ශ්‍රී ලංකා බුද්ධි අංශ

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ශ්‍රී ලංකා බුද්ධි අංශ

    varen athulata




    varen,



    varen,



    මැලේසියාවේදී ශ්‍රී ලංකා බුද්ධි අංශ 2015 වනතුරු කොටි මර්ධනය කලේ මෙලෙසයි

    2015 මැයි මස දක්‌වා කුවාලම්පූර්හි ශ්‍රී ලංකා මහ කොමාසාරිස්‌ කාර්යාලයේ බුද්ධි විමර්ශන ජාලයක්‌ ක්‍රියාත්මක වුණා. එය ක්‍රියාත්මක කළේ හිටපු නියෝජ්‍ය මහ කොමාසාරිස්‌ මේජර් ජනරාල් මානවඩුයි. එහෙත් වත්මන් රජය මේජර් ජනරාල්වරයාව ශ්‍රී ලංකාවට කැඳවූවා. ඔහු මැලේසියාවේ සිටින කාලය තුළ පාම් වතුවල සිටින කොටි ගැන සෙවීමට ඔත්තුකරුවන් කීපදෙනකු මෙහෙයවූවා. එම තොරතුරු පොලිස්‌පති කාලිද් අබුබකර්ටත් ලබාදීමෙන් කොටි අසුවුනා යෑයි එම ශ්‍රී ලාංකිකයන් හෙලිකළේය.

    වාන් පුලිගාල් හෙවත් කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි ගුෂාන්තන්, කොටින්ගේ ටොසි බුද්ධි සේවාවට තොරතුරු සැපයූ කපිතන් ඉන්දික සංජීව හෙවත් සාන්ඡ් මොහොමඩ් ඇතුළු කොටි ක්‍රියාකාරීන් අසුවූයේ එම බුද්ධි ජාලය නිසාය.

    එහෙත් මැලේසියාවේ තානාපති කාර්යාලයේ බලධාරියෙක්‌ එම බුද්ධි ජාලය බිඳ දැමීය. එහි ප්‍රතිඵලය මහකොමසාරිස්‌ට හා සෙන්තුල් විහාරාධිපතිට පහරදීමේ සිද්ධි වලින් සනාථ විය.

    මැලේසියාවේ නාම් තමිලර් මෙහෙයුම් ගැන දැනගැනීමට අපේ මහකොමසාරිස්‌ කාර්යාලයට නොහැකිවුණා. මහ කොමාසාරිස්‌ට පහරදීමට කණ්‌ඩායමක්‌ ක්‌වාලම්පූර් ගුවන් තොටුපලේ සිටින බවටත් මහකොමසාරිස්‌ කාර්යාලයේ නිලධාරීන් දැනසිටියේ නැත. එදා ජනරාල් මානවඩු ක්‌වාලම්පූර් ගුවන්තොටුපලට එන කොටි ගැන විමර්ශනය කිරීමට ඔත්තුකරුවකු යොදවා තිබුණා. මේ නිසා එම සමයේ මැලේසියානු ඊලම්ජාලයට ප්‍රචණ්‌ඩකාරී ක්‍රියාවක්‌ සිදුකිරීමට නොහැකිවුණා යයි මැලේසියානු ආරංචි මාර්ග හෙලිකළේය.

    එසේම කොටි ගුවන් ඒකකයේ ප්‍රධානි ගුෂාන්තන් ඇතුළු හිටපු කොටි ක්‍රියාකාරීන් තිදෙනකුද මැලේසියාවෙන් පිටුවහල් කිරීම වලක්‌වමින් මහාචාර්ය පී රාමසාමි නැමැත්තාගේ පිරිසක්‌ අධිකරණය මගින් ලබාගත් ආඥව ක්‌වාලම්පූර් ගුවන්තොටුපලේ ආගමන විගමන කාර්යාලය වෙත ඒමට පෙර එම කොටි තිදෙනා ශ්‍රීලන්කන් ගුවන්සේවා යානාවකට ගොඩකර මෙරටට එවීමට මේජර් ජනරාල් මානවඩුට හැකිවිය.

    2015 වසරේ අපි කුවාලම්පුරයේ පුත්‍රා ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ සංචාරය කරනවිට එක්‌ මහලක සිට තවත් මහලකට යන මේජර් ජනරාල් මානවඩු දැකගත හැකිවිය.

    ඔබ මෙහි කුමක්‌කරන්නේද යයි අපි විමසුවෙමු. හිටපු කොටි ක්‍රියාකාරීන් ශ්‍රී ලංකාවේ පාර්ශව සමඟ සම්බන්ධවෙමින් ජංගම දුරකථන අලෙවි වෙළෙ¹ම කරනවා. මේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට පැමිණියාම සියලු දේ නිරීක්‍ෂණය කළ හැකි යයි ඔහු අපට පවසා මොහොතකින් අතුරුදන්විය.

    මේජර් ජනරාල්වරයා මැලේසියාවේ සිටින කාලය තුළ පොලිස්‌පති කාලිද් අබුබකර් මෙන්ම රහස්‌ පොලිස්‌ ප්‍රධානියා සමඟ දැඩි සබඳකම් පවත්වමින් මැලේසියාවේ සැඟවී සිටින කොටි හඳුනාගැනීමට සහය විය.

    පොට්‌ටු අම්මාන්ට ශ්‍රී ලංකා හමුදාවේ මෙහෙයුම් ගැන තොරතුරු සැපයූ කපිතන් ඉන්දික සංජීව පවා අල්ලා ගැනුනේ එම සබඳතා මතය.

    මෙම කපිතන්වරයා අසුවන විට ඔහු සාන්ඡ් මොහොමඩ් නමින් මුස්‌ලිම් වෙස්‌ගෙන ව්‍යාජ ගමන් බලපත්‍රයක්‌ද ලබාගෙන තිබුණි. එහෙත් ක්‌වාලම්පූර්හි ශ්‍රී ලංකා මහ කොමාසාරිස්‌ කාර්යාලයේ අද බුද්ධි ජාලයක්‌ නැත. 2015 සිට අද වනතෙක්‌ සැඟවී සිටින කිසිදු කොටියකු අසුවී නැත.
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ගහපු එව්වොන්ට වැඳල එන්න ගිය එවුන් ඇවිල්ලද බන්?:rofl:
     

    Similar threads