ශානි - රවී ජාජබ වේදිකාවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    image_f91d2647ec.jpg


    (ආරියරත්න රණබාහු)

    පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අයිතිකාරයා දේශපාලකයා නොවිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර දිසානායක මහතා අද (09) මහරගමදී පැවසීය.

    තම රජයක් යටතේ පොලිස් දෙපාර්තමේන්තුව පමණක් නොවේ මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලන අතකොළුවක් ලෙස භාවිතා කරන්නේ නෑ. පොලිසියේ ස්වාධීනත්වය මෙන්ම පොලිස් නිලධාරින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා.

    මහරගම ජාතික තරුණු සේවා සභා ශ්‍රවණාගාරයේ අද පෙරවරුවේ පැවති විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ ජාතික සමුළු අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙම සමුළුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඡේ.එ.කේ.මාර්ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ‍අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දුල්ශාන් සෙනෙවිරත්න යන මහත්වරු ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ විවිධ නිලයන්හි කටයුතු කළ විශ්‍රාමික පොලිස් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

    image_1ba813e34f.jpg


    image_46a969196b.jpg


    image_98363463f3.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,941
    40,785
    113
    රවි කිව්වම එක පාරටම පපුව පිච්චිලා ගියා. යකෝ ඔහොම ටයිට්ල් දාන්න එපා.
     
    • Haha
    Reactions: SLK_sri and xengine