ශ‍්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් – ඉදිරියේදී &#352

suranga034

Well-known member
  • Jan 2, 2011
    985
    137
    63
    ශ‍්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් – ඉදිරියේදී Š

    ශ‍්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් – ඉදිරියේදී ශ‍්‍රී ලංකාවට දැවැන්ත භූකම්පන අවදානමක්


    ඉන්දු – ඔස්‌ට්‍රේලියානු භූ තලය ආශ‍්‍රිතව නිර්මාණය වී තිබෙන අස්‌ථායි භූ තල විභේදන කලාපය හේතුවෙන් ඉදිරියේ දී ශ‍්‍රී ලංකාවේ දැවැන්ත භූ කම්පන සිදුවීමේ අවදානමක්‌ පවතින බව භූ විද්‍යාඥ මහාචාර්ය සී. බී. දිසානායක මහතා පැවැසීය.

    ශ‍්‍රී ලංකාවට කිලෝ මීටර් 500 – 700 අතර දුරකින් පිහිටි මෙම නවතම භූතල විභේදන කලාපයේ බලපෑම සුළුවෙන් තැකිය නොහැකි බව මහාචාර්ය සී. බී. දිසානායක පවසයි. මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දිසානායක මහතා මෙසේද කීය.
    ‘මෙම නවතම භූ තලය විභේදනය වීම ඇරඹෙන්නේ වසර මිලියන 50 කට පමණ පෙර සිටයි. ඉදිරියටත් වසර මිලියන දහයක්‌ දක්‌වා පැවතිය හැකියි. භූ තලය විභේදනය වීමට පෙර අස්‌ථායි භූ කලාපයක්‌ නිර්මාණය වෙනවා. එහිදී විශාල ප‍්‍රදේශයක්‌ පුපුරා ඉරිතලා යනවා. ඉන්දු – ඔස්‌ටේ‍්‍රලියානු භූ තලයේ මෙම ඉරිතැලීම් පටන්ගෙන ඉවරයි. ශ‍්‍රී ලංකාවේ කඳුකරයේ සිදුවන නායයැම්වලට මින් විශාල බලපෑමක්‌ ඇතිවිය හැකියි.’
    ‘නේපාලයේ සිදු වූ කම්පනය හේතුවෙන් ඉන්දියාව අභ්‍යන්තරයේ පීඩන ඇතිවෙන්න පුළුවන්. ඉන් ශ‍්‍රී ලංකාවට බලපෑමක්‌ ඇතිවිය හැකියි. ඉදිරියේදී ශ‍්‍රී ලංකාවේ නායයැම් ඉහළ යා හැකියි. ශ‍්‍රී ලංකාවේ භූමි කම්පා වෙන්නේ නැහැ කියලා අපිට සැනසිල්ලේ ඉන්න බැහැ. මොකද අතීතයේ විශාල භූමිකම්පා අපේ රටේ ඇතිවෙලා තිබෙනවා. 1615 අප‍්‍රියෙල් 15 වැනිදා සිදුවූ දැවැන්ත භූමිකම්පාවකින් කොළඹ නගරයේ 200 ක්‌ පමණ මියගොස්‌ ගොඩනැගිලි රැසකට දැවැන්ත විනාශයක්‌ සිදුව තිබෙනවා.
    මෙම වාර්තා පෘතුගාලයේ සඳහන්ව තිබෙනවා.’
    ‘2012 වසරේ ඉන්දු-ඔස්‌ටේ‍්‍රලියානු භූ තලය ආශ‍්‍රිතව දැවැන්ත භූමිකම්පාවක්‌ සිදුවුණා. ඉදිරියේ දී මෙම භූ තල ආශ‍්‍රිතව දැවැන්ත භූ කම්පන සිදුවිය හැකියි. ඊට මුහුණදීමට ශ‍්‍රී ලංකාව දැන් සිටම සූදානම් විය යුතු යෑයි’ මහාචාර්ය සී. බී. දිසානායක මහතා පැවැසීය.
    රසී වීරසිංහ
    දිවයින පුවත්පත ඇසුරෙනි
     
    Last edited:

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    tumblr_mtfl619OfQ1rc1wdpo1_400.gif
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    hoda hoda athal tiyey ban api naki wenakota.appe pissu heden nethuwa ithuru wunoth athi,wahane wikunala boatuwakui truck ekakui ganna one
     

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    ලංකාවේ ඉන්න ඇතැම් විද්වත්තු කොට්ටාශයක සිරිතක් තමයි මොකක් හරි ස්වභාවික විපතක් වුනාම, ඊට පහුවෙනිදම "ඉදිරියේදී මහා විශාල භූ කම්පනයක්", "මහා විශාල සුනාමියක්" වගේ සිරස්තලයක් දාල මොනවා හරි ටිකක් කියල දාල තමනුත් ජිවත් වෙනවා කියල ලෝකෙට පෙන්නන්න සලස්සන එක. උන්ට ඕක කියන්න විනාශයක් වුන දවසම එන්න ඕන. ඊට කලින් ඕක උන්ට කියා ගන්න බෑ. මේ වගේ කාලකන්නි විදියට අදහස් දක්කුවම වෙන්නේ මේ මොහොතේ පිඩාවට පත්වෙච්ච මිනිස්සු තවදුරටත් භය වෙන එක විතරයි. චන්ද්‍රිකා චායරුපයක් බලල අඩුම ගන්නේ පැය 6 කට කලින් වත් මහා වැස්සක් එනවා කියල කියා ගන්න බැරි විද්වත්තු ගැන තව මොන කතාද ? විනාශයක් උනාට පස්සේ නම් පත්තර පිටු ගණන් ලොරි ටෝක් දෙනවා. අයියෝ සංසාරේ !
     
    Last edited:

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    985
    137
    63
    hoda hoda athal tiyey ban api naki wenakota.appe pissu heden nethuwa ithuru wunoth athi,wahane wikunala boatuwakui truck ekakui ganna one

    hama pattakima gattaoth jeewath wenna amaru thatwayak thiyenne ban
    issarahat kohomath hodak wai kiyala hithanna amarui
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය කතාව හරි ඔහොම දෙයක් වෙන්ඩ පුලුවන් අම්මො එහෙම දෙයක් නොවේවා,