ශ්‍රී ලංකා පුරවැසියකු හඳට

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ශ්‍රී ලංකා පුරවැසියකු හඳට

    අගහරුවාදා ජනපති සිරිසේන මහතා :-

    “අපේ බුද්ධි අංශ ඉතාම හොදින් ක්‍රියාත්මකව සිටිනවා. දින තුනක් ඇතුළත වගකිවයුතු අයගෙන් 99% ක්ම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉදිරි දින 3 දී ඉතිරි අයත් අත්අඩංගුවට ගන්නවා”

    නමුත් එදිනම අගමැති වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙවැන්නකි.

    “මම අවස්ථා කිහිපයකදීම පවසා සිටියා වගේ, මේ තර්ජනය තවමත් අවසන් නැහැ. මොකද අපි අන්තර්ජාතික ත්‍රස්තවාදයකට හසුව සිටිනවා. ශ්‍රී ලංකාවේ මෙයට හවුල්ව සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබුනත්, මේ ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාවේ කටයුතුවලට අතපෙවිය හැකි වෙනත් මාර්ග තිබෙනවා”

    මෙය 2009 වසරේ කොටි ත්‍රස්තයින් පරාජය කිරීමේ මෙහෙයුමට නායකත්වය දුන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ද පිළිගත් අතර, පසුගිය බදාදා පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ මෙම නව ත්‍රස්තවාදී වියරුව මර්දනය කිරීමට අවම වශයෙන් වසර 2ක් වත් ගතවනු ඇති බවය.

    මෙසේ එකිනෙකට වෙනස් අදහස් දැක්වීම සැළකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියේ එකම හඬකින් අදහස් දැක්වීම රජයක වගකීම වන බවය. පාලක පක්ෂයේ නායක දෙපළ අතර විසරකය කොතරම් දුරකට ගොස් ඇති ද කිවහොත්, ඒ දෙපළ සමගි කරවීමට වඩා ශ්‍රී ලංකා පුරවැසියකු හඳට යැවීම වඩා පහසු කටයුත්තක් වනු ඇත
    :(:(:(
     
    Dominos Piza

    Member
    Jun 18, 2018
    77
    9
    0
    රනිල් වික්‍රමසිංහ වෙත!!!

    ආරක්ෂක අංශවල්ටද ඔබලාගේ ආණ්ඩුකරණය දැන් විස්වාශ නැත. එනිසා දැන් නීතිය අතටගත් ජනතාව එම නීතිය භාවිතා කරන අයුරු බලාගෙන ඔවුන් නිසොල්මනේ ය. එහි අනිටු ප්‍රතිවිපාක ඊයේ පෙරේදා කුරුනෑගලින් හලාවතින් අපිට දකින්නට හැකිවිය. මේ දේවල් මෙලෙස වනවිට පසුගියදා ඔබ අරලිය ගහ මන්දිරයට රැකියා ගන්නට පැමිණි ක්‍රීඩා ගුරුවරුන්ට කීවේ ප්‍රහරය පිළිබඳව දැනුවත්ව සිටියදී එය වළක්වා ගන්නට නොහැකිවීම නිසා ජනතාව ආණ්ඩුව කෙරෙහි සහ රජය කෙරෙහි විශ්වාසය බිඳගෙන ඇති බවය. අගමැති ලෙස මේ ප්‍රකාශය පිළිබඳව ඔබට සුළු හෝ ලැජ්ජාවක් නැතිදැයි ඇසිය යුතුය.

    මේ දේවල් මෙලෙස වෙන්නේ ඔබට දැන් රාජ්‍ය පාලනයට ශක්තියක් නැතිනිසා වෙන්නට ඇත. එය එහෙම නැතිනම් සිරිසේන බලය නොදී සිටින නිසා වෙන්නට ඇත. සිරිසේන ආණ්ඩුව කරන්න බලය නොදෙන්නේ නම් ඔබ එය ජනතාව ඉදිරියට පැමිණ ඉල්ලා සිටිය යුතුය. එයටත් ඔබට ශක්තියක් නැතිනම් එයට ශක්තිය තිබෙන කෙනෙකුට අගමැති ධූරය පිරිනමා ඔබ ඔය අසුනින් නැගිට යායුතුය. ඔබට ඔබේම පෙරමුණේ කෙනෙකුට එහෙම අගමැතිකම දෙන්නට බැරිනම් සිරිසේනට කැමති කෙනෙක් දාගෙන කරගෙන යන්න යැයි කියා ඔබට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්නට පුළුවන් ය.

    දැන් අවශ්‍ය වන්නේ ජනතා විශ්වාසය දිනාගන්න පුළුවන් ආණ්ඩුක්‍රරණයක් ය. ජනතාව තම දුවා දරුවන් තවමත් පාසල් යවන්නට මැළිවන්නේ ආණ්ඩුව කෙරෙහි ඔවුන්ට කිසි විශ්වාසයක් නැති නිසාය. සාමාන්‍ය ජනජීවිතය මෙලෙස එන්න එන්නම අයහපතට ගමන් කිරීම මිලිටරි ජුන්ටාවක හිමිදිරිය වන්නට බැරි නැත. එනිසා ඔබ වහාම තීරණයක් ගෙන ඉල්ලා අස්වීම රටේ අනාගතයට සුබය. එහෙම නැතිව ගැටුම් සිදුවෙන ප්‍රදේශවල සංචාරය කරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීම රටේ ඉදිරි අනාගතයට සුබ නැත...

    -කේ සංජීව
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,546
    113
    රූකඩ රාජ්ජේ

    bump