ශ්‍රී ලාංකික පෙම්වතියට පහර දුන් නිව්යෝක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ශ්‍රී ලාංකික පෙම්වතියට පහර දුන් නිව්යෝක්

    ශ්‍රී ලාංකික පෙම්වතියට පහර දුන් නිව්යෝක්‌ නීතිපති ගෙදර යවයි



    ජනිත සෙනෙවිරත්න
    amarika1.jpg
    කාන්තාවන්ට හිංසා කළ බවට චෝදනා එල්ල වූ ඇමෙරිකා එක්‌සත් ජනපදයේ නිව්යෝක්‌ නීතිපති එරික්‌ ෂෙනී ඩර්මන් සිය තනතුරින් ඉල්ලා අස්‌ වී තිබේ.

    "ද නිව්යෝකර්" ස`ගරාව මගින් නීතිපතිවරයාට එරෙහිව චෝදනා හෙළි කර තිබිණි.

    කාන්තාවන් සිව් දෙනකු මෙම චෝදනාව කළ අතර එයින් දෙදෙනකු නීතිපතිවරයාගේ හිටපු පෙම්වතියන්ය. හැට තුන් හැවිරිදි නීතිපතිවරයාගේ පෙම්වතියන් දෙදෙනා පවසන්නේ ඔහු තමන්ට පහර දුන් බවය.

    එහෙත් නීතිපතිවරයා පවසන්නේ පහර දීමක්‌ සිදු නොවූ බවත්, ඔවුන් සම`ග ලිංගික සම්බන්ධතා පැවැත්වූයේ ඔවුන්ගේ කැමැත්ත මත බවයි.

    මෙම හෙළිදරව් කිරීමෙන් පසු නිව්යෝක්‌ ආණ්‌ඩුකාර ඇන්ඩෘ කුමෝ විසින් තනතුරින් ඉල්ලා අස්‌වන ලෙස නීතිපතිවරයාට දන්වන ලදී.

    "කිසිවකු නීතියට උඩින් නැහැ. නිව්යෝක්‌ නගරයේ ඉහළම නීති නිලධාරියාටත් එය එලෙසමයි" යනුවෙන් ආණ්‌ඩුකාරවරයා පවසා තිබේ.

    නීතිපතිවරයාගේ එක්‌ පෙම්වතියක්‌ වන ටාන්යා සෙල්වරත්නම් ශ්‍රී ලංකාවේ උපන් තැනැත්තියකි. ඇය ගත්කතුවරියක, නිළියක මෙන්ම අධ්‍යක්‌ෂවරියක ද වන්නීය. තමන් හැර ගියහොත් ඇය මරා දමන බවට නීතිපතිවරයා තර්ජනය කළ බව ද ඇතැම් අවස්‌ථාවල තමන්ට පහර දුන් බව ද ටාන්යා සෙල්වරත්නම් පවසා තිබේ.