ශ්‍රී ලාංකිකයෝ විදියට මේ රටේ >>
ඔෆිස් එකත් කලිං වහපු නිසා හතර විතර වෙද්දී කොලඹ කැම්පස් එක ලඟිං බස් එකට ගොඩ උනා. බස් එකේ අය ඉතා නිහඬයි මලානිකයි. හැමෝම හැරි හැරී බස් එකට නඟින බහින අය කවුද බලනවා. මාත් හිතේ චකිතයෙන් වට පිට බල බල කොහොම හරි ඇවිත් බොරලැස්ගමුවෙං බැහැගත්තා. බස් එකේ එද්දී වයිෆ් කෝල් කරලා කිව්වා එද්දී දවස් දෙක තුනකට කන්න ඕන දේවල් ගේන්න කියලා. අතේ ලොකු සල්ලියකුත් නෑ එලවළු ටිකකුයි බිස්කට් පැකට් කීපයකුත් අරං මං පිරිවෙන හංදිය පැත්තට එද්දී , කවුද පිටට අත තියලා මල්ලි මල්ලි කිව්වා, හැරිලා බලද්දී අවුරුදු 42ක පමණ පුද්ගලයෙක් හොඳටම දැකලා හුරුයි.
"මල්ලි ඔය අර අහවල් ෆාමසි එකේ කලින් වැඩකලා නේද? මං එතන ටිකට් විකුණනවා මතක ද?" එහෙම කියද්දි මට පුද්ගලයාව මතක් උණා. ආ ඔව් අය්යේ, මොකද මේ හදිස්සියේ මාව නැවත්තුවේ , මං ඇහුවා. "මල්ලි මට ලොකු උදව්වක් ඔනේ, මේ මගේ ඔරලෝසුව අරං මට රු 200ක් දෙන්න. පොඩි එවුං බඩ ගින්නේ... ඊයේ අදයි දෙකේම ටිකට විකිණුනේ නෑ. අපි එදා වේල කාල ඉන්න මිනිස්සුනේ.
"මගේ අතේ තිබුනෙම රු 120යි. ඒකයි බිස්කට් පැකට් එකකුයි දීලා ඔරලෝසුව එපා කියලා ආවා.
කතාව මීට වඩා දිගායි. ඉතාම දුකයි. අපේ රටේ පාලකයෝ හිතන්න ඕන මේවගේ ප්‍රශ්නයක් රටේ ඇති උණාම එදා වේල හම්බකරං කන මනුස්සයා කන්නේ කොහොමද කියලා. දරු පැටව්න්ට කලිං දවස බඩ පිරව්ව හැටි කියන්න බෑ ඒතරම් ඒ මනුස්සයා අසරණයි.
අපි ශ්‍රී ලාංකිකයෝ විදියට මේ රටේ ඉපදිලා තියන්නේ පවකට. මට හිතුනේ එච්චරයි.ඒ මනුස්සයා අන්තිමට කිව්වේ ,
“යන්නම් මල්ලී .. අපි වගේ මිනිස්සුන්ටයි බෝම්බ ගහල මැරෙන්න ඕන... දරුවො බඩගින්නේ ඉන්නවා දකිද්දි, තාත්තේ බඩ ගිනී කියද්දී අපි මැරි මැරී උපදිනවා”
cop-

anik dawase hamba unoth A/C no details illagena mata PM ekak dapan machan.