ශ්‍රී ලාංකික දඩබිම් – ඇත්ත හා බොරුව

Wal Bada

Well-known member
  • ශ්‍රී ලාංකික දඩබිම් – ඇත්ත හා බොරුව

    මෙක බ්ලොග් වලියක් එක්ක ලියවුණු එකක්. නමුත් චැනල් 4 කතාව ගන අපේ ඇස් අරවන ලිපියක්. මේකට මට රෙප් අවශ්‍ය නෑ. ඒත් මේක ලියපු එකාට උපහාරයක් විදියට බ්ලොග් එකේ කොමෙන්ට් එකක් දාන්න.

    ශ්‍රී ලාංකික දඩබිම් – ඇත්ත හා බොරුව | Sri Lankan killing Fields – the truth and the myth

    ලංකාවේ ත්‍රස්තවාදී කැරැල්ල වසර 30ක් පුරා දිව ගිය එකකි. නමුත් වසර 2009 දී හමුදා මෙහෙයුමකින් ත්‍රස්තවාදීන් පොඩිපට්ටම් කර දැමීම සමග දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ අරගලය නිමාවට පත් විය. නමුත් දේශපාලන හා මතවාදීමය අරගලය තවම නිම වී නැත. එහි ප්‍රතිඵලයක් ලෙසට “ශ්‍රී ලාංකික දඩ බිම්” ලෙසින් හඳුන්වන සිනමා පටයක් චනල් 4 විසින් එළි දැක්විණි. මෙහි නිෂ්පාදක කණ්ඩායම පවසනුයේ ශ්‍රී ලංකාවේ සිදු වූ යුධ අපරාධ වලට සාක්ෂි මෙම වීඩියෝව මගින් සපයන බවයි. නමුත් මේ වීඩියෝව ඇත්ත වශයෙන්ම සිදු කරන්නේ කුමක්ද යන්න විමසා බැලීම වටී. මුළු මහත් ත්‍රස්තවාදී කැරැල්ල පුරාම මනුෂ්‍ය ඝාතනයන් අඩුවක් නැතිව සිදු විය. එයෙ එසේ නොවූවා යයි කීම මෝඩ කමකි. නමුත් එලෙස කීමට රජය පෙළඹී ඇත්තේ මේ චෝදනා විභාග කරන නඩුකාර උන්නාන්සේලාගේ කැරැට්ටුව, පුලස්තිගේ මෙන්ම නඩු හා බඩු දෙකම උන්ගේ යන තත්ත්වයේ නොහොත්, හොරාගේ අම්මාගෙන් පේන ඇසීමකට සමාන එකක් බැවිනි. එනිසා ජාත්‍යන්තර චෝදනාවලට, සාමන්‍ය වැසියන් කිසිවක් මිය ගියේ නැතැයි යන ස්ථාවරයේ සිටීම නිවැරදි වෙයි. නමුත් මෙරට සිදු කරන විමර්ශනයකට එය එසේ පිළි ගත යුතු නොවේ.

    වීඩියෝව ඇරඹුමේදීම ජෝන් ස්නෝ විසින් පළ කරන “එක්සත් ජාතීන්ගේ සංගමය විසින් මාතදී ඉදිරිපත් කල වාර්තාවේ ශ්‍රී ලංකා ආණ්ඩුව හා කොටි සංවිධානය යන පාර්ශව දෙකම යුධ අපරාධ කළ බවට සාක්ෂි ඇත” ලෙස පවසයි. නමුත් බෑන් කී මූන්ගේ වාර්ථාවේ එවැන්නක් සඳහන් නොවේ. එහි “සාක්ෂි” යන වචනය වෙනුවට පාවිච්චි කරන්නේ “චෝදනා” යන වචනයි. මේ වචන හරඹය ක්ෂමා ආයතනයේ වෙබ් අඩවියේද අඩංගු අතර, මේ වීඩියෝවට කෙළින්ම ඔවුන් සම්බන්ධ වීමත් අහම්බයන් නොවන බව දන් පැහැදිලි විය යුතුය. මේ බුද්ධිමය වංචනික ක්‍රියාව ග්‍රවුන්වීව්ස් අඩවියෙන් පෙන්වා දුන් පසුව පවා එම වරද නිවැරදි කර ගැනීමට ක්ෂමා ආයතනය සමත්ව නැති කමෙන්, මේ දුවන්නේ කාගේ තිර රචනයක්ද යන්න හොඳින්ම පැහැදිලි වේ.
     
    Last edited:

    Wal Bada

    Well-known member
  • සටන්කාමීන් (ත්‍රස්තවාදීන් නොවේ) අතර වෙනස හඳුනා ගත නොහැකි වූ බවත් පැවසෙයි. නමුත් සත්‍ය කාරණය නම් දමිළ ජනයා වාසස්ථාන වලින් පළවා හැර ඔවුන් මිනිස් පළිහක් ලෙස භාවිත කලේ කොටි සංවිධානය මිස රජයේ හම්ඩුදාව නොවේ. එසේම ත්‍රස්තයින් හා සාමන්‍ය ජනතාව අතර වෙනස හඳුනා ගත නොහැකි බවට කළ ප්‍රකාශය ද පසුව ඔවුන් විසින්ම නිෂේධ කර ගන්නා අයුරු අපි ඉදිරියේදී පෙන්වා දෙමු. චැනල් 4 වීඩියෝවේ පෙනී සිටින මහාචාර්ය ශබාස්, “හමුදාවකට සාමාන්‍ය ජනයා රැස්වී සිටින් ස්ථාන වලට පහර දිය හැක්කේ එහි යුධමය වැදගත්කමක් ඇත්නම් පමණක්” බව කියා සිටියි. නමුත් චැනල් 4 වීඩියෝව මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම පැත්තකට දමයි. අන්තර්ජාතික යුධ නීතිය අනුව යුධ කටයුතු සඳහා යොදන සාමාන්‍ය වැසියා සිටින ස්ථාන වලට පවා පහර දීමට හැකිය! රජය විසින් ප්‍රකාශ කල “යුධ මුක්ත” කලාප ත්‍රස්තවාදීන් විසින් භාවිත කළේ ෂෙල් හා මල්ටි බැරල් වලින් හමුදාවට පහර දීමටයි. එවිට, යුධ මුක්ත කලාපය වුවද නිතැතින්ම යුධ කල්ලපයක් බවට පත්වේ. එසේම අන්තර්ජාතික නීතිය අනුව යුධ මුක්ත කලාපයක් නිල වශයෙන් ඇති වීමට නම් යුධ වැදී සිටින දෙපාර්ශවයම එය පිළිගත යුතුය. නමුත් ත්‍රස්තවාදීන් විසින් මෙම කලාපය පිළිගත්තේ නැත. එනිසා මේ ඊනියා යුධ මුක්ත කලාපයට ඇත්ත වශයෙන්ම නීතිමය පිළි ගැනීමක් ද නැත. ඉහත රූප වලින් පෙන්නුම් කරන්නේ යුධ මුක්ත කලාප ත්‍රස්තවාදීන් විසින් යුධ කටයුතු සඳහා යොදා ගත් අන්දමයි. මේ කරුණු සලකා බලන විට චැනල් 4 වීඩියෝවේ යුධ මුක්ත කලාප වලට පහර දීම යුධ අපරාධයෙකැයි කෙරෙන චෝදනාව සම්පූර්ණයෙන්ම බොල් තර්කයක් බවට පත්වේ.

    image002.jpg
    fig-13-ivan-11.jpg
     
    • Like
    Reactions: Shehan88

    Wal Bada

    Well-known member
  • මෙම චිත්‍ර පටයේ ප්‍රධාන චරිතය වන වනි කුමාර් නැමැති එංගලන්ත ජාතික දෙමළ කාන්තාව තවත් එබඳුම බොරු වලක උපතයි. ත්‍රස්තවාදී කැරැල්ලේ අවසන් මාස හයෙහි ඇය මෙරට සිටි බව පවසතත්, ඇය මෙරට 2008 සිටම වාසය කළ බවත්, එකම විට නම් තුනකින් පෙනී සිට ඇති බවත් මෙජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් හෙළි කරන ලදී. උක්ත අන්දමින් සාමාන්‍යයෙන් පෙනී සිටින්නේ ත්‍රස්තවාදී සංවිධාන හා සම්බන්ධ වූවන්ය. එසේම වනි කුමාර් විසින් ෂෙල් ප්‍රහාර, තුවාල වීම් හා කකුල් කැපීම් ගැන වාර්තා කරන මුත්, අය ඒ කිසිවක් වීඩියෝවට නගා ගෙනද නැත. එසේම ඇය එම ස්ථාන වල සිටි බවට කිසිදු සාක්ෂියක්ද ඇය සතුව නැත. වීඩියෝවේ ඈ එක තැනක දර්ශනය වෙතියි චැනල් 4 නිවේදකයා පැවසුවද, ඒ දර්ශනය වන්නේ වනී කුමාර්ට වඩා බෙහෙවින් මහළු කාන්තාවකි. වනී කුමාර් බොරු කියන්නේ ඇයි? ඇයට මවා පෑමට අවශ්‍ය වන්නේ ඈ නෑදෑයන් බැලීමට ආ අහිංසක දෙමළ කාන්තාවක් බවයි. නමුත් සත්‍යයට වඩාත් කිට්ටු වන්නේ ඇය ත්‍රස්තවාදී සමාජිකාවක් බවයි. මුහුණු වසා අඳුරේ තබා, හඬ වෙනස්කර ඉදිරිපත් කරන “පුද්ගලික අත්දැකීම්” මෙන්ම වනී කුමාර් ද මුදලට හෝ බෙදුම්වාදය වෙනුවෙන් රඟපාන තවත් එක් චරිතයක් පමණි.

    වීඩියෝ පටයේ 32.30 පමණ වන විට, “එක්සත් ජාතීන් ගේ වාර්තාව මගින් සාමාන්‍ය වැසියන් 40,000ක් මිය ගිය බවට තහවුරු කර ඇත” යනුවෙන් වැකියක් ඉදිරිපත් වේ. කලින් කියූ පරිදිම මෙය ක්ෂමා ආයත්නයේ තුප්පහි මාධ්‍ය භාවිතාවේ තවත් එක නිදසුනකි. ත්‍රස්තවාදීන් ගේ ඩොලර් බිලියන ගණන් කතා කරන හඬ අපට ක්ෂමා ආයතනය තුලින් ඇසෙයි. එක්සත් ජාතීන්ගේ වාර්තාවේ සැබැවින්ම සඳන වන්නේ සාමාන්‍ය වැසියන් 40,000ක් මිය ගිය බවට සැක කිරීමක් පමණි. එමගින් සංඛ්‍යාවක් තහවුරු කර නොමැත. මෙ වන තුරුම චැනල් 4 වීඩියෝවෙන් යුධ අපරධ ලෙස ගිණිය හැකි කිසිවක් නොපෙන්වූ බව පැහැදිලිය.
     

    Wal Bada

    Well-known member
  • වීඩියෝවේ 33.30 සිට, ක්‍රමානුකූලව සිදු කරන ලද වද හිංසා, මරා දැමීන් හා ලිංගික අපරාධ තහවුරු කරන බව පවසයි. එනිසා අපි එක් එක් රූප පේළි ගෙන මේ තත්වය විමසා බලමු. 34.00 පමණ සිට දෑස් බැඳ දමා වෙඩි තබා මරා දමන මිනිසුන් තිදෙනෙකුගේ දර්ශනයක් දක්නට ලැබේ. වෙඩි තබන පිරිස සිංහල කතා කරන බවද මෙහි දී ඇසේ. විවිධ පාර්ශවයන් මේ වීඩියෝව සත්‍ය හා අසත්‍ය බවට කරුණු ගෙන හැර දක්වූ ඇතර බොහෝ දෙනෙකුගේ මතය වූයේ මරා දමීම් ඇත්ත බවත්, හඬ පථය එයට නොගැලපෙන බවත්ය. තත්ත්වය උඩු යටිකුරු වූයේ උක්ත වීඩියෝවම, දෙමළ කතා කරන හඬ පථයක් සමගම අන්තර්ජාලයෙන් හමු වීමයි. එය යූ ටියුබ් අඩවියට එක් කර තිබුනේ 2008 වැනි ඈතක වීම තවත් විශෙෂත්වයකි. තවද දෙමලෙන් ඇති හඬ පථය, රූප පෙළට වඩාත් ගැලපෙන බව්ද පෙනී යයි. එනිසා මෙය බොහෝවිට ත්‍රස්තවාදීන් විසින් සිංහල සිරකරුවන් මරා දමන දර්ශනයක් විය හැකිය. ඉදිරියේ එන අන්තර්ජාතික මතයෙන් ගැලවීමට ඔවුන් මෙයට සිංහල හඬ කවා අන්තර් ජාලයට මුදා හරින්නට ඇත. 2009 මැයි 15 වෙනිදා ගත් බවට චැනල් 4 විසින් පවසන්, මිනිසුන් හා කාන්තාවන් තිදෙනෙක් දෑස් හා අත්පා බැඳ වෙඩි තබන අයුරු ඊලඟ රූප පෙළින් දක්වේ. එනමුත් මේ සාහසිකයි ශ්‍රී ලංකා හමුදාවේ බවට චැනල් 4 කිසිම සැකයකින් තොරව පවසයි! වෙඩි තබන්නන් ගේ මුහුණු දකින්නට නැති නිසා ඔවුන් හඳුනා ගත නොහැක. එනිසාම මොවුන් ශ්‍රී ලංකා හමුදාවෙද, නැතහොත් ත්‍රස්තවාදීන් ගේ කුලියට මිනී මැරුම් කල සිංහල කොටි ද යන්න පැහැදිලි නැත.

    චැනල් 4 වීඩියෝවේ රවී ලෙස හඳුන්වන ළමා සොල්දාදුවෙක් තම නායකයා පොල් ගසකට බැඳ තබා (පොල් ගසක් බව මතක තබා ගන්න) මරා දමන ලද බව පවසයි. නමුත් විහිළුවට ලක්වන කාරණය නම් තම නායකයා මරා දැමූ පසු හමුදා සෙබළුන් රවීව නොමරා ඉතිරි කළ අතර, ඔහු රටින් පැන ගොස් එංගලන්තයටද සංක්‍රමණය වී ඇත! නමුත් අද වෙනතුරු අත් අඩංගුවට ගත් කිසිම ත්‍රස්තවාදී සැක කරුවකු මෙරටින් පිටවී නැත! මේ අනුව බලන විට ළමා සෙබළ රවී ළමා සෙබළෙක්ද නැතහොත් තවත් නළුවෙක්ද යන්න පිළිබඳව සැක ඇතිවේ. පුදුමාතලන් හා මුල්ලිවයික්කාල් ප්‍රදේශ වල පොල් ගස් ඉතාම දුර්ලභ බව එහි යන ඕනෑම කෙනෙකුට වැටහෙන කරුණකි. නමුත් “ළමා සෙබළ” රවී ගේ නායකයාට වධ දෙන්නේ පොල් ගසක බැඳීමෙනි. මෙතරම් තල් ගස් ඇති පෙදෙසේ හමුදා භටයන් පොල් ගසක්ම සොයමින් ගමන් කලේ මන්ද යන්න සැකයට තුඩු දෙන්නකි. පොල් ගස් වවෙන්නේ කුමන ප්‍රදේශ වලද යන්න සලකා බැලූවොත් මේ සිද්ධිය එක්කෝ සිදුවී ඇත්තේ දකුණේ විය යුතුය. නමුත් එයට ඇති ඉඩ කඩ ඉතා අල්ප බව කිව යුතුය. පොල් ගස් බහුලව වැවෙන වෙනත් ප්‍රදේශයක් නම්, ඉන්දියාවේ කේරළ ප්‍රදේශයයි. මෙහි ප්‍රභාකරන් අනුස්මරණය කරමින් චිත්‍රපටයක් තනෙන බවටද කසු කුසුවක් පැතිරෙමින් ඇත. මේ එම චිත්‍ර පටයෙන් ගත් රූප පෙළක් විය නොහැකිද? මෙම ඡායා රූප පෙළෙහි සිටින කිසිවෙක් හඳුනා ගැනීමටද නොහැකිය. එනිසා එය ශ්‍රී ලංකා හමුදාවේ ගිණුමට බැර කිරීම මරි මෝඩ කමකි. එසේ නැතහොත් අවජාතකවාදී ලක්ෂණයකි.
     

    Wal Bada

    Well-known member
  • චැනල් 4 වීඩියෝපටය ඊලඟට තම කාලය වෙන් කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාව අතින් සිදුවූවා යයි කියන ලිංගික අපරාධ විස්තර කිරීමටයි. චැනල් 4 සඳහ්න් කරන පරිදි “ලිංගික අපරාධ වල සාක්ෂි ඉතාම පැහැදිලිව දැකිය හැකැයි” සඳහන් වේ. චැනල් 4 කණ්ඩායම ගංජා ගසා සිටිනවාදැයි අසන්නට වන්නේ එවිටය. මන්ද, මෙතරම් අඩු පැහැදිලිතාවයක් සහිත රූප වලින් ලිංගික අපරාධයකට අදාල අත් පා වල තුවාල, බලෙන් සිදු කල සංසර්ගයේ ලකුණු හෝ ශුක්‍ර පැල්ලම් දකින්නට නොහැකි බැවිනි. එම කාරණා රහිතව ලිංගික අපරාධයක් වී යයි කීම නිකම්ම නිකම් ප්‍රකාශයක් පමණි. ඇත්තෙන්ම මේ වීඩියෝ රූප පෙලෙහි ඇත්තේ කුමක්ද? සොල්දාදුවන් පිරිසක් මෘත ශරීර ලොරියකට පටවති. මොවුන් පටවන්නේ කුණු ගඳ ගසන ඕජස් ගලන මෘතශරීර මිස සඳුන් දර නොවේ. මිය ගිය පසුත් මුන් අපට වද දෙනවා යන සංකල්පයෙන් ඔවුන් එය කරනු විය හැකිය. ඒ අතරම අශෝභන විහිළු ද ඇසේ. මේ අප කතා කරන්නේ ජීවිතයත් මරණයත් අතර සිටින සටන් බිමක් ගැන මිස සැප පුටුවේ වායු සමීකරණය යට සිටින තත්ත්වයක් ගැන නොවේ. මොවුන් කරන්නේ මළ මිණී පැටවීම මිස පරිගණකය මත කොට කොටා සිටීම නොවේ. මෙබඳි ග්‍රාම්‍ය විහිළු ඔවුන්ගේ අතිශය දුෂ්කර ජීවිතය මදකින් හෝ සැහැල්ලු කර ගැන්මට උපයෝගී වේ. මේ ග්‍රාම්‍ය විහිළු සභ්‍ය නැත. නමුත් එවැනි විහිළුවක් යුධ අපරාධයක් ද නොවේ. මළසිරිරක හිස පෑගීම ද එසේමය. සමහර විට ටික වෙළාවකට කලින් උක්ත සෙබලාට ගිණි බින්දේ දැන් බිම වැටී සිටි පුද්ගලයා විය හැකිය. මළ සිරුරු නිරුවත්ව තිබීම ගැන චැනල් 4 (සහ පුලස්ති) ඉකි බිඳින මුත්, පුපුරන ද්‍රව්‍ය සෙවීම සදහා මළ සිරුරු වල ඇඳුම් ඉවත් කිරීම ලොව සියළුම හමුදා වලින් කෙරෙන පොදු ක්‍රියාවලියකි. එසේම උක්ත මළ සිරුරු වල තිසර පට සහ යට අඳුම් සම්පූර්ණයෙන් ඉවත් කර නැති අතර ඒවා එහා මෙහා කර ඇත්තේ අවශ්‍ය ප්‍රදේශ පරීක්ෂා කිරීමට පමණි. රති සුව විඳ ඇති ඕනෑම කෙනෙක් දන්නා කාරණයක් නම්, යට ඇඳුම් අඩියක් පමණ පහත් කර කැමැත්තෙන් එක්වන කාන්තාවක් හා රමණයේ යෙදීම පවා අති දුෂ්කර කාර්යයක් බවයි. චැනල් 4 සහ ඔවුන්ගේ එහෙයියන්ට මේ සරල කරුණු පවා අමතකව ඇති සේය!

    05.jpg
    04.jpg
    03.jpg
     

    Wal Bada

    Well-known member
  • හමුදා භටයන් මළ සිරුරු පටවන දසුනේදී “හොඳ කඳක්” ඇති මළ සිරුර පටවන විට එය නිරුවත් එකකැයි පෙන්වා දීමට චැනල් 4 උත්සාහ දරතත්, ගුරුත්වයේ නියමය අනුව, පාද වලින් මළ සිරුරක් ඔසවා පටවන විට එහි ඇඳි වත වලලුකර ආසන්නයේ පැවතිය යුතු යයි සිතීම අවජාතකවාදීන්ටම ගැලපෙන චින්තනයකි. එම වීඩියෝව සෙමෙන් ප්‍රතිවාදනය කළ විට පෙනී යන්නේ එම මළ සිරුරට අයත් දිගු සාය පහළට එල්ලා වැටී පපුවේ මැද හරියෙහි පවතින බවකි. තවද දූෂණය කර මරා දමූ මේ කාන්තාවගේ තිසර පට තවමත් එසේමය. එය තිබූ තැනින් සෙලවී වත් නැත! මෙම කාන්තාව යට ඇඳුමක් ඇඳ නැති නිසා ඇගේ රහස් පෙදෙස මෙවිට නිරාවරණය වූවත්, යුද සමයක සටන්කාමීන් යට ඇඳුම් ඇඳ ඇතැයි සිතීම තවත් එවැනි අවජාතිකවාදී ජෝක් එකකට සුදුසු කියමනකි. මේ කරුණ තව දුරටත් සනාථ කරන දසුනක් ඉන් ඉක්බිති එයි. ඇඳිවත උදරය දෙසට එසවුණු කාන්තාවකගේ මළ සිරුරකට සෙබළෙක් පයින් ගසයි. නමුත් මේ “දූෂණය කර මරා දැමූ” කාන්තාවගේ යට ඇඳුම් තවමත් එසේමය. යට ඇඳුම් තිබියදී සංසර්ගයේ යෙදෙන විජ්ජාව සමහර විට දන්නේ චැනල් 4 සහ උන්ගේ එහෙයියන් පමණක් විය හැකිය!

    කර්නල් රමේෂ් ගේ යයි කියවෙන වීඩියෝ පටයක් ඊලඟට ඇත. මෙයින් දැක්වෙන්නේ “කර්නල්” රමේෂ් කිහිප දෙනෙකු සමග සුහද සාමීචියේ යෙදී සිටින බවකි. ඔවුන්ගේ ඇඳුම් හමුදා ඇඳුමට සමානය. නමුත් මේ පුද්ගලයන් හමුදා භටයන් තබා සිංහලයන් බව වත් කීමට කිසිදු සාක්ෂියක් නැත. එහි කිසිම හඬක් අඩංගු නොවේ. නඩේසන් හා පුලිදේවන් යන මහ කොටින් දෙදෙනා යටත් වූවත් මරා දැමූ බවට මෙහි චෝදනා නැගෙතත්, යටත් වීමකට අවශ්‍ය වන කොන්දේසි, යටත් වන ස්ථානය හා වේලාව යන සියළුම කරුණු සපයා නැත්නම් එය යටත් වීමක් බවට අන්තර්ජාතික නීතිය අනුව නොසැලකේ. නඩේසන් හා පුලිදේවන් මෙයට අසමත් වූ අතර එමගින් ඔවුන්ට මරණය හිමි විය.
     

    Wal Bada

    Well-known member
  • චිත්‍රපටයේ මුලින්ම හා අගින්ම පෙන්වන එක්සත් ජාතීන්ගේ කිලිනොච්චි කාර්යාලය අසල දර්ශනයද තවත් රැවටීමකි. ගේට්ටුවෙන් එපිට සිදු කරන උද්ඝෝෂණය පෙන්වන විට ගේට්ටුවේ ඇත්තේ ඉතාම කුඩා හරස් කවුලුවකි. එහි ඇත්තේ එක ගේට්ටු පළුවකි. එනමුත්, කාර්යාලය ඇතුලත් සිට පෙන්වන දසුනේ ගේට්ටුව හරහා විහිදෙන දිග හරස් කවුළුවක් ඇත. ගේට්ටුවද තනි පළුවේ එකකි. අවසන පෙන්වන හිස් බැල්ම සහිත ළමයා හැඳ සිටින්නේ කොටි සංවිධානයේ නිල ඇඳුමකි. සමහර විට මේ කැමරා කරුවා හෝ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ යමකු අතින් ඈ ගැබ්බරවී සිටියාදැයි අප නම් දන්නේ නැත. මේ කොටස, සුනාමි කාලයේ පටි ගත කළ එකක් බවටත් කසුම් කුසුවක් පවතී. නමුත් ගේට්ටුවෙන් පිටත හා ඇතුලත දර්ශන දෙක එක තැනක ඒවා නොවන බව නම් පැහැදිලිය.

    01.jpg

    02.jpg


    මේ මුළු චිත්‍රපටය පුරාම අපරාධ අධිකරණයක් ඉදිරියේ ඉදිරිප්ත කළ හැකි සාක්ෂි කිසිවක් ඉදිරිපත් කර නැත. මොවුන් මෙම සාක්ෂි එවන් ස්ථානයකට ගෙන නොයන්නේ එවිට මේ සියල්ලම ප්‍රතික්ෂේප වන බැවිණි. බෙදුම්වාදී නඩයට අව්ශ්‍ය වන්නේ මේ සඳහා බොරු සාක්ෂි වලට දඬුවම් නොපැනවෙන “සත්‍ය සොයන” කොමිසමකි. එවිට ඔවුන්ට බොරු සක්ෂි ගංවතුරකින් කොමිසම ගිල්වා දැමීමට හැකි වනු ඇත. ශ්‍රී ලංකා රජය මේ උගුලේ නොවැටී මේ චිත්‍රපටය අපරාධ අධීකරණයක් වෙත ගෙන ගොස් බොරු සාක්ෂි ඉදිරිප්ත් කිරීම වෙනුවෙන් පියවර ගත යුතුය.
     

    Similar threads