ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (The Open University - OUSL)

smnadundk

Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (The Open University - OUSL)



    ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය යනු කුමක්ද?

    ලෝකයේ විශ්වවිද්‍යාල ප්‍රධාන වශයෙන් දෙයාකාරයකට වර්ගකරනු ලැබේ.
    (1) සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල (Conventional Universities)
    (2) නූතන විශ්වවිද්‍යාල (Modern Universities)

    මේ අතරින් විවෘතය අයත්වන්නේ දෙවැන්නට ය.

    ශ්‍රී ලංකා විවෘතවිශ්වවිද්‍යාලය යනු ලංකාවේ එකම නූතන විශ්වවිද්‍යාලය යි.

    විවෘත විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ශ්‍රේණිගතකිරීම් අතර මුල් 9 අතර සෑම විටක ම සිටී. ඊට කුලපතිවරයෙක්, උපකුලපතිවරයෙක්, පීඨ පහක් හා අධ්‍යයන ආයතන තුනක්, දීපව්‍යාප්ත මධ්‍යස්ථාන ජාලයක් ඇත. එය ස්වාධීන විශ්වවිද්‍යාලයකි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ස්ථාපිත 6 වැනි රාජ්‍ය විශ්වවිද්‍යාලය යි.

    1. 1978 විශ්වවිද්‍යාල පනත යටතේ ස්ථාපනය කරන ලද 100% ක රාජ්‍ය හිමිකාරීත්වය දරණ රාජ්‍ය විශ්වවිද්‍යාලයකි.

    2. විවෘත හා දුරස්ථ අධ්‍යාපන මොඩලය (Open and Distance Learning method) පිළිබඳ බ්‍රිතාන්‍ය අත්දැකීමක් ඇසුරින් එවක උසස් අධ්‍යාපන අමාත්‍ය නිශ්ශංක විජයරත්න මහතා විසින් මෙම සංකල්පය ක්‍රියාත්මක කරන ලදී.

    3. විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යනු වැඩිහිටි අධ්‍යාපනය සඳහා පවතින සාර්ථක ම එළඹුම යි. රැකියා කරමින් උසස් අධ්‍යාපනයේ යෙදීමට ඇති හැකියාව ඉන් තහවුරු කෙරේ.

    4. විවෘත විශ්වවිද්‍යාලයේ සියලු පළමු උපාධි පාඨමාලා ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වේ. ඒ සියල්ලම සම්පූර්ණයෙන් අභ්‍යන්තර උපාධි වේ.

    5. විවෘත විශ්වවිද්‍යාලයේ #බාහිර_උපාධි නැත. එය බාහිර උපාධි පිරිනමන ආයතනයක් නොවේ.

    6. විවෘත විශ්වවිද්‍යාලයේ උපාධියක් සඳහා ලියාපදිංචිවීමට උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථ (S passes) තුනක් තිබීම සෑහේ. එහෙත් නීතිවේදී උපාධිය (LL.B), BMS,සඳහා එම සුදුසුකමට අමතරව ඒ සඳහා පැවැත්වෙන තරඟ විභාගයෙන් සමත්වීම ද අත්‍යවශ්‍යය ය.

    7. උසස් පෙළ නොමැති අයෙකුට විශ්වවිද්‍යාලයෙන් පවත්වන දෑවුරුදු පදනම් පාඨමාලා (Foundation courses) සම්පූර්ණ කර උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි විය හැකිය.

    8. විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි නිශ්චිත කාල සීමාව තුළ අවසන් කිරීමට හැකියාව ලැබෙන්නේ සිසුන්ගේ දක්ෂතාව අනුව ය. දුර්වල සිසුන් වසර ගණන් අසමත් වෙමින් සිටින අතර, විවෘතයේ උපාධි කල් යන බව ඔවුන්ගේ ප්‍රවාදයකි.

    9. විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා සඳහා 75% පමණ දායකත්වය රජය මගින් දරණු ලබන අතර, ඉතිරිය සිසුන්ගෙන් අය කෙරේ.

    10. නාවල ප්‍රධාන විශ්වවිද්‍යාලයට අමතරව, දිවයින් පුරා ම විසිරුණු ප්‍රාදේශීය මධ්‍යස්ථාන (Regional Centers) හා අධ්‍යයන මධ්‍යස්ථාන (Study Centers) විවෘතය සතු ය.

    11. ලියාපදිංචි සිසුන් 30,000 ඉක්මවූ ලංකාවේ විශාල ම විශ්වවිද්‍යාලය විවෘතය යි.

    12. උපාධිය සඳහා අංග සම්පූර්ණ උපාධි හිස්වැස්ම, ලෝගුව (Motarboard and cloak) පළඳින එක ම රාජ්‍ය විශ්වවිද්‍යාලය විවෘතය යි.

    13. විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු සඳහා ඉහළ සුදුසුකම් සහිත ස්ථිර ආචාර්ය මණ්ඩලයක් ද, ආරාධිත කතිකාචාර්යවරුන් ද සිටී. විවෘතයේ දේශන නොමැති අතර, දින පාසැල් (Dayschools) නමින් හඳුන්වන අධ්‍යයන සැසි පැවැත්වේ. සිසුන් වෙත ලබාදෙනු ලබන මුද්‍රිත ග්‍රන්ථ ආශ්‍රයෙන් ස්වාධින අධ්‍යාපනයක් ලැබීමේ මාර්ගය විවෘතයෙන් විවර කරදේ.

    14. විවෘතයේ ගුරුකුල භාවිතාවක් නැති නිසා ස්වාධින දැනුමක් සහිත සිසුන් බිහිවේ.

    15. වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඇතැම් සිංහල මාධ්‍ය විශේෂවේදී හෝ සාමාන්‍ය උපාධිවල වඩා විවෘතයේ ඉංග්‍රීසි මාධ්‍ය උපාධියේ ඇති ගුණාත්මකභාවය ඉහළ ය.

    16. විවෘත විශ්ව විද්‍යාලයේ කිසිදු සිසුවෙක් රැකියා සඳහා උද්ඝෝෂණවලට සහභාගි වන්නේ නැත. ඔවුන්ට කොහොමත් හොඳ රැකියා අවස්ථා සඳහා අවශ්‍ය ගුණාත්මකභාවය වර්ධනය වේ.

    17. විවෘතයේ උපාධි සඳහා ලියාපදිංචි වීමට වයස බාධාවක් නොවේ.

    18. සාමාන්‍ය සහතික පත්‍ර පාඨමාලාවල සිට ආචාර උපාධිය දක්වා අධ්‍යයන කටයුතු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පැවැත්වේ.

    19. වෛද්‍ය උපාධිය හැර අනෙක් සියලු උපාධි එහි දී හැදෑරිය හැකිය.

    20. දුර්මතවලට නොරැවටී විවෘතයේ හදාරණ උපාධියකින් (නිසි පරිදි අවධානය යොමු කරමින්) ඔබේ ජීවිතයට අනගි මාවතක් විවර කරගත හැකිය.

    විවෘතයේ දී ඔබ අසමත්වන්නේ නම් එය ඔබේ වරදක් මිස විශ්වවිද්‍යාලයේ වරදක් නොවේ.

    FB : Nimesha Thiwankara
     
    Last edited:

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    german yanna ehema hithan degree ekak karanawanan open eke karanna epa, open degrees piliganne na germany wala.
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    But OUSL BTech degree ekata 2000 meda wenakan IESL membership eka direct dunne ne.
    QATAR Foreign Ministry eken den OUSL eka cerificate ekak wath attest karanne ne.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    සමාජ විද්‍යා උපාධි පාඨමාලවේ ලෙක්චරස්ලා නැහැ කියලා ඊළඟ සැරේ බැච් එක ගන්නේ නැහැලු. දැන් ඉන්න අයටත් හරියට වැඩ කෙරෙන්නේ නැහැලු...
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113




    Thanks a lot bro..for share with us REP+++


    german yanna ehema hithan degree ekak karanawanan open eke karanna epa, open degrees piliganne na germany wala.

    But OUSL BTech degree ekata 2000 meda wenakan IESL membership eka direct dunne ne.
    QATAR Foreign Ministry eken den OUSL eka cerificate ekak wath attest karanne ne.

    සමාජ විද්‍යා උපාධි පාඨමාලවේ ලෙක්චරස්ලා නැහැ කියලා ඊළඟ සැරේ බැච් එක ගන්නේ නැහැලු. දැන් ඉන්න අයටත් හරියට වැඩ කෙරෙන්නේ නැහැලු...

    Ela..