Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශ්‍රද්ධාව හා භක්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රද්ධාව හා භක්තිය

ශ්‍රද්ධාව හා භක්තිය යන වචන දෙකෙන් ප්‍රකාශ කරන දේ එකක්ම නොවේ. භක්තිය යනු පෘථග්ජන සිතක බිහිවන මෝහ සහ ලෝභ සහගත චිත්ත ශක්තියයි. තම ලෞකික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ බලාපොරොත්තුව නිසාම සිතක ශක්තියක් උපදී. තමාට පිහිටක්, උපකාරයක්, අනුකම්පාවක් ලබා ගැනීමේ චේතනාව, භක්තියත් සමඟම එකටම උපදී. එය ලෞකික දෙයකි. තම ලෝකය සුඛිත මුදිත කර දෙන ලෙස තවත් කෙනෙකුගෙන් ඉල්ලා යදින්නේ බලාපොරොත්තු සහගත භක්තියෙනි. එය ඉතාම තාවකාලික අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට උපකාර සෙවීමකි.

ශ්‍රද්ධාව මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය. එය යථාවබෝධයෙන්ම ලැබිය යුතු නුවණකි. පින් හා කුසල් කිරීමෙන්ම ලබන පුණ්‍ය ශක්තියත් සමඟ ශ්‍රද්ධාව උපදී. අනන්ත අප්‍රමාණ දුක් විඳින ලෝක සත්ත්වයාට ධර්මය දේශණා කිරීමෙන්, සතර බ්‍රහ්ම විහරණයෙහි යෙදීමෙන් බුදුපියාණන්වහන්සේලා මෙන්ම මහා සංඝරත්නය ද ලෝකයාට නිවන් මඟට උපනිශ්‍රය ලබා දීම පිළිබඳව මෙනෙහි කරන විට ශ්‍රද්ධාව සිතක උපදී. බුදුපියාණන්වහන්සේලා මේ ධර්මය උත්සාහයෙන්, මහන්සියෙන් සොයා දැන අවබෝධ කරගෙන දේශණා කළේ, දුක් විඳින අනන්ත අප්‍රමාණ සත්ත්වයින් දුකින් මුදවා ගැනීම සඳහාම බව අවබෝධ කරගෙන, එවැනි යහපත් සිතිවිල්ලක් සිතක මතුවී, සිත පහන්කර ගැනීම, පැහැදීම ශ්රද්ධාවයි. ශ්රද්ධාවද එක්තරා ආකාරයක විශ්වාසයකි. ඒ බුදුපියාණන්වහන්සේලා දේශණා කර පෙන්වා වදාළ සත්‍යය අවබෝධ කර ගැනීම,තමාවත් දුකින් මිදීමට උපකාර වන බව, සරණ වන බව දැක ඒ ධර්මය ගැන ඇති වන විශ්වාසයයි. පෙන්වා දුන් ධර්ම මාර්ගය ගැන ඇතිවන විශ්වාසයයි. උන්වහන්සේලා අනන්ත අප්‍රමාණ සංසාරයේ පෙරුම් පුරා, උත්සාහ ගෙන මේ සියල්ල කළේ දුක්විඳින සත්ත්වයා වෙනුවෙන්ම නේද? යන ගෞරවාන්විත සිතුවිල්ල ශ්රද්ධාවයි. මේ නිසාම ශ්‍රද්ධාව යනු ගෞරව සම්ප්‍රයුක්ත විශ්වාසයකි. සත්‍යය අවබෝධ වීමකි. භක්තියද විශ්වාසයක් මතම ගොඩනැඟුනු එකකි. තමන්ටම දුකක්, අපහසුවක්, මදිපාඩුවක් ඇති වූ විට එය නැති කර ගැනීමට තාවකාලික ප්‍රතිකර්මයක් කර ගැනීමේ අවශ්‍යතාවය සපුරාගත හැකි වේය යන විශ්වාසයයි. ”මට මේ කරදරයෙන් මිදීමට දෙවියන්, බුදුන්, ධර්මය, පිහිට වේ, පිළිසරණ වේ” යන විශ්වාසය, භක්තිය නිසාම හට ගත් එකකි.

ශ්‍රද්ධාවෙන් ඇතිවන විශ්වාසය මීට වඩා දහස් ගුණයකින් බලවත්ය. බුදුපියාණන් වහන්සේගේ රූපකාය දැකීමෙන්, අරහතුන්වහන්සේලාගේ රූපකාය දැකීමෙන්, මනසට දැනෙන තෘප්තිය, භක්තියකි. උන්වහන්සේලා දේශණා කරන ලද ධර්මයෙහි ධර්ම රසය තුළින් සත්‍ය අවබෝධ වීමෙන් සිත ආලෝකමත් වීම, සසර අඳුරින් මිදීමට මඟ දැකීම ශ්රද්ධාවයි. දහම් රසය විඳිය හැක්කේ ශ්රද්ධාවෙන්මය. භක්තියෙන් දහම් රසය විඳිය නොහැකිය.

ශ්‍රද්ධාව නිසා ආත්ම ශක්තියත් ආත්ම විශ්වාසයත් ගොඩනැගේ. තමන්ට උපකාර කර ගත හැකි, සරණකර ගත හැකි ශක්තියක් තමන් තුළම ගොඩනගා ගැනීම, උපද්දවා ගැනීම ශ්රද්ධාවයි. තමාට තමාම පිහිට වන බව දැකීම එහි අර්ථයයි. භක්තිය නිසා ආත්ම ශක්තියක් ඇති නොවේ. වෙනත් බාහිර බලවේගයක්, දෙවි කෙනෙකු, විශ්මකර්මයෙකු, බුදුපියාණන්වහන්සේ හෝ නොපෙනෙන බලවේගයක් කෙරෙහි විශ්වාසය තබා, ඒ බලවේගයට පුද පූජා පැවැත්වීමෙන් සියල්ලම ලැබේ, ඒ බලවේගය අපට සියල්ල ලබාදේ, යන අන්ධ විශ්වාසය භක්තියයි. මෙහිදී තම ආත්ම ශක්තිය, චිත්ත ශක්තිය බලවේගයකට පාවා දෙයි. තමන් මොනවා කළත් මොනවා නොකළත් අර නොපෙනෙන බලවේගය සියල්ල තීරණය කරනු ඇත, යන දැඩි විශ්වාසය නිසා සත්‍යය මෝහයෙන් වැසී යයි. මේ නිසාම පෙනෙන හෝ නොපෙනෙන බලවේගයන් විශ්වාස කර පැතුම් පැතීම, පුද පූජා කිරීම, යැදීම තමන් කළ යුතුය යන නිගමනයට බැසීම භක්තියයි. මේ අනුව භක්තිය නිසා පින් සිදු කර ගැනීමට හැකිය. නමුත් භක්තියෙන් කුසල් සිදුකර ගැනීමට නොහැකිය. කුසල් සිදු කරගත හැක්කේ ශ්‍රද්ධාවෙන් පමණි.

අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධතාවය තමා තුළ ඇති වන්නේ ශ්‍රද්ධාව මුල්කොට ගෙනමය. යථාවබෝධය ලැබීම, සත්‍ය සමඟ සම්බන්ධ වීම භක්තියෙන් කළ නොහැකිය. ලෝකයේ පවතින සියලුම ආගම් වල, මිනිසාට ඉහළින් පවතින යම් කිසි බලවේගයකින් මිනිසා පාලනය කරන බව අදහස් කරන නිසා, ඒ සියලු ආගම් භක්තියෙන්ම ඇදහිය යුතු ආගම්ය. යම් හෙයකින් මේ බලවේගය පිළිබඳව ඇති විශ්වාසය පළුදු වුවහොත්, භක්තියද නැති වෙයි. බුදුපියාණන්වහන්සේ දේශණා කළ සිරි සද්ධර්මය පෙන්වා දුන්නේ කිසිම බාහිර බලවේගයක් හෝ බාහිර පුද්ගලයෙකු පිළිබඳව හෝ නොවේ. තමා, තමා ගැනම විශ්වාස කිරීමයි. සියලු සත්ත්වයින් සම තත්ත්වයක ලා සැළකූ නිසා කිසි දෙවියෙකු, බ්‍රහ්මයෙකු හෝ බුදුපියාණන්වහන්සේ කෙනෙකු වුවද තවත් කෙනෙකුට විමුක්තිය ලබා දීමට හෝ නිවන් දැක්කවීමට හෝ සමත් නොවේ. තමාම ඒ කටයුත්ත කර ගත යුතුය. බුදු දහම යනු ඇත්ත වශයෙන්ම මේ අනුව බලන කළ ආගමක් නොවේ. භක්තියෙන් පුද පූජා පැවැත්වීමෙන්, බලවේගයක් ඇදහීමෙන්, අදෘශ්‍යමාන ශක්තියක් කෙරෙහි විශ්වාසය තැබීමෙන්, නිවන් දැකිය හැකි බවක් බුදුපියාණන්වහන්සේ දේශණා කළ ධර්මයෙහි කිසි

තැනක සඳහන්ව නැත. හේතුඵල ධර්මතාවය බුදු දහමේ උගන්වන මූළිකම කරුණයි. එය ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් යථාවබෝධයක් ලැබිය යුතු, තමන්ම භාවිතා කළ යුතු ධර්මයකි. ලොව පවතින එකම ශක්ති ප්රභවය චිත්ත ශක්තියයි. තමාගේම චිත්ත ශක්තියයි. ඒ පිළිබඳව සත්‍යාවබෝධය ලැබීම ශ්‍රද්ධාව පහළ වීමයි. භක්තිය යනු බැඳීමකි. යම් බලාපොරොත්තුවකට, විශ්වාසයකට බැඳීමකි. බැමි වලින් නිදහස් වී ලබන විමුක්තිය ශ්රද්ධාවයි. බෞද්ධයෙකුට නිවන් දැකීමට ”ඛණ සම්පත්තිය” ලැබීමට උපකාර වන්නේ ශ්රද්ධාවයි. මල් පූජා කිරීමෙන්, පහන් දැල්වීමෙන්, සුවඳකූරු දැල්වීමෙන්, තෙරුවන් නැමැදීමෙන් වැනි පුද පූජා ක්‍රම වලින් බුදුපියාණන්වහන්සේ බලාපොරොත්තු වූයේ අනිච්ච, දුක්ඛ, අනත්ථ තත්ත්වය අවබෝධ කර ගැනීම මිස, භක්තිය වඩා ගැනීමට මල්පූජා කළ යුතු බවක් කොතනක හෝ පෙන්වා දී නැත. පයට පෑගෙන්නට මල් දැමිය යුතු බව මිසක, මල් කරේ පැළඳ වීමක්, හිසේ පැළදවීමක් හෝ හිස සැරසීම සඳහා හෝ පාචිච්චි කළ යුතු බවක් බුද්ධ භාෂිතයෙහි කොතනකවත් සඳහන් කර නැත. මල් යනු මැරෙන දේ යන තේරුමයි. ඒ මැරෙන දේ පයට පෑගෙන්නට දමා, එහි අනිච්ච බව දැකිය යුතුය. අද මල් පූජා කරන්නේ භක්තියෙන් මිස ශ්‍රද්ධාවෙන් නොවේ. හින්දු හා ශිව වැනි ආගම් වල බලපෑම් නිසා, භක්තිය ඉස්මතු වී ශ්‍රද්ධාව යටපත්ව නිවන් මඟ වැසී ඇත. මේ නිසා ශ්‍රද්ධාව හා භක්තිය නිවැරදිව වෙන් කොට හඳුනාගැනීම නිවන් දැකීමට උපකාර වේ.

- මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි

[QUOTE="rajitha.wijayaratne, post: 22601310, member: 563228"] [b]ශ්‍රද්ධාව හා භක්තිය[/b] [SIZE="3"] ශ්‍රද්ධාව හා භක්තිය යන වචන දෙකෙන් ප්‍රකාශ කරන දේ එකක්ම නොවේ. භක්තිය යනු පෘථග්ජන සිතක බිහිවන මෝහ සහ ලෝභ සහගත චිත්ත ශක්තියයි. තම ලෞකික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ බලාපොරොත්තුව නිසාම සිතක ශක්තියක් උපදී. තමාට පිහිටක්, උපකාරයක්, අනුකම්පාවක් ලබා ගැනීමේ චේතනාව, භක්තියත් සමඟම එකටම උපදී. එය ලෞකික දෙයකි. තම ලෝකය සුඛිත මුදිත කර දෙන ලෙස තවත් කෙනෙකුගෙන් ඉල්ලා යදින්නේ බලාපොරොත්තු සහගත භක්තියෙනි. එය ඉතාම තාවකාලික අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට උපකාර සෙවීමකි. ශ්‍රද්ධාව මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය. එය යථාවබෝධයෙන්ම ලැබිය යුතු නුවණකි. පින් හා කුසල් කිරීමෙන්ම ලබන පුණ්‍ය ශක්තියත් සමඟ ශ්‍රද්ධාව උපදී. අනන්ත අප්‍රමාණ දුක් විඳින ලෝක සත්ත්වයාට ධර්මය දේශණා කිරීමෙන්, සතර බ්‍රහ්ම විහරණයෙහි යෙදීමෙන් බුදුපියාණන්වහන්සේලා මෙන්ම මහා සංඝරත්නය ද ලෝකයාට නිවන් මඟට උපනිශ්‍රය ලබා දීම පිළිබඳව මෙනෙහි කරන විට ශ්‍රද්ධාව සිතක උපදී. බුදුපියාණන්වහන්සේලා මේ ධර්මය උත්සාහයෙන්, මහන්සියෙන් සොයා දැන අවබෝධ කරගෙන දේශණා කළේ, දුක් විඳින අනන්ත අප්‍රමාණ සත්ත්වයින් දුකින් මුදවා ගැනීම සඳහාම බව අවබෝධ කරගෙන, එවැනි යහපත් සිතිවිල්ලක් සිතක මතුවී, සිත පහන්කර ගැනීම, පැහැදීම ශ්රද්ධාවයි. ශ්රද්ධාවද එක්තරා ආකාරයක විශ්වාසයකි. ඒ බුදුපියාණන්වහන්සේලා දේශණා කර පෙන්වා වදාළ සත්‍යය අවබෝධ කර ගැනීම,තමාවත් දුකින් මිදීමට උපකාර වන බව, සරණ වන බව දැක ඒ ධර්මය ගැන ඇති වන විශ්වාසයයි. පෙන්වා දුන් ධර්ම මාර්ගය ගැන ඇතිවන විශ්වාසයයි. උන්වහන්සේලා අනන්ත අප්‍රමාණ සංසාරයේ පෙරුම් පුරා, උත්සාහ ගෙන මේ සියල්ල කළේ දුක්විඳින සත්ත්වයා වෙනුවෙන්ම නේද? යන ගෞරවාන්විත සිතුවිල්ල ශ්රද්ධාවයි. මේ නිසාම ශ්‍රද්ධාව යනු ගෞරව සම්ප්‍රයුක්ත විශ්වාසයකි. සත්‍යය අවබෝධ වීමකි. භක්තියද විශ්වාසයක් මතම ගොඩනැඟුනු එකකි. තමන්ටම දුකක්, අපහසුවක්, මදිපාඩුවක් ඇති වූ විට එය නැති කර ගැනීමට තාවකාලික ප්‍රතිකර්මයක් කර ගැනීමේ අවශ්‍යතාවය සපුරාගත හැකි වේය යන විශ්වාසයයි. ”මට මේ කරදරයෙන් මිදීමට දෙවියන්, බුදුන්, ධර්මය, පිහිට වේ, පිළිසරණ වේ” යන විශ්වාසය, භක්තිය නිසාම හට ගත් එකකි. ශ්‍රද්ධාවෙන් ඇතිවන විශ්වාසය මීට වඩා දහස් ගුණයකින් බලවත්ය. බුදුපියාණන් වහන්සේගේ රූපකාය දැකීමෙන්, අරහතුන්වහන්සේලාගේ රූපකාය දැකීමෙන්, මනසට දැනෙන තෘප්තිය, භක්තියකි. උන්වහන්සේලා දේශණා කරන ලද ධර්මයෙහි ධර්ම රසය තුළින් සත්‍ය අවබෝධ වීමෙන් සිත ආලෝකමත් වීම, සසර අඳුරින් මිදීමට මඟ දැකීම ශ්රද්ධාවයි. දහම් රසය විඳිය හැක්කේ ශ්රද්ධාවෙන්මය. භක්තියෙන් දහම් රසය විඳිය නොහැකිය. ශ්‍රද්ධාව නිසා ආත්ම ශක්තියත් ආත්ම විශ්වාසයත් ගොඩනැගේ. තමන්ට උපකාර කර ගත හැකි, සරණකර ගත හැකි ශක්තියක් තමන් තුළම ගොඩනගා ගැනීම, උපද්දවා ගැනීම ශ්රද්ධාවයි. තමාට තමාම පිහිට වන බව දැකීම එහි අර්ථයයි. භක්තිය නිසා ආත්ම ශක්තියක් ඇති නොවේ. වෙනත් බාහිර බලවේගයක්, දෙවි කෙනෙකු, විශ්මකර්මයෙකු, බුදුපියාණන්වහන්සේ හෝ නොපෙනෙන බලවේගයක් කෙරෙහි විශ්වාසය තබා, ඒ බලවේගයට පුද පූජා පැවැත්වීමෙන් සියල්ලම ලැබේ, ඒ බලවේගය අපට සියල්ල ලබාදේ, යන අන්ධ විශ්වාසය භක්තියයි. මෙහිදී තම ආත්ම ශක්තිය, චිත්ත ශක්තිය බලවේගයකට පාවා දෙයි. තමන් මොනවා කළත් මොනවා නොකළත් අර නොපෙනෙන බලවේගය සියල්ල තීරණය කරනු ඇත, යන දැඩි විශ්වාසය නිසා සත්‍යය මෝහයෙන් වැසී යයි. මේ නිසාම පෙනෙන හෝ නොපෙනෙන බලවේගයන් විශ්වාස කර පැතුම් පැතීම, පුද පූජා කිරීම, යැදීම තමන් කළ යුතුය යන නිගමනයට බැසීම භක්තියයි. මේ අනුව භක්තිය නිසා පින් සිදු කර ගැනීමට හැකිය. නමුත් භක්තියෙන් කුසල් සිදුකර ගැනීමට නොහැකිය. කුසල් සිදු කරගත හැක්කේ ශ්‍රද්ධාවෙන් පමණි. අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධතාවය තමා තුළ ඇති වන්නේ ශ්‍රද්ධාව මුල්කොට ගෙනමය. යථාවබෝධය ලැබීම, සත්‍ය සමඟ සම්බන්ධ වීම භක්තියෙන් කළ නොහැකිය. ලෝකයේ පවතින සියලුම ආගම් වල, මිනිසාට ඉහළින් පවතින යම් කිසි බලවේගයකින් මිනිසා පාලනය කරන බව අදහස් කරන නිසා, ඒ සියලු ආගම් භක්තියෙන්ම ඇදහිය යුතු ආගම්ය. යම් හෙයකින් මේ බලවේගය පිළිබඳව ඇති විශ්වාසය පළුදු වුවහොත්, භක්තියද නැති වෙයි. බුදුපියාණන්වහන්සේ දේශණා කළ සිරි සද්ධර්මය පෙන්වා දුන්නේ කිසිම බාහිර බලවේගයක් හෝ බාහිර පුද්ගලයෙකු පිළිබඳව හෝ නොවේ. තමා, තමා ගැනම විශ්වාස කිරීමයි. සියලු සත්ත්වයින් සම තත්ත්වයක ලා සැළකූ නිසා කිසි දෙවියෙකු, බ්‍රහ්මයෙකු හෝ බුදුපියාණන්වහන්සේ කෙනෙකු වුවද තවත් කෙනෙකුට විමුක්තිය ලබා දීමට හෝ නිවන් දැක්කවීමට හෝ සමත් නොවේ. තමාම ඒ කටයුත්ත කර ගත යුතුය. බුදු දහම යනු ඇත්ත වශයෙන්ම මේ අනුව බලන කළ ආගමක් නොවේ. භක්තියෙන් පුද පූජා පැවැත්වීමෙන්, බලවේගයක් ඇදහීමෙන්, අදෘශ්‍යමාන ශක්තියක් කෙරෙහි විශ්වාසය තැබීමෙන්, නිවන් දැකිය හැකි බවක් බුදුපියාණන්වහන්සේ දේශණා කළ ධර්මයෙහි කිසි තැනක සඳහන්ව නැත. හේතුඵල ධර්මතාවය බුදු දහමේ උගන්වන මූළිකම කරුණයි. එය ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් යථාවබෝධයක් ලැබිය යුතු, තමන්ම භාවිතා කළ යුතු ධර්මයකි. ලොව පවතින එකම ශක්ති ප්රභවය චිත්ත ශක්තියයි. තමාගේම චිත්ත ශක්තියයි. ඒ පිළිබඳව සත්‍යාවබෝධය ලැබීම ශ්‍රද්ධාව පහළ වීමයි. භක්තිය යනු බැඳීමකි. යම් බලාපොරොත්තුවකට, විශ්වාසයකට බැඳීමකි. බැමි වලින් නිදහස් වී ලබන විමුක්තිය ශ්රද්ධාවයි. බෞද්ධයෙකුට නිවන් දැකීමට ”ඛණ සම්පත්තිය” ලැබීමට උපකාර වන්නේ ශ්රද්ධාවයි. මල් පූජා කිරීමෙන්, පහන් දැල්වීමෙන්, සුවඳකූරු දැල්වීමෙන්, තෙරුවන් නැමැදීමෙන් වැනි පුද පූජා ක්‍රම වලින් බුදුපියාණන්වහන්සේ බලාපොරොත්තු වූයේ අනිච්ච, දුක්ඛ, අනත්ථ තත්ත්වය අවබෝධ කර ගැනීම මිස, භක්තිය වඩා ගැනීමට මල්පූජා කළ යුතු බවක් කොතනක හෝ පෙන්වා දී නැත. පයට පෑගෙන්නට මල් දැමිය යුතු බව මිසක, මල් කරේ පැළඳ වීමක්, හිසේ පැළදවීමක් හෝ හිස සැරසීම සඳහා හෝ පාචිච්චි කළ යුතු බවක් බුද්ධ භාෂිතයෙහි කොතනකවත් සඳහන් කර නැත. මල් යනු මැරෙන දේ යන තේරුමයි. ඒ මැරෙන දේ පයට පෑගෙන්නට දමා, එහි අනිච්ච බව දැකිය යුතුය. අද මල් පූජා කරන්නේ භක්තියෙන් මිස ශ්‍රද්ධාවෙන් නොවේ. හින්දු හා ශිව වැනි ආගම් වල බලපෑම් නිසා, භක්තිය ඉස්මතු වී ශ්‍රද්ධාව යටපත්ව නිවන් මඟ වැසී ඇත. මේ නිසා ශ්‍රද්ධාව හා භක්තිය නිවැරදිව වෙන් කොට හඳුනාගැනීම නිවන් දැකීමට උපකාර වේ. [B]- මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි[/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom