ශුද්ධ වු දේශයෙ වෙසගන නීතියේ

ශුද්ධ වු දේශයෙ වෙසගන නීතියේ

වෙසගන නීතියේ............

නුඹ හරිම පාරිශුද්ධයි
පිරිමියෙක් අතින්වත්
අල්ලල නෑලු සත්තයි
ධවල පැහැ සළුවයි
තරාදිය අත රැදි කඩුවයි
කන්‍යාවියලු නීතියේ
images
ඒත් ඊයෙ රෑ සෙයිලමේ
රජුන් අභියස
නිරුවතින් රැගු
නළගනත් නුඹ වගේමයි
මගේ ඇස් වැරදිලා වාගෙයි

මට මතක නෑ කියන
කුඩු බෙදන අහින්සකයින්
ගෑණු කෙළසා පාටි දමනා
බෝධිසත් මැතිවරුන්
අපේ මුදලින් රේස් පදිනා
කුමරුවන් අනෙ වාසනාවන්
උන් සැවොම යහතින්
වැජඹෙනා ලොව
සන්ජීවටම කෙළිනට
කඩුව මුවහත තබනදා
සළුව ගැළවී වැටේවී
කන්‍යාවිය බලාගෙන
නුඹේ නිරුවත පෙනේවී
images
අපේ ඇස් අග
සිහින රන්දා
එදා ඉදළම
කළේ බොරුවයි
ඉතින් නුඹ ඉබ්බියෙකි
පිහාටු නොඉල්ලමි තවත්

නුඹේ ඔය තරාදිය
දීපන් හන්දියෙ සෝම අක්කට
අර්තපල් කිරන්නට
කඩුවත් අරන් ඇවිදින්
කොටල දීපන් කොස්
පහළ ගෙදර ආච්චිට
ධවළ සළු තව කුමට
ගලවලා නිරුවතින් හිටපන්
තවත් ඉතින් නුඹ
කුමක්නම් සගවම්ද
වෙසගන නීතියේ............

බුකියෙන් අහුලා ගත් කොපි පෙස්ටුවකි...........:yes: