ශිෂ්‍යත්ව දරුවන්ට උපදෙස් - Spared The Awareness

sajithgk

Member
Aug 27, 2011
79
73
0
Dallas, Texas
ශිෂ්‍යත්ව දරුවන්ට උපදෙස් - Spared The Awareness

ශිෂ්‍යත්ව විභාගයේ දී අපේක්ෂකයන් සහ දෙමව්පියන් විසින් පිළිපැඳිය යුතු උපදෙස් පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර නිකුත් කර තිබෙනවා. මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගය ලබන 20දා පැවැත්වෙනවා.

අපේක්ෂකයින් සඳහා උපදෙස්

(1) ප්‍රශ්න පත්‍රය සඳහා තිබෙන කාලය පිළිබඳ අවබෝධයක් තිබිය යුතු ය.
I පත්‍රය පෙ.ව.9.30 සිට පෙ.ව.10.15 දක්වා විනාඩි 45 ක කාලයක් පැවැත්වේ.
II පත්‍රය පෙ.ව. 10.45 සිට මධ්‍යහ්න 12 දක්වා පැය 01කුත් විනාඩි 15 ක කාලයක් පැවැත්වේ.
(2) පෙ.ව. 09.00 වන විට විභාග අපේක්ෂකයින් ශාලාවල අසුන් ගත යුතු බවට ශාලාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බැවින් කල්වේලා ඇතුව විභාග මධ්‍යස්ථාකයට පැමිණිය යුතුය.
(3) විභාග අපේක්ෂකයන් තමාට අදාළ විභාග අංකය ඇඳුමේ වම්පස පැළඳ සිටිය යුතුය.
(4) පිළිතුරු සැපයීමේ දී පැන්සල හෝ පෑන භාවිත කළ හැකිය.
(5) විභාග අංකය නිවැරදිව ලියන්න. සෑම ප්‍රශ්න පත්‍රයකම විභාග අංකය ලිවීම සඳහා 01 හා 03 පිටුවල ඉඩ තබා ඇත.
(6) පිළිතුරු සැපයීමේදී ලබා දී ඇති උපදෙස් පිළිපදින්න
(7) කටු වැඩ කොළ ලබා දේ.
(8) ප්‍රශ්න පත්‍රය අතටගත් පසු කලබල නොවන්න. හොඳින් කියවා බලා පිළිතුරු සපයන්න.

දෙමව්පියන් සඳහා උපදෙස්

(1) කල්වේලා ඇතිව දරුවන් පාසල වෙත රැගෙන ආ යුතු ය.
(2) දෙමව්පියන් විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුල් නොවිය යුතුය.
(3) විවේක කාලයේ දී දෙමව්පියන් විභාග මධ්‍යස්ථාන භූමියට ඇතුල්වීමට ඉඩ ලබා දෙනු නොලැබේ.
(4) දරුවාට කෙටි ආහාරයක් සහ වතුර බෝතලයක් රැගෙන යාමට ලබාදෙන්න.

ඩෙල්ෆ්,නයිනතිව්,අනලතිව් දුපත් ප්‍රදේශ ද ඇතුළුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3014 ක විභාගය පැවැත්වෙන අතර අයදුම්කරුවන් 356,728ක් පෙනී සිටි අතර එයින් 562 ක් විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් ය.විභාග පරිපාලනය සඳහා 28,000ක පමණ කාර්ය මණ්ඩලයක් යොදවා ඇති අතර විභාග අධීක්ෂණ කටයුතු සඳහා පැය 24 පුරා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළත් විශේෂ කණ්ඩායම් යොදවා ඇති බව ජනරාල්වරයා සඳහන් කර ඇත.

ශාලාධිපතිවරයා හැර විභාග නිරීක්ෂකවරුන් ඇතුළුව සියලුම විභාග කාර්ය මණ්ඩලයට විභාග මධ්‍යස්ථාන තුළ දී ජංගම දුරකථන භාවිත කිරීම තහනම් කර ඇත.විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ එම පාසලේ ගුරුවරු හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළුව අවසර නොලත් කිසිඳු පුද්ගලයකු විභාග මධ්‍යස්ථාන තුළට ඇතුල්වීම තහනම් වන අතර විදුහල්පතිතුමා කාර්යාලය වසා තැබිය යුතුය. විභාග කටයුතු වලට බාධාවන් වන අයුරින් කටයුතු කරන පුද්ගලයන් හා ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය රහස්‍ය ලේඛනයක් බැවින් විභාගය අවසන් වු පසු ප්‍රශ්න පත්‍ර ළඟ තබා ගැනීම, පිටපත් කිරීමට කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය වෙත දන්වා ඇති බව විභාග කොමාසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

විභාගය සඳහා පහත සඳහන් දුරකථන අංකවලට ඇමතීමට කටයුතු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

විභාග දෙපාර්තමේන්තු ක්ෂණික ඇමතුම් අංකය : 1911
පාසල් විභාග සංවිධාන ශාඛාව : 0112 784208 / 0112 78 45 37 / 0112 31 88 350 / 0112 31 40 314
පොලිස් මූලස්ථානය : 0112 42 11 11
පොලිස් හදිසි ඇමතුම් අංකය : 119
 
Last edited:
  • Like
Reactions: WhiteWalker

JustinBieber

Member
Aug 14, 2017
47
8
0
Home
ගෝත පෝස්ට් දන්නෙ නැතුව ආතල් පෝස්ට් එකක්වත් දාපන්කෝ බන් :yes:
 

good person

Member
Sep 18, 2016
1,237
115
0
ප්‍රශ්න පත්‍රය අතටගත් පසු කලබල නොවන්න. හොඳින් කියවා බලා පිළිතුරු සපයන්න.
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මේකෙ ඉන්න ශිෂ්‍යත්වෙ ලියන්න ඉන්න අයියල අක්කලට වැදගත් thread එකක් :yes: rep+