ශානියි,_හිරැනියි [+18]

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ශානියි,_හිරැනියි [+18]


    party_girls_00.jpg





    මෙන්න මෙහෙමයි සීන් එක,.,. මම කොහොමෙන් කොහොම හරි.. O/L පාස් උනානෙ නිකන්ම නෙවෙයි ඉහලින්ම පාස් උනා ..මම හිතන්නෙ පේපරේ බලපු කෙනාට මොකක් හරි අවුලක් ගියපු වෙලාවක මගෙ පේපර් එක බලලා තියෙන්නේ .. කොහොමින් හරි මම සයන්ස් කරන්න ආවා.. අපෙ පන්තියටම හිටියෙ කෙල්ලො 5ස් දෙනයි.. අනික් සේරොම කොල්ලො.. ,කොල්ලො කියන්න බැරි උනුත් ඉන්නවා තමයි ඉතින් ලිංගෙන් ගත්තොත් කොල්ලො නිසා උන්ටත් කොල්ලෝ කියනවා..

    ඉතින් අපෙ පන්තියෙ ඉන්න කෙල්ලො 5ස් දෙනාගෙන් කෙල්ලො දෙන්නෙක් විශේශයි.. විශේශයි කියන්නෙ අති විශේශයි. මේකනේ .. මේ දෙන්නගෙ ගෙවල් තියෙන්නෙ එකම පැත්තෙ..උදේ පාන්දරම ඉස්කෝලෙට එනවා.. කතා කරන්නෙ එකම දේවල් අදින්නේ එක වගේ ඇදුම්,කන්නෙ එකට බොන්නෙ එකට.. නාන්නෙත් එකටද කියන එක ගැන සැක නොසිතුනාමද නොවේ.. එක්කෙනෙක්ගෙ නම ශානි. අනික් එක්කෙනාගෙ නම හිරුනි.. අපි ශානි ට කතා කරන්නෙ ශානි කියලා හිරුනිට කතා කරන්නේ හිරූ කියලා..
    මෙතනින් ශානී හරියට කොල්ලෙක් වගේ.. හිරූට මොකක් හරි කිවුවම මේකි නිකන් ඒකිගෙ අයිතිකාරය වගේ පැනගෙන එනවා, කොල්ලොත් එක්ක වලි මයි .. අපි මුලින් හිතුවෙ තියන යාලුකම කියලා.. ඒත් ටික කාලයක් ගියාම තමයි තේරුනේ මෙතන යාලුකමට එහා ගියපු දෙයක් තියනවා කියලා..

    මෙහෙම කාලයක් ගියා.. මේ දෙන්න සමහර වෙලාවට රන්ඩු වෙන්වා හරියට කෙල්ලයි කොල්ලයි වගේමයි.. රෑට පාඩම් කරන්නෙත් එකට.. පන්තියෙ ඇතුලෙ ටීචර්ස් ල නැති වෙලාවට මේ දෙන්න එකට ගුලි වෙලා ඉන්නේ. .මේ දෙන්න දිහා පන්තියෙ අනික් ගෑනු ලමයි බලන්නෙ හරි අමුතු විදියට වගේ .. අපිටනන් ඉතින් ඒකත් ආතල්.. මේ දෙන්න තමයි ඉස්කෝලෙට උදෙන්ම එන්නේ ,,, 6.30 විතර වෙනකොට හිරුයි ශානියි ඉස්කෝලෙට එනවා.. දවසත් කරුමෙට වගේ මටත් ඉස්කෝලෙට ඔය වෙලාවට යන්න උනා.. මම යනකොට වෙලාව 6 විතර වෙලා .. එදා මමත් ගියේ මගෙ වෙන්ඩ බාර්යාවගෙන් කලියෙන් දවසේ රෑ ලැබුනු මැසෙජ් එකක් නිසා.. නැත්තන් මම යයි ඉස්කෝලෙ ඔය වෙලාවට.. කොහොම හරි මම ගිහිල්ලා සයන්ස් එක එහා පැත්තට වෙලා ඉන්නවා..

    ඉස්සරහට පැනපු කෑලි දෙකක් තියන නිසා ඇතුල් වෙන දොර කාටවත් පේන්නෙ නෑ එතන ඉඩකුත් තියනවා .. මම සයන්ස් එකයි අනික් ගොඩනැගිල්ලයි අතරට වෙලා ඉන්නවා.. ඒ අස්සෙ මට හිරුගෙයි ශානිගෙයි සද්දෙත් ඇහෙනවා,, මෙන්න රූප සටහනක් හරියටම පැහැදිලි වෙන්න.
    සයන්ස් එකේ දල සැලසුම


    hiru+and+shani.PNG


    ඉතින් දැන් ඔහොම ඉන්නකොට මට මේ දෙන්නා කතා කරනවා ඇහෙනවා.. දෙන්නම දන්නෙ නෑ මම එහාපැත්තෙ ඉන්නවා කියලා..

    හිරූ කියනවා "ඔයා ගෙනාවද"

    ශානි "ඔවු,ඔවු මම අරගෙන ආවා"

    හිරූ ආයෙමත් කියනවා "එහෙනන් ඉක්මනට එලියට ගන්න ශානී"

    ශානි පොඩි හිනාවක් දාල කියනවා "හැමදාම අරින එකනේ අද විතරක් මොකද හදිස්සියක්" කියලා


    මගෙ දැන් ඉහ මොල රත්වේගෙන එනවා .. මම පොඩි එකාගෙ කකුල් දෙකත් නිකන් වෙවුවලනවා වගේ.. ඒ අස්සෙ ලැජ්ජාව .. අනේ මන්දා.. ඔය අස්සෙ පොඩි අමුතු අමුතු සිතුවිලිත් පහල වෙන්වා .. ඊලගට වෙන දේවල් මැවිලා පේනවා වගේ දැනෙනවා.. කෝකටත් මම හොදට සද්දයක් නැතුව අහන් හිටියා..

    ශානි කියනවා "ඔයා ඔය පැත්තෙ එක අරින්න මම අනික් පැත්තෙ එක අරින්නන් "කියලා
    හිරු " හා හා.. එහෙම බැරි උනොත් මාරු වෙලා අරිමු "

    ටික වෙලාවක් සද්ද නැතුව ගෙවිලා යනවා එක පාරට අමාරුවෙන් වගේ

    හිරූ කියනවා.. "අනේ මගෙ එක හිරයිනේ.. පොඩ්ඩක් බලන්නකෝ.." කියලා..

    මටනන් දැන් ෆුල් ආතල්.. බයත් හිතෙනවා මොන වින්නැහියක් වෙන්න යනවද කියලා

    ශානි කියනවා ඒ පාර.. "අය්යෝ,. ඔයාට හැමදාම කරලත් මේක හරියට දාගන්න බෑනේ"
    හිරූ .. "අහ්.. ම්ම්හ්.. අනේ මේක කරන්න අමාරුයිනේ.. වෙනද මෙච්චර හිර නෑනේ"

    ශානි "ම්ම්හ් ම්හ් ඔවු අද තදයි.. අනික් දවසෙ එනකොට ඔයිල් එකක් අරන් එන්න ඕනි "
    හිරූ .." ඔවු අනේ අපිට එහෙම උනාම ලේසියි.."


    දැන්නන් මට ටිකක් බයයි.. වෙන්න බාර්යාව ඇවිත් මාව හොයනවද දන්නෙත් නෑ.. මොනව කරන්නද ,., මේකත් මරේ මරු ආතල්.. මම අහගෙනම හිටියා

    දැන් මට දොරට හේත්තු ව්එන සද්දයක් ඇහෙනවා... මට හිතෙන්නේ හිරූ දොරට හේත්තු උනා..

    .. එක පාරට.. දොර ඇතිල්ලෙන්න වගේ සද්දයක් එනවා වගේ දැනුනා.. මම හිතන්නෙ දැන්නන් හිරූට ඉන්නම බැරුව ඇති..

    "අනේ ශානී.. මට තනියම අමාරුයි "

    "ඉන්න කෙල්ලෙ වෙනදට මෙහෙම නෑනේ...."
    "කෝ බලන්න"


    එක පාරටම හයියෙන් බ්‍රාරාආආආඅස් ගාල සද්දයක් ඇහුනා..







    ඊට පස්සෙ.. ශානි මම හිටපු පැත්තට එකපාරටම ඔලුව දාල කියනවා












    " අපි මෙහේ .. දොර තනියම අරින්න හදනවා ඔයා පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා නේද ".. කියලා


    එතකොට තමයි මට සීන් එක තේරුනේ .. මම කියන්නයැ උබල අහවල් එක කරනවයි කියල හිතාගෙන මෙහෙට වෙලා හිටියයි කියලා :/
    අනේ සංසාරෙ විලි ලැජ්ජාවයි....

    මුන් දෙන්න මෙච්චර වෙලා කොරල තියෙන්නේ අපේ සයන්ස් එකට ඇතුල් වෙන්න තියන උස්සන දොර (rollar door) එක අරින්න හදපු එක,., මම මටම සික් කියා ගත්තා,., ඊට පස්සෙ ,., මෙච්චර වෙලා මුන් දෙන්නා ඇරපු දොරෙන් ඇතුලට ගිහිල්ලා බෑග් එක තියලා.. මම වෙන්න බාර්යාව බලන්න ගියා ...

    ප.ලි--- වෙනද වගේ පොඩි එවුන්ට හොද නෑ බලන්න එපා කියල කිවුවේ නෑ.. කොච්චර කට කැඩෙනකන් කිවුවත් ..,සොලි අත කැඩෙනකන් ලිවුවත් වැඩක් නෑනේ . අනිවාර්යෙන්ම බලනවා.. අනික මම මේක උස්සපු එකක් හොදේ ...
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    උබ එනවා දැකල දොර අරිනවා වගේ act කලාද දැන් නැ :D
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    කෙල්ලො දෙන්නෙක් ඔහොම දොරක් අරින කොට ගිහින් පොඩ්ඩක් සෙට් වෙලා එකට දොර අරින්න try කරන්න ඕනේ. බලන් ඉඳල හරියන්නෙ නෑ.:P:P:P:P:P