ශ‍්‍රී ලංකාවට ෆොන්ටෙරා නිෂ්පාදන ආනයනය තහ

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ශ‍්‍රී ලංකාවට ෆොන්ටෙරා නිෂ්පාදන ආනයනය තහ



    Whey Pritein අධිසාන්ද්‍රණය තුළ ක්ලොස්ට්‍රිඩියම් බොටලීනම් බැක්ටීරියාට ඇතුලත්වන බවට වාර්තාවි ඇති බැවින් ශ්‍රී ලංකාවට ආනයනය කරන Whey Pritein අධිසාන්ද්‍රණය සහ ඒවා ඇතුලත්ව ඇතැයි සැක කෙරෙන කිරිනිෂ්පාදන තාවකාලිකව වරායෙන් නිදහස් කිරිම අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර ඇත.

    මේවා ගැන රසායනාගාර පරීක්ෂණ වහාම ආරම්භ කිරීමටද අද තීරණය කොට ඇත. එමෙන්ම මෙම කාරණයට අදාලව නවසීලන්තයෙන් ආනයනය කරන සියලුම කිරිපිටි වර්ගද තාවකාලිකව වරායෙන් නිදහස් නොකිරිමටද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා අද තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    දැනට වෙළඳපලේ අලෙවිය සඳහා ඇති Whey Pritein අධිසාන්ද්‍රණය වෙළඳපලින් ඉවත් කිරීමටද තීරණය කර ඇත. එම අධිසාන්ද්‍රණය ඇතුලත්ව ඇතැයි සැක කෙරෙන කිරිනිෂ්පාදනවල සාම්පල පරීක්ෂාව ද හෙට සිට ඇරඹීමට නියමිතය.මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියන් ඇතිකර ගතයුතු නැතැයි පවසන සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රි ලංකාවේ දැනට පාවිච්චි කරන ළදරු කිරිපිටිවල Whey Pritein අධිසාන්ද්‍රණය අන්තර්ගත නොවන බව තහවුරුවී ඇතැයි දන්වා සිටී.

    එහෙත් ආරක්ෂිත පියවරක් වශයෙන් ළදරු කිරිපිටි සාම්පල ද පරීක්ෂාව ලක් කිරීමට ආහාර උපදේශක කම්ටුවේ තීරණයට යටත්ව පියවර ගන්නා ලෙසද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපදෙස් දී ඇත.

    ආනයනික කිරිපිටි සම්බන්ධයෙන් දැනට පැන නැගී ඇති ගැටළු සහගත තත්වයන් නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ අවධානයක් ඒ පිළිබඳව යොමු කර ඇත.


    ---------------------------------------------------------------------------

    පහතින් දෙක්වෙන්නේ ඔබල රුඋපවහිනියේ දකින Ancor Milk වෙළඳ දෙන්වීමේ පොර ටෝක් එකක් දෙන පොරගේ facebook ලින්ක් Ekai


    https://www.facebook.com/chandana.pathirage.5?fref=ts

    https://www.facebook.com/pathirag?fref=ts

    Former Nutritionist at Fonterra

    Studied at Wayamba University of Sri Lanka
    Past: Ananda College and Wayamba University

    Lives in Colombo, Sri Lanka

    From Galle

    poddak gihin balapalla