ශ්‍රී ලාංකික කතුන් - යහලුවනේ හැමෝටම කියන්Ş

ශ්‍රී ලාංකික කාන්තාවන් සිංගප්පූරුවේ ගණිකා වෘත්තියට රැගෙන යාමේ අති දැවැන්ත හා සංවිධානාත්මක ජාවාරමක තොරතරැ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබී ඇත
දාහත් හැවිරිදි දැරියක් සිංගප්පූරුවේ රැකියාවක් දෙන බව පවසමින් සිංගප්පූරුවට රැගෙන ගොස් ගණිකා වෘත්තියේ යෙදවීමක් ගැන එහි විමර්ශන අංශය හෙළිදරව් කර ගැනීමකිනි.
දැනගන්නට ලැබී ඇති ආකාරයට එම දාහත් හැවිරිදි දැරිය හලාවත ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ මවත් පියාත් දික්කසාද වී ජීවත් වෙයි. දැරිය තම සීයා සමග පදිංචිව සිට ඇත. ඒත් ඇය වැඩිවියට පැමිණෙන විට සීයාටද ඇය බලාකියා ගැනීමට නොහැකි වූ තැන නේවාසිකාගාරයක ඇය නතර කිරීමට සීයා වග බලාගෙන ඇත්තේය. එහිදී ඇය වැඩි කලක් සිටි බවක්දැනගන්නට ලැබෙන්නේ නැත
සීයාගේ අනුමැතියද ඇතිව ඇය නේවාසිකාගාර පාලිකාව විසින් වෙනත් පවුලකට හදාවඩා ගැනීමට භාර කෙරෙන බැවිනි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරි-යේ තොරතුරු හෙළි කරන ආකාරයට අනුව නේවාසිකාගාරයේ සිටි කෙටි කාලය තුළද ඇය එහි සිටි යම් යම් පුද්ගලයින් අතින් ලිංගික අතවරයන්ට ලක්ව තිබේ. දැන් ඒ ගැනද විමර්ශනයක් සිදුවෙමින් ඇත්තේ තවත් දරුවෙකුට එවැනි දෙයක් සිදු වීමට ඇති ඉඩ අවුරන්නටය.
සිංගප්පූරුවේ රැකියාවකට ගොස් ඇය ගණිකාවක් බවට පත් වන්නේ නේවාසිකාගාරයෙන් ඇය හදා වඩා ගැනීමට භාර දුන් නිවසට නිතර ආගිය තැනැත්තෙක් මුල්වීමෙනි. දැනට කෙරී ඇති විමර්ශනවලට අනුව නම් ඒ පුද්ගලයා මේ දැරිය සති කිහිපයක් පුරා මෙරටදීද ගණිකා වෘත්තියේ යොදවා ඇත්තේය.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට අනුව මේ කියන පුද්ගලයා සිංගප්පූරු යැවීමට ඇය භාරකර ඇත්තේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ කාන්තාවකටය. හෙළි වී ඇති ආකාරයට අනුව එම කාන්තා-වගේ සැමියා සිංගප්පූරුවේ ගණිකා ජාවාරම මෙහෙයවනු ලබන තැනැත්තෙකි. ශ්‍රී ලාංකික කාන්තා-වන් සිංගප්පූරුවට රැගෙන ගොස් ගණිකා වෘත්තියේ යොදවන ඔහුගේ මෙරට හවුල්කාරිය වන්නේ බිරිඳය.
ඇය මේ දැරිවියද සිංගප්පූරුවට ගෙන යන්නේ සංචාරක වීසා මගින් ගණිකා සේවයේ ඇය යෙදවීම සඳහාය.
සිංගප්පූරුවේ සංචාරය කිරීමට යැයි පවසා වීසා ලබාගෙන එරටට රැගෙන ගිය මේ දැරිය පුරා මාසයක් එරට රඳවාගෙන ගණිකා වෘත්තියේ යොදවා ඇත්තේ කිසිදු ගෙවීමක්ද ඇයට නොකරමිනි. හෙළිවී ඇති ආකාරයට අනුව ඒ කාලය තුළ ඇයට සිටීමට සිදුවී ඇති පුද්ගලයින් ගණන සියයකට වැඩිය.
බිය ගන්වමින් ඇය එසේ සිංගප්පූරුවේ සිටි ඔවුන් ඇතැම් දිනවල දහ පහළොස් දෙනෙකුටම ඇය විකණා තිබුණේය.
මේ තුළින් ඇයට දැඩි ශාරීරික පීඩා ගෙනදුන් නිසාම ඇය ඒ බව කලක් ඇය නතර වී සිටි නේවාසිකාගාර පාලිකාව වන කන්යාසොහොයුරියට දුරකථන ඇමතුමක් ගෙන පවසන්නේ ඒ ගැන කියන්නට වෙන කිසිවෙකුත් ඇයට නොසිටි නිසාය. කන්‍යා සොහොයුරිය එහිදී ඇය සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ඇගෙන්ම දැනගෙන ඒ බව සිංගප්පූරු පොලිසියට පවසන්නට වූයේ ඇයව නිදහස් කර ලංකාවට එවන ලෙස දැනුම් දෙමිනි.
ඇයට ලංකාවට නැවත පැමිණෙන්නට මඟ පෑදෙන්නේ එසේය.
එසේ පැමිණි ඇය ජාතික ළමා ආරක්ෂක අධිකාරියටද යොමු කරනු ලබන්නේ කන්‍යා සොහොයුරිය විසිනි.
ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන අංශයේ තොරතුරුවලට අනුව වරකට ශ්‍රී ලාංකික ගණිකාවක් සමග සිටීමට අයකරනු ලබන මුදල ඇමරිකානු ඩොලර් 25 කි. ඇතැම් දිනවල දිනකට විස්සක් තිහක් පමණ දෙනා සමග කාන්තාවකට එකට සිටීමට සිදුවන අවස්ථාද බොහෝය. මෙතරම් පිරිසක් සමග දිනකට සිටීමට හැකිදැයි ගැටලුවක් මෙහිදී පැනනැගීමට පුළුවන.
සිංගප්පූරුවේ කෝපි අවන්හලක සේවයට යැයි පවසමින් සිංගප්පූරුවේ රැකියාවකට ගොස් ගණිකාවක් වී නැවත ලංකාවට පැමිණි කඩුවෙල ප්‍රදේශයේ තරුණියක් හෙළි කර සිටි ආකාරයට අනුව එරට ගණිකා පහස ලැබිමට පැමිණෙන්නන් කාන්තාවන් සමග පැය ගණන් එකට සිටින්නේ නැත. විනාඩි දෙකතුනෙන් සිය අවශ්‍යතාව ඉටුවන්නේ නම් ඔවුන් ඉවත්ව යති. දිනකට විස්සක් තිහක් සමග එකට සිටීමට සිදුවෙනවායැයි කියනුයේ එසේය.
සිංගප්පූරුවේ රැකියා සඳහා යැයි පවසමින් යන කාන්තාවන් බොහෝ දෙනෙකුටම සිදුවන්නේ ඒ අකරතැබ්බට මුහුණ දීමට බව ජාතික ළමා අරක්ෂක අධිකාරියේ අදහසය. ඒ සම්බන්ධයෙන් කෙරී ඇති ඇතැම් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇති ආකාරයට අනුව මෙරට තරුණියන් සිංගප්පූරුවේ ගණිකා වෘත්තියට රැගෙන යාම සංවිධා-නාත්මක ජාවාරමකි.
ඔබගේ දරැවා රැකගන්න එවිට මෙවන් පහත් දේවල් අසන්නට නොලැබෙනු ඒකාන්තය