ශ්‍රී ලංකා band හා ගායක ගායිකාවන් ප්‍රසංග සදහා අයකරන ගාස්තු

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    සරිත් සුරිත් වෙනම එන්නෙ නෑනෙ උන් බෑන්ඩ් එකක්නෙ. අනිව 20 ට වඩා ගන්නව ඇති.
    unta 20k deela profit ekak ganna bahe ban
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,694
    2,790
    113
    මළ බද්දේ ට කරන වස්ති, ලක්ෂ 6ක්‌ අරන් සින්දු කියලා නැතිව ගියා කියන්නේ.... ඕකුන්ට ඔච්චර සල්ලි දෙන්න පොළොන්නරුවේ එවුන්ට පිස්සුද බං.
    ලංකාවෙ උන්ගෙ රසවින්දනේ තමා ඉතින්, එහෙම නැතුව උන් බලෙන්ම සල්ලි අරන් බලෙන්ම සිංදු කියන්න යන්නෙ නෑනෙ. ඉල්ලුමට සැපයුම.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    unta 20k deela profit ekak ganna bahe ban
    ප්‍රසිද්ධ බෑන්ඩ් එනවද බන් ඉතින් ඔයිට අඩුවට?
    බෑන්ඩ් එකට මුලු දවසම යනව ශෝ එකකට. සින්දු කියන උන් වගේ නෙමෙයි.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    Band එකකට ලක්ෂ 20ක් දුන්නත් කමක් නෑ. ඒ අය පැය ගානක් artist backing කරල තව සින්දුත් කියනව. ඒත් ගායකයට ලක්ෂ 15ක්? වැඩිම වුනොත් සින්දු පහක් කියාවි, ඊලඟට ඒ දවසෙම වෙන show කීපයකටම යාවි පස්සෙ. Band එක පැය ගානක් එක දිගටම වගේ ගහන්න ඕන ඒ වගේම band එකක members ල වුනත් කීපදෙනෙක්ම ඉන්නව තව.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මෙන්න මේ වගේ කුහක එවුන් හින්ද තමයි ලංකවේ හිටිය වටිනා ගායක ගායිකාවෝ ජීවිතේ අන්තිම කාලේ ලෙඩක් දුකක් උනාම එක එකාගෙන් අතපාන්න සිද්ද වුනේ.බත් පැකට් එකට බෝතලේට මේකප් බොක්ස් එකට මිනිස්සුන්ව කඩේ යවලා ඒ මිනිස්සුන්ගේ අනාගතේ විනාස කරලා ඒ මිනිස්සුන්ගෙ බෝන් ටැලන්ට් එක තුට්ටු දෙකට හෙන්ඩු කරලා ආර්ථිකයමය අතින් විනාශම කරලා දැම්මේ. කොරෝන කාලේ කොච්චර කලාකරුවො අසරණ උනාද මගේ මේ ඇස් දෙකෙන් දැකල තියෙනවා ඒ මිනිස්සුන් කන්න හොයාගන්න කාර්මාන්තේ කරගන්න බැරුව අන්තිම අසරණ වෙලා ගෙවල් දොරවල් පවා සින්න වෙන මට්ටමට ඇද වැටිල තියෙනව මේ ගෑ ගහන මස් අලියො එකෙක්වත් ඒ මිනිස්සු ගැන බැලුවද ඒ මිනිස්සුන්ගෙ පවුල් ගැන බැලුවද දරුවො ගැන බැලුවද සුභ සිද්ධිය ගැන බැලුවද? අන්න ඒ හේතුව නිසා තමයි යකෝ ඒ මිනිස්සුන්ගෙ ටැලන්ට් එකට වටිනාකමක් තියෙන්න ඔනේ. ඇස් දෙක ඇරලා බලන්න ලොකේ අනිත් රටවල් දිහා ඒ රටවල කලාව කියන කර්මාන්තය දිහා බලන්න. ඒ කලාකාරයෝ ඉන්න විදිය බලන්න ඒ මිනිස්සුන්ගෙ වටිනාකම බලන්න අපේ ගායක ගායිකාවො නළු නිළියො හිගන්නො වගේ ඉන්න ඕනෙද. මේ වගේ ශෝ ඔගනයිස් කරන උන්ගෙ ශෝස් වලට එකෙක් යන්න හොද නැහැ කුහක කාලකන්නි