ශානි අබේසේකරගේ මෝටර් රථයට ආ වෙඩි පහර

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වැඩ තහනමට ලක්වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාගේ මෝටර් රථයට පොලිස් කොස්තාපල්වරයෙකු අතින් වෙඩිවැදීමේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.

    පසුගිය 17 වනදා අදාළ සිද්ධිය සිදුව තිබු අතර ශානී අබේසේකර මහතාගේ නිවසේ නතර කර තිබු මෝටර් රථයට මෙලෙස වෙඩි වැදී ඇති බව සඳහන්ය.

    කෙසේවෙතත් සිද්ධිය වන අවස්ථාවේ දී ශානී අබේසේකර මහතා නිවසේ සිට නොමැති අතර කොස්තාපල්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු දැනුවත් කර නොමැති බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

    ශානී අබේසේකර මහතා මෙම මෝටර් රථයකට ඉන්ධන ලබාගැනීමට යාමේ දී එහි ඉන්ධන කාන්දුවක් සිදුව ඇති බවට හඳුනාගෙන එය අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකිරීමේ දී එය වෙඩි ප්‍රහාරයක් හේතුවෙන් සිදුවූ සිදුරක් බවට තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.

    පසුව සිදුකළ සොයා බැලීමේ දී නිවසේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අතින් මෙම වෙඩි වැදීම සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්ය.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා මෙම සිද්ධිය පිළිබඳව බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කර තිබේ.

    එම පැමිණිල්ලට අනුව ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව සඳහන්ය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාට පවතින ජීවිත තර්ජන හේතුවෙන් ඔහුට අවි සහිත පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා ලබා දී තිබේ.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,392
    6,531
    113
    මිනිහාම තියාගෙන ආරක්ශාව ගන්න කරපු වැඩක්.