ශ‍්‍රී ලංකාවට තවත් දරුණු සුනාමියක්?

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ශ‍්‍රී ලංකාවට තවත් දරුණු සුනාමියක්?

Source http://www.colombocitylife.com/2014/09/massive-tsunamis-could-hit-sri-lanka.html

ශ‍්‍රී ලංකාව හා ඉන්දියානු සාගර කලාපයේ රටවලට තවත් දරුණු සුනාමියකට මුහුණ පෑමට සිදුවෙතැයි අධ්‍යයනයක් අනාවරණය කර තිබේ.

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා ඇති වූ රිච්ටර් මාපකේ ඒකක 9.2ක් ලෙස සනිටුහන් වූ භූ කම්පනය හේතුවෙන් ඇති වූ සුනාමියෙන් ශ‍්‍රී ලංකාව ඉන්දියාව ඇතුළු සුනාමියට හසුවූ රටවල පුද්ගලයින් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූහ. කෙසේ වුවද ඊටත් වඩා දරුණු සුනාමි අනතුරක් ඉදිරියේදී වීමට ඉඩ ඇති බව මේ පිළිබඳව කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.

මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ අමෙරිකාවේ මියාමි සරසවියේ කෙලී ජැක්සන් ඇතුළු පිරිසක් විසිනි. ඔහුට අනූව ශ‍්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගර කලාපයේ පිහිටි භූමියේ පාෂාණ ස්ථර 22ක් ඔවුන් විසින් අධ්‍යයනය කර ඇත. එසේම ඉන්දියාව, යුරෝපා හා ඔස්ට‍්‍රේලියානු භූ තැටි අධ්‍යයනය ද ඔවුන් විසින් සිදුකර තිබේ.

මේ යටතේ මෑත කාලයේදී මෙන්ම අතීත කාල පරාසය තුළ සිදුවූ භූ කම්පන හා සුනාමි සංසිද්ධීන් ඔවුන් අධ්‍යයනය කර මෙම නිගමනයට එළම ඇත. මෙම අධ්‍යයනය මගින් ඔවුන් වැඩිදුරටත් හෙළිකර ඇත්තේ ශ‍්‍රී ලංකාව ඇතුළු ඉන්දියන් සාගර කලාපයේ රටවලට තවත් වසර ගණනාවක් තුළ සුනාමියක් ඇතිවීමට ඉඩ ඇති බවයි.
 
  • Like
Reactions: MeGusta

BAT-MAN

Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    සුනාමියක් එනවා කියලා හරියටම අනාවැකි කියන්නෙ කොහොමද බං... ? ඕක වෙන තැන වෙන ගැබුර කොහොමද කල් තියා මනින්නෙ.. ?

    ගාල්තැන්නෙ කපුවා වගේ මුනුත් දැන් මිනිස්සු නිකං මරනවා..

    මුං කියන්ඩ ඕන නෑ.. අපිටත් කියන්ඩ පුලුවන්නෙ..

    වසර ගානකිං පත සුලු සුලගක් එනවා , වසර ගානකිං පත ගං වතුරක් එනවා..

    මුං කියන්නෙ වසර ගානකිං කියලනෙ ඉතිං යකෝ වසර ගානකිං කිව්වම ඔක කොහොමත් වෙන්න පුලුවන්නෙ..

    මුං හරියට මේ දිනේ වෙලාව දාල කියනවනම් හිත හදාගත්ත හැකි..

    වෙලාවකට හිතෙනවා මේ පර්යේශන කරන උන් එල්ලන්ඩ තිබ්බනම් කියලා :D

    2000 ලබද්දි ලෝකෙ විනාස වෙනවා කියලත් කිව්වෙ.. මොකුත් නොදැන් එකපරට මැරෙන එක හොදයි බං .. එනකම් මැරි මැරි බලං ඉන්නවට වඩා
     
    S.Kota

    Member
    Oct 19, 2013
    257
    12

    සිරා කතාව මචං :yes::yes::yes: