදායක් වන්නේය . මෙම වැදගත් උත්සවය සඳහා ඓතිහාසික මහනුවර තෝරාගත්තේ තවත් ඉතා වැදගත් හේතුවක් නිසාය, ජාතියක් වශයෙන් අපට තිබූ ස්වාධීනත්වය 1815 දී අවසාන වරට අපට අහිමි වූයේ මෙහිදීය. අපේම ජනතාව විසින් සකස් කර දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිතව නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් ආරම්භ කරන මෙම අවස්ථාවේදී මෙහි පැමිණ මෙම පොළොවේ සිට අපගේ ජාතික ධජය නැවත වරක් එසවීමේ භාග්‍යය මා හට හිමි වීම මාගේ ජීවිතයේ කිසිවිටකත් අමතක නොකළ හැකි අවස්ථාවක් ලෙස මා සලකමි. මේ අවස්ථාව අප රටට ඓතිහාසික මෙන්ම අමරණීය අවස්ථාවකි".

    සියවස් දෙකකට පසුව සිංහල බෞද්ධ නායකයකු රාජ්‍ය නායකයා ලෙස සැලකන යුගයක් නැවත උදාවුනි. අවාසනාවකට පසුව බලයට පැමිණි දේශපාලකයන් විසින් පක්ශ දේශපාලනය මත සහ ඔවුන් තුළ පැවති සිරිමාවෝ භීතිකාව හේතු කොට ගෙන ජනරජ දිනය සැමරීම අවලංගූ කල අතර එම දිනය ජාතික නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීමද අවලංගු කළේය. ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති සහ ජාත්‍යාලයේ තරම මෙයින් මැනවින් වටහා ගත හැක. අවසානයේ කෙමෙන් කෙමෙන් ජන මනසින්ද ජනරජ දිනය ඈත් විය.

    කෙසේ උවද “අමතක වූ ජනරජ දිනය අපගේ සැබෑ නිදහස් දිනය” බවට කිසිදු තර්කයක් නොමැත අතර කෘතවේදී ජාතියක් වශයෙන් මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ සියලු දෙනාට පින් පෙත් පමුණුවමින් අප එම දිනය සදා අනුස්මරණය කල යුතූය.

    ජයසංඛ මුතුරන්වෙල

    #ජයසංඛමුතුරන්වෙල 🇱🇰 #JayasankhaMuthuranwela🐚

    #Dream 🌼 #Believe 🌻#Achieve

    💓#Jay_Jay 🐚
    😍 #Love_Life 💖 #Live_Life 😘
    😘#Mamoi 🤗 #Kannukutti ❤️
    🤗 #Prince_of_Heart 🤴

     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    ජනරජ දිනය අදයි !

    1972 මැයි 22 වනදා, අප මාතෘ භූමිය මුළුමනින්ම බ්‍රිතාන්‍ය කිරීටයෙන් ගලවා ගෙන Ceylon නාමය සැබෑ "ශ්‍රී ලංකාව" බවට පත්ව, පූර්ණ නිදහස සාක්‍ෂාත් කරගත් දිනය අදයි. ස්වෛරී රාජ්‍යයක සිංහ ධජය නිදහසේ ලෙලදුන් දිනය අදයි.
    බ්‍රිතාන්‍ය සෝල්බරි ව්‍යවස්ථාව මුළුමනින්ම ඉවත් කරමින්, ඒකීය රාජ්‍යයක් ලෙස සන්නද්ධ සේනාවන්හි අණදීම මෙරට රාජ්‍යය නායකත්වයට පැවරීම, බ්‍රිතාන්‍ය ප්‍රිව් කවුන්සලයට යටත්ව පැවති අධිකරණ බලය මෙරට ජනතාවගේ උත්තරීතර අයිතියක් ලෙස ව්‍යවස්ථානුකූලව ස්ථාපිත වීම ජනරජ දිනයේ අප ලැබූ නිදහසයි.
    ජනරජ ලාංජනයෙන් බ්‍රිතාන්‍ය කිරීටය ඉවත්ව ධර්ම චක්‍රයත්, ඉරත්, හඳත්, පුන්කලසත්, පළාපෙති මධ්‍යයේ අසිපත අරා සිටින සිංහ රුවත් එක්වන්නේ මේ දිනා ගත් සැබෑ නිදහස නිසාය. ජාතික ධජයේ රතු පැහැ කොටසේ සිවු කොණට බෝපත් හතරක් එකතුවන්නේ ද 1972 මැයි 22 වනදා ලද ජාතික ජයග්‍රහණය හේතුවෙනි.
    1948 පෙබරවාරි 04 දින නිදහස ලැබුවත්, අප මාතෘභූමියට පුර්ණ නිදහස හිමිවන්නේ ඉන් දශක දෙකකට පමණ පසු ය.1970 මහ මැතිවරණයෙන් බිහිවූ සමගි පෙරමුණ ආණ්ඩුවට සැබෑ නිදහස ලබාගැනීමේ වුවමනාවක් තිබුණි. ලංකා සමසමාජ, කොමියුනිස්ට් පක්ෂ, දේශපාලන නායකයින් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය සමග එක්ව මෙම ජයග්‍රාහී ගමන අවසානයක් දක්වාම මෙහෙයවීම සැබෑ ජනතා ජයග්‍රහණකි.
    ජනරජ ව්‍යවස්ථාව සකස්කිරීමේ භාරධුර වගකීමට මූලිකත්වය ගෙන කටයුතු කළේ නීති ක්ෂේත්‍රය පිළිබඳවත්, දේශපාලනය පිළිබඳවත් හසල දැනුමැති ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා විසිනි.
    1972 මැයි 22, දහවල් 12.56 ට යෙදුණු සුබ නැකැතින් ශ්‍රී ලංකාව ස්වෛරී ජනරජයක් ලෙස ප්‍රකාශයට පත්කළේ සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය විසිනි.
    වාරියපොල ශ්‍රී සුමංගල හිමියන් තම දිවි හිමියෙන් නිදහස දිනාගනිමින් එසවූ ජාතික ධජය, පුර්ණ නිදහස් රටක ඉන් සියවස් දෙකකට පසු, දළදා පහස යට ස්වෛරීත්වයේ අභිමානය මැද අහසට නැගුණි.
    එවන් අභිමානවත් රාජ්‍යයක නිදහස හා ප්‍රගමනය වෙනුවෙන් කැපවුණු අද්විතීය දේශපාලන දේශහිතෛෂී නායකයන් කෘතවේදීව සිහිපත් කල යුතුය.
    එක්සත් ව, ජනරජය දිනවනු වස්, පුරවැසියන් පෙරමුණ ගත යුතු යුගය යලි එලඹ ඇත.

    පාඨලී චම්පික රණවක
    2025.05.22
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    ඇයී ඉතින් නම සීලොන් (සිංහලේ) කියන එක ලංකාව කියලා වෙනස් කලේ. කවුද එක කරන්න කිවේ. අපරාදේ