ශ්‍රී ලංකාවේ දූෂණය වැඩිවෙලා
ශ්‍රී ලංකාවේ දූෂණය වැඩිවෙලා
දූෂණ සංජානන දර්ශකයේ
ස්ථාන 12 කින් ශ්‍රී ලංකාව පසුපසට ගිහින්
ශ්‍රී ලංකාවේ දූෂණය තවදුරත් ඉහල ගොස් ඇති බවක් ට්රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් වාර්ෂිකව එළි දක්වනු ලබන ගෝලීය දූෂණ සංජානන දර්ශකය 2016 (Corruption Perception Index - CPI), වාර්තාවට අනුව පෙන්වයි. රටවල් 176 ක් අතුරින් ශ්‍රී ලංකාව 95 වැනි ස්ථානයට පත්ව තිබේ.
2015 වසරේ මෙම වාර්තාවට අනුව රටවල් 168 ක් අතුරින් 83 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව හිමිව තිබුණි.
යම් රටක රාජ්‍ය අංශය කොතරම් දුරකට දූෂිත ද නැතිද යන වග මෙම අධ්‍යයනයෙන් හෙළිදරව් වන බව ට්රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කර සිටී. 0 සිට 100 දක්වා සිදුකරනු ලබන ශේණිගත කිරීම් මෙම අධ්‍යයනයේ දී අනාවරණය කෙරෙනු ලබන අතර එහිදී 100 අගයට ආසන්න වීම දූෂිත බව අඩුම රටවල් ලෙසත්, 0 අගයයට ආසන්න වීම දූෂිත බවින් ඉහළම රටවල් ලෙසත් වර්ගීකරණය කෙරෙනු ඇත.
2015 වසරේ දී මෙම අධ්‍යයනයට අනුව ලකුණු 37ක්, ශ්‍රී ලංකාව ඉදිරියෙන් සටහන්ව තිබුණු අතර පසුගිය 2016 වසරේ දී එම අගය 36 ක් දක්වා පහත වැටී ඇත.
ඩෙන්මාර්කය සහ නවසීලන්තය ලකුණු 90 බැගින් ලබා මෙම සටහනේ දූෂිත බවින් අඩු ප්රමුඛ රටවල් බවට පත්ව ඇති අතර ලකුණු 10 ක් ලබා ඇති සෝමාලියාව, මෙම වර්ගීකරණය අනුව දූෂිතම රට ලෙසින් 176 වන ස්ථානයට පත්ව තිබේ.
මෙම වාර්තාවට අනුව ඉන්දියාව ලකුණු 40 ක් ලබා 79 ස්ථානයට පත්ව තිබෙන අතර 2014 වසරේ දී ලකුණු 38 බැගින් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම ස්ථාන හිමිකර ගෙන තිබුණි. මේ අනුව ගෙවී ගිය වසර දෙක තුළ දී රජ්‍ය අංශය දූෂණය වීම තවදුරටත් ශ්‍රී ලංකාවෙන් දක්නට ලැබෙන අතර ඉන්දියාවේ එම තත්ත්වයේ අඩු වීමක් වාර්තා වේ.
2015 දර්ශකයේදී ශ්‍රී ලංකාවට හිමිතැන
2016 දර්ශකයේදි ශ්‍රී ලංකාවට හිමි තැන