1972 මැයි 22 වන දින - ශ්‍රී ලංකා ජනරජ දිනය
එවකට සිලෝන් නමින් හැදින්වූ ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය රාජාණ්ඩුවෙන් සැබෑ නිදහස ලබාගෙන වසර 50 ක් ගතවී ඇත.එතෙක් එංගලන්ත කිරීටය රාජ්‍ය නායකත්වයේ තබා සලකමින් ඩොමිනියන් නාමික නිදහසක් භුක්ති විදි අප ජාතියක් වශයෙන් පූර්ණව නිදහස අත්පත් කර ගත්තේ අද වැනි දිනකදීය.
දිවංගත අගමැතිනි ගරු. සිරිමා රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක මැතිනිය සහ ඇය නායකත්වය දුන් සමගි පෙරමුණ (1970 -1977) අප ජාතියට පූර්ණ ස්වාධීනත්වය ලබා ගැනීමේ පරමාර්ථය පෙරටුකොටගත් ජාතිකවාදී ප්‍රතිපත්ති ක්‍රියත්මක කිරීමට ජනරජයක් ස්ථාපිත කරනු වස් එතෙක් පැවති ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීමට
1970 වසරේදී ශ්‍රී ලංකාවාසී ජනතවගෙන් ජන වරමක් ඉල්ලා සිටියේය .
එකී ජනතාපරමාධිපත්‍ය ලබාදුන් තීන්දුවට ගරුකරමින් එවකට තෙරී පත් වූ පාර්ලිමේන්තුව ව්‍යවස්ථා සම්පාදක සභාවක් බවට පරිවර්තනය කරමින් කොළඹ රාජකීය විද්‍යාලීය නව රගහලේ දී ශ්‍රී ලාංකේය ඉතිහාසයේ නව යුගයක් සනිටුහන් කිරීමේ පිඹුරුපත් සකස්කෙරුනි.
එකී ජනරජ ව්‍යවස්ථාව මගින් දේශියත්වයට ප්‍රමුඛත්වය ලබාදෙමින් එතෙක් රාජ්‍ය නායිකාව ලෙස සලකනු ලැබූ බ්‍රිතාන්‍ය රැජින සහ ඇගේ නියෙජිතයා ලෙස පත්කරනු ලැබූ අග්‍රාණ්ඩුකාර තනතුර ඉවත් කරමින් නාමික ජනාධිපතිවරයකු පත්කලේය . එමෙන්ම එතෙක් ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් ඕනෑම තීන්දුවකට එරෙහිව එංගලන්තයේ ප්‍රිව් කවුන්සලයට අභියාචනා ඉදිරිපත් කිරීමට සහ එම නඩු තීන්දු අවලංගු කිරීමට එම කවුන්සලයට හැකියාව තිබූ අතර මෙම බලය හේතුවෙන් 1962දී ශ්‍රී ලංකා රජයට එරෙහිව කුමන්ත්‍රණය කළ හමුදා කුමන්ත්‍රණ කරුවන්ට පවා එකී කුමන්ත්‍රණයට දඬුවම් දීමට පැනවූ අණපනත් අභියෝගයට ලක් කරමින් ප්‍රිව් කවුන්සිලය විසින් නිදහස ලබා දීමෙන් අප රටේ ස්වාධීනත්වය බරපතල ලෙස අභියෝගයට ලක් කරන ලදී . නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම සියලු බල තල අවලංගු වූ අතර ශ්‍රි ලංකාව පූර්ණ ස්වෛරී ස්වාධීන නිදහස් රාජ්‍යක් විය.
1815 දී ස්වකීය ස්වෛරීත්වය අහිමිවූ ජාතියකට සහ එම ජාතියේ ස්වාධීනත්වය උදෙසා ජීවිත පූජා කල විරුවන්හට එකී අසාධාරණය සිදු වූ භුමිය මතම යලි සාධාරණය ඉටු කිරීමට සිරිමාවෝ මැතිනිය කටයුතු කලේය, එනම් එකී මහා පාවාදීම නිලවශයෙන් සිදුවූ සෙංකඩගල දළදා මාළිගා
පරිශ්‍රයේ දීම පූර්ණ ස්වාධීන ජනරජය ප්‍රකාශයට පත්කිරීමයි , එම අවංක හැගීම එදා දළදා මාලිගා මහ මළුවේදී සිය ගාම්භීර හඩින් ජාතිය අමතමින් ඇය මෙසේ ඉදිරිපත් කලේය
"අති පාරිශුද්ධ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වන්දනා කොට තිසරණ ආශිර්වාදය සහිතව මා මෙතනට ඔබ ඇමැතීම සඳහා පැමිණියේ පිරිසිදු සහ සැහැල්ලු සිතකිනි මේ වැනි ඉතාම වැදගත් සහ වැඩදායි අවස්ථාවක් ආරම්භයට පෙර අපගේ ජීවිතය මෙන් අවුරුදු දහස් ගණනක් අප ජාතිය ආරක්ෂා කළ ශ්‍රී දළදා සමිදුන්ගේ ආශිර්වාදය ලබා ගැනීම අපගේ ජීවිත තුළට කාවැදි චිරාගත සම්ප්‍රදායක් වන්නේය . මෙම වැදගත් උත්සවය සඳහා ඓතිහාසික මහනුවර තෝරාගත්තේ තවත් ඉතා වැදගත් හේතුවක් නිසාය, ජාතියක් වශයෙන් අපට තිබූ ස්වාධීනත්වය 1815 දී අවසාන වරට අපට අහිමි වූයේ මෙහිදීය. අපේම ජනතාව විසින් සකස් කර දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහිතව නිදහස් ස්වෛරී ස්වාධීන ජනරජයක් ආරම්භ කරන මෙම අවස්ථාවේදී මෙහි පැමිණ මෙම පොළොවේ සිට අපගේ ජාතික ධජය නැවත වරක් එසවීමේ භාග්‍යය මා හට හිමි වීම මාගේ ජීවිතයේ කිසිවිටකත් අමතක නොකළ හැකි අවස්ථාවක් ලෙස මා සලකමි. මේ අවස්ථාව අප රටට ඓතිහාසික මෙන්ම අමරණීය අවස්ථාවකි".
සියවස් දෙකකට පසුව සිංහල බෞද්ධ නායකයකු රාජ්‍ය නායකයා ලෙස සැලකන යුගයක් නැවත උදාවුනි. අවාසනාවකට පසුව බලයට පැමිණි දේශපාලකයන් විසින් පක්ශ දේශපාලනය මත සහ ඔවුන් තුළ පැවති සිරිමාවෝ භීතිකාව හේතු කොට ගෙන ජනරජ දිනය සැමරීම අවලංගූ කල අතර එම දිනය ජාතික නිවාඩුවක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීමද අවලංගු කළේය. ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති සහ ජාත්‍යාලයේ තරම මෙයින් මැනවින් වටහා ගත හැක. අවසානයේ කෙමෙන් කෙමෙන් ජන මනසින්ද ජනරජ දිනය ඈත් විය.
කෙසේ උවද “අමතක වූ ජනරජ දිනය අපගේ සැබෑ නිදහස් දිනය” බවට කිසිදු තර්කයක් නොමැත අතර කෘතවේදී ජාතියක් වශයෙන් මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ සියලු දෙනාට පින් පෙත් පමුණුවමින් අප එම දිනය සදා අනුස්මරණය කල යුතූය.
ජයසංඛ මුතුරන්වෙල
#ජයසංඛමුතුරන්වෙල
#JayasankhaMuthuranwela
#Dream
#Believe
#Achieve
#Jay_Jay 
#Love_Life
#Live_Life 
#Mamoi
#Kannukutti 
#Prince_of_Heart 