ශිරන්තිගේ බල්ලන් රනිල්ට කඩා පනී!

lex

Member
Dec 31, 2006
95
14
0
ශිරන්තිගේ බල්ලන් රනිල්ට කඩා පනී!

barking_dog.jpg



අද(16) කොළඹ අරලියගහ මන්දිරයේ තම නිල කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමට ප්‍රථම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (15) අරලියගහ මන්දිරයේ පවතින තත්වය පරීක්ෂා කිරීම සඳහා සහ බඩු භාණ්ඩ ලැයිස්තුවක් (Inventory) ලබා ගැනීම සඳහා අරලියගහ මන්දිරයට ගොස් තිබේ.

එසේ එම ස්ථානයට ගොස් කාමරයෙන් කාමරයට පරීක්ෂා කරමින් යද්දී එක් කාමරයක් විවෘත කරත්ම එහි සිටි සුනඛයින් පිරිසක් අගමැතිවරයාට කඩා පැන තිබේ. එසැණින් එහි පැමිණි අරලියගහ මන්දිරයේ සේවකයන් එම සුනඛයන් මෙල්ල කර නැවතත් කාමරයට දමා වසා ඇත. අගමැතිවරයා සේවකයන්ගෙන් අසා ඇත්තේ මෙම සැපට හැදුණු සුනඛයන් කාගේද යන්නයි.

එහිදී අගමැතිවරයාට තත්වය පැහැදිලි කර දී ඇති අරලියගහ මන්දිර සේවකයන් පවසා ඇත්තේ පසුගිය සිකුරාදා අළුයම හිටපු ජනාධිපතිවරයා හදිස්සියේ පිටවී ගිය නිසා ඔහුට වෙනත් වැදගත් වටිනා භාණ්ඩ අරගෙන යාමට තිබුණ නිසා සුරතල් බල්ලන් පිළිබඳව අමතක වූ බවයි. එම පුවත දැන ගැනීමෙන් පසු අගමැතිවරයා සේවකයන්ට උපදෙස් දී ඇත්තේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ පවුලේ උදවිය අමතා මෙම සුරතල් බල්ලන් භාර ගැනීමට කැමතිද යන්න විමසන ලෙසයි.

නමුත් දැනට උද්ගත වී ඇති තත්වය හමුවේ ඔවුන් මෙම සුනඛයන් භාර ගැනීම ප්‍රතික්ෂේප කළ හොත් සුනඛයන්ව දිගටම අරලියගහ මන්දිරයේ තබා ගන්නා ලෙස අගමැතිවරයා සේවකයන්ට උපදෙස් දී ඇත.

‘‘ මම මෙහේ පදිංචියට එන්නෑ. මම නිල කටයුතු විතරයි අරලියගහ මන්දිරයෙ කරන්නෙ. ඒක නිසා මේ බල්ලන්ට දිගටම අරලියගහ මන්දිරයේ ඉන්න දෙන්න'' යනුවෙන් අගමැතිවරයා මදසිනහවකින් යුතුව පවසා තිබේ.
 

lex

Member
Dec 31, 2006
95
14
0
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වාසය කළ කොළඹ 07, ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ නිල නිවස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පදිංචිය සඳහා ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත. අක්කර ගණනකින් හෙබි මෙම නිල නිවස සියලු සුපිරි අංගයන්ගෙන් සමන්විත එකකි. මෙසේ මෙම නිල නිවස හිටපු ජනාධිපතිවරයාට ලබාදීමට තීරණය වී ඇත්තේ පෙරේදා (14) රාත්‍රී මෛත්‍රී-මහින්ද හමුවේ දී කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි.

තමන්ගේ ඉල්ලීමට ජනාධිපතිවරයාගෙන් සුභදායී ප්‍රතිචාරයක් ලැබුණු බැවින් මහින්ද රාජපක්ෂ මහතා කථානායක චමල් රාජපක්ෂ මහතා සමග එක්වී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාටද පදිංචිය සඳහා නිවසක් ලබාදෙන්නැයි ඉල්ලා ඇත. ඒ පිළිබඳව සොයා බලා කටයුතු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී තිබේ.

නමුත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිනියට ලබාදී තිබුනේ අතිරේක ලේකම්වරයෙකු පාවිච්චි කළ ටොරින්ටන් චතුරශ්‍රයේ දෙවන පන්තියේ නිවසකි. හිටපු ජනාධිපතිනිය එහි පදිංචියට යන විට අවම වශයෙන් නල ජලය, සනීපාරක්ෂක පහසුකම් හෝ විදුලිය වත් එම නිවසට තිබී නොමැත. ඒ සැම පිලිසකර කෙරී ඇත්තේ ජනාධිපතිනිය එහි පදිංචියට ගොස් සෑහෙන කාලයකට පසුවය.

කෙසේ වෙතත් තම සතුරාට පවා මෛත්‍රිය දක්වන වත්මන් ජනාධිපතිවරයා තම මෛත්‍රී පූර්වාදර්ශය හිටපු ජනාධිපතිවරයාගෙන් ආරම්භ කොට තිබේ
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හ්ම්ම්ම් අපාරදේ දුන්නේ...හොරාකාපුවා නැද්ද දන්නේ නැහැ..රාජ්‍ය දේපල හොරුන්ට දෙන්නේ මොකටද...
 

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මම මෙහේ පදිංචියට එන්නෑ. මම නිල කටයුතු විතරයි අරලියගහ මන්දිරයෙ කරන්නෙ. ඒක නිසා මේ බල්ලන්ට දිගටම අරලියගහ මන්දිරයේ ඉන්න දෙන්න''