ශාරීරිකවම සිරා ලඟට

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ශාරීරිකවම සිරා ලඟට

    මන්ත්‍රීවරුන් 113 ට වැඩියෙන් ශාරීරිකවම ජනාධිපති ලඟට ඇවිත් පෙන්වන්නම්

    (ලංකා ඊ නිව්ස් -2018.නොවැ.18, ප.ව.7.40 -‌දෙවන සංස්කරණය ප.ව.11.15) “අපට ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය 113 තිබෙනවා. ඔබට අවශ්‍ය නම් වේලාවක් දෙන්න හෙට උද‌ේ අපි ශාරීරිකවම ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ පෙන්වන්නම්..” ගමරාළ ජනාධිපතිවරයා සමග සර්ව පාක්ෂික නායකයන් පැවැති සාකච්ඡාවේ දී එජාපෙ නායකයන් ඔහුගේ මුහුණටම පවසා තිබේ.

    මේ ප්‍රකාශය කර ඇත්තේ සාකච්ඡා අවසාන අදියරේ දී විමල් වීරවංශ නැගූ තර්කයකට පිළිතුරු ලෙසය.

    සියළු ප්‍රශ්න ඇති කළ ජනාධිපති තමා සුදනා ලෙස ලෝකයාට පෙන්වීමටත් අර්බුදයට විසඳුමක් දෙනවා වෙනුවට එය තවදුරටත් අච්චාරු කිරීම සඳහා අද සවස සර්ව පාක්ෂික හමුවක් කැඳවා තිබිණ.

    ඒ සඳහා අර්බුදයේ ප්‍රධාන චරිත වන ජනාධිපති ගමරාළ, නීත්‍යාණුකූල අගමැති රනිල් සහ හොර අගමැති මහින්ද තිදෙනාම ඔක්.26 න් පසු මුහුණට මුහුණ හමුවිය. ඒ සමග මහින්දට පක්ෂපාතී පක්ෂ නායකයන්ද ශීලාචාර දේශපාලනය නියෝජනය කරන පක්ෂ නායකයන්ද සහභාගී වූහ. සහභාගී නොවූයේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නමුත් එහි නායක කණ කිස් කන ලිපියක් ජනාධිපති ගමරාලට යොමු කර තිබිණ.

    සාකච්ඡා ආරම්භයේ දී ජනාධිපති ගමරාළ ජවිපෙ ලිපිය ලැබුණු බවද සඳහන් කෙළේය.

    මෙහිදී ශීලාචාර කණ්ඩායම කියා සිටියේ ඔබ පත් කළ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග යෝජනා දෙකක්ම ගෙනැවිත් ඇති බවත් ඒවා ජයගෙන ඇති බවත් ඒ බව හෑන්සාඩ් ගත වී ඇති බැවින් තව දුරටත් විශ්වාස භංග ගෙන ඒම අපට කළ නොහැකි දෙයක් වන අතර අවශ්‍ය නම් ඔබගේ මහින්ද රාජපක්ෂ පිළ කළ යුතුව ඇත්තේ ස්ථාවර නියෝග 76(1) යටතේ කතානායවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරන යෝජනාවක් රාජපක්ෂ පිල විසින් ගෙන ඒම බවයි. ඊට ඡන්ද විමසීමක් කළ හැකි අතර එය පරාජය වුවහොත් කතානායක තීන්දුව යළි බලාත්මක බැවින් ව්‍යවස්ථාවේ 48(2) යටතේ ඔවුන්ට තව දුරටත් ආණ්ඩුවක් පවත්වාගෙන යා නොහැකි බවයි.


    විමලයා සහ ගමරාළ නා ගත් අවස්ථාව

    මේ අවස්ථාවේ දී මැදට පැන්න 9 වන ශ්‍රේණිය පමණක් සමත් විමල් වීරවංශ අපූරු යෝජනාවක් ගෙන ආවේය.

    “ඔව් එහෙමනම් රනිල් වික්‍රමසිංහ මහත්තයට අගමැතිකම දෙන්න කියලා 113 කගේ දිව්රුම් ප්‍රකාශ 113 ක් ජනාධිපතිතුමාට දෙන්න. එවිට පුළුවන් ජනාධිපතිතුමාට රනිල් වික්‍රමසිංහ මහත්තයව පත් කරන්න” යි වීරවංශ කීය.

    මේ ප්‍රකාශය ශීලාචාර කණ්ඩායමට මහත් තල්ලුවක් වූයේ අන් කිසිවක් නිසා නොව දැනටමත් ඔවුන් සතුව 113 ක් නොව 118 කගේ දිව්රුම් ප්‍රකාශ තිබෙන බැවිනි.

    වීරවංශගේ මුවින් එය පිටවනවාත් සමග හඬ අවදිකළ නිතිඥ අජිත් පී. පෙරේරා කියා සිටියේ “හරි ජනාධිපතිතුමා අපිට ඔබ වේලාවක් දෙන්න හෙට උදේ 10.00ට අපි 113 ට වැඩියෙන් දිව්රුම් ප්‍රකාශත්, 113 ට වැඩියෙන් ශාරීරිකවම මන්ත්‍රීවරුන් ද රැගෙන අපි ජනාධිපති ලේකම් කාර්යාලයට එන්නම්. ඔබ වේලාවක් දෙන්න” කියා ය.

    මේ ප්‍රකාශයත් සමග ජනාධිපති ගමරාළ තක්කු මුක්කු වී ගිය නමුත් ඊට පිළිතුරක් නොදී විනාඩියක් විතර කල්පනා කරමින් සිට “වඩා හොඳයිනේ මේක පාර්ලිමේන්තුවෙන් බේරා ගත්තානම්” යි යලිත් වතාවක් පැවසීය. ශීලාචාර කණ්ඩායම ජනාධිපතිගේ ගොබ්බ කතාවට කොක් හඬලා සිනාසුනහ.

    “පොඩ්ඩක් අද රෑට හරි කල්පනා කරලා බලලා හෙට උදේ හරි පණිවුඩයක් එවන්න වෙලාවක් දන්වලා. අපි මන්ත්‍රීවරු 113 ටත් වැඩියෙන් එන්නම් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට සහාය දක්වන්න යැයි ශීලාචාර කණ්ඩායමේ පක්ෂ නායකයෝ පැවසූහ.
     

    realpissa

    Well-known member
  • Jan 12, 2012
    1,236
    285
    83
    දැන් 8.10 යි
    අර 113 දිවුරුම් ප‍්‍රකාශ දීලද බං?
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    topic එක හරියට කාලෙකට කලින් ත්‍රෙඩ් එකක් තිබ්බේ ලිංගික පෙට්ටිය කියලා ඌ දාපු එකක් වගේ