Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ශ්‍රී ලංකා ටෙලිකොම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඟුරු ඇති මිරිස් එපාමයි..! මේ ඇරඹෙන්න යන්නේ මෛත්‍රී රෙජීමයද? මිතුරනි අවදියෙන් ඉන්න..!

(ලංකා ඊ නිව්ස් -2015.ජන.22, ප.ව.11.30) ගොබ්බ ඥාති ඝනයා රටේ ප්‍රධාන වැදගත් ආයතන වල මුල් පුටු වලට පත් කර රටම විනාශ මුඛයට යැවූ රාජපක්ෂ රෙජීමය ජනවාරි 8 වෙනිදා දිනය තුල එළවා දැමූ මේ රටේ නිර්භීත විපාක්ෂික ජනතාව යලිත් ඒ විනාශ මුඛයටම ගොදුරු කිරීම මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාද ආරම්භ කර තිබෙන වග සාතිශය සංවේගයෙන් වාර්තා කිරීමට සිදුව තිබේ.

ටෙලිකොම් සභාපති ධූරය වැනි, ව්‍යාපාරික සහ විද්‍යාඥ ඥානයෙන් යුත් නව යුගයේ ‘බරණ ගණිතයෙක්‘ අත රැඳිය යුතු අතිශය සංවේදී තනතුරකට මෛත්‍රීපාල සිරිසේන ගේ ගස් කපමින් සිටි ගොබ්බ මලයෙක් පත් කර තිබේ. පත්වීම සිදුකර ඇත්තේද මෛත්‍රී විසින්ම වීම කණගාටුදායකය.

පල්ලෙවත්ත ගමරාලලාගේ කුමාරසිංහ සිරිසේන නම් ටෙලිකොම් සභාපති ස්වීප් ටිකට් පත ලත් මේ පුද්ගලයා මීට පෙර 2006 වසරේ සිට රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තිබූ රාජ්‍ය ඉඩම් ටික මංකොල්ලා කෑම සඳහා රාජපක්ෂලා විසින් ගොඩ නැගූ ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන පුද්ගලික සමාගම නම් අර්ධ රාජ්‍ය සමාගමේ අධ්යක්ෂ වරයෙක් ලෙසද කටයුතු කළ මෛත්‍රීගේ මල්ලීට ඇත්තේ අතීතය සම්බන්ධ සුදු සහතිකයක් නොවේ.

කෙසේ වෙතත් ඊයේ (21) හදිසියේම තමන් ටෙලිකොම් සභාපති ලෙස පත් කර ඇතැයි ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් ගේ අත්සන සහිත ලිපියක් ද රැගෙන කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් ආයතනයට කිසිදු දැනුම් දීමකින් තොරව කඩා වැදුනේය. ඔහු පැමිණියේ තනිව නොවේ. මීට වසර ගණනකට පෙර ටෙලිකොම්හි කරන ලද දූෂන ගැන සොයා බැලීමට විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර ගේ නායකත්වයෙන් පත් කළ කොමිසමකින් දූෂිතයෙක් ලෙස නම් කර එළවා දැමූ ටෙලිකොම් සමාගමේ හිටපු මානව සම්පත් කළමණාකරු ජයන්ත තිලකරත්න නමැති දූෂිතයාද සමගය.

බලහත්කාරයෙන් සභාපති ආගාරයේ යතුර රැගෙන විවෘත කරවා ගත් කුමාරසිංහ තමා අද සිට ටෙලිකොම් සභාපති වූවා යැයි අනෙකුත් නිලධාරීන්ට දැනුම් දුන්නේය. මොහු ජනාධිපතිගේ මල්ලී නිසා සභාපති ලේකම් ද ප්‍රධාන විධායක නිලධාරියාද ඉවසා ගනිමින් දැනුම් දී ඇත්තේ තමන්ට අගමැති රනිල් වික්‍රමසිංහ හෝ මුදල් ඇමැති රවි කරුණානායක හෝ ටෙලිකොම් නව ඇමැතිවරයා ලෙස පත් කළ මංගල සමරවීර හෝ මෙවැනි පත් කිරීමක් ගැන දැනුම් දී නැති බවයි.

තමා ජනාධිපතිගේ මල්ලී යැයි ද ජනාධිපති ලේකම් තමාව ටෙලිකොම් සභාපති ලෙස පත් කර ඇතැයිද කුමාරසිංහ එවිට පැවසීය. එවිට එහි නිලධාරීන් සාමකාමීව තේරුම් කර දුන්නේ ටෙලිකොම් සභාපති සහ අධ්යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති ලේකම්ට බලයක් නැති බවත් ටෙලිකොම් වැඩි කොටස් හිමි වන්නේ මහා භාණ්ඩාගාරයට නිසා මේ පත් කිරීම් සිදුකළ හැක්කේ නීතියේ හැටියට භාණ්ඩාගාර ලේකම් වරයාට බවයි.

ඉන්පසුව යලි පෙර කී දූෂිත ජයන්ත තිලරත්නද සමග පිටත්ව ගිය කුමාරසිංහ සිරිසේන යලි සවස පැමිණියේ භාණ්ඩාගාර ලේකම්ගේද ලිපියක් සහිතවය. ඉන්පසුව අද උදෑසන යලි පැමිණ නිල වශයෙන් පොල්තෙල් පහනක් දල්වා රාජපක්ෂලාටත් බණ කියන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ද කැඳවා වැඩ බාර ගත්තේය.

මෙම වැඩ බාර ගැනීමේ උත්සවයට දූෂිත ජයන්ත තිලකරතන්න මදිවාට තවත් දූෂිතයෙක් රැගෙන විත් තිබිණ. ඔහු නම් පසුගිය මැතිවරණයේදී රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් මොබිටෙල් ආයතනය සම්පූර්ණයෙන්ම දූෂන ගුලාවක ගිල්ල වූ එහි ප්‍රධාන විධායක රංජිත් රූපසිංහද සමගය. ( ජනවාරි 12 දා ලංකා ඊ නිව්ස් ඔහුගැන පළකළ “මැතිවරණ දූෂණයේ යෙදුනු මොබිටෙල් ප්‍රධාන විධායක රංජිත් රූපසිංහ හිරේ දමා අප ආයතනයේ යහපාලනය පිහිටුවනු මැනවි -මොබිටෙල් සේවකයන්ගෙන් පෙත්සමක්“ නම් ප්‍රවෘත්තිය කියවන්න)

‘මල්ලීට මේ රජගේ අය්ය සැදූ‘ අද පැවැති මෙම නිල උත්සවයේ තවත් ප්‍රධාන චරිතයක්ව සිටියේ රාජපක්ෂලාගේ අංක එකේ සට්ටැඹියෙක් වූ කාලිංග ඉන්ද්රතිස්සයි. කාලිංග දැනට සිටින ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ වරයෙක් වන නමුත් වසර 4 ක් තිස්සේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් දෙක තුනකට වැඩියෙන් සහභාගී වී නැති නමුත් ටෙලිකොම් වියදමින් විදේශ සංචාර 50 ක් පමණ ගිය අයෙකි.

මෙම උත්සවයට හිටපු අධ්යක්ෂ මණ්ඩලයෙන් කැපී යන අය සහභාගී වූයේ නැත. ඒ අතර ටෙලිකොම් හිටපු සභාපති නිමල් වෙල්ගම, ජයන්ත ධර්මදාස සහ චමල් පුත් චමින්ද රාජපක්ෂ විය. සාමාන්‍යයෙන් කැපී යන අය නව සභාපතිගේ උත්සවයට නොපැමිණ සිටියදී කාලිංග ඉන්ද්‍රතිස්සගේ පැමිණීමෙන් ගම්‍ය වන්නේ නව අධ්යක්ෂ මණ්ඩලයටත් කාලිංගයා, මාඝ සේ ටෙලිකොම් දුෂ්ඨයෙක්ම වෙන බවයි.

ටෙලිකොම් ආයතනය තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයට අයත් විය යුතු වුවද නව අමාත්‍යාංශ බෙදීම් අනුව පත් කර ඇත්තේ විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ටෙලිකොම් ඇමැතිගේ වගකීම් ධාරාවටය. සමරවීර ටෙලිකොම් ඇමැති වූවද එහි සභාපති කුමාරසිංහ පත් කරන බව වත් ඔහු දන්නේ නැත. අනෙක් අතට ටෙලිකොම් සමාගමට සභාපති වරයෙක් පත් කළ යුතු නිල ක්‍රමවේදය ජනාධිපති ලේකම් අබේකෝන්ද දැන ගෙන සිට නැත. දන්නවා නම් ලියුමක් දී පියුං කෙනෙක් එවන්නා සේ සභාපති වරයෙක් එවන්නේ නැත.

ජනාධිපති මෛත්‍රී, අබේකෝන් වැනි ප්‍රොටෝකෝල් නොදන්නා, ද්විභාෂා කෙසේ වෙතත් එක් භාෂාවක් හෝ හරියට නොදන්නා පුස්සෙක් තම ජනාධිපති ලේකම් කර ගැනීමේ දී ලේකමා මෙවැනි ගොං වැඩ කරාවි යැයි ලංකා ඊ නිව්ස් ඇතුළු අනෙකුත් මාධ්‍ය අනන්තවත් අනතුරු අඟවා තිබිණ.

අද සිදුවීමෙන් පසු මේ ඇරඹෙන්න යන්නේ ‘මෛත්‍රී රෙජීමය‘ විය හැකියැයි සැක සිතෙන බැවින් ජනතාවට අවදියෙන් සිටින ලෙස ජනතාවට වග කියන මාධ්‍යයක් ලෙස පූර්ව අනතුරු අැඟවීමක් කරමු.

ඉඟුරු ඇති මිරිස් එපාමයි..!

[QUOTE="saman_007, post: 17787320, member: 512039"] ඉඟුරු ඇති මිරිස් එපාමයි..! මේ ඇරඹෙන්න යන්නේ මෛත්‍රී රෙජීමයද? මිතුරනි අවදියෙන් ඉන්න..! (ලංකා ඊ නිව්ස් -2015.ජන.22, ප.ව.11.30) ගොබ්බ ඥාති ඝනයා රටේ ප්‍රධාන වැදගත් ආයතන වල මුල් පුටු වලට පත් කර රටම විනාශ මුඛයට යැවූ රාජපක්ෂ රෙජීමය ජනවාරි 8 වෙනිදා දිනය තුල එළවා දැමූ මේ රටේ නිර්භීත විපාක්ෂික ජනතාව යලිත් ඒ විනාශ මුඛයටම ගොදුරු කිරීම මෛත්‍රීපාල සිරිසේන නව ජනාධිපතිවරයාද ආරම්භ කර තිබෙන වග සාතිශය සංවේගයෙන් වාර්තා කිරීමට සිදුව තිබේ. ටෙලිකොම් සභාපති ධූරය වැනි, ව්‍යාපාරික සහ විද්‍යාඥ ඥානයෙන් යුත් නව යුගයේ ‘බරණ ගණිතයෙක්‘ අත රැඳිය යුතු අතිශය සංවේදී තනතුරකට මෛත්‍රීපාල සිරිසේන ගේ ගස් කපමින් සිටි ගොබ්බ මලයෙක් පත් කර තිබේ. පත්වීම සිදුකර ඇත්තේද මෛත්‍රී විසින්ම වීම කණගාටුදායකය. පල්ලෙවත්ත ගමරාලලාගේ කුමාරසිංහ සිරිසේන නම් ටෙලිකොම් සභාපති ස්වීප් ටිකට් පත ලත් මේ පුද්ගලයා මීට පෙර 2006 වසරේ සිට රාජ්‍ය දැව සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යටතේ තිබූ රාජ්‍ය ඉඩම් ටික මංකොල්ලා කෑම සඳහා රාජපක්ෂලා විසින් ගොඩ නැගූ ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන පුද්ගලික සමාගම නම් අර්ධ රාජ්‍ය සමාගමේ අධ්යක්ෂ වරයෙක් ලෙසද කටයුතු කළ මෛත්‍රීගේ මල්ලීට ඇත්තේ අතීතය සම්බන්ධ සුදු සහතිකයක් නොවේ. කෙසේ වෙතත් ඊයේ (21) හදිසියේම තමන් ටෙලිකොම් සභාපති ලෙස පත් කර ඇතැයි ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් ගේ අත්සන සහිත ලිපියක් ද රැගෙන කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් ආයතනයට කිසිදු දැනුම් දීමකින් තොරව කඩා වැදුනේය. ඔහු පැමිණියේ තනිව නොවේ. මීට වසර ගණනකට පෙර ටෙලිකොම්හි කරන ලද දූෂන ගැන සොයා බැලීමට විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර ගේ නායකත්වයෙන් පත් කළ කොමිසමකින් දූෂිතයෙක් ලෙස නම් කර එළවා දැමූ ටෙලිකොම් සමාගමේ හිටපු මානව සම්පත් කළමණාකරු ජයන්ත තිලකරත්න නමැති දූෂිතයාද සමගය. බලහත්කාරයෙන් සභාපති ආගාරයේ යතුර රැගෙන විවෘත කරවා ගත් කුමාරසිංහ තමා අද සිට ටෙලිකොම් සභාපති වූවා යැයි අනෙකුත් නිලධාරීන්ට දැනුම් දුන්නේය. මොහු ජනාධිපතිගේ මල්ලී නිසා සභාපති ලේකම් ද ප්‍රධාන විධායක නිලධාරියාද ඉවසා ගනිමින් දැනුම් දී ඇත්තේ තමන්ට අගමැති රනිල් වික්‍රමසිංහ හෝ මුදල් ඇමැති රවි කරුණානායක හෝ ටෙලිකොම් නව ඇමැතිවරයා ලෙස පත් කළ මංගල සමරවීර හෝ මෙවැනි පත් කිරීමක් ගැන දැනුම් දී නැති බවයි. තමා ජනාධිපතිගේ මල්ලී යැයි ද ජනාධිපති ලේකම් තමාව ටෙලිකොම් සභාපති ලෙස පත් කර ඇතැයිද කුමාරසිංහ එවිට පැවසීය. එවිට එහි නිලධාරීන් සාමකාමීව තේරුම් කර දුන්නේ ටෙලිකොම් සභාපති සහ අධ්යක්ෂ මණ්ඩලය පත් කිරීමට ජනාධිපති ලේකම්ට බලයක් නැති බවත් ටෙලිකොම් වැඩි කොටස් හිමි වන්නේ මහා භාණ්ඩාගාරයට නිසා මේ පත් කිරීම් සිදුකළ හැක්කේ නීතියේ හැටියට භාණ්ඩාගාර ලේකම් වරයාට බවයි. ඉන්පසුව යලි පෙර කී දූෂිත ජයන්ත තිලරත්නද සමග පිටත්ව ගිය කුමාරසිංහ සිරිසේන යලි සවස පැමිණියේ භාණ්ඩාගාර ලේකම්ගේද ලිපියක් සහිතවය. ඉන්පසුව අද උදෑසන යලි පැමිණ නිල වශයෙන් පොල්තෙල් පහනක් දල්වා රාජපක්ෂලාටත් බණ කියන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ද කැඳවා වැඩ බාර ගත්තේය. මෙම වැඩ බාර ගැනීමේ උත්සවයට දූෂිත ජයන්ත තිලකරතන්න මදිවාට තවත් දූෂිතයෙක් රැගෙන විත් තිබිණ. ඔහු නම් පසුගිය මැතිවරණයේදී රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් මොබිටෙල් ආයතනය සම්පූර්ණයෙන්ම දූෂන ගුලාවක ගිල්ල වූ එහි ප්‍රධාන විධායක රංජිත් රූපසිංහද සමගය. ( ජනවාරි 12 දා ලංකා ඊ නිව්ස් ඔහුගැන පළකළ “මැතිවරණ දූෂණයේ යෙදුනු මොබිටෙල් ප්‍රධාන විධායක රංජිත් රූපසිංහ හිරේ දමා අප ආයතනයේ යහපාලනය පිහිටුවනු මැනවි -මොබිටෙල් සේවකයන්ගෙන් පෙත්සමක්“ නම් ප්‍රවෘත්තිය කියවන්න) ‘මල්ලීට මේ රජගේ අය්ය සැදූ‘ අද පැවැති මෙම නිල උත්සවයේ තවත් ප්‍රධාන චරිතයක්ව සිටියේ රාජපක්ෂලාගේ අංක එකේ සට්ටැඹියෙක් වූ කාලිංග ඉන්ද්රතිස්සයි. කාලිංග දැනට සිටින ටෙලිකොම් අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ වරයෙක් වන නමුත් වසර 4 ක් තිස්සේ අධ්යක්ෂ මණ්ඩල රැස්වීම් දෙක තුනකට වැඩියෙන් සහභාගී වී නැති නමුත් ටෙලිකොම් වියදමින් විදේශ සංචාර 50 ක් පමණ ගිය අයෙකි. මෙම උත්සවයට හිටපු අධ්යක්ෂ මණ්ඩලයෙන් කැපී යන අය සහභාගී වූයේ නැත. ඒ අතර ටෙලිකොම් හිටපු සභාපති නිමල් වෙල්ගම, ජයන්ත ධර්මදාස සහ චමල් පුත් චමින්ද රාජපක්ෂ විය. සාමාන්‍යයෙන් කැපී යන අය නව සභාපතිගේ උත්සවයට නොපැමිණ සිටියදී කාලිංග ඉන්ද්‍රතිස්සගේ පැමිණීමෙන් ගම්‍ය වන්නේ නව අධ්යක්ෂ මණ්ඩලයටත් කාලිංගයා, මාඝ සේ ටෙලිකොම් දුෂ්ඨයෙක්ම වෙන බවයි. ටෙලිකොම් ආයතනය තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යාංශයට අයත් විය යුතු වුවද නව අමාත්‍යාංශ බෙදීම් අනුව පත් කර ඇත්තේ විදේශ ඇමැති මංගල සමරවීර, හිටපු ටෙලිකොම් ඇමැතිගේ වගකීම් ධාරාවටය. සමරවීර ටෙලිකොම් ඇමැති වූවද එහි සභාපති කුමාරසිංහ පත් කරන බව වත් ඔහු දන්නේ නැත. අනෙක් අතට ටෙලිකොම් සමාගමට සභාපති වරයෙක් පත් කළ යුතු නිල ක්‍රමවේදය ජනාධිපති ලේකම් අබේකෝන්ද දැන ගෙන සිට නැත. දන්නවා නම් ලියුමක් දී පියුං කෙනෙක් එවන්නා සේ සභාපති වරයෙක් එවන්නේ නැත. ජනාධිපති මෛත්‍රී, අබේකෝන් වැනි ප්‍රොටෝකෝල් නොදන්නා, ද්විභාෂා කෙසේ වෙතත් එක් භාෂාවක් හෝ හරියට නොදන්නා පුස්සෙක් තම ජනාධිපති ලේකම් කර ගැනීමේ දී ලේකමා මෙවැනි ගොං වැඩ කරාවි යැයි ලංකා ඊ නිව්ස් ඇතුළු අනෙකුත් මාධ්‍ය අනන්තවත් අනතුරු අඟවා තිබිණ. අද සිදුවීමෙන් පසු මේ ඇරඹෙන්න යන්නේ ‘මෛත්‍රී රෙජීමය‘ විය හැකියැයි සැක සිතෙන බැවින් ජනතාවට අවදියෙන් සිටින ලෙස ජනතාවට වග කියන මාධ්‍යයක් ලෙස පූර්ව අනතුරු අැඟවීමක් කරමු. ඉඟුරු ඇති මිරිස් එපාමයි..! [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom