පැරා ඔලිම්පික් තරගාවලියක දී ශ්රී ලංකාවට පදක්කමක් හිමිකර දීමේ ගෞරවයට හිමිකම් කියනු ලබන ප‍්‍රදීප් සංජය අද (12) දිවයිනට පැමිණියේය. මීටර 400 ධාවන ඉසව්වේ ටී 46 කාණ්ඩයෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත් ප‍්‍රදීප් සංජය ශ‍්‍රී ලංකාව ගෞරවනීය තලයක රදවාලීය.මේ අපූර්ව ක‍්‍රීඩකයා පිළිගැනීමට ක‍්‍රීඩා අමාත්‍යංශය හා ශ‍්‍රී ලංකා යුධ හමුදාව විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර කටුනායක ගුවන්තොටුපළේ පැවැත්වූ පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව විශේෂ රථ පෙරහැරකින් කොළඹ ක‍්‍රීඩා අමාත්‍යංශ පරිශ‍්‍රය වෙත කැදවාගෙන එනු ලැබීය. 2012-09-12~
